මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හා
ඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දා
සංසාරේ පැතු ආලේ හිමි හන්දා
හිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවා
පෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නා
සංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දා
මගේ හිතේ සැප දුක දත් හිමි හින්දා
මීරිය දිවිය මී පැණි වන් රස වන්නා
කොහොම නමුත් අවුරුද්දක් ගෙවෙන වෙලේ
ඔබ හමුවන්ට එන්නට සිතුවෙමි නොලසේ
ඉක්මනින්ම යළි එන බව සැක බැවිනේ
පතනෙමි ඔබට සුබ නව වසරක් තුටිනේ
Friday, December 30, 2011
Tuesday, December 13, 2011
මං ආදරෙයි !!
Monday, November 7, 2011
විභාගය අත ලඟ දී ...
නිවී සැනසිල්ලේ
ගීයක මිහිර විඳිමිනේ
මගෙ මනෝ ලෝකයේ
වෙමි රැජිණ මම ඔබේ
අරුම පුදුම හමුවකි උනේ
දැනුදු අදහා ගත නොහේ
කවුරු වුව අසනා සැණේ
විමතියට පත් වෙන අගේ
විභාගය ඇත අත ලඟේ
පොත ඇතේ නෙත් මානයේ
කුමන පාඩම් දැයි අනේ
ඉතින් පිළිසරණයි ඔබේ !!!
ගීයක මිහිර විඳිමිනේ
මගෙ මනෝ ලෝකයේ
වෙමි රැජිණ මම ඔබේ
අරුම පුදුම හමුවකි උනේ
දැනුදු අදහා ගත නොහේ
කවුරු වුව අසනා සැණේ
විමතියට පත් වෙන අගේ
විභාගය ඇත අත ලඟේ
පොත ඇතේ නෙත් මානයේ
කුමන පාඩම් දැයි අනේ
ඉතින් පිළිසරණයි ඔබේ !!!
Monday, October 31, 2011
මම තවම මහ ගෙදර...
ඔබ නැතිව මම් තනිව
හුදකලාවක ගෙවන
තත්පරය කල්පයක්
වගේ මට දැනෙනකොට
මගේ ලඟ ඔබෙ සුසුම්
වැදෙන බව දැනෙනකොට
මට ඔබේ වී ඉන්න
ඉල්ලන්න හිතෙනකොට
තාම ඔබ දුර ඈත
කියා දුක හිතෙනකොට
මොකට මේ ආදරේ
බැඳුණිදැයි හිතෙයි මට
හුදකලාවක ගෙවන
තත්පරය කල්පයක්
වගේ මට දැනෙනකොට
මගේ ලඟ ඔබෙ සුසුම්
වැදෙන බව දැනෙනකොට
මට ඔබේ වී ඉන්න
ඉල්ලන්න හිතෙනකොට
තාම ඔබ දුර ඈත
කියා දුක හිතෙනකොට
මොකට මේ ආදරේ
බැඳුණිදැයි හිතෙයි මට
Friday, October 28, 2011
කලබල මැද ආමී...
Friday, August 12, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා?
ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ...
මතකද දන්නෑ :)
691.) ශීලාචාර
692.) ප්‍රථමාධාර
693.) දණහිස
694.) මැතිවරණය
695.) අනුස්මරණය
696.) ව්‍යංජනය
697.) සාධාරණ
698.) වැන්දඹුව
699.) භාණ්ඩාගාරික
700.) සහභාගී වීම
701.) සංස්ථාව
702.) ශිෂ්‍යත්ව
703.) දුරස්ථපාලකය
704.) අභය භූමිය
705.) අභීත
706.) නිශ්චිත
707.) රුධිරය
708.) වලි කුකුළා
709.) බොරලු
710.) මෙළෙක්
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි

Saturday, August 6, 2011
අම්මා

අම්මා මිය ගියාය. ඈ මිය ගියේ, මොළයේ ස්නායු දුර්වල වීම් නිසා හටගත් මතක ශක්තිය හීන වීම සහ අංශභාග තත්ව කලක් පැවතීමෙන් අනතුරුව, ශරීරයේ ඉබේම සිදුවූ දිරා යෑමෙන් බව වෛද්‍යවරුන්ගේ මතය විය. මෙය අනිවාර්යයෙන්ම අනෙක් සියල්ලන්ගේම මතයද වූ අතර, කාර්ය බහුල ජීවිත සහිත ඔවුන්ට ඒ පිළිබඳව ඊට වඩා විශ්ලේෂණයක් කිරීමට තරම්, ඉඩක් හෝ වුවමනාවක්ද නොවීය. කෙසේ වතුදු, ඈ මිය යන්නට ඇත්තේ පාළුව හා කණස්සල්ල නිසා ඇති වූ චිත්ත වේග පාලනය කරගත නොහී, කලක් යද්දී දුර්වල වූ මානසිකත්වයේ පිහිටෙන් වෙන්නට හැකිය වැනි අදහසක්, නිකමටවත් ඔවුන්ගේ කල්පනාවට නාවේය.
අම්මා උපන්නේ ලංකාවේය. අර්ධ නාගරික පවුලක් වූ ඔවුන්ගේ පවුලේ එකම දුවණිය ඇය විය. අම්මා මිය යන්නේ එංගලන්තයේදීය. ඉගෙනුමට හපන් වුවද තමන් හරි හැටි යා යුතු විෂය ධාරාව තෝරා ගැනීමට සමත් නොවූ අම්මා, අවසන පිට රට ගොස් වෙද කම් කිරීමට බලාපොරොත්තු වූ දොස්තරෙකුට කසාද බන්ඳවන ලදී. රට යන විට ඈ මිතුරියන්ට කියුවේ එහේ ගොහින් තමන්ද දොස්තර විභාග කරන බවය. දොස්තර විභාගය කෙසේ වෙතත් ඇයට ටික කලකින්ම මවු පදවිය හිමි විය. අම්මා ඔය ලෙස වරින් වර පස් වතාවක් පමණ, නැවත නැවතත් අම්මා කෙනෙකු වූයේ එංගලන්තයේදීමය.
ඒ පවුලේ වැඩිමලා කෙල්ලකි. දෙවෙනියාද කෙල්ලක වීම නිසා තෙවනියා කොල්ලෙකු වේවායි බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කෙරිණි. එවර නම් එකෙකු වෙනුවට කොල්ලෝ දෙදෙනෙක්ම ආවෝය. හතර දෙනාම ලොකු මහත් වී කලකට පසු, වැරදීමකින් පස් වෙනියා උප්පත්තිය ලැබීය. ඇය නම් අම්මාගේ කපාපු පළුවම විය. දරු හුරතල් මැද, නිමක් නැති කලබල මැද්දේ දිවි ගෙවූ අම්මාට වයස අවුරුදු පහළොව දාසය වෙද්දී සියළුම දරුවන් තමන් හැර යාම විඳවිය නොහැක්කක් විය.
ලන්ඩන් වැනි ජනයාගෙන් පිරි නගරයක තනිකම දැනීම පුදුමයකැයි ඔබ කියන්නට පුළුවන. නමුත් සත්‍යය එයමය. මහා නගරයක ඇය තනි වූවාය. ස්වාමියා සමඟ රට හැරදා එද්දීම ඈ තනි වන්නට ඉඩ තිබූ නමුත්, දරු සෙනෙහස් ගඟේ ගිලී ඉන්නට වරම් ලද හෙයින් ඈට ඊට ඉඩ කඩ නොලැබිණ. නමුත් ඉතා වේගයෙන් සියල්ල කණපිට හැරෙන්නට පටන් ගෙන තිබිණ.
වැඩිමලා සංගීතකාරියක වූ අතර දෙවැන්නී ඉංජිනේරුවරියක වූවාය. කොල්ලෝ දෙදෙනාම තාත්තාගේ අඩි පාරේ ගියහ. බඩ පිස්සී ගංජා කාරයකු සමඟ පැන ගියාය. හුරතලේ වැඩි වීමේ වැරැද්ද අම්මා පිට පැටවිණ.
අම්මා තමන් අහසේ පාවෙනු දැනී පහල බැලුවාය.
අසනීප වී සිටි කාලයේ කිසිදු දිනක, හෙදිය තමන් පිරිසිදු කර අහවර වන තුරු ළඟට නො ආ දරුවෝ ඇගේ අක්‍රීය දේහය බදා සිප ගත් හ. "ඒකෙත් වෙනසක් නෑ නෙ".. මේ දේහයත් අවමංගල්‍ය කටයුතු සූදානම් කරන්නවුන් විසින් හොඳින් නහවා, විෂ බීජ නාශක යොදා ඇතුවා නිසැකය. රටට වැඩදායී දරුවන් තැනීම වෙනුවෙන් කවුරුත් ඇයට ප්‍රශංසා කළහ.
"ඔක්කොම බොරු කාරයෝ. ලේ වලින් දුවන මැෂින්..." ඇය යන්නට හැරුණාය.
ජීවත්ව සිටියදී තමන් හා වචන පහක් කතා කිරීමට කාලය වෙන් කර ගැනීමට නොහැකි වූවන්ගෙන් දැන් ඇති පල කිමදැයි අම්මාට සිතුණි.
අම්මා සෙමින් සැහැල්ලුවෙන් ගමන් කළාය. වළාකුලෙන් වළාකුලට මාරු වීම සිනහ දනවන නුහුරක් විය. පුළුන් වලින් මෙන් තැනූ සුවිසල් මන්දිර වලට යන මාවත් විසල් දොරටු වලින් වැසී තිබිණ. සමහරක් ඈ එනවිට විවෘත වූ අතර, සමහරක් එලෙසම වැසී පැවතිණ. ඈත දුරින් නිවන් මඟ දොරටු පෙනෙද්දී අම්මා හුරු පුරුදු මුහුණක් හිනැහෙනු දැක නැවතුණාය.
"අම්මා...." අම්මාට කියැවිණි.
අම්මාගේ අම්මා ඈ අසල හුන්නාය.
"මට දොර ඇරුණා... මට දූ මතක් උනා... එක පාරට මගේ බර වැඩි වුණා.. දූ දකිනකන් මට සැනසිල්ලේ සැහැල්ලුවෙන් දොර ලඟට යන්ට බැරි වග මට තේරුණා.. දූ එනතුරු මම නැවතුණා"
අම්මාගේ දෑසේ කඳුළු පිරිණ. ඇගේ අම්මා ඈ මේ ලඟින් හිඳ දකින්නේ වසර පනහකට පමණ පසුය. එංගලන්තයෙන් තාවකාලිකව හෝ යළි පැමිණියහොත්, ඔවුන්ට ඇති වන, පුරවැසිභාවය ලබා ගැනීමේ ගැටලු නිසා, සිය මව් බැලීමට ඒමට අම්මාට නොහැකි විය. දෙවැන්නී උපන් විට ඇගේ මව් දූ බැලීමට සූදානම්ව සිටි මුත්, හදිසියේ අසනීප වූවාය. එලෙස අසනීප වූ මව් බැලීමටත්, පසුව අසනීපයෙන් හිඳ මිය ගිය සිය මවගේ මළගමට යාමටත් ඔවුන්ට නොහැකි වූයේ මේ නීතිමය තත්වයය.
"ඒ දවස් වල මම අම්මාට ඇති වෙන්න සල්ලි යවනවා නේ කියල හිතුව. දරුවො ඇස් මානයේ දකින තරන් පොහොසත් කමක් තවත් නෑ කියල මම දැන් දන්නවා " අම්මාට සමාව අයැදීමට ඕනෑ විය.
"දූ සතුටෙන් බව මම දැක්කා. මම දූ බලන්න ආසාවෙන් උන්නේ. මට දැන් හිත හදාගෙන යන්න පුළුවනි"
"මාත් එනවා අම්මත් එක්ක.." අම්මා හැරුණු මුත්, ඈට එක් වරම පොඩ්ඩී සුසාන භූමියේ කෙළවරක, හුදකලාව හිඳිමින් හඬනු සිහිපත් විය.
"අම්මා යන්න. මම පස්සෙ එන්නං"
අම්මා නැවතුණාය. පොඩ්ඩී කොහොම ඉදිරියට මුහුණ දෙනු ඇත්දැයි බියක් ඇය තුළ ජනිත විණ. සැහැල්ලු බව සිඳී, දෙපා බර වනු අම්මාට දැනිණ.
නිවන් මඟ දොරටු පෙනි පෙනී ඈ මඟ නතර වූවාය.
Sunday, July 31, 2011
දෝණීගෙන් ...

ජීවිතේ දුර ගමනකී
ඔබ සදා මා ළඟ උනී
පිපෙන්නට පෙති වෙර දරද්දී
හිරු කිරණ ලෙස ඔබ උනී
මතක කවුළුව විවර වී
නෙත'ඟ කඳුළක් සිර වුණී
දහක් කවි ලිව් මගේ පෑනින්
නුඹට කව් නොලිවුණු හැටී
හෙටක් වෙන්නට කල් නොදී
අදම මම පැදි අමුණමී
දුවක වී ඔබ ලඟ වැඩෙන්නට
බොහෝ පින් මම් කර ඇතී
ඔබේ පා මුල වැඳ වැටී
දුරස් වන දින ලඟ එතී
කපටි හොර ගෙඩි ඔබේ දෝණී
තාත්තා හැර යන හැටී ...
Saturday, July 30, 2011
ඔබ HUB එකක්ද?

"Entreprise Web Architecture" කියන්නෙ අපේ මේ පශ්චාත් උපාධියේ තවත් එක් විෂයයක්.
මුල්ම පාඩමේදීම මම තවත් ලස්සන අදහසක් ඉගෙන ගත්තා.
අපේ පරිසරයේ විවිධ ජාල පද්ධති ( නෙට්වර්ක්ස් ) තියනවා. අන්තර්ජාලය විශාල ජාල පද්ධතියක්.
ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතිය. ඒකත් අති විශාල නෙට්වර්ක් එකක්. මේ හැම එකකටම වඩා අපිට ගොඩක් හුරු පුරුදු ජාල පද්ධතියක් තියනවා. ඒ තමයි මානව ජාල පද්ධතිය ( social network ).
මේ හැම පද්ධතියකම තියනව වැඩි "nodes" ගණනක් හා සම්බන්ධ වෙමින් ජාලයේ සුවිශේෂ තැනක් හිමි කරගත් නෝඩ්ස්. මේවාට අපි "HUBS" කියල කියනවා. ඔය රූප සටහනේ අඳුරු පැහැ කරල පෙන්නල තියෙන්නෙ "HUBS".
ඉතින් මේ හබ් එකකයි, අපේ මානව ජාල පද්ධතියෙයි ඇති සම්බන්ධය මොකක්ද?
මොනම ජාල් පද්ධතියක උනත් හබ්ස් තිබිය හැකියි. මානව ජාල පද්ධතියේ හබ්ස් ගොඩාක් ඉන්නවා. උදාහරණයක් විදිහට අපේ සර් කියපු විදිහටම "ප්‍රභාකරන් කියන්නෙත් හබ් එකක්"
දැන් තේරුණාද?
හබ් එකක් වටා ලොකු සෙනඟක් ඉන්නවා. හබ් එකක් වෙන්න ආස කරන මිනිස්සු ඉන්නවා.
හබ් එකක් අක්‍රිය වීම ඕනෑම ජාල පද්ධතියකට විශාල බලපෑමක් කරනවා. ඒක හොඳ එකක් වෙන්නත් පුළුවන්, නරක එකක් වෙන්නත් පුළුවන් අවස්ථාවේ හැටියට.
ඉතින් ඔබ හබ් එකක් නම් සතුටු වන්න ...
ඒ වගේම කල්පනාකාරී වන්න :)
Saturday, July 23, 2011
ඡන්දේ ...
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මේ වචන කිහිපය හොඳට බලන්න. සමහරවිට ඔබ මෙයින් සමහරක් ලියන විදිහ වැරදි වෙන්න පුළුවන්.
671.) ඡන්දය
672.) ඝෝෂාව
673.) සමචතුරස්‍රය
674.) ග්‍රාමය
675.) කෛරාටික
676.) තෛලය
677.) ක්‍රෑර
678.) දිව්‍ය ලෝකය
679.) මාතෘ භූමිය
680.) වක්ත්‍රය
681.) ස්වර්ණමය
682.) උපස්ථාන
683.) අර්ථය
684.) ග්‍රන්ථය
685.) මුඛය
686.) මෘදු
687.) ලක්ෂ්‍යය
688.) චංචල
689.) නිශ්චල
690.) ව්‍යාජ
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
671.) ඡන්දය
672.) ඝෝෂාව
673.) සමචතුරස්‍රය
674.) ග්‍රාමය
675.) කෛරාටික
676.) තෛලය
677.) ක්‍රෑර
678.) දිව්‍ය ලෝකය
679.) මාතෘ භූමිය
680.) වක්ත්‍රය
681.) ස්වර්ණමය
682.) උපස්ථාන
683.) අර්ථය
684.) ග්‍රන්ථය
685.) මුඛය
686.) මෘදු
687.) ලක්ෂ්‍යය
688.) චංචල
689.) නිශ්චල
690.) ව්‍යාජ
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, July 17, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
කාලයකට පස්සෙ ආයිත් මුණ ගැහෙමු :)
බලන්න මේ වචන මෙහෙමද ඕගොල්ලො ලියන්නෙ කියල.
641.) විකාශනය
642.) පුස්තකාලය
643.) රැකියා ඇබෑර්තු
644.) අනාරක්ෂිත
645.) පාවිච්චිය
646.) ඝන්ටාර නාදය
647.) ප්‍රමුඛ
648.) සම්බන්ධය
649.) සාමූහික
650.) අඛණ්ඩ
651.) රිද්මයානුකූල
652.) මාංශ භක්ෂක
653.) හාස්‍යජනක
654.) සරණාගත
655.) කඳවුර
656.) සුරක්ෂිත
657.) ජාතිකාභිමානය
658.) සුවිශේෂ
659.) දේශගුණය
670.) ගෘහය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
බලන්න මේ වචන මෙහෙමද ඕගොල්ලො ලියන්නෙ කියල.
641.) විකාශනය
642.) පුස්තකාලය
643.) රැකියා ඇබෑර්තු
644.) අනාරක්ෂිත
645.) පාවිච්චිය
646.) ඝන්ටාර නාදය
647.) ප්‍රමුඛ
648.) සම්බන්ධය
649.) සාමූහික
650.) අඛණ්ඩ
651.) රිද්මයානුකූල
652.) මාංශ භක්ෂක
653.) හාස්‍යජනක
654.) සරණාගත
655.) කඳවුර
656.) සුරක්ෂිත
657.) ජාතිකාභිමානය
658.) සුවිශේෂ
659.) දේශගුණය
670.) ගෘහය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, July 9, 2011
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )
සුදාලගෙ ගෙදර හරියට මී කරදරේ කියල, සුදාගෙ අම්මා පූස් පැටියෙක් ගෙනත්.
ඉතින් ඊට පස්සෙ ඉඳන් අපේ සුදාට සෑහෙන වැඩ. සෑහෙන වැඩ කියන්නෙ ඉතින්.... මේ වෙනකොට පූසට සසර කළකිරිලා තමයි ඇත්තෙ. ඒකා නිදා ගත්තොත් ඇහැරවනවා. ඇහැරිලා හිටියොත් වඩාගෙන ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නවා. වත්තට දිව්වොත් අල්ලන් ඇවිත් ගෙට ගෙනත් දානවා. කොටින්ම පූසව රක්ෂිත බන්ධනාගාර ගත කරල වගේ තමයි.
කොහොමහරි මේක මේ, පූසාගෙන් මීයන් ඇල්ලීමට අමතරව කර ගන්න පුළුවන් වැඩක් ගැන සුදාගෙන් ආපු යෝජනාවක් !!
සුපුරුදු පරිදි යෝජනාව යොමු වෙලා තිබුණේ අපේ තාත්තට.
මේ දවස් වල තැඹිලි, පොල් කඩන මිනිස්සු හොයා ගන්න හරි අමාරුයිනේ. වත්තෙ තැඹිලි ගස් වල ගෙඩි, පොල් වෙනවා බලාගෙන ඉන්න බැරි කමට අපේ තාත්තා තැඹිලි කඩන මනුස්සයෙක් ගැන විස්තර සුදාලගෙ අම්මගෙන් අහල තිබුණා.
කොහොමහරි ඒ මනුස්සයවත් ඔන්න සම්බන්ධ කර ගන්න බැරි වුණා.
ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න.
ඔන්න ඉතින් සුදාගෙ අම්මත් වැඩේ අත් ඇරලා දාල ගෙට ගිය වෙලාවෙ සුදා බ්‍රයිට් අයිඩියා එකක් ගෙනාවා.
"මාප්පෙ, අපි පූචගෙ බඩේ ලණුවක් බැඳලා තැඹිලි ගහට නග්ගමු."
"හ්ම්ම්ම්ම්..."
"අපිට තියෙන්නෙ පහළ ඉඳන් ලණුව අල්ලගෙන ඉන්න එක. මාප්පතයි මටයි ලණුව අල්ලගෙන ඉන්න පුළුවන්නෙ.. "
"හරි"
"හයියෙන් අල්ලගෙන ඉමූ. පූචා තැඹිලි කැපුවට පච්චෙ අපි හිමීට බාමු."
"හරි.. එතකොට කොහොමද පිහිය යවන්නෙ?"
"පිහිය යවන්න ඕනෙ නෑ අනේ. පූචා කටින් කපයි.."
කොහොමද අපේ සුදාගෙ මොළේ???

Wednesday, June 22, 2011
යෝජනාවට ප්‍රතිචාර !!!
සුදු හංසිගේ ශෝකාලාපයක් අහල ටයිප් කරන්න ගත්ත උත්තරේ දිග වැඩි වෙච්ච නිසා, ඔන්න ඔහේ බ්ලොග් පෝස්ට් එකක්ම කලා.
මේ මම හිතන/කරපු විදිහ: ;)
1.) තමන්ගේ හිතට කැපෙන කෙනා තමන්ට ලැබෙන කං නොසැලී ඉන්න. එහෙම කෙනෙක් හැමෝටම ඉන්නවා. මේ මටත් හම්බ උනේ යන්තන් හැරමිට්ටෙන් යන්න ඔන්න මෙන්න තියල :).
2.) හම්බ වෙන්න ඕනෙයි කියනවනං හම්බ වෙන්න. කතා කරල බලන්න. සමහර වෙලාවට අපිට එයා හොඳ වෙන්නත් පුළුවන්. කතා කලා කියල ඉතින් අතින් පයින් යන එකක්යැ. කතා කරල බලන්න.
3.) අම්මල තාත්තලා ගොඩ දානවට වඩා ලේසියෙන් හංසයින්ව ගොඩ දාන්න පුළුවන් :) අත්දුටුයි . ප්‍රත්‍යක්ෂයි :) යක්කු වගේ ගෑනුන්ට මිනිස්සු කැමති වෙන්නෙ නෑ :) හී හී. පස්සෙ හංසයම කියයි "ඒක හරියන්නෙ නෑ" කියල. ගොඩේ ගොඩ :) අපේ අම්මා මගේ උරුමක්කාරයා මේ ලඟකදි මුණ ගැහෙනකන්ම මම ඔහොම කරපු වැඩ මතක් කර කර බැන්නා :)
4.) මෝඩ වැඩ කරන්න එපා. කතා කලාට, ගමන් බිමන් යන්න එපා හැමදේම නිරවුල්ව ෆයිනලයිස් වෙනකං.
5.) අනික් එක ගෑණු ලමයෙක් උනාම හැමදාම පිස්සු කරන්නත් බෑ. ඔයාගෙ හිත ගන්න කෙනා මුණ ගැහිච්ච දවසටත් එයත් ඔයාගෙන් අම්මා කෙනෙකුගේ තැන්පත් කම දවසක බලාපොරොත්තු වෙයි. ඔයාම හිතල බලන්න, කවදහරි ඔයාව වගකීමකින් බාර ගන්න පුළුවන් කෙනෙකුටනෙ ඔයත් කැමති වෙන්නෙ. 100% පිස්සෙක්ට නෙවෙයිනෙ :)
චුට්ටක් පිස්සු තිබ්බාම ඇති :)
6.) ආයිමත් කියන්නෙ, ඔයා වයසින් ලොකු පොඩි කොහොම උනත් අම්මලා ගැලපෙනවයි කියල කියන අයත් එක්ක කතා කරල බලන්න. සමහරවිට ඒ හරි කෙනා වෙන්න පුළුවන්. ජීවිතේ සමහර දේවල් අපි හිතන්නෙ නැති විදිහට වෙන්නෙ. හිතන්නකො ඒ එක්කෙනෙක්වත් හරි ගියෙ නෑ කියල, මේ මට වගේ :) හැබැයි ඔයාගෙ හිතට කැපෙන කෙනා මුණ ගැහුණු දවසට ඔයා දන්නව, ඔයාට එයා කොච්චර වටිනවද කියල :) මේ මං වගේ :)

Tuesday, June 21, 2011
උණ විකාරෙන් ලියන කවි..
නිවාඩු පාඩුවේ ඉන්නට ඉඩක් ලදිම්
කණගාටුවට කාරණයට කුමක් කරම්
උණෙන් ගැහි ගැහී ඉන්නට වරම ලදින්
බ්ලොග් එක පැත්තෙ කලකට පසු එන්නෙ තුටින්
ආසනික් කතා රට වට පැතිරෙන්නේ
දැන් නං ඉතින් බත් කන්නත් බැරි වෙන්නේ
බත් මොකටදැයි මේ දැන් මට සිහි වන්නේ
හිත පිරුණාම බත නම් මොකටැයි මිතුරේ
කොහොම උනත් වස කතාවෙ අරුත් ඇතී
පොඩි පොඩි අතු බැඳී මහ ලොකු ගඟක් වෙතී
හොඳ හෝ නරක මේ වාගේ එකතු වෙවී
අපිත් එක්ක යන එන තැන එන්ට ගනී
දැන් නම් බැරිය ආයෙත් කැක්කුම් දෙන්නේ
මේ වගේ නිවාඩුත් මට මොකටද ලැබුණේ
හතුරෙකුටවත් මේ වන් දුක නොලැබෙන්නේ
අන්තිම පදේ කොහොමටවත් නෑ එන්නේ
කණගාටුවට කාරණයට කුමක් කරම්
උණෙන් ගැහි ගැහී ඉන්නට වරම ලදින්
බ්ලොග් එක පැත්තෙ කලකට පසු එන්නෙ තුටින්
ආසනික් කතා රට වට පැතිරෙන්නේ
දැන් නං ඉතින් බත් කන්නත් බැරි වෙන්නේ
බත් මොකටදැයි මේ දැන් මට සිහි වන්නේ
හිත පිරුණාම බත නම් මොකටැයි මිතුරේ
කොහොම උනත් වස කතාවෙ අරුත් ඇතී
පොඩි පොඩි අතු බැඳී මහ ලොකු ගඟක් වෙතී
හොඳ හෝ නරක මේ වාගේ එකතු වෙවී
අපිත් එක්ක යන එන තැන එන්ට ගනී
දැන් නම් බැරිය ආයෙත් කැක්කුම් දෙන්නේ
මේ වගේ නිවාඩුත් මට මොකටද ලැබුණේ
හතුරෙකුටවත් මේ වන් දුක නොලැබෙන්නේ
අන්තිම පදේ කොහොමටවත් නෑ එන්නේ
Thursday, June 16, 2011
මාමා...
මගේ මාමා ගැන මතකය සුවිසල් එකක් නොවේ. කුඩා කාලයේදී ඔහු හා බැඳුණු මතකයක් මට ඇත්තේම නැත. මාමා මට පළමු වරට හොඳින් මතක හිටියේ මගේ පුංචීගේ මඟුල් දාය. මාමා අපේ අම්මාගේ නැන්දාගේ පුතාය. එහෙයින් ඔහු මගේ අම්මාගේ ඇවැස්ස මස්සිනාය. කෙසේ වුවත් මේ අක්කා නඟෝලා දෙදෙනාම තම ඇවැස්ස මස්සිනාට බහ දීමට අකමැති වූහ. හේතුව මට නම් අදටත් හිනා යන එකකි. "නැන්දා සැරයි"... ඔය කතාව ගැන පුංචීගේ පැහැදිලි කිරීම කෙසේ වුවත් අපේ අම්මා කියන්නේ ගල් පැලෙන බොරුවක් බව මට හොඳටම විස්වාසය. තාත්තා හා ඉස්කෝල කාලේ සිටම ඇගේ යාළු මිත්‍ර කමක් තිබී තිබිණ. ඉතින් මාමා ගැන මොකට හිතන්නද...
අපේ අම්මලාගේ පරම්පරාවේ ඉහළටම උගත් මිනිසා මාමාය. විශ්ව විද්‍යාලයට සමත් වී ඉන්පසු පහසුවෙන්ම දිසාපති කමක් ලබා ගැනීමේ අවස්ථාව තිබියදී, ඔහු ගුරු වෘත්තියම තෝරා ගත්තේ දරුවන්ට ඉගැන්වීමට ඇති ආශාව නිසාම විය යුතුය.
පුංචීගේ මඟුල් දා මාමා පැමිණ සිටියේ ඇගේ බිරින්දෑත්, අඟුරු කැටයක් වන් කළු කෙලි පොඩ්ඩත් සමඟය. මාමා කළුය. උසය. උසට ගැලපෙන මහතය. සිනා වෙන විට සුදෝ සුදු දත් දිලිසේ. ඝන කළු රවුල මුහුණ පුරාය. එතරම් කළු මුහුණේ එතරම්ම සුන්දරත්වයක්, ප්‍රසන්න බවක්, සුහද ශීලීත්වයක් නිතොරම රැඳී තිබුණි.
"උඹට ඉතින් අපිව මතක් වෙන්නෙ අපිම ආරාධනාවක් කළොත් විතරයි" අම්මා රැව්වාය.
"නෑ ... මම කියන්නේ ඇත්තමයි.. හරියට වැඩ." ඔහු සිනා සෙමින් පිළිතුරු දෙයි.
මාමා සිය පත්වීම ලැබ ගියේ රජරටය. රජරට කුඩා පාසලක උප ගුරුවරයකු ලෙස සිය වෘත්තිය ආරම්භ කල ඔහු ඔය කියනා කාලය වන විට විදුහල්පති ධූරය දක්වා ඉහළ නැඟ තිබුණි. දෝණියන්දෑ තාත්තාට පණ ඇරලාය. "මෙයත් එක්ක මට මේ ළමයව හදා ගන්න බෑ. මම සැර කලොත් මෙයා නළවනවා. ඉල්ලන ඉල්ලන එක අරන් දෙනවා. මේ ලඟදි බයිසිකලයක් ඉල්ලලා අඬලා පොළොන්නරුව ටවුමට ගිහින් අරන් ආවෙ මෙයා"
මාමා සිනා සෙනු මිස කිසිත් නොදොඩයි.
එදා නම් මාමාව මට හොඳ හැටි මතක හිටිණ. දැනුදු ඒ රුව මට හිතින් මවා ගත හැක.
ඊලඟට අපට මාමා මුණ ගැසුණේ අපේ සීයාගේ මළගම දාය.
මාමා මිනියේ අවසන් කට්යුතු කරන දිනට පෙර දිනයක ඒ යැයි අපේ අම්මලා බලාපොරොත්තු වූහ. මාමා පැමිණියේ අවසන් දිනයේ දහවල් වීය.
"කතා කරන්න නරකයි" අක්කා නගෝලා කෝපයට පත් වී සිටියහ.
"මොනව කරන්නද බං. දාල එන්න බෑ. හොඳටම වැඩ"
මාමා හොඬටම දිරාපත් වී සිටියේය. කොටින්ම මම මාමා නොහැඳිනීමි.
කොණ්ඩය සුදු පාටය. රැවුල තඹ පාටය. පපුව පිටත ඇලෙන්නට ඔන්න මෙන්නය.
"මට ගැස්ට්‍රයිටිස්..."
"මේ මෙයත් උදේට කන්නෙ නෑ" අපේ අම්මාට ඉතින් මගේ වැරැද්දක් නං, තව මුකුත් ඕනෑ නැත.
"නරක කෑම පුරුදු එහෙම තියා ගන්න එපා දුව. පේනවනෙ. හොඳ කර ගන්න අමාරුයි. දැන් වෙද මහත්තයෙක් ගෙන් බේත් කරනවා.. දුව මොනවද කැමපස් එකේ කරන සබ්ජෙක්ට්ස්?"
එදා නතර වෙන්ටැයි කළ ඉල්ලීමද ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
"බෑ බං .. යන්න ඕනි.. "
"උඹට තණ්හාව වැඩි වෙලා. කුඹුරු කරලයි, මිරිස් වවලයි හම්බ කරන සල්ලි වලින් ජීවිතේ සැපකුත් විඳපන්"
මාමාගෙන් ඕවාට කවදත් උත්තර නැත.
ඊලඟට මාමා අප බලන්නට නාවේය.
අපි මාමා බැලීමට ගියෙමු.
නවලෝක රෝහලේ ඇඳක් මත ඔහුගේ දිරා පත් ශරීරය තබා තිබුණි.
හුස්ම ගන්නටත්, මුත්‍රා පිටවන්නටත් බට දමා තිබිණ. මට දුෂ්කර ක්‍රියා කළ බෝසතාණන් වහන්සේ මතක් විණි.
අපට හැඬුම් අයේය.
"මොකක්ද උඹ මේ කර ගත්තේ.."
"අඬන්නෙ නැතුව ඉඳහන්.." සිනා සෙන දසන් එදා මෙන් සුදුය.
"මෙයා ඕක දැනගෙන තියෙන්නෙ මීට අවුරුදු තුනකට කලින්. තනියම කොළඹ ඇවිත් චෙක් කර ගෙන. අපි කිසි කෙනෙක්ට කිව්වෙ නෑ. ගැස්ට්‍රික් කිය කිය වෙද මහත්තයෙක් ගෙන් මොනවද ගුලි බි බී හිටියා. මාව රුස්සන්නෙ නෑ. ළමයව රුස්සන්නෙ නෑ.. දැන් දරුවා තාත්තාට බයයි. තාත්තා ලඟට යන්නෙත් නෑ.."
ඔහු සූක්ෂම ලෙස සියල්ල ක්‍රියාවට නංවා තිබුණි.
"කොහොම කළත් මැරෙනව බං"
මාමා උපගුරුවරයකු ලෙස පත් වී ආ පාසල, ඔහු පළාතේ හොඳම පාසලක් බවට පත් කොට තිබිණි. ගොඩනැගිලි දෙක, සර්ව සම්පූර්ණ පාසලක් බවට පත් කිරීමේ ගෞරවය ඔහු සතුය.
තමා පිළිකා රෝගියකු බව දැනගත් වහා ඔහු සියළු ආදරණීයයන් තමන් වෙතින් ඈත් කර තිබිණ.
"වැඩි හරියක් ඉස්කෝලෙමයි.. ගෙදර එන්නෙ කන පොඩ්ඩට විතරයි"
පාසල කෙරෙහි කොහොමත් වූ වෙහෙසීම, ඔහු රෝගයෙන් ඇති පීඩා මැඬලීම සඳහාද ප්‍රයෝජනයට ගත්තා දැයි සැක සහිතය.
මිය යන්ට පෙර බොහෝ වැඩ කළ යුතුය. මිය යන්ට පළමු හැකි උපරිමය කළ යුතුය.
මාමා මිය ගිය දින, ඔහු මිය යන්නට පැය කිහිපයකට පෙර තාත්තා මාමා බලන්නට ගොස් තිබිණ.
"ඉස්කෝලෙ කෙල්ලො කොල්ලො බස් දෙකකින් ආව බං....... මම මැරෙයිද?"
තාත්තා ගෙදර විත් විස්තර කීවේ කඳුළු පිරි දෑසිනි.
ඔහුගේ ඇප උපස්ථානයට ගුරුවරු මාරුවෙන් මාරුවට සිටියහ.
රෝහල් ගාස්තු ගෙවා දැමුණේ රජරට දෙමාපියන් සිය කණ කර පවා උගසට තබා එකතු කර එවූ මුදලිනි. මාමාගේ මිනිය ගමට ගෙනා මුත්, මෙහි වළදමනවාට ඔවුහු අකමැති වූහ. සියළු වියදම් දරා ඔවුහු මාමා රජරටට රැගෙන ගියහ.
"මාමා අයිති එහෙටයි" මට සිතේ.
අවුරුදු ගණනාවකට පසු රජරට චාරිකාවේ යෙදුණු අපි, මාමා තැනූ පාසල අයිති පෙදෙසේ ගමන් කලෙමු.
"එන්න කිය කිය කියපු කාලෙ අපිට එන්න බැරි උනා"
අපි පාර අසාගෙන ඔහු තැනූ පාසල බලන්නට ගියෙමු.
අපි යන විටත් ඔහු වෙනුවෙන් තැනූ සොහොන් කොතේ කොනක මල් තබා ඉටිපන්දම් පත්තු කර තිබිණ. මාමාගේ විශාල ඡායාරූපයක් විදුහල්පති කාමරයේ තබා තිබුණි.
"ඌ අපිට එන්න කිව්වා.. අපි ආවෙ නෑ.." තාත්තාගේ හඬේ ගැබ් වී තිබුණේ ශෝකී රාවයකි.
"සෝමදාස කියල ප්‍රින්සිපල් කෙනෙක් හිටිය මචන්.. ඉස්කෝලයක් තනියම හැදුවා.. අදත් ළමයි ඉස්කෝලෙ යන්නේ මිනිහගෙ සොහොනට මල් තියලා"
තාත්තලාගේ පාසලට අලුතින් පැමිණි ගුරුවරයකු පවසා තිඹුණි.
මට එක්වරම දුයිෂෙන් මතක් වේ. දුයිෂෙන්ගේ කතාව බොරුවක් විය නොහැක.
අපේ මාමාද දුයිෂෙන් කෙනෙකි.

Friday, June 10, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
පහ වසරේ වචන නම් තාම සෑහෙන පමණ හුරු පුරුදු වචන නේද?
මේ එකක් වත් අමාරු වෙන්න නම් බෑ ....
621.) රේඛාව
622.) ශරීර ශක්තිය
623.) දළඹුවා
624.) යෝග්‍ය
625.) පෘතුගීසි
626.) විශ්වය
627.) ඡායාරූපය
628.) පරිවර්තනය
629.) පෞද්ගලික
630.) ඛනිජ තෙල්
631.) උෂ්ණත්වය
632.) දසන් පෙළ
633.) මනුෂ්‍යයා
634.) චන්ද්‍රයා
635.) දිය දහර
636.) සංචාරය
637.) පවිත්‍රතාව
638.) උද්‍යාන
639.) විශ්‍රාම ශාලාව
640.) මං සන්ධිය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
මේ එකක් වත් අමාරු වෙන්න නම් බෑ ....
621.) රේඛාව
622.) ශරීර ශක්තිය
623.) දළඹුවා
624.) යෝග්‍ය
625.) පෘතුගීසි
626.) විශ්වය
627.) ඡායාරූපය
628.) පරිවර්තනය
629.) පෞද්ගලික
630.) ඛනිජ තෙල්
631.) උෂ්ණත්වය
632.) දසන් පෙළ
633.) මනුෂ්‍යයා
634.) චන්ද්‍රයා
635.) දිය දහර
636.) සංචාරය
637.) පවිත්‍රතාව
638.) උද්‍යාන
639.) විශ්‍රාම ශාලාව
640.) මං සන්ධිය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Thursday, June 9, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
යන්තම් හුස්ම ටිකක් ගන්න ටීචර් ට වෙලාව හම්බ උනේ දැන් තමයි.
මතකනෙ , :) අපි දැන් පහ වසරේ..
601.) ශරීරාංග
602.) වාසස්ථාන
603.) කැලණිය
604.) වික්‍රමය
605.) කොම්පෝස්ට්
606.) මණ්ඩලය
607.) ශිෂ්‍යයා
608.) ගෞරවය
609.) ප්‍රාණය
610.) දෘඪ
611.) දුර්ගන්ධය
612.) කාර්යශූර
613.) ආරම්භය
614.) කළමනාකරු
615.) විරෝධය
616.) සම්පිණ්ඩිත
617.) මාතෘකාව
618.) ව්‍යර්ථ
619.) පංචාස්‍රය
620.) ද්‍රව්‍ය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
මතකනෙ , :) අපි දැන් පහ වසරේ..
601.) ශරීරාංග
602.) වාසස්ථාන
603.) කැලණිය
604.) වික්‍රමය
605.) කොම්පෝස්ට්
606.) මණ්ඩලය
607.) ශිෂ්‍යයා
608.) ගෞරවය
609.) ප්‍රාණය
610.) දෘඪ
611.) දුර්ගන්ධය
612.) කාර්යශූර
613.) ආරම්භය
614.) කළමනාකරු
615.) විරෝධය
616.) සම්පිණ්ඩිත
617.) මාතෘකාව
618.) ව්‍යර්ථ
619.) පංචාස්‍රය
620.) ද්‍රව්‍ය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Tuesday, June 7, 2011
මම වෙනම මලක් !!!

වේදිකා නාට්‍ය බලන්නට නං මං ආසාය.
ඒත් මම වෙනම මලක්, මම බලන්නට ගියේ මගේ ඕනෑ කමටම නොවේය. මූලිකම හේතුව නාට්‍ය නිෂ්පාදක නාලක ස්වර්ණතිලක මහතාගේ බිරින්දෑ මගේ කාර්යාලයීය මිතුරියක වීමය.
කොහොම උනත් නාට්‍යය බලා ඇවිත් මේ ලිපිය ලියන්නේ නං මගේ උවමනාවටමය.
මම වෙනම මලක් ඇත්තටම ලමා නාට්‍යයක්මය. මම එහෙම කියන්නේ නාලක මාධ්‍ය සාකච්ඡාවකදී එහෙම කියා තිබූ හින්දා නොවේය.
මම වෙනම මලක්, මල් වැනි දරුවන් ප්‍රයෝජනයට ගෙන වැඩිහිටියන්ගේ ප්‍රශ්න කතා නොකල නාට්‍යයක් හින්දාය. කතාව දරුවන්ගේ හැකියාවන් වලට මුල් තැන දීමය.
හැබැයි අම්මලාගේ සෙනෙහස, තීරණ දරුවන් ඉදිරියේදීත්, දරුවන්ගේ සෙනෙහස, තීරණ අම්මලා ඉදිරියේදීත් නැවෙන සැලෙන හැටි නාලක ඉතා හොඳට ප්‍රකාශ කරන්නට සමත් වී තිබුණේය.
කොහොම උනත් නාට්‍යය මැද හරියේදී නම් පොඩි කම්මැලි කමක් වගේ එකක් ආවේය. එසේ වුවත් අවසානය ලස්සනය.
අපි හැමෝම වෙන වෙනම මල්... ලෝකය ලස්සන වෙන්නේ එක එක ජාතියේ මල් පිපුණාම.. ඔන්න ඕක තමයි නාලක කියන්න හදන්නෙ.
කියන්නෙ කොහොමද කියල බලන්න, පැය දෙකක් වේදිකා නාට්‍යයකට කැප කිරීමට තරම් හිතේ හයියක් ඔබට තියෙන්නට ඕනෑය.
එහෙම එකක් තියේ නං රුපියල් 300,500 හෝ 1000 වියදං කර ගොහින්, මම වෙනම මලක් බැලුවාට අපතේ නං යන්නේ නැතිය.
Tuesday, May 24, 2011
නිමේෂයක නිදහස්ව...
Thursday, May 19, 2011
ආවොත් යා යුතුමය ...

දිලුම් ඉස්පිරිතාලයේ බව මම දැන හුන්නෙමි.
ඒ කෙසේ වතුදු, දිලුම් සනීප වී ආවාද දන්නේ නැතැයි අමුතු සිතුවිල්ලක් මට ඊයේ පහල විය. මට දිලුම් හා සම්බන්ධ වීමට හුරු මූණු පොත හරහා නිසා, සැප සනීප විමසා පණිවිඩයක් දැම්මෙමි.
ඒ පණිවුඩයට යළි කිසි දිනක පිළිතුරක් නො එනු ඇත.
වෙසක් සඳ බැස යන්නට පෙර,
මගේ පණිවුඩය කියවන්නට පෙර,
දිලුම් යන්නට ගියේය.
දිලුම් හා සමඟම ඉපදුණු සොහොවුරා ඉපදී දිනකට පසු සියල්ල හැර ගියේය. ඊයේ දිලුම් ගියේය. අපි හැමෝම කවදා හෝ යා යුතුය.
ආවොත් යා යුතුමය.
නොගියොත් නැවත ඊමක් නැත.
නාවොත් යන්නට බැරිය.
නොගොස් එන්නට බැරිය.
එනමුත් හදිසියේම හැර යාම දුකකි.
අකල් මරණ වෙන්නේ පෙර කරුම නිසාය යැයි බුදු හිමියෝ දෙසූහ.
මතු මෙවන් අකල් හැර යාමක් නොවන්නට අපි හැකි හැටියකට අපේ මිතුරා වෙනුවෙන් පිං පමුණුවමු.
Tuesday, May 17, 2011
(බොදු ) බැති ගීයක්ම ( නො ) වේ...
Friday, April 15, 2011
මොකට ලැබුවද මන්දා !!!

නිවාඩු දමාගෙන හති දම දමාගෙන
අස් පස් කරං ගේ දොර එළි කරාගෙන
කැවිලි පෙවිලි නොයෙකුත් ඈ හදා ගෙන
අවුරුද්දක් එයි සැමරුම් පතාගෙන
පෙර කාලේ තිබු නිදහස නැති හින්දා
අවුරුදු කියා අමුතුවකුත් නැති හින්දා
විවේකයක් නැති නැකතට වැඩ හින්දා
නව වසරේ අරුත් මොනවදෝ මන්දා
මීඩියා කාරයෝ විකුණති එයාර් ටයිම්
එළවළු මාළු තෙල් පොල් නං හරිම ගණන්
අවුරුදු සමරන්න දඟලන වෙහෙස මැදින්
මොකට මේක ආවාදැයි හිතෙයි සැණින්
කොහොම උනත් නෑයෝ නම් ගොඩ වදිතී
අවුරුද්දකටවත් හමු වෙන එක තුටකී
ඔයින් මෙයින් නිවාඩුවත් ඉවර වෙතී
මහන්සි පිටම රස්සාවට යන්න යමී
ඔය කිව්වේ මට හිතෙනා හැටි හන්දා
කෝප නොගනු මැන හෙළ කම අගයන්නා
කොයික උනත් ඉපැරණි උරුමය හින්දා
ඔන්න මමත් සුබ නව වසරක් කිව්වා
ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා !!
Sunday, April 10, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
ඔන්න අද ඉඳන් අපි 5 පංතියේ. මේ වචන ටික නං ලේසියි නේද?
576.) ශාක පත්‍ර
577.) වාතාශ්‍රය
578.) විවෘත
579.) මිශ්‍ර
580.) ඝන රන්
581.) වාෂ්ප
582.) ගැඹුර
583.) නිරීක්ෂණය
584.) ප්‍රමාණය
585.) පස් තට්ටුව
586.) අඩංගු
587.) උපකරණ
588.) ශක්තිමත්
589.) පංච ක්‍රීඩාව
590.) බණ්ඩක්කා
591.) දඹල
592.) අංකුර
593.) අවශ්‍ය
594.) මිශ්‍රණය
595.) ලිහිණියා
596.) ස්වාමියා
597.) පක්ෂීන්
598.) කාර්යය
599.) ලුහු බඳිනවා
600.) පාත්‍රය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
576.) ශාක පත්‍ර
577.) වාතාශ්‍රය
578.) විවෘත
579.) මිශ්‍ර
580.) ඝන රන්
581.) වාෂ්ප
582.) ගැඹුර
583.) නිරීක්ෂණය
584.) ප්‍රමාණය
585.) පස් තට්ටුව
586.) අඩංගු
587.) උපකරණ
588.) ශක්තිමත්
589.) පංච ක්‍රීඩාව
590.) බණ්ඩක්කා
591.) දඹල
592.) අංකුර
593.) අවශ්‍ය
594.) මිශ්‍රණය
595.) ලිහිණියා
596.) ස්වාමියා
597.) පක්ෂීන්
598.) කාර්යය
599.) ලුහු බඳිනවා
600.) පාත්‍රය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Thursday, April 7, 2011
ස්තුතියි.

මගේ ජීවිතයේ බොහෝ දේ "miss by කෙස් ගස්" වී ඇත.
ශිෂ්‍යත්වය සමත් වී මා කොළඹ දෙවන ස්ථානයේ පාසලට තේරේ යැයි අම්මා සිතා සිටි නමුදු මම තේරුණේ එකල තුන්වන තැන ගත් පාසලටය. නමුත්, පාසලේ ඉතාම හොඳ ශිෂ්‍යාවක ලෙසින් නම් තැබීමට තරම් මම උත්සාහවත් සහ වාසනාවන්ත වීමි.
අ.පො.ස. උ.පෙළ ප්‍රථිපල මට ලැබුණේ එක A අකුරක් B ලෙස මාරුවීය. A-3 නැති වූ මට අම්මාගේ සිහිනය වූ මොරටුව අත හැර කොළඹට වාර්තා කිරීමට සිදු විය.
මොරටුවෙන් පරිගණක ඉංජිනේරුවරියක නොහැකි වූ මම කොළඹින්, පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස එලි බැස්සෙමි.
ආසම කල කොම්පැණියේ නං වැඩ කරන්නට ලැබුණු බව කියන්නට ඕනෑමය :)
රස්සාවට පසු ව ආ පරස්තා කටයුත්ත ඔක්කෝටම වඩා අමාරු විය.
මට ඕනෑ කලේ ඉංජිනේරුවන්ය. දොස්තරලා ගෙදර නැත. නීතීඥයෝ බොරු කාරයෝය.
එකම වගේ රස්සා නිසා ඉංජිනේරු පිරිමියකුට, ඉංජිනේරු ගැහැණියක වඩා වටහා ගත හැකි වනු ඇත.
මෙය කිසි කමකට නැති බොරුම බොරු කල්පනාවක් බව මට වැටහුණේ අවුරුදු 3ක් පමණ ඉංජිනේරු කතා වලින්ම හෙම්බත් වූ පසුය.
සියල්ල අත් හැර දැමූ මම, මා වාගේ ජීවත් වන්නට පටන් ගතිමි.
ලියන්න කියවන්න කොපමණ පෙරේත කමක් දැක්වූවද, පරිගණක ලෝකයේ කොපමණ සැරි සැරුවද බ්ලොග් ලිවීම පිළිබඳව මම නොදත්තෙමි.
බ්ලොග්කරණ උණ මට බෝ කලේ බිඟු විසිනි. රාජකාරි ස්ථානයේ අසල්වැසි ක්ලස්ටර් වාසියකු වූ බිඟු අයියාගේ ලොකුම රාජකාරිය වුයේ (ඒ දවස් වල ) බ්ලොග් ලිවීමය.
බ්ලොග් හරහා අභීතත්, අභීත මාර්ගයෙන් ලෝකයේ සිටින ඉවසිලිවන්තම සහ කරුණාවන්තම හදවතක් ඇති මිනිසා හඳුනා ගැනීමටත් මට හැකි විය.
මා වැනි, හිටි වනම මූණ ඇඹුල් කර ගන්නා කෙල්ලකට, ඒ කොල්ලා ඉහටත් උඩින්ය :)
ඉතින්,
බ්ලොග්කරණයට මම වසරක් පුරන මොහොතේ....,
මෙතුවක් මගේ ලිපි කියවූ සැමටත්,
මා දිරි ගැන්වූ සැමටත්,
බ්ලොග්කරණය මට හඳුන්වා දුන් බිඟු ටත්,
ඒ ඔක්කෝටමත් වඩා, සිත ආදරයෙන් පුරවන්නට හැකි සොඳුරු මිතුරකු සොයා දීමේ කපු කම කල අභීතටත්
මගේ ස්තුතිය හිමි කරමි ...
ස්තුතියි. :)
Monday, April 4, 2011
I see my God in you !!
සිනහවට කඳුලකට
මට තිබුණු අයිතියට
අත තියා මට නොදැන
හිත මගේ හොරා ගෙන
කරන තරමක් මගේ වැරදී
හැමට ඇති ඉවසීම නොනැසී
කරන විට සිහි විටෙන් විටදී
මටම පුදුමයි මගේ දෙව්නී
බැඳෙන තරමට හිතේ ආලේ
සතුට මෝරයි අපේ කාලේ
හෙටට ලබනා අලුත් දවසේ
ඔබට සම්පත සතුට රජයේ
මට තිබුණු අයිතියට
අත තියා මට නොදැන
හිත මගේ හොරා ගෙන
කරන තරමක් මගේ වැරදී
හැමට ඇති ඉවසීම නොනැසී
කරන විට සිහි විටෙන් විටදී
මටම පුදුමයි මගේ දෙව්නී
බැඳෙන තරමට හිතේ ආලේ
සතුට මෝරයි අපේ කාලේ
හෙටට ලබනා අලුත් දවසේ
ඔබට සම්පත සතුට රජයේ
Saturday, April 2, 2011
Error Correction in Coding Theory සහ ජන සන්නිවේදනය

විද්‍යුත් සන්නිවේදනයේදී දත්ත ගමන් කරවන්නේ විදුලි සංඥා ආකාරයට.
හිතන්නකෝ අපි විද්‍යුත් තපෑලෙන් ලිපියක් යැව්වා කියලා. අපිට මතුපිටින් ලිපියක් වගේ පෙනුනට; මේක ඇත්තටම දත්ත ගොන්නක් වයර් ඔස්සේ හෝ වෙන යම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන.
ඉතින් මම මේ කියන්න හදන්නේ පරිගණක පාඩමක් නම් නෙවෙයි. මේ දත්ත නිවැරදිව සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා දක්වා ගමන් කරවීමට යොදා ගෙන ඇති මූලික සිද්ධාන්ත අපේ සාමාන්‍ය ජීවිතයට අදාළ කර ගන්නේ කොහොමදැයි කියල කියන්න.
දත්ත ගමන් කරන්නේ විදුලි සංඥා විදිහට කියල මම කලිනුත් කිව්වනෙ.
ඒ වගේම මේවා ගමන් කරද්දි ප්‍රවාහන මාධ්‍යය තුළදී යම් යම් වෙනස් කම් වලට ලක් වෙන්න පුලුවන්.
හිතන්නකෝ අපි යවන්නේ 0,1,0,1,1,0 යන දත්ත කියල.
ඔන්න මගදි සිදු වෙන යම් යම් දුෂ්කරතා නිසා ලැබෙන්නාට කියවන්නට ලැබෙන්නේ 0,1,1,0,1,0 කියල.
කොටින්ම මේ ලැබුණු දත්ත වැරදියි.
කොහොමද සන්නිවේදකයා සහතික කරන්නේ ප්‍රතිග්‍රාහකයාට නිවැරදි දත්ත ලැබුණයි කියලා.
මෙන්න මේ ක්‍රම වේද තමයි "Coding Theory" වල අපි ඉගෙන ගන්නේ.
ඉන් එක ක්‍රමයක් තමයි, අවශ්‍ය දත්ත පමණක් ම නැතිව අනවශ්‍ය දත්තත් යැවීම.
උදාහරණයක් විදිහට අපි තෝර ගන්නව 0 රූපණය කිරීමට (000) සහ 1 නිරූපණය කිරීමට (111).
එතකොට දත්ත කිහිපයක් අහඹු ලෙස වෙනස් උනාට වැඩි ප්‍රමාණයක් පැමිණි සංඛ්‍යාව දිහා බලලා, ප්‍රතිග්‍රාහකයාට වඩාත් නිවැරදි දත්ත ප්‍රමාණයක් උකහා ගන්න පුලුවන්.
උ. දා. : (000) අහඹු ලෙස (001) කියල වෙනස් උනත් වැඩිපුර තියෙන්නේ 0 නිසා, සන්නිවේදකයා එවන්න ඇත්තේ 0 කියල ප්‍රතිග්‍රාහකයාට නිගමනය කරන්න පුලුවන්; කලින් වතාවෙදි වගේ වැරදි දත්ත බාර නොගෙන.
හැබැයි නිවැරදි භාවය වැඩි කරගන්න කියල (00000000000000000000) වගේ යවන්නත් බෑ. මොකද එතකොට සම්පත් අපතේ යාමක්/ නාස්තියක් සිදුවන නිසා.
දැන් මේ සිද්ධාන්තය අපිට වැදගත් වෙන්නේ කොහොමද?
අපි කෙනෙකුට දෙයක් කියනකොට, හරියටම ඒ කාරණාව විතරක් කෙටියෙන් කිව්වොත්; අපි අඩු වේලාවකින් අඩු වචන ගාණකින් විස්තරේ කලා වෙන්න පුළුවන්.
හැබැයි ඒ පුද්ගලයා හරියටම අදාළ කාරණය අවබෝධ කර ගත්තාද, වෙනස් දෙයක් තේරුම් ගත්තාද කියන එක ප්‍රශ්නයක්.
නමුත් අපි දෙයක් විස්තර කරනකොට, ඒ කාරණයට අදාළ සුල මුල පොඩ්ඩක් කියල, සිද්ධියට සම්බන්ධ අයවලුන් ගැනත් පොඩ්ඩක් කියල විස්තර කරනවනං වැරදි අවබෝධය ඇති වීම වළක්වා ගන්න පුළුවන්.
ඉතින් එහෙමයි කියල, ඕනෙ එකයි එපා එකයි ඔක්කොම කියන්න ඕනෙත් නෑ.
අඩුත් නැතිව වැඩිත් නැතිව දෙයක් හොඳට පැහැදිලි කලාම, කාටත් හොඳයි. :)
Thursday, March 31, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
ඔන්න අදින් 4 පංතිය ඉවරයි. ඒ කියන්නෙ මේ වෙනකොට හතරේ පංතියේ තරම් සමතෙක් වෙන්න ඕනි :)
561.) සින්ධූපමාන
562.) හෙළිදරව්ව
563.) පිපිඤ්ඤා
564.) භික්ෂුව
565.) මුද්‍රණ
566.) රාජ්‍යය
567.) ශල්‍යකර්මය
568.) අව්‍යාජ
569.) භ්‍රමණය
570.) කෘතිම
571.) ව්‍යාකරණය
572.) බ්‍රාහ්මණ
573.) බහුශ්‍රැත
574.) සම්භාවනීය
575.) දුක්ඛදායක
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි.

Wednesday, March 30, 2011
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )

අම්මාගේ රියදුරා වීමේ විපාක අනුව බොහෝ ඉරිදා දවස් වල අම්මාත් මමත් ටවුමට යනව ඔය ගෙදරට ඕනෙ කරන අනං මනං ටික අරන් එන්න.
ඔහොම ගිය බොහෝ දවස් වලට අපි සුදාටත් මොනව හරි අරගෙන තමයි එන්නෙ.
ඉතින් ඔහොම දවසක මම මෙයාට අර "POPIT" එකක් ගත්තා.
ගෙදර ආවට පස්සෙ වැට ලඟට ඇවිත්,
"සුදෝ...... ඔයා ඉන්නවද?....."
කියල කතා කරල එහෙම අර POPIT එක දුන්නයි කියමුකො.
සුදා දැන් හැරිල ගෙට යන ගමන්.
අපේ තාත්තා ලඟ පාත ඉඳල කියපි,
"සුදෝ... මටත් ඕනෙ"
සුදා ආපහු හැරුණා.
ඔන්න ඊට පස්සෙ වෙච්ච දේ.
සුදා: "අක්කෙ, ඔයා මාප්පත ගෙනාවෙ නැද්ද?"
මම : "නෑ නෙ :( "
සුදා: "මට විතරද ගෙනාවෙ?"
මම : "ඔව් නෙ"
මෙච්චර වෙලා මගේ දිහා හැරිලා කතා කර කර හිටපු සුදා, කිසි ගානක් නැතුව ආයිත් ගෙට හැරිල ඇතුලට යන ගමන් මෙන්න මෙහෙම කිව්ව.
"එහෙනං මීත පත්තෙ තොකලට් ගේනකොත මාප්පටත් එක්ක ගේන්න"
ඔන්න ඕකයි තත්වෙ !!
Sunday, March 27, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මේ වචන නම් අමාරු නැහැ නේද?
541.) සොරොව්ව
542.) සමුද්‍රය
543.) අභ්‍යවකාශය
544.) අර්ථාන්විත
545.) දේශානුරාගය
546.) කාලානුරූප
547.) සාහිත්‍යය
548.) සමූපකාරය
549.) ප්‍රවෘත්ති
550.) පුහුණුව
551.) මත්ස්‍යයා
552.) පිළිමතලාව
553.) කල්‍යාණ
554.) කුළුඳුල්
555.) පාර්ශ්වය
556.) ප්‍රදර්ශනය
557.) නිෂ්පාදනය
558.) වර්ගඵලය
559.) ක්ෂිතිජය
560.) අනුශාසක
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
541.) සොරොව්ව
542.) සමුද්‍රය
543.) අභ්‍යවකාශය
544.) අර්ථාන්විත
545.) දේශානුරාගය
546.) කාලානුරූප
547.) සාහිත්‍යය
548.) සමූපකාරය
549.) ප්‍රවෘත්ති
550.) පුහුණුව
551.) මත්ස්‍යයා
552.) පිළිමතලාව
553.) කල්‍යාණ
554.) කුළුඳුල්
555.) පාර්ශ්වය
556.) ප්‍රදර්ශනය
557.) නිෂ්පාදනය
558.) වර්ගඵලය
559.) ක්ෂිතිජය
560.) අනුශාසක
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, March 20, 2011
ප්‍රේමය දැකීම
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
කාලෙකට පස්සෙ ආයිත් සිංහල පාඩම :)
ටීචර් නං කිසි කමකට නෑ නේ? :) තාම හතර වසරේ !!
521.) විද්‍යායතන
522.) ශාලාධිපති
523.) පුණ්‍යකාලය
524.) අත්‍යලංකාර
525.) ඉන්ද්‍රිය
526.) උපදේශය
527.) ජීවනෝපාය
528.) පරෝපකාරය
529.) යන්ත්‍රෝපකරණ
530.) පක්ෂීන්
531.) සංස්කෘතිය
532.) නම්‍යතාව
533.) හැකිළුණු
534.) බවුසරය
535.) පෞද්ගලික
536.) ගෞරවය
537.) බෞද්ධ
538.) භෞමික
539.) පාඨකයන්
540.) සෞන්දර්යය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
ටීචර් නං කිසි කමකට නෑ නේ? :) තාම හතර වසරේ !!
521.) විද්‍යායතන
522.) ශාලාධිපති
523.) පුණ්‍යකාලය
524.) අත්‍යලංකාර
525.) ඉන්ද්‍රිය
526.) උපදේශය
527.) ජීවනෝපාය
528.) පරෝපකාරය
529.) යන්ත්‍රෝපකරණ
530.) පක්ෂීන්
531.) සංස්කෘතිය
532.) නම්‍යතාව
533.) හැකිළුණු
534.) බවුසරය
535.) පෞද්ගලික
536.) ගෞරවය
537.) බෞද්ධ
538.) භෞමික
539.) පාඨකයන්
540.) සෞන්දර්යය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Tuesday, March 8, 2011
මාර්තු අට
මාර්තු අටට ලියවිලි බෝ බව දනිමි
ඒ එක ලිවිල්ලක් කෙරුමට නොසිතුවෙමි
විසිතුරු නාඩගම් පාමින් තොඳොල් වෙවී
රූප පෙට්ටි විහිළු කරන හැටි දුටිමී
කාන්තා සමාජය ගැන කියන ලෙස
ඇවිත් සිටියෝය පරසිඳු කතුන් කැල
ඇඟෙන් බාගයක් එලියට දමාගෙන
නිළි නිවේදිකාවයි ගත්තේ බලන නෙත
ගෙදරද, පිටද, යන පාරේ තොටේදිද
කතුන් හට අවැඩ වෙන බව රහසක් ද
සාකච්ඡා සම්මන්ත්‍රණ වල පිහිට
නොවේ සදාචාරයමයි ඇවැසිකම
ගැහැනු පිරිමි නොව, යහ ගුණ, හරි වරද
තේරුන් ගන්ට හැකි නම් එකඟව හිතට
මාර්තු අටට විතරක් නොව කිසිදාක
කෑ ගොස්සන් නඟන්නට සිදු නොවනු ඇත
ඒ එක ලිවිල්ලක් කෙරුමට නොසිතුවෙමි
විසිතුරු නාඩගම් පාමින් තොඳොල් වෙවී
රූප පෙට්ටි විහිළු කරන හැටි දුටිමී
කාන්තා සමාජය ගැන කියන ලෙස
ඇවිත් සිටියෝය පරසිඳු කතුන් කැල
ඇඟෙන් බාගයක් එලියට දමාගෙන
නිළි නිවේදිකාවයි ගත්තේ බලන නෙත
ගෙදරද, පිටද, යන පාරේ තොටේදිද
කතුන් හට අවැඩ වෙන බව රහසක් ද
සාකච්ඡා සම්මන්ත්‍රණ වල පිහිට
නොවේ සදාචාරයමයි ඇවැසිකම
ගැහැනු පිරිමි නොව, යහ ගුණ, හරි වරද
තේරුන් ගන්ට හැකි නම් එකඟව හිතට
මාර්තු අටට විතරක් නොව කිසිදාක
කෑ ගොස්සන් නඟන්නට සිදු නොවනු ඇත
Friday, February 25, 2011
හසු වීම ...
Wednesday, February 23, 2011
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
මේ සුදා ලස්සනට නට නට කියන සිංදුවක්. බලන්න මොකක් හරි විශේෂත්වයක් පේනවද කියල.
මේකට කියන්නෙ, කිඹුලගෙ සිංදුව.
කිඹුලගෙ තාත්තා
උරහිස හොලවනවා
පී........න පී.......න නෑ...වා
කිඹුලගෙ අම්මා
ඇස් දෙක කරකවනා
ඇස් දෙක කරකවනා
පී........න පී.......න නෑ...වා
කිඹුලගෙ අයියා
කකුලක් සොලවනවා
පී........න පී.......න නෑ...වා
කිඹුලගෙ අක්කා
පච්ච චොලවනවා
පච්ච චොලවනවා ( හී හී හී සිනාවෙමින්)
පච්ච චොලවනවා
පී........න පී.......න නෑ...වා
කිඹුලගෙ පැටියා
මුකුත් කරන්නේ නෑ ...
පී........................න පී.............................න නෑ...වා
මට මතක් උනේ අර මොකක්ද සංගීත කණ්ඩායමක සිංදුවක් තියෙන්නෙ "BOYS WILL BE BOYS" කියල :). අන්න ඒක :)

Sunday, February 20, 2011
හිතුමතේ
Tuesday, February 15, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මේ ටිකත් බලමු.
501.) අධික
502.) ජරාජීර්ණ
503.) දිළිඳු
504.) මාණික්‍ය
505.) ධාරානිපාත
506.) කුහුල
507.) පළපුරුදු
508.) කෝලාහලය
509.) කන්නලව්ව
510.) විමර්ශනය
511.) සන්ධානය
512.) සාමාර්ථ්‍යය
513.) කුමන්ත්‍රණය
514.) අප්‍රාණික
515.) අධ්‍යක්ෂණය
516.) ජ්‍යෙෂ්ඨ
517.) වනෝද්‍යානය
518.) දේශාභිමානය
519.) මූලාරම්භය
520.) විදේශාධාර
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
501.) අධික
502.) ජරාජීර්ණ
503.) දිළිඳු
504.) මාණික්‍ය
505.) ධාරානිපාත
506.) කුහුල
507.) පළපුරුදු
508.) කෝලාහලය
509.) කන්නලව්ව
510.) විමර්ශනය
511.) සන්ධානය
512.) සාමාර්ථ්‍යය
513.) කුමන්ත්‍රණය
514.) අප්‍රාණික
515.) අධ්‍යක්ෂණය
516.) ජ්‍යෙෂ්ඨ
517.) වනෝද්‍යානය
518.) දේශාභිමානය
519.) මූලාරම්භය
520.) විදේශාධාර
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
අදට වචන 500ක් ඉගෙන ගෙන... කීයක් මතකද හරියටම ? :)
481.) නගරාධිපති
482.) ස්වදේශික
483.) මහාද්වීපය
483.) සමුද්‍රය
484.) ප්‍රකාශන
485.) ප්‍රථමාධාර
486.) ප්‍රදීපය
487.) භාර්යාව
488.) විපක්ෂය
489.) ආත්මාර්ථකාමී
490.) ධජය
491.) නිර්භය
492.) මෘගයා
493.) අධිකරණය
494.) ශාස්ත්‍රය
495.) ශීලාචාර
496.) අභියෝගය
497.) යාත්‍රාව
498.) ප්‍රාණවාචී
499.) සංඥාව
500.) බෝධිය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
481.) නගරාධිපති
482.) ස්වදේශික
483.) මහාද්වීපය
483.) සමුද්‍රය
484.) ප්‍රකාශන
485.) ප්‍රථමාධාර
486.) ප්‍රදීපය
487.) භාර්යාව
488.) විපක්ෂය
489.) ආත්මාර්ථකාමී
490.) ධජය
491.) නිර්භය
492.) මෘගයා
493.) අධිකරණය
494.) ශාස්ත්‍රය
495.) ශීලාචාර
496.) අභියෝගය
497.) යාත්‍රාව
498.) ප්‍රාණවාචී
499.) සංඥාව
500.) බෝධිය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, February 6, 2011
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )

මේක නං කතාවක්ම නෙවෙයි.
මට වෙච්චි ඇබැද්දියක්.
වස නින්දාවයි.
සුදා මේ ලඟදි දවසක ජාතික කොඩියත් අතේ තියන් ඇවිත් මගෙන් අහපි ,
"මොකද සිංහයා කඩුවක් අතේ තියන් ඉන්නෙ? " කියල.
දැන් ඉතින් මොකද කරන්නේ?
මම කිව්ව, "අපි කාටවත් බය නෑ නෙ. ඒකයි" කියල.
කොල්ලට උත්තරේ ෂුවර්නුත් නෑ. තේරුණෙත් නැද්ද මන්ද.
පස්සෙ මම "අපි මහප්පා ආපුවාම එයාගෙන් අහමු" යි කියල ප්‍රශ්නෙ මඟ ඇරියා.
ඒත් මම කල්පනා කෙලේ..., සිංහයා කඩුව තියන් ඉන්නෙ බය නැති කමටද? ඇති කමටද කියලා..
මොකද හිතෙන්නෙ?
Friday, February 4, 2011
ආදරයෙන් ...
ආදරයෙන් අයියා වෙත,
අයියාත් පවුලේ හැමත් ඉතා හොඳ ශාරීරික සුවතාවයකින් යුතුව සිටිතැයි සිතමි.
පොඩ්ඩී ගැන අයියා උරණ වූ බව මම දනිමි. අයියා කියවාදෝ, නොකියවාදෝ සැකය නිසා මෙතුවක් කල් නොලීමි. කෙසේ වුවත් අයියාට නොලියා සිටිය නොහැකි තැනට කටයුතු යෙදී ඇති නිසා නොපමාව ලියන්නට සිතුවෙමි.
චූටි පුතා ගැන අක්කා දරුණු වෙනවා වැඩියි මා කියූ කියුම ඔබ දෙපලම කිසි දිනක නොපිළිගත්තෝය. පොඩි එකෙකුගේ හදවත ගැහෙන්නේ මෙලෙසැයි දැන්වත් ඔබට වටහා ගත හැකි වේ යැයි විස්වාසයෙන් මම ඔබට ලියමි.
චූටි අපෙන් වෙන් කල දිනයේ වැට අයිනට වී පැය ගණනක් එක දිගට හැඬූ හැටිත්, සති කිහිපයක් ඉක්ම යන තුරුත් සාංකාවෙන් අපේ ගේ දෙස බලා හිටි හැටිත් මතක් වී දැනුදු මගේ හද පෑරේ. අවුරුදු තුනක හුරුබුහුටි කොළු පැට්ටෙකුට, තමාගේ නැන්දාගේ ගෙදර පැත්ත පළාතේ නොයෑමට තර්ජනය කිරීම කොතරම් අමානුෂික දැයි ඔබට එදාද නොවැටහුණි.
චූටි පුතා අපේ පවුලේ එකෙකු වූයේ ඒකා උපන් දාමය. චූටි අප පවුලට සමීප වීම අක්කා කොයි හැටියෙන් වටහා ගත්තද; කුඩා දරුවෙකු දැඩි වූ බැඳීමකින් සිටියවුන්ගෙන් ඈත් කිරීම, දරුවාගේ මානසිකත්වයට කොතරම් භයානක බලපෑමක් එල්ල කරද්දැයි යන්න ඈ නොදැන සිටි වග මට එදා මෙන්ම අද ද ප්‍රත්‍යක්ෂ්‍යය.
අපට ඔබත්, ඔබට අපවත් පිළිකුල් වූ ඒ අභාග්‍යවන්ත සිදුවීම සිදු වී දැනට වසර 20ක් ඉක්ම ගොස් ඇතිය.
චූටි ඉන් මතු කිසි දිනෙක අපේ ගෙදර නාවාට, හිත තිබුණේ අප ලඟ බව මම හොඳින්ම දැන සිටියෙමි. වෙනසක් නොකර, මගේ දරු දෙදෙනාට ගෙන එන හැම දෙයක්ම වාගේ චූටිටත් ගෙන ආයේ එහෙයිනි. අක්කා පුතා දැඩි පාලනයකට යට කරනු දුටු අපි මුවින් නොබැණ, සිතින් හැඬීමු. ඈ පැතූ ලොව ඔහු ලවා ගොඩ නඟන්නට යාම විහිළුවක් කිරීමට චූටි තීරණය කලේ කවදා කෙසේදැයි මම නොදනිමි.
පුතා ඊයේ අප හමුවට ආවේය. ඕස්ට්‍රේලියාවේ උපාධියකට ඔහු සූදානම් වද්දී ඔබ සියල්ල සතුටු වන්නට ඇත. චූටි මෙහි කරන්නේ වැඩි හරියක් නාස්තිකාර වැඩයි කීවොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එය එසේය. චූටිට මෙහේ උපාධියකින් කම් නැත. අයියාට කරච්චල් කොට වාරයේ වියදම් ලෙස ගෙන්වාගත් මුදලින් යහළුවන් සමඟ පිස්සු නැටූ බව ඔහු ඊයේ මා හා කීවේ බීමතේමය.
මේවා අහන්නට තරං අපි කාලකණ්ණි උනා නේදැයි දැන් අයියා අක්කා සමඟ කියනු ඇත. ඕකා උස් මහත් කලේ කොච්චර දුක් විඳලාදැයි අක්කාද කියන බව මම දනිමි.
නමුත් මිනිස් සිත පුදුම සහගතය. ඔබට අනෙකෙකුගේ ප්‍රාර්ථනා පාලනය කල නොහැක. ඔබේ පැතුම් අනෙකෙකුගේ උර මතින් දකින්නට යාමෙන් ඔබ දෙපලම මහත් වූ වරදක් කර ගති.
චූටි තවමත් අපට ආදරේය. මම අපේ ගෙදර නවතින්නැයි ඔහුට අයැදීමි. චූටි මා බදා හැඬූ මුත්, නවතින්නට එකඟ නොවීය.
"මට තව ටිකක් නාස්ති වෙන්න ඕනේ. නැන්දාගේ ආදරෙන් මට නාස්ති වෙන්න බැරි වෙයි. එතකොට මට අපේ ගෙදර අයට රිද්දන්න හම්බ වෙන්නෙ නෑ"
මේ චූටිගේම වචනයි. තම දෙමාපියන්ගෙන් පළිගැනීමට චූටි යොදා ගත් මඟ අපූරුය.
මට පුතු ගැන කණගාටුය. අයියාත් අක්කාත් දරුවා තේරුම් නොගත් බැවින් මෙලෙස වූවා යයි දැන්වත් පිලිගනු ඇද්දැයි මට සැක සහිතය.
දරුවා ගොඩ ගැනීමට හැකි වෙර මම යොදන්නෙමි. චූටිගේ අධ්‍යාපනය කෙසේ වෙතත්, චූටි වැටී ඇති මානසික පරිහානියෙන් පිටතට ගැනීමට මම උත්සාහ කරන්නෙමි.
ඔබ දරුවාට දරුණු වූ තරමට දරුවා තවමත් ඔබට දරුණු වී නැත. මා පිය සෙනෙහස තර්ජනයක් නොව ආශිර්වාදයක් බවට පත් කර ගැනීමට තවමත් ඔබ ප්‍රමාද නැත.
මගේ වෑයමට ඔබ දෙපළ අසතුටු නොවේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.
මීට,
සදා ලැදි,
පොඩ්ඩී.

නිදහසේ සිතුවිල්ල

හැමදා වසරකට සැරයක් එකම දින
සමරමු අපේ අති උත්තර අරුම දින
රටේ සවිය පෙන්වන්නට නොහැකි තැන
වැඩක් ඇතිද ජය සැමරුම් කොතැන වුව
සාමය පතා යුද වැදි රටකට ඉපදී
වහලුන් වගේ වැඩ කෙරුවත් නැත සැනසී
හොර මැර මගඩි නඟනා තුරු ජය කෙහෙලී
බුද්ධිමතුන් හිඟද්දි හොරු රජ කරතී
සිංහල දෙමළ මුස්ලිම් වුව අපේ මොකෝ
සුදුස්සා සුදුසු තැන හිඳවන්ට ළමෝ
කොඩියේ සිංහයා හාමත් වී වේලී
මියැදෙනු වලකන්ට එතකොට හැකි වේවී
Thursday, February 3, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මෙන්න අද වචන විස්ස. කියවලා බලන්නකො.
461.) ඡේදය
462.) ආකෘතිය
463.) ස්ත්‍රිය
464.) පුරුෂයා
465.) දර්ශනීය
466.) ඥාතීන්
467.) අමු ද්‍රව්‍ය
468.) ලෞකික
469.) භෞතික
470.) ක්‍රෝධය
471.) පාෂාණ
472.) ගෞරවය
473.) යන්ත්‍ර සූත්‍ර
474.) ශ්‍රමය
475.) ධර්මය
476.) භාවිත කිරීම
477.) කිලෝ ග්‍රෑම්
478.) ප්‍රණීත
479.) දේවස්ථානය
480.) ප්‍රවේශ පත්‍ර
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
461.) ඡේදය
462.) ආකෘතිය
463.) ස්ත්‍රිය
464.) පුරුෂයා
465.) දර්ශනීය
466.) ඥාතීන්
467.) අමු ද්‍රව්‍ය
468.) ලෞකික
469.) භෞතික
470.) ක්‍රෝධය
471.) පාෂාණ
472.) ගෞරවය
473.) යන්ත්‍ර සූත්‍ර
474.) ශ්‍රමය
475.) ධර්මය
476.) භාවිත කිරීම
477.) කිලෝ ග්‍රෑම්
478.) ප්‍රණීත
479.) දේවස්ථානය
480.) ප්‍රවේශ පත්‍ර
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Wednesday, February 2, 2011
හිත ඇදිල්ල නවතගන්න
සුහද බව ලඟ
පිරුණු කම දෙන
නුඹේ සිනහව
දුකකි හද ලඟ
හිතේ ඇල්මට
කතා කෙරුමට
වහ වැටෙන්නට
හිතෙයි විටකට
ඇදී ඇලවෙන
හිතේ සෙනෙහස
නවත ගන්නට
වේය හනිකට
නොගැලපෙන බව
ඉක්මවන්නට
යන්න හිතුවට
පළක් වේවිද
පිරුණු කම දෙන
නුඹේ සිනහව
දුකකි හද ලඟ
හිතේ ඇල්මට
කතා කෙරුමට
වහ වැටෙන්නට
හිතෙයි විටකට
ඇදී ඇලවෙන
හිතේ සෙනෙහස
නවත ගන්නට
වේය හනිකට
නොගැලපෙන බව
ඉක්මවන්නට
යන්න හිතුවට
පළක් වේවිද
Monday, January 31, 2011
නොසැලෙන්න පිය මිතුර
හැඬුම් නැඟ එද ඔබට
අනුන් නෙත කඳුලකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
ඔබේ පත, බෙදේවිද
අනුන් කුසගින්නකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
දෙපා වාරුව දෙන්න
සැරයටිය වුවොත් ඔබ
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
අරමුණුව කන වැටෙන
බස් අහිමි වුව ඔබට
හදට හද විවර වන
ඔබේ ලොව නැත නිහඬ
අනුන් නෙත කඳුලකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
ඔබේ පත, බෙදේවිද
අනුන් කුසගින්නකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
දෙපා වාරුව දෙන්න
සැරයටිය වුවොත් ඔබ
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
අරමුණුව කන වැටෙන
බස් අහිමි වුව ඔබට
හදට හද විවර වන
ඔබේ ලොව නැත නිහඬ
Saturday, January 29, 2011
හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මෙන්න අද වචන. බලන්න නොපැහැදිලි තැනක් තියනවද කියලා.
441.) රාත්‍රිය
442.) ක්‍රියාපද
443.) තූර්ය වාදනය
444.) ක්‍රීඩාව
445.) හිරු මඬල
446.) විද්‍යාලය
447.) වෛද්‍යවරයා
448.) වෛරය
449.) විද්‍යාව
450.) මාතෘ භූමිය
451.) මාතෘකාව
452.) වෘකයා
453.) පරීක්ෂණය
454.) ලක්ෂණ
455.) දුෂ්කරතාව
456.) ශබ්දය
457.) චීත්ත
458.) ප්‍රාසාදය
459.) සංග්‍රාමය
460.) ව්‍යායාමය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
441.) රාත්‍රිය
442.) ක්‍රියාපද
443.) තූර්ය වාදනය
444.) ක්‍රීඩාව
445.) හිරු මඬල
446.) විද්‍යාලය
447.) වෛද්‍යවරයා
448.) වෛරය
449.) විද්‍යාව
450.) මාතෘ භූමිය
451.) මාතෘකාව
452.) වෘකයා
453.) පරීක්ෂණය
454.) ලක්ෂණ
455.) දුෂ්කරතාව
456.) ශබ්දය
457.) චීත්ත
458.) ප්‍රාසාදය
459.) සංග්‍රාමය
460.) ව්‍යායාමය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Tuesday, January 25, 2011
කවියා එන තුරු
Saturday, January 22, 2011
CSMA සහ විනීත වීම

කැම්පස් යනකොට "Computer Networks" කියන්නෙ මම ආසම කරපු විෂයයක්. විශේෂ හැකියාවක් තිබුණාට නං නෙවෙයි.
මම කැමතියි. එච්චරයි :)
දැන් මේ හැරමිට්ටෙන් යන්න ඔන්න මෙන්න කියල කරන්න ගත්තු විද්‍යාපති උපාධියෙත් ඔය කොටසක් තියනවා "Data Communication Networks" කියල. අද පාඩමේ කියල දුන්නෙ "Carrier Sense Multiple Access Protocol" එක ගැන.
හරි හරී. පොඩ්ඩක් ඉන්නකෝ. කොම්පියුටර් නොදන්න අයටත් තේරෙන විදිහට කියන්නං.
දැන් මේ අපි තොරතුරු ලබා ගන්න, තොරතුරු ලබා දෙන්න අන්තර්ජාලය, දුරකතන පාවිච්චි කරනවනෙ.
ඕවැයි අපි එහා මෙහා යවන දත්ත යන්නෙ සිග්නල් විදිහට. එතකොට ප්‍රවාහන මාධ්‍යයක් හැකි තරම් කාර්යක්ෂම ලෙස
භාවිතා කරන්නේ කොහොමද කියන විධි හොයා ගෙන යද්දි තමයි අපට මේ නිර්ණායක හමු වෙන්නෙ.
මම මේ කවදාවත් නැතුව "networks" පාඩමක් කියල දෙන්න යනව නෙවෙයි. අද පාඩම අපේ ජීවිතයට කොයි තරම් සම්බන්ධ ද කියල හිතුණ නිසා ලියවෙන්නක්.
CSMA Protocol එකේ ප්‍රධාන නියමය: කතා කිරීමට පළමු සවන් දෙන්න යන්නයි.
යම් දත්ත යවන්නෙක්, තමන්ගේ දත්ත යවන්න කලින් එම ප්‍රවාහන මාධ්‍යයේ වෙන කෙනෙක් දත්ත දැනට යවනවාදැයි බලන්න ඕනි. එහෙම යවනවා නම් එයා තමන්ගෙ දත්ත යවන්නෙ නෑ. හැබැයි මේ මාධ්‍යය නිදහස් වනතුරු මෙයා බලන් ඉන්නවා. හරි කෑදරයි. ඉඩක් ලැබිච්ච හැටියෙ දත්ත, ප්‍රවාහන මාධ්‍යයට නිදහස් කරනවා.
මූලික අවස්ථා වලදීට වඩා මෙහි දත්ත සුරැකිව ගමන් කිරීමේ සම්භාවිතාව වැඩි.
ඊලඟ අවස්ථාව බලමුකො: මේ අව්ස්ථාවේදී "Data Transmitting Station" එකක් එතරම්ම කෑදර වන්නේ නෑ. කවුරු හරි දත්ත යවනවා කියල පේනවනං පැත්තකට වෙලා ඉන්නවා. ආයි ටික වෙලාවකින් ඇවිත් බලනවා තාමත් බිසී ද කියල. මාධ්‍යය නිදහස් නම් විතරක් transmit කරනවා.
මේ අවස්ථාවේදී ප්‍රථිපල අරිට වඩා වැඩී.
ඊලඟ වැඩි දියුණු කිරීම බලමුකො: මේ අවස්ථාවේදී Data Transmitting Station එකක් කොහොමට්වත් කෑදර නෑ. අර මතු කී ආකාරයෙනුත් හැසිරිලා, තමන්ට දත්ත යැවීමට අවස්ථාව ලැබුණාමත් යම් කිසි සම්භාවිතාවකින් තමයි දත්ත යවන්නෙ. හිතන්නකො කාසියක් උඩ දාල මෙයා බලනවා කියලා.
හිස වැටුනොත් transmit කරනවා. අගය වැටුනොත් transmit කරන්නෙ නෑ.
ඊටත් පස්සෙ අවස්ථාව: මේ ඉහත මුළු හැසිරීමත් එක්කම, කතා කරද්දීත් සවන් දෙන්න.
එතකොට මෙයා දත්ත යවද්දි තව කෙනෙක් යවන්න පටන් ගත්තොත්, දෙදෙනාම දත්ත යැවීම නතර කරනවා. මොකද දැනටමත් මේ දත්ත හානි වී ඇති නිසා.
පොදු මාධ්‍යයක එකවර සුරැකිව යන්න හැක්කේ එක් අයකුට පමණයි.
මේ අවසාන ක්‍රම වේදයට එනකොට මාධ්‍යයේ දත්ත සුරැකිව ගමන් කිරීමේ සම්භාවිතාව 100% කට ලං වෙන තරම් ඉහළ යනවා.
හරි.
ටෙක්නිකල් කතාව ඉවරයි.
දැන් හිතන්න අපි පාරේ වාහනයක් ධාවනය කරනකොට ඇති වන තත්වයක් මේකත් එකම නෙවෙයිද?
අපේ පාර්ලිමේන්තුවේ කතා කරන කොට ඇති වන තත්වය මීට සමාන නොවෙයිද?
අනික් අය ගැන බලන්න වෙන නිසා, අනික් අයට ඉඩ දෙන නිසා, තමන්ගේ ගමන චුට්ටක් පරක්කු වෙන්න පුලුවන්. එහෙම වෙනවා.
හැබැයි අපි සමාජයක් විදිහට ගත්තම, අපි හැමෝම වැඩි වේගයකින් ඉදිරියට යනවා.
බොරුද මං කියන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ.
Friday, January 21, 2011
ටීක් ටීක්
ටීක්..
මිනිත්තු කිහිපයක නිහැඬියාවකි.
ටීක්..
නැවතත් මිනිත්තු කිහිපයකට පසු
ටීක්..
මෙය මහා කන්දොස්කිරියාවකි. කන්තෝරුවේ වැඩ ගොඩ මැද හෙම්බත්ව සිටි මම දෑස් පියා යම් සහනයක් ගන්නට තැනුවා පමණි.
කන්තෝරුවේ සිටින, වැඩ පටලවා ගැනීමට ප්‍රසිද්ධ පියන් කෙනෙකු ලවා මට එදින වැඩ කිහිපයක්ම කරවා ගැනීමට සිදු විය. අපේක්ෂිත පරිදි, එක වැඩය දෙක තුන වූයෙන් මම කෝපයටත්, මහන්සියටත් පත් වීමි.
සද්දය එන්නේ ජංගම දුරකතනයෙන් වාගේය. ඔව්. එයම තමා.
"දැන් මේක අරගෙන කී දවසද.. "
කලින් සතියේ ඔරලෝසුව කැඩිණි. ෆෝන් එක නිසා වෙලාව බලා ගැනීමට දෙයක් නොමැති වීමේ අපහසුතාව මඟ හැරී යයි. දැන් ඒකත් ලෙඩ දෙන්නට පටන් ගෙනය.
කාර් එකේ ඔටෝ වයින්ඩින් ක්‍රියා විරහිතය. වීදුරුව ඇරිච්ච ගමන්ය. බාස් කෙනෙකුට පෙන්නන්නෙමැයි අකලංක කීවද ඔහුටත් ඉස්පාසුවක් නොමැතිය.
කරදර..
ටික් ටික් සද්දය ටිකින් ටික මගේ නුරුස්නා ස්වභාවය වැඩි කලේය. තදින් දෑස් පියා ගත් මම යළි ඇස් ඇරියේ අප රැගෙන ආ වාහනය ගේ අසල නැවැත්වූවාටත් පසුවය.
කන්තෝරු යාමටත් ඒමටත් බස් වල එල්ලී යාම මම නතර කලේ, පළමු වැටුප් වර්ධකය ලැබූ දා සිටය. මා බැඳුණු ප්‍රවාහන සේවය වැඩි අය කිරීමක්ද නොකලෙන් එය මට දරා ගත හැකි වියදමක්ද විය.
ගෙට ගොඩ වන විටම මගේ කොළු පැටියා දුව ආවේය. අපට මොන ප්‍රශ්න තිබුණද පොඩි එකාට ඒවා අදාල නැත.
මා ගෙදර එන විට අම්මාද ඉන්නේ කොළුවා මට බාර දීමට ඉවසිල්ලක් නොමැතිවය. දඟ කාරයකු වූ පුතු බලා ගැනීම ඇත්ත වශයෙන්ම අම්මාගේ වයසට අසීරු කරුණකි.
මම ඇඳුම් උනා තබා මුහුණ සෝදා උයමන පටන් ගනිමි.
මේ කොල්ලාගේ දැඟලිල්ලේ ඉවරයක් නැත. කුස්සියේ තබා ඇති කුඩා ලී පෙට්ටගම උඩ නැඟ බිමට පැනීම ඔහුට වීර ක්‍රියාවකි.
"එපා කිව්ව නේද මම දැන් සැරයක්?" මම ගොරවමි.
මේකාට ගණනක් නැත. "එපා !!"
තුන පහ ඉවර වී ඇත. තුන පහ බිඳක් නොදමා හොද්දක් කන්නේ කෙසේද?
මම තුන පහ හදන්නට කොත්තමල්ලි ටිකක් බැද්දෙමි.
"මම දැන් ආවොත් දෙනව දෙකක්.. තේරුණාද?"
මගේ බැනුම්ද සෙල්ලමට ගත් පුතු කොත්තමල්ලි බැද බැද ඉන්නා මගේ තට්ටම විකීය. ගවුම පසාරු කරගෙන වැදුණු දත් පහරින්, මට තරු විසි විණි.
නිරායාසයෙන්ම මගේ අතින්, හැරී දිව යන පුතුගේ පිටට පහරක් එල්ල විණි. මෙතුවක් වේලා තාච්චියේ දමා කොත්තමල්ලි කවළම් කළ හැන්ද අතේ රැඳී තිබිණි.
මගේ රන් පුතුගේ පිට රත් පැහැ ගැන්වී ඇත. මගේ ප්‍රාණය හඬන්නට ගත්තේය. දරුවාගේ පිට වතුරට අල්ලමින් මමද හඬන්නට වීමි.
"අකලංක ..." හඬනු මිස මට වචන නොයේ.
ගෙදර එන ගමනේ සිටි අකලංක විනාඩි 10ක් යන විට මා ලඟය.
"අනේ... " මම සිදු වූ සියල්ල කීමි.
"පුතා ලෑස්ති කරන්න." ඔහු දරුවා රැගෙන දොස්තර හමුවට ගියේය. මට යා නොහැකිය. මට වෙන කිසිවකුට තබා, මටමවත් මුහුණ දිය නොහැකිය.
පැයක් ඉක්ම ගියේ කල්පයක් ඉක්ම යන විලසිනි. අකලංකත් පුතුත් පැමිණියේ මට සිනා සෙමිනි.
"අම්මා හරි චණ්ඩියා නේද පුතේ?.. ඒ උනාට පොඩ්ඩට අඬනවා.. "
දරුවාගේ පිටෙන් අල්ලක පමණ පදාසයක් පිළිස්සුම් තුවාල වලට අලවන බෙහෙත් සැරහුම් වලින් වසා තිබිණි.
පුතු බදා හඬනු මිස, අන් කුමක් මම් කරම්ද?
"ඔහොම බේත් ටික දාන් ගියාම හරි යයි.."
අකලංකගේ දෙනෙත් සැමදා මෙන්ම අදත් ඒ ආදරයෙන්, කරුණාවෙන් බබළයි.
මගේ හිස අත ගෑ ඔහු, නාන්නට ගියේය.
නිවාඩුවක් දැමූ මම පසුදා ගෙදර නතර වීමි.
පසු දින වාහනයේ කන්තෝරු යන ගමනේදී, මට යාබද අසුනේ සිටි මිතුරිය, "මේ... ඔයාගෙ ෆෝන් එකේ සද්දෙ ගෙදරදිත් ආවද?" ඇසුවාය.
මට වූ හදි අස්සේ මට ඒ පිළිබඳ සම්පූර්ණයෙන්ම මතකව තිබුණි. කෙසේ වුවත් ගෙදරදී මට අමුත්තක් නොදැනුණු බවද මට සිහි විය.
"ඒක තමයි අනේ.. හරි වැඩේ කියන්නෙ ගෙදරදි නං සද්දෙ තිබුණෙ නෑ තමා"
"ඒක මේ අපේ ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකෙන් ඇවිත් තියෙන්නෙ. ඔයා බැස්සට පස්සෙත් සද්දෙ එක දිගට තිබුණ. මට හිනත් එක්ක වෙච්ච වැඩේට"
මගේ හිස තෝන්තු වන සෙයක් මට දැනිණ. මම කිසිත් නොකියා හිස රඳවනයට වාරු වීමි.

Thursday, January 20, 2011
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )

සුදා මොකක් හරි අමුතු ඇඳුමක් ඇන්දොත්, ඒ කියන්නෙ ඔය ගමනක් බිමනක් යන්න වගේ හොඳ සූට් එකක්
ඇන්දොත් එහෙම; අපේ වැට ගාවට ඇවිත්,
"මේක ලච්චනද?"
"මැචින් ද?"
"ඔයාට මෙහෙම එකක් නෑ නේද?"
"තියනවද?"
"නෑ නේ?"
"පුතාට තියනවා නේද?"
වගේ සුපුරුදු ප්‍රශ්න කෝටියක් අහනවා.
පහුගිය පෝය දවසෙ පන්සල් යන්න, සුදා සුදු අත් දිග ෂර්ට් එකකුයි සුදු කලිසමකිනුයි සැරසිල වැට ලඟට ඇවිල්ල,
අපේ තාත්තා එක්ක කතාවට වැටිලා තිබුණා.
අපේ තාත්තත් ඉතින් අමතර ප්‍රශ්න අහනවනෙ.
තාත්ත කියල සුදාට, "හරි ඉතින් මට ඔයා ඔය ඇඳුම දෙනවද? මට ඔයින් එකක් නෑ නෙ."
සුදත් ඉතින් සැදැහැ සිතින් හා කියල පන්චල් ගිහින් තියනවා.
පන්සල් ගිහින් කළුවර වැටිලා ආපු සුදාගෙන්, තාත්තා ඇහුවලු "සුදෝ, කෝ ඉතින් ඔය ඇඳුම දැන් මට දෙනවද?"
"ඈ??"
"මට ඔය සුදු ෂර්ට් එකයි, දික් කයිචමයි දෙනවද?"
"මොකක්ද.........??"
"ඔයා කිව්වෙ මට ඔය ඇඳුම දෙනව කියලා"
අපේ සුදා,
මල් හිනාවක් දාල,
මෙහෙම කිව්වලු:
"මම විහිළුවට කියන කතා ඔයා ගණන් ගන්න එපා අනේ"
Wednesday, January 19, 2011
සුන්දරම පැතුම්
Tuesday, January 18, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
"මිශ්‍රණය" කියන වචනේ "ණ" යනු භාවිතය පැහැදිලි කරන්න හැකි කාටද?
421.) දේශගුණය
422.) පෙරළනවා
423.) භාවනාව
424.) මාතෘකාව
425.) ලේකම්
426.) සුළැඟිල්ල
427.) හෙවණැල්ල
428.) රාජධානිය
429.) මිශ්‍රණය
430.) ස්වාභාවික
431.) රණකාමී
432.) කුණුකසළ
434.) ආස්වාදය
435.) ක්ෂීරපායී
436.) කොණ්ඩය
437.) කොට්ඨාසය
438.) දර්පණය
439.) පුෂ්ටිමත්
440.) පෘෂ්ඨය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
421.) දේශගුණය
422.) පෙරළනවා
423.) භාවනාව
424.) මාතෘකාව
425.) ලේකම්
426.) සුළැඟිල්ල
427.) හෙවණැල්ල
428.) රාජධානිය
429.) මිශ්‍රණය
430.) ස්වාභාවික
431.) රණකාමී
432.) කුණුකසළ
434.) ආස්වාදය
435.) ක්ෂීරපායී
436.) කොණ්ඩය
437.) කොට්ඨාසය
438.) දර්පණය
439.) පුෂ්ටිමත්
440.) පෘෂ්ඨය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Monday, January 17, 2011
නෝරා
අම්මාත් තාත්තාත් නෝරා දුටු විගස තුෂ්නිම්භූත වූහ. මෙය අප බලපොරොත්තු වූ ප්‍රතිචාරයයි. එ නිසා පෙර කතා ගත් පරිදිම කිසිවක් සිදු නොවූ විලස හැසිරීමට යොහාන් නුත් මමත් අමතක නොකළෙමු.
යොහාන් මට හමු වූයේ මීට අවුරුදු 1 1/2 කට පමණ පෙර රාජකාරී කටයුත්තක් සඳහා ඇස්කර් පැමිණි අවස්ථාවේදීය. ඒ මාගේ දෙවැනි නෝර්වේ සංචාරය වූයෙන් ඇස්කර් සිට තනිවම උවමනා එපා කම් සඳහා ඔස්ලෝ යාමටත්, යළි ඇස්කර් නවාතැනට ඒමටත් හුරු වී සිටියෙමි. කෙසේ වුවද පණ්ඩිත කම වැඩිවී ඔස්ලෝ සිට ඇස්කර් දක්වා එන මිනිත්තු විස්සට මට නින්ද ගියේය. මා ගමන් කලේ කියවීම් මැදිරියක් තුළ වූ නිසා එය කිසිදු හඬක් නොනැඟි තැනක් විය. රැස්වීම් වල බහු බූත සියල්ල පරිගණකයට පමණක් නොව ඔලුවටත් ඔබා ගත් බැවින් නින්ද යාම ඉක්මන් වන්නට ඇත. යළි ඇහැරෙන විට ඇස්කර් ස්ටේෂම පසු වී තිබූ අතර මම බිය පත් වීමි. ඊළඟ ස්ටේෂමෙන් බැස අනෙක් අතට යළි ඇස්කර් වෙත දුම් රිය ටිකට් පතක් ලබා ගැනීම පිළිබඳ කල්පනා කිරීම වෙනුවට; මා ඉදිරිපස වාඩි වී පොතක ඇලී හුන් මිනිසාට කතා කිරීමට සිතුණේ මන්දැයි අසා දැනුදු යොහාන් මට සරදම් කරයි.
නෝවීජියානු මිනිස්සු කොහොමටත් අනෙක් බටහිර රටවල මිනිසුන්ට වඩා සුහදශීලීය. ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපලේදී සුද්දන්ගේ අවඥාසහගත බැල්මට හසු වී කෝපයට පත් වෙන ඔබ, ඔස්ලෝ හී සුහද සිනාවෙන් පුදුමයට පත් වෙයි. මම ඒ විශ්වාසය ඇතුව ඔහු ඇමතීමි. මා බියපත් වී සිටි ආකාරය ඔහුට හොඳින්ම දැනුණා විය යුතුය. මා මගේ විස්තර කෙටියෙන් ඔහුට කීවෙමි.
කොහොමටත් ලංකාවේ මෙන් නොව එහිදී මිනිසුන්ට අමුතුවෙන් බිය විය වුතු නැත. නෝර්වේ වලදී මහ රාත්‍රීයේදීත් කඩ වීදී ගානේ ඇවිදීමේදී හිතේ ඇති වන නිදහස් හැඟීම මම කිසි දිනක ලංකාවේදී අත් විඳ නොඇත්තෙමි. ඔහු මා සමඟ ආපසු ඇස්කර් දක්වා ආවේය. මා නැවතී සිටියේ ඇස්කර් ස්ටේෂමේ සිට හූවක දුරිනි. තේකක් බී යාමට මා කළ ඉල්ලීම ඔහුට අහක දමන්නට බැරි විය. ලංකා තේ ඔහුට ප්‍රණීත බීමක් විය. මම ගෙදරින් ගෙනා කැවුම්ද ඔහුට රැගෙන යාමට සකසා දුනිමි.
ඊලඟ සති අන්තයේ මා ඇහැ ඇරියේ සීනුව නාද වෙන හඬිනි. වයස අවුරුදු 10 ක පමණ කෙළි පොඩ්ඩක සමඟ ඔහු මා බැලීමට පැමිණ සිටියේය. දුරකතන අංකයක් වත් නොදත් බැවින් මා කොහේ හෝ පිටත් වීමට පෙර මා බැලීමට පැමිණියේ යැයිද, ඔහුගේ දියණිය මා හමු වීමට පෙරැත්ත කලා යයිද යොහාන් හිනැහෙමින් පැවසුවේය. කැවුම් ඉතා මිහිරි බව නෝරා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කීවාය. එදා මුළු දවසම අපි පාර්ක් ගානේ ඇවිදිමින්, කමින් බොමින් සෙල්ලමින් ගත කළෙමු. නෝරා මා හා බොහෝ මිතුරු වූවාය.
ඇගේ මව නොමැති අඩුපාඩුව ඇයට තදින් දැනී ඇති සෙයකි. නෝරා ගේ මවත් යොහාන් නුත් නීතියෙන් විවාහ නොවූවෝය. විවාහ වීම එහි අනිවාර්ය නොවේ. ඔබට රිසි පරිදි ජීවත් විය හැක. නෝරාගේ වගකීම් යොහාන් මත දමා ඇගේ මව පසු කාලීනව වෙන මිනිසකු සමඟ සරණයෙහි බැඳුණාය. ඔය යොහාන් කී හැටියට මා දන්නා කරුණුය. කෙසේ වුවත් ඒවායේ ඇත්ත නැත්ත මට වැදගත් නැත.
නෝරා මා කෙරෙහි තිබූ ඇල්ම පසු කළෙක අප දෙදෙනා අතර බැඳීමක් ඇති කරන්නට සමත් විය.
මාස තුනක නියමිත කාලය අවසන මට නෝර්වේ හැර ඒම මහත් දුකක් විය. අවසන අපි තීරණයකට පැමිණීමු.
"අපේ සංස්කෘතීන් දෙක ගොඩක් වෙනස්. මොනව වෙයිද?" යොහාන් පිළිවිසූ විට "එහෙම හිතුවොත් ඉතින් අපිටත් වෙන්නෙ නොරිකොටයි දෙවොන්දරාටයි වෙච්ච දේම තමයි" කීමි. අපේ අපි ගැන කතාව එදිනට එතැනින් හමාර විය. මට දෙවොන්දරා සං ගැනත් නොරිකො සං ගැනත් සම්පූර්ණ කතාව ඔහුට කීමට සිදු විය. එය අප දෙදෙනා බෙහෙවින්ම ගැලපුණු එක් අවස්ථාවක් විය. මම කතා කීමෙහි හපනෙකු වීමි. ඔහු කතා ඇසීමෙහි ලෝලියෙකු විය.
නීතියෙන් විවාහ නොවී තමන්ට ඕනෑ හැටියකට වාසය කිරීමේ අයිතිය ඇති රටක සිට, ඔහු අපගේ සදාචාරය පිළිබඳ සංකල්ප වලට ගරු කරමින්, ලාංකීය අපට නොමනා යැයි හැඟෙන කිසිවකට මගෙන් ඉල්ලීම් නොකිරීම; ඔහු කෙරේ වූ මාගේ ආලය තවත් වැඩි දියුණු කරවන්නක් විය.
මම ලංකාවට පැමිණි පසු නෝරා හෝ යොහාන්ගේ අතීතය ගැන කිසිවක් හෝ අම්මාටත් තාත්තාටත් නොකියා ඉතිරි හරිය කීවෙමි. මට යොහාන් නැති කර ගන්නට වේදැයි මා තුළ බියක් පැවතියේය. "අවුරුදු 35 තිස්සෙ ලංකාවෙන් හොයා ගන්න බැරි වෙච්ච මිනිහ ඔය පිට රටකින් හොයා ගෙන තියෙන්නෙ" අම්මා අවලාද ස්වරයෙන් කීවාය.
කෙසේ නමුත් මම මගේ මතයේම සිටියෙමි. අවසන යොහාන් විත් දෙමව්පියන් මුණ ගැසිය යුතු යැයි තීන්දු විය. නෝරා ගැන හෝ අතීත සිද්ධි කිසිවක් හෝ ඔවුන්ට නොකියන ලෙස මම යොහාන්ට ඉගැන්වීමි. මට වඩා වසරකින් පමණක් වැඩුමහල් වූ හයේ හතරේ පුරුෂයාට අවසන දෙමව්පියෝ කැමැත්ත දුන්හ. විවාහය ලියාපදිංචි කොට යොහාන් නැවත සිය රට ගියේය. "සුද්දෙක් බැඳගන්නව පෙන්නන්න නෑයෝ ගෙන්නන්න ඕනේ නෑ" යි යනු අප හැමෝගේම තීරණය වූයෙන් ලියාපදිංචිය විතරක් වුව අපට සෑහේ. උත්සව නැත.
ඉන් ටික කලකට පසු මමද නෝර්වේ බලා පිටත් වීමි. අපේ කූඩුවට හතර වැන්නකුගේ පැමිණීමෙන් පසු අම්මාටත් තාත්තාටත් එන්නට දන්වා හැරීමු. කොළු පොඩ්ඩා දැකීමේ ආසාවෙන් ඔවුහුද පියාඹා ආවෝය.
නෝරා ගැන කිසිවක් අප මෙතුවක් නොකියූ බැවින් ඇය දැකීම ඔවුන්ට අනපේක්ෂිත සිද්ධියක් වන බව අපි දැන සිටියෙමු.
නෝරා කොහේ හෝ ඒ ටික කාලයට නවත්වමු දැයි යොහාන් මගෙන් ඇසීය. "ඕන නෑ. අපි එක පවුලක්." යොහාන් මා සිප ගත්තේ කඳුළු දිළිසුණු දෑසිනි.
"මේ කවුදැයි" අම්මා ඇසුවේ නැත. ගෙදර පින්තූර, නෝරාගේ හැසිරීම මේ සියල්ලෙන් ඇය සියල්ල තේරුම් ගත්තාය.
"එතකොට උඹ බැන්දෙ කලින් කසාද බැඳපු මිනිහෙක්?"
"නෑ. එයා බැඳලා ඉඳලා නෑ. ළමයගෙ වගකීම එයා බාරගෙන තිබුණා"
තාත්තා මුවින් නොබැණ මුත් අප කෙරෙහි අප්‍රසන්නව සිටියාදැයි මම නොදනිමි. අම්මා කෝපව අප සමඟ කතා නොකර සිටියාය. ලංකාවේ වූවා නම් ඇය ආ පයින්ම ගෙදර යන බව මම දනිමි. ඒත් පසුව එන බවත් මම හොඳාකාරවම දනිමි.
සතියක ඇවෑමෙන් අම්මාත් තාත්තාත් හවස් වරුවේ පිටතට යන්නට හරි බරි ගැසෙනු මම දුටිමි. මගේ හිත අවුලට පත් විය.
"ලඟදීම යන්නද දන්නෑ කල්පනාව".
නෝරා උඩ පනිමින් ගී ගයමින් පැමිණියාය.
"හරි. යං" සිංහලෙන් කීවාය.
අම්මා දකුණතිනුත්, තාත්තා වමතිනුත් අල්ලා ගත් ඈ "පාර්ක් යනවා" යි මා දෙස හැරී බලා කීවාය.

Sunday, January 16, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
කාටහරි මතකද ඇයි අපි හරි වචනය "ගැටලු" මිසක් "ගැටළු" නොවෙයි කියල කිව්වෙ කියලා?
401.) ගඩොල් කැට
402.) මාලිගාව
403.) ශතවර්ෂ
404.) දිශාව
405.) ශාසනය
406.) වංශය \ වංසය
407.) පිරිවෙණ \ පිරිවෙන
408.) අකුළනවා
409.) අත්‍යවශ්‍ය
410.) කිණිහිර
411.) හානිකර
412.) කරණම
413.) හස්තිරාජයා
414.) කොලරාව
415.) ගැටලු
416.) ජලාශය
417.) ප්‍රශංසනීය
418.) බරපතළ
419.) පුලුස්සනවා
420.) පණිවුඩය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
401.) ගඩොල් කැට
402.) මාලිගාව
403.) ශතවර්ෂ
404.) දිශාව
405.) ශාසනය
406.) වංශය \ වංසය
407.) පිරිවෙණ \ පිරිවෙන
408.) අකුළනවා
409.) අත්‍යවශ්‍ය
410.) කිණිහිර
411.) හානිකර
412.) කරණම
413.) හස්තිරාජයා
414.) කොලරාව
415.) ගැටලු
416.) ජලාශය
417.) ප්‍රශංසනීය
418.) බරපතළ
419.) පුලුස්සනවා
420.) පණිවුඩය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, January 15, 2011
මුහුණ දීම හා පළා යාම
"සියළු දේ නොරිස්සීමට හේතුව මටම හිතා ගත නොහැකිය. හැමදා ඔලුවට වැටෙන කුණු කන්දල් තොගය නිසා, ඒවා හිසේ පැත්තට ටික ටික ගොඩ ගැසීම නිසාද මට මේ හැටි ගෙදර මිනිසුන් ගැන අපුලක් දැනෙන්නේදැයි සිතේ.
ගිහි ජීවිතය මහා විකාරයකි. අන්තිමට ගහපු බෙරේකුත් නැත. බෙරේ පලුවකුත් නැත"
ඛේමා සිය දිනපොත වසා දැමුවාය. මීට පැයකට පමණ පෙර නිදන්නට ඇඳට ගිය ඇයට නින්ද නොආවේය. අවසන, දිනපොතේ කුරුටු ගෑමේ සිතිවිල්ල ආයෙන් ලියන මේසයට පැමිණියාය.
ඛේමා සුරූපී, දක්ෂ යුවතියක වූවාය. පිනෙහි කැමති, සැහැල්ලු දිවි පෙවෙතට බර ඇය වගකීම් නොරිස්සුවාය. වියපත් වෙන්න වෙන්න විවාහ වීමට දෙමව්පියන් කරන ඇවටිලිත්, නෑදෑ හිත මිතුරන්ගේ දහසක් ප්‍රශ්නත් ඇයට මහා හිස රදයක් විය.
"මේ ගෑණු ළමයගෙන් කිසි වැඩක් නෑ" ඇගේ මව නිතර කියූවකි.
"ගෙදර කියන්නෙ රෙදියි, වළනුයි" ඛේමා සමහර දිනෙක වියරුවෙන් මෙන් කෑ ගැසුවාය.
ඇගේ මේ විවාහ ජීවිතය පිළිබඳ අපුල ඇයටම විසඳා ගත නොහැකි අභිරහසක් විය.
ගිහි ජීවිතය ගැන මෙතරම් කළකිරීමක් කවදා කෙසේ සිතට ඇතුළු වීදැයි ඛේමාට මතක නැත.
මතක ඇති කාලයේ සිට ඇගේ දෙමාපියෝ රණ්ඩු සරුවල් කර ගැනීමෙහි අති දක්ෂයෝ වූහ. ඔවුන්ට මිල මුදලින් ඒ හැටි අඩු පාඩුවක් නොවුණද ගෙදර බොහෝ කටයුතු වලදී ඇගේ දෙමව්පියෝ මනා ලෙස එකිනෙකා කෙරෙහි හිත රිදවා ගැනීම් කර ගත් හ.
පියා සියල්ල දත් අති පණ්ඩිතයකු වූයෙන් ඔහු සමඟ කතා බහ කවදත් ඇයටත්, සොහොයුරියටත් අප්‍රසන්න විය.
මව කුකුල් කේන්ති කාරියක වූවාය. පොඩ්ඩ බැරිවූ තැන, යකා ආරූඪ කර ගැනීමෙහි දක්ෂ ඇය කෙරේද දැන් ඛේමා තුළ ඇත්තේ කළකිරීමකි.
නින්දට ගිය ඇය තීරණයක් ගත්තාය. මිතුරියක විසින් ඇයට හඳුන්වා දෙනු ලැබූ ආරාමය ඛේමාට සිහි විය.
"මම යනවා සතියකට.. නිවාඩු දාල තියෙන්නෙ" ඇගේ දැන්වීමෙන් ගෙදර සියල්ලෝ කලබලයට පත් වූහ. කෙසේ නමුදු සතියක් ආරාමයෙහි භාවනා කිරීමට අව්සන කැමැත්ත ලැබිණි.
ආරාමය නිහඬ නිසංසල සිතට සුව දෙන තැනක් විය. වන ගත පෙදෙසක් යැයි හැඟෙන තරමටම එය ගසින් වැලින් පෝෂිතය. කළු ගලින් හා වැල්ලෙන් නිමවූ සක්මන් මළු ඔස්සේ කුටි වලට යන මාර්ගය වැටී තිබුණි.
සුළු ආහාරයකින් යැපෙන සිව් වනක් පිරිසම එහි වූහ.
පිරිමින්ගේ ආශ්‍රමය දෙසට ගැහැණුන්ට යා නොහැකිය. කෙසේ වතුදු ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා වලට සවන් දීමටද, කමටහන් ලබා ගැනීමටද උපාසිකාවන්ට පොදු ධර්ම ශාලාවට යා හැකිය.
දහම් දෙසීමට එන එක් හිමි නමක් ඛේමාගේ සිත ඇද ගති. ඇගේ සිත තුළ පවතින කළකිරීම වටහා ගත් හිමියෝ ඇයට සුදුසු කමටහන් ලබා දුන්හ. ස්වාමීන් වහන්සේ ලබා දුන් අරමුණු කෙරෙහි වලට වඩා ඛේමාගේ සිත ඇදී ගියේ, උන්වහන්සේගේ ධර්ම කථිකත්වයටය. පැහැදිලිව දෙසන ගැඹුරු දහම් කරුණු තේරුම් ගැනීමට ඈ සමත් වූවාය. නමුත් එතුමන් කෙරෙහි ඇති වූ ඇල්ම ඉවත් කර ගැනීමට ඇයට නොහැකි විය.
පොරොන්දු සතිය අවසානයෙහි ඈ රැගෙන යාමට පැමිණි දෙමාපියන්ට හා සහෝදරියට සිදු වූයේ අකරතැබ්බයකි.
ඛේමා කුටියේ දොර නොහැර ඔවුන්ට ආපසු යාමට බල කළාය. කිසිවකුට ඇය නම්මා ගත නොහැකි විය.
මසක ඇවෑමෙන් ගෙදර ඇත්තෝ උත්සාහය අත් හළහ. ඛේමා දැන් මෙහෙණියකි. වසර දෙකක් මෙහෙණියකව රැඳීමෙන් අනතුරුව ඇයට උපසම්පදා භාවය ලබා ගත හැක.
එසේ වතුදු බලා පොරොත්තු වූ සුවය ලැබිණි දැයි ඇයට ප්‍රශ්නයකි.
"මේ ජීවිතය නිස්කලංකය. රෙදි සහ වළං මෙහි තව දුරටත් නොමැත. එහෙත් මම ප්‍රේමය කෙසේ දැයි නොදනිමි. රති සුවය කෙසේදැයි නොදනිමි. මා ආරාමයෙහි නතර වූයේ මා කෙරෙහි ඇල්මෙන්ද, වෙනකෙකු කෙරෙහි ඇල්මෙන්දැයි මට නොහැඟේ.
රෙදි සහ වළං වලින් යුක්ත වුවද, හොඳ සැමියකු හා දරු මල්ලන්ගෙන් පිරුණු විට ගිහි ජීවිතය තුළ මෙතරම් හුදකලාවක් නොදැනෙනු ඇත" මෙහෙණියෝ සිය දින පොතේ ලියූහ.

Thursday, January 13, 2011
සතුටේ බැරුවා ...

ලිපියකී පණිවිඩය දැවටුණු
බියෙන් සැකයෙන් විවර කෙරවුණු
හිත හදා ගෙන හොරෙන් කියවුණු
ලකුණු නම් ඇත මෙවර අඩු නොවු
උණ හදා ගෙන ගොහින් ලියවපු
ලකුණු සයකින් අඩුව පැරදුණු
පළපුරුද්දෙන් වැරදි අඳුරපු
මෙදා ලකුණෙන් වුණයි සමතෙකු
දුකේදී සනසන්නට හිටි අය
නැවත වෙර ගන්නට පතපු අය
මෙකී කිව්, මා නොකිව් හැම අය
වෙත ලියෙව්වෙමි මගේ හිත තුට
Sunday, January 9, 2011
පරණ ගෙදරක නුහුරු බව ලැබ
Friday, January 7, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
බලන්න අද වචන වල අලුත් දෙයක් ඉගෙන ගන්න තියනවද කියලා..
381.) ඉපනැලි
382.) ඉරනවා
383.) ඉළ ඇට
384.) ඓතිහාසික
385.) කම්මුල
386.) කෙළෙහි ගුණ
387.) තැනිතලාව
388.) තීක්ෂණ
389.) තිළිණය
390.) තොණ්ඩුව
391.) ත්‍රිකෝණය
392.) ථූපය
393.) දඟලනවා
394.) දමිළ
395.) දශකය
396.) දේපළ
397.) දෝෂාරෝපණය
398.) නවීන
399.) නිරූපණය
400.) කැලැන්ඩරය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
381.) ඉපනැලි
382.) ඉරනවා
383.) ඉළ ඇට
384.) ඓතිහාසික
385.) කම්මුල
386.) කෙළෙහි ගුණ
387.) තැනිතලාව
388.) තීක්ෂණ
389.) තිළිණය
390.) තොණ්ඩුව
391.) ත්‍රිකෝණය
392.) ථූපය
393.) දඟලනවා
394.) දමිළ
395.) දශකය
396.) දේපළ
397.) දෝෂාරෝපණය
398.) නවීන
399.) නිරූපණය
400.) කැලැන්ඩරය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Thursday, January 6, 2011
ඔබ සිටියා නම් ...
Wednesday, January 5, 2011
විසිරිලා විසිරිලා විසිරිලා
Monday, January 3, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මෙන්න 2011 වසරේ පළමු පාඩම :)
වැඩේ තියෙන්නෙ වෙන ඉස්කෝලවල, වෙන පංතිවල ළමයි අවුරුද්දක් ඉවර උනහම අලුත් පංතියකට ගියාට, අපේ පංතියෙ ළමයි තාම පරණ පංතියෙ. ඒ කිව්වෙ 4 වසරේ :) ටීචර් ගෙ හොඳ කම තමයි ;)
361.) උද්ධෘත
362.) සිද්ධස්ථාන
363.) උභය ජීවීන්
364.) පෙළපාලිය
365.) උද්දීපනය
366.) උපේක්ෂාව
367.) සෙබළා
368.) සමච්චලය
369.) උපග්‍රන්ථය
370.) චමත්කාරය
371.) එළිපෙහෙළි
372.) සිත්කලු
373.) ඔංචිල්ලාව
374.) නාවික
375.) සුබ / සුභ / ශුභ
376.) තොරණ / තොරන
377.) සෙවණ / සෙවන
378.) ඉරියවු
379.) උදවු
380.) නිදර්ශන
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
වැඩේ තියෙන්නෙ වෙන ඉස්කෝලවල, වෙන පංතිවල ළමයි අවුරුද්දක් ඉවර උනහම අලුත් පංතියකට ගියාට, අපේ පංතියෙ ළමයි තාම පරණ පංතියෙ. ඒ කිව්වෙ 4 වසරේ :) ටීචර් ගෙ හොඳ කම තමයි ;)
361.) උද්ධෘත
362.) සිද්ධස්ථාන
363.) උභය ජීවීන්
364.) පෙළපාලිය
365.) උද්දීපනය
366.) උපේක්ෂාව
367.) සෙබළා
368.) සමච්චලය
369.) උපග්‍රන්ථය
370.) චමත්කාරය
371.) එළිපෙහෙළි
372.) සිත්කලු
373.) ඔංචිල්ලාව
374.) නාවික
375.) සුබ / සුභ / ශුභ
376.) තොරණ / තොරන
377.) සෙවණ / සෙවන
378.) ඉරියවු
379.) උදවු
380.) නිදර්ශන
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, January 1, 2011
විදූ සහ මම
ඔන්න හා හා පුරා කියලා නව වසරට වැඩ අල්ලන්න හිතාගෙන අපි ගියා "විදූ" බලන්න.
අපි කිව්වෙ, අම්මයි මමයි. තාත්තටත් එන්න විදිහක් නෑ, මහරගම පිළිකා රෝහලට ඒගොල්ලො බේත් දන් දෙන පුණ්‍ය කටයුත්තක්. අපි දෙන්නා ඉතින් බෙල්ලන්විල පන්සලුත් වැඳගෙනම චිත්තරපටිය බලන්න ගියා.
ඕකනෙ ඉතින් වල් පල් කියනවා කියන්න ආපු කාරණේ අමතක කරලා.
අවංකවම, විදූ හොඳ චිත්‍රපටියක්.
විදූ කරන දේවල් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, හැරී පොටර් වීරයින් වන ලෝකයේ ඔහු ඉතාම යථාර්ථවාදී වීරයෙක්.
විදූ ඔබේ වටිනාකම පිළිබඳව ප්‍රශ්න කරනවා. ඔබ එය ගොඩ නගා ඇතිදැයිද, ඔබ එය ගොඩ නඟා ගත්තේ කෙසේදැයි ද, ඔබගේ නියම වටිනාකම ඔබට ලැබී ඇති දැයි ද ප්‍රශ්න කරනවා.
මට වෙලාවකට හිතෙනවා, විදූ කියන්නෙ ලාංකීය සමාජයෙන් නිසි වටිනාකමක් ලබා නොදුන් හා, ලාංකීය සමාජය විසින් වටිනාකමක් හඳුනා නොගත්; හඳගමගේ පෙර සිනමා නිර්මාණ මතින් ගොඩ නැඟුණු අදහසක්ද කියලත්.
හඳගමගේ මුල් නිර්මාණ කිසිවක්, ජැක්සන් ඇන්තනීගේ අබා හෝ සෝමරත්න දිසානායකගේ සරෝජා හෝ සූරිය අරණ හෝ තරම් ආදායම් නොඉපයූ බව නිසැකයි.
කොහොම නමුත් ඒ අස්සේ මට වෙච්චි දේත් අහන්නකෝ.
ඔන්න ඉතින් මම ටිකට් දෙකක් ගත්තා. 2000 කොළයක් දුන්නා. ආයි මගෙන් කවුන්ටරේ මනුස්සය රු.100 කුත් ඉල්ල ගත්තා.
බැල්කනි ටිකට් එකක් රු.300. දැන් ඉතිරි කීයක් වෙන්න ඕනෙද ළමයිනේ?
1500 ක් හම්බ වෙන්න එපැයි :(
හම්බ උනේ රු.500. මගේ සිහි බුද්ධියේ හොඳ කමට රු.1000 කුත් තව ලැබෙන්න ඕනෙ කියල මතක් උනේ ගෙදරට කිට්ටු කරල..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
දැන් ඉතින් ආයි රීගල් එකට යන්නද?
රුපියලට දෙකට ලෝබ කරන ස්වප්නාට 1000 කොළයක් පිටින්ම අන්තර්ස්ධාන උනාම මොන තරන් විස්සෝපයක් ඇද්ද?
හපෝ.....යි :)
:( :D

වෘත්ත චලිතය
කාලයක සිට නින්ද නොයෑමේ තත්වයකින් පෙළුනෙමි. ඇඳුම් මසන්නට, කොට්ට උර වලට මල් මහන්නට ඇති පුරුද්ද නිසා, රෑ නිදි වරන්නේ කුමටදැයි අසූ විට, අම්මාට දෙන්නට පිළිතුරක් මා සතු විය.
එනමුදු, "ඔය හැටි නිදි මරං මහන්න ඔය ළමය රස්සාවට ඕක කරනවාද" යි ඇසූ විට මම නිරුත්තර වෙමි. "අනේ මන්ද අම්මේ, නින්ද යන්නෙ නෑ" යි කීමට මට සිත් නොදේ. ඒ, එම පිළිතුර ඇගේ නින්ද මීළඟට සොරා ගනු ඇති බැවිනි.
ඔහු මට හමු වුයේ මගේ පළමු පත්වීම ලද පාසලේදීය. අපි ඉතා කුළුපග මිතුරන් වීමු.
ඔහුගේ දෑස් තුළින් මා දකින මම පුදුමයට පත් වීමි. මා හා හිනැහෙන ඒ ඇස් දිදුළයි.
මුවින් නොදෙඩූ කතාවක් දෑසින් පවසන විට කෙතරම් සුන්දරද...
මම ඔහුට පෙම් බැඳීමි. කිසි දිනක නොබිනූ පෙම හිත තුළ දළු ලා වැඩෙන්නට වැඩෙන්නට මා තවත් අපහසුතාවයට පත් වීම පමණි සිදු වූයේ.
"මම ඔයාට දෙයක් කියන්න තියනවා"
"මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ"
"අපිට අද හවසට පොඩ්ඩක් මුණ ගැහෙන්න බැරිද?"
කියා ඇරඹී, "මම ඔයාට කැමති", "ආදරෙයි", "මට ඔයා ඕනෙ" කියන තුරු මම බලා හුනිමි.
කිසිදු දිනක ඔහු අවස්ථාව ප්‍රයෝජනයට නොගත්තේය.
"මොන විකාරයක් ද" මිතුරියෝ කීහ. "මගේ එයා ගැන එහෙම අදහසක් නෑ.. එයා මට හොඳ යාළුවෙක් විතරයි"
මම හැඬීමි. "අවුරුදු 2 කටත් වැඩිය ඉතින් කැමති නං නාහ ඉන්නෙත් නෑනෙ" හිතවත් ගුරුවරු කීහ. "මගෙත් එක්ක එල්ලි එල්ලි ඔච්චර කියවන්න ආවෙ මොන කෙහෙල්මලකටද" .. පාන්දර දෙකට දෙමව්පියෝ මා පෞද්ගලික ආරෝග්‍යශාලාවකට ගෙන ගියහ.
"ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා" මම කීමි. දොස්තරටද එය ඇත්තය.
"පපුවෙ මැද හරියෙන්ද රිදෙන්නෙ? පැත්තකින්ද?"
"උදේට කන්නෙ කීයටද?"
"දවල්ට?"
"රෑට?"
"ම්ම්ම්ම් බලන්නකො මේ කාල අතර තියන ගැප් එක"
"මුළු දවසෙම ටික ටික කන්න.. හොඳ වෙනකන්"
මම හිස වැනීමි.
සතියක් ලෙඩ නිවාඩු දමා ගෙදර නැවති මම යළි පාසලට ගියේ ඔහු නොදකිමී තිර අදිටනිනි.
"ඔයාට කොහොමද?"
"ලැජ්ජාවක් නැතිව කතා කරන්න එන හැටි" මට ඔහු රිදවන්ට බැරිය. නැවත හඬන්නටද බැරිය.
මාරු වීම් අවස්ථා ආ මොහොතේම මම වෙනත් පාසලක් ඉල්ලීමි.
අප වෙන් වන දිනය පැමිණියේය. මට එය මහත් ඇස්වැසිල්ලකි.
මින්පසු මට ඔහු නොපෙනේ. මුණ නොගැසේ. කොපමණ හොඳද? දුටු විට ඇති වන ලතැවිල්ල, නොදුටු කල කල් යත්ම පහව යනු ඇත.
අප වෙන්වී දැනට වසර පහකි.
"මෙයාට දැන් මම පරස්තා හොයන එක නවත්තල තියෙන්නෙ. බඳිනව නං බැඳපුදෙන්, නැත්තන් ඔහෙ හිටියාවෙ" අම්මා ඇගේ උත්සාහය අතහැර දැම්මේ යෝජිත තරුණයින් දහ පහලොස් දෙනෙකුන් පමණ සමඟම මගේ සාම කතා අසාර්ථක වූවාට පසුවය.
පාසල් නිවාඩු කාලය හමාර වීමට ආසන්නය. නව වසරේ, නව ගුරු මාරු සමඟ ඔහුගේ නමද අපේ පාසලේ ලැයිස්තුවට ඇතුළත්ය.
මට හැඬුම් ඒ. ඔහුද තවමත් අවිවාහක බව මම දනිමි.
"ආයි එයාට මාව නටවන්න දෙන්නෙ නෑ මම.. හහ්"
"අනේ.. මාව ආයි අසරණ කරන්න එපා.. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.."
"එයා එයාගෙ ආදරේ අඳුරගෙන ඇත්තෙ දැන් නං.."
".........."
"මට ඔයාට දෙයක් කියන්න තියනවායි කියයිද? ..."

Subscribe to:
Posts (Atom)