Thursday, December 30, 2010
නව වසරට, පරණ පැතුම්
අවුරුද්දකුත් නොදැනුවත්ව ගෙවිල ගියා
යන කාලය නවතගන්න බැරිව ගියා
නව වසරට පරණ පැතුම් ගොඩක් තබා
බැඳ තැබුවෙමි හෙටවත් හරි ගියොත් කියා
කවුරු නමුත් ඔය ලෙස බව මම දනිමී
එහෙයින් හැමෝටම මගෙ පැතුමම පතමී
ගොඩ ගසන්ට ඇති ලොබ දුරු වූ දිනදී
හැම වසරම එක වාගෙම සතුට දෙතී
ඔබ සැමට සුබ 2011 ක් වේවා !!
Saturday, December 25, 2010
කෝපය...
ඈ තවමත් කර බාගෙනය. මැහුම ඉවර කර මා සමඟ කතාවට එන පාටක් නැත.
විවාහයෙන් වසර විසි පහක් ඉක්ම ගිය පසුත්, අත්දැකීම් විරහිත යුවළක් සේ නිතර අප බැණ අඬ ගසා ගන්නේ කුමටදැයි මම තනිවම සිතීමි.
නමුත් කිසි දිනක එයට පැහැදිලි හේතුවක් සොයා ගැනීමට මම අපොහොසත් වීමි.
මම බොහෝ විට යම් යම් සුළු සුළු දේ අතපසු කරන්නෙක් වීමි. ගත් දේ ගත් තැනින් නොව වෙන තැනකින් තියන නිසා මා බොහෝ විට ඈ කෝප ගන්වා ඇත.
හැමදේකටම ඈ මෙතරම් කෝප ගන්නේ මන්දැයි මම තනිවම සිතුවෙමි.
කුඩා කළ ඈ මියුරු නදින් වයලීන වාදනය කලා යයි මම අසා ඇත්තෙමි. නමුත් කිසි දිනක ඈ මා ඉදිරිපිට නොවැයුවාය.
මියුරු හඬින් ගී ගයන්නට ඇයට හැකි යයි ඇගේ මිතුරියෝ කීහ.
"මට සින්ග් කරන්න බෑ.. ඒ බොරු කතා" ඇගේ පිළිතුර එතැනින් නවතී.
මා ඈ විවා පත් කර ගැනීමට සූදානම් ව සිටි අවධියේ ඈ මහත් රුචියකින් පොත් පත් කියවීමෙහිද, නිර්මාණකරණයෙහිද යෙදුණා මට මතකය. ඈ ලියූ ගී කව් කියැවූ මම "ඔයාට හොඳට ලියන්න පුළුවන්.. අපි සී.ඩී. එකක් කරමු" යි පැවසීමි. මා එය කියූවේ විහිළුවකටම මිස, අවංකවම ඒ පිළිබඳව සිතූ නිස නොවේ.
ඈ මහත් සතුටින් ඉල්පුණා මට මතකය. "ඔව්. ඒක මගේ හීනයක්.." එදා ඇගේ දෑස පුරා විහිදුණු කාන්තිය මම මංගල දිනයේදීවත් නොදිටීමි. නමුත් මට එය විහිළුවක්ම විය. ඈ දෙස බලා හඬ නඟමින් හිනැහුණු මම, "පිස්සු හැදීගෙන එනවද? ඔයා නැතිවට ඕනෙ තරන් මිනිස්සු ඉන්නව ඒව කරන්න. බහු බූත ඕනෙ නෑ" කියමින් තනි ඉරෙන් ඇගේ පැතුම කපා හැරියෙමි. කිහිප වතාවක් ඈ කළ පෙරැත්තය මට නතර කර ගැනීමට හැකි වූයේ දීර්ඝ ලෙස අවවාද කිරීමෙන් අනතුරුවය.
"මට ඕනෑ මම ගෙදර එනකොට තේ එක හදල දෙන, පුංචි සුරංගනාවියක්.. අපි දෙන්නගෙ ලෝකෙ අපි දෙන්න විතරයි වෙන කවුරුත් නෑ.." මම සිහිනයේ අතරමං වීමි. ඈ ගල් ගැසී මිලින දෑසින් බලා හුන්නා මතකය.
"විකාර.. කසාද බැන්දම ඔය පිස්සු ඔක්කොම හොඳ වෙයි" මම තනිවම සිතීමි.
අද ඒ සියුම් කත අහළකුදු නැත.
"කෝ බලන්න, ලිව්වෙ නැද්ද කවියක්" මම විවාහයෙන් වසරකට පමණ පසු ඇසීමි. ඈ සිනාසුණා පමණය.
ඈ මගේ සුරංගනාවම වූවාය. දරුවන්ගේ වැඩ කටයුතුද මගේ වැඩ කටයුතුද හැමදේම ඈ නොපිරිහෙලා ඉටු කරන්නීය.
එකම දෙය ඈ අප කෙරෙහි බල පවත්වන්නා වූ දැඩි භාවයය. චූටි දූ නැටුම් උගැනීමට ආසාය කිවූ විට ඈ එය දරුණු ලෙස ප්‍රතික්ෂේප කළාය. මා වුවද ඇගෙන් නොඅසා කිසිවක් කිරීමට මැලි වීමි. ඈ මා කිවූ දෙයකට පිටින් නොගියා මෙන්ම, මා ගැනද දැඩි පැවතුම් ඇත්තියක වූවාය.
ඇය රැකියාවෙන් අස් වූයේ මගේ කැමත්තට මිස ඇගේ කැමැත්තට නොවේ. "මගේ වයිෆ්ව මට වැඩට යවන්න බෑ" මම තරයේ කීමි.
ඇගේ දෙමාපියන් සතු මැණික වූයේ ඇයම පමණක් බැවින්, ඔවුන්ගේ බසට ඈ කිසි දිනෙක පිටු නොපායි.
අපි යෝජිත විවාහයකින් පෙම්වතුන් වූයෙමු. දැන් මගේ සිහින සියල්ල මම සාක්ෂාත් කර සිටිමි.
සියුමැලි සිතැත්තියකව සිටි ඇය, මෙතරම් සැප පහසුවට ඉන්නට හිටින්නට ඉඩ සලසා දී තිබියදීත් මෙතරම් රළු වන්නේ කෙලෙසදැයි මට දැනුදු නොතේරේ.
"මැහුම ලස්සනයි" බැරිම තැන මම කියමි.
"මට පෙන්නන්න බෑ මේ මැහුම්.. වෙන වැඩක් නැති නිසා කරනව" ඈ ගොරවමින් පිළිතුරු දෙයි.
මම කෝපයෙන් ඇය දෙස බලමි. "මේ ගෑනිට මොන යකා ගහලද"
මට නොතේරේ.

Friday, December 24, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
අද ටිකක් වෙලා තියනවා වගේ :)
පුංචි කවියට අමතරව පාඩමත් පළ කරන්න හිතුණා..
341.) ඊශ්වර
342.) ඊතණ
343.) ඊසාන
344.) ඊයම්
345.) ඊළඟ
346.) ඊර්ෂ්‍යාව
347.) ඕලු
348.) සාමාන්‍ය
349.) බිත්තිය
350.) ඔළිඳ
351.) එළදෙන
352.) එළුවා
353.) එලොව
354.) කණපිට
355.) ඒදණ්ඩ
356.) ඒප්‍රණය
357.) ඒබ්‍රහම්
358.) ඒකාබද්ධ
359.) උෂ්ණ
360.) උළෙල / උලෙළ
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි.

දවසක් කොහොමට මෙතරම් දිගු විද?
Sunday, December 19, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මෙන්න අද වචන 20. මේවා නං සාමාන්‍යයෙන් භාවිතයේදී වරදිනවා මම දැකලා නෑ.
321.) ආශිර්වාදය
322.) ඇතිලිය
323.) ඇඹුල
324.) අවි ආයුධ
325.) අෂ්ඨක
326.) අධිෂ්ඨානය
327.) ආධිපත්‍ය
328.) ආඬියා ළිඳ
329.) ට්‍රැක්ටරය
330.) අවරෝහණ
331.) අලුගෝසුවා
332.) ඉන්ධන
333.) ඉෂ්ට
334.) වර්ෂය
335.) ඉරණම
336.) ඉනිවැට
337.) ඉඳිකටුව
338.) ඉංග්‍රීසි
339.) ඉරණමඩු
340.) ඉදිබුවා
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි

Saturday, December 18, 2010
ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?
ගුරු ගීතය මම කියවන්න අසාවෙන් හිටපු පොතක්. ගුරු ගීතය කියවීමේ ආසාව "ඇහිපිල්ලමක් යට" නාට්‍යය නැරඹීමෙන් වඩාත් තීව්‍ර වුණා කිව්වොත් නිවැරදියි.
කොහොම නමුත් පොත කියෙව්වෙ අද :)
පොත කියවන් යනකොට අල්තීනායි ගැන කෙසේ වෙතත්, දුයිෂෙන් ගැන ඇතිවන්නෙ දරා ගන්න බැරි කණගාටුවක්. අල්තීනායි, "කාන්තාරයේ කුසුම" හි එන වාරිස් ට වඩා වාසනාවන්තයි.
මොකද අල්තීනායි ගැන බලන්න දුයිෂෙන් හිටපු නිසා.
ඒත් එක්කම මට මතක් උනේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරන "පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ" කියන ගීය.
ගීතයේ, දුයිෂෙන් හා අල්තිනායි අතර පැවති හෙළි නොකල ප්‍රේමය වගේ සිදු වීමක් ඇතුළත් නොවුණාට, ඒ ගීයත් දුයිෂෙන්ලා වගේ පෙරහැරේ නොයන, කොටන් අදින අලි ගැන කියපු කතාවක් තමයි තියෙන්නෙ.
හදවතින්ම තමන්ගෙ සේවය කරලා, නිහඬව මිය යන මිනිසුන් ගැනත්, ඒ මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න බැරිව ලත වෙන හෘද සාක්ෂියක් ඇති අල්තීනායිලා ගැනත් මට මෙහෙම හිතුණා.
ආදරණීය ගුරුතුමනි දුයිෂෙන්
ලියුම් බෙදනා ගං ගොඩේ
ඇවිත් ඇත අල්තීනයි අයිලට
තැබී මුල් ගල විදුහලේ
අකුරු දෙක තුන ගැට ගැසූ නුඹ
විද්වතුන් ලොව බිහි කළේ
නොදත් අකුරක් කියා දෙන්නට
නුඹට කොහොමද හැකි වුණේ
ඔබට පෙම් කල, ඔබත් පෙම් කල
නොකිව් පෙම් පුවතක් තියේ
ඈ රැගෙන දුම් රිය ඇදෙනකොට
කොහොමදෝ හිත වෑවුණේ
ඔබ ලඟින් හිඳ ඔබ පුදනු බැරි
අල්තිනායි අද වැළපෙතේ
ප්‍රේමයම නොව, අසීමිත වූ
භක්තියයි ඒ වැළපුණේ
Sunday, December 12, 2010
තෙරණි ගී - සුන්දරී නන්දා තෙරණියෝ
මගේ කලින් නිර්මාණයක භාවිතා කළ පැදි ටිකක් ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා.
මේ නිර්මාණයේ පළමු කවිය ධම්ම පදයේ එන ගාථාවක්.
ගාථාව දේශනා කළේ බුදු රජාණන් වහන්සේ විසින්, සුන්දරී නන්දා තෙරණියන්ට.
තෙරණි ගී ගැන මීට කලින් මම ලිපියක් පළ කලා මතක ඇති නේද?
මම මේ කියන්නෙ මොකක්ද කියල නොතේරෙණ කෙනෙකුට අන්න ඒ ලිපිය බැලුවොත් අදහසක් ගන්න පුලුවන් වෙයි.
සුන්දරී නන්දාව කියන්නෙ ශාක්‍ය රාජ කුලයෙහි උපන් අතිශන්යින්ම රූමත් ( හැබැයි යසෝදරාව පරදන්න නම් බෑ ) ඒ වගේම බොහෝ සේ පෙර පින් ඇති කුමරියක්. හැබැයි සුන්දරී නන්දාව පැවිදි වෙන්නෙ ශ්‍රද්ධාවෙන් නෙවෙයි. පැවිදි වෙලා ඉන්න තමන්ගෙ නෑයො නිසා. මගේ නෑයො ඔක්කොමත් පැවිදි වෙච්ච නිසා මාත් පැවිදි වෙනවා කියන අදහසින් මිසක් නිර්වාණයක් ගැන අවබෝධයකින් නෙවෙයි. බුදු රජාණන් වහන්සේත්, යසෝදරාවත්, ප්‍රජාපතී ගෝතමියත්, රාහුල කුමාරයාත් ඇතුළු ඥාති පිරිස ගැන ස්නේහයෙන් තමයි මහණ වෙන්නෙ.
බුදු හාමුදුරුවෝ රූපයට ගරහතියි කියල බුදුන් හමුවට යන්නෙත් නෑ. බුදු රජාණන් වහන්සේ මේක දැනගෙන සියලු භික්ෂුණීන් අනුශාසනා සඳහා තමන් හමුවට එන්න ඕනෙයි කියල දන්වනවා. සුන්දරී නන්දාව තමන්ගේ වාරයේදී අන් භික්ෂුණියක් යවා මඟ හරිනවා. බුදුන් නැවත දන්වනවා, තමන්ගේ වාරයට වෙන කෙනෙක් එවන්න බෑ කියල. බුදු අණ ඉක්මවන්න බැරි නිසා තෙරණියන් බුදුන් හමුවට යනවා. බුදු රජාණන් වහන්සේ ඍධි බලයෙන් ඉතා රූප සම්පන්න ස්ත්‍රියක් මවා එය ජරාවට පත් වන අන්දම දක්වනවා.
අනිත්‍යය, දුක්ඛ ස්වභාවය මනසින් දකින සුන්දරී නන්දාවගේ සිත කම්මට්ඨාන ලබා ගැනීමට සුදුසු තත්වයට පත් වෙනවා. ඒ බව දුටු බුදු රජාණන් වහන්සේ මෙන්න මේ ගාථා දේශනා කරනවා.
නන්දාවනි බලනු මැනවි
ලෙඩින් පෙළී අපිරිසිඳුව
දුගඳ හමන කුණු කය දෙස
අසුබ ලෙසින් සිතනු මැනවි
සිතෙහි එකඟ බව දැඩි කර
සුසමාහිත කරනු මැනවි
යම් සේ වෙද මේ කුණු කය
ඔබ සිරුරත් එසේම වෙයි
යම් සේ වෙද ඔබේ සිරුර
මේ කුණු කය එසේම වෙයි
දුගඳ හමයි කුණු වී යයි
බාල දනන් හට ප්‍රිය වෙයි
මේ බව මේ ඇති ලෙසටම
සිහියට ගෙන සිතා බලව
රෑ දාව අනලස් වී
නැණ මෙහෙයා විමසා ලනු
විනිවිද දැක ඇති සැටියෙන්
බහල තිමිර බිඳ ලනු මැන
මේ දේශනය අනුසාරයෙන් ඥානය ලැබ නන්දාවන් සෝවාන් ඵලයෙහි පිහිටියා.
ඉහළ මාර්ග ඵලයකත සුදුසු කමටහන් සමඟ සම්බන්ධ කිරීමට බුදුන් වහන්සේ ධම්ම පදයෙහි එන මේ ගාථාව දේශනා කලා.
ඇට වලින් කළ නගරයකි
මසින් ලෙයින් ආලේපිතය
ජරාව මරණය මානය
වංචාව ද ඇතුළත වෙයි
දේශනාව අවසානයෙහිදී භික්ෂුණිය අර්හත් බව ලැබුවා.
උදාන වශයෙන් බුදුන්ගේ ගාථා ද සමඟ මේ ගාථා ගැයුවා.
ඉන්පසු මම නොපමාවම
සිතේ එකන්න්ඝ බව වඩවා
හරි දැක්මක් ලැබ ගත්තෙමි
මගේ කයේ හැටි සොබාව
පිටතින් ඇතුළතින් විලස
ඇති සැටියෙන් දැක ගත්තෙමි
කළකිරුනෙමි මගෙ කය ගැන
ඇතුළතින්ම විරාගීව
බැබළුණි සිත නොපමාවම
සිඳ ලූයෙමි බැමි සියල්ල
අති සන්සුන් බව ලැබුයෙමි
නිවී ගියෙමි නිවී ගියෙමි
ඒ සුන්දරී නන්දා තෙරණියන්ගේ ගීය යි.
උපුටා ගැන්ම: තෙරණී ගී - කුසුම් දිසානායක

Saturday, December 11, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
අසනීපයෙන් පසු වෙච්ච නිසාත්, ගෙදර පොඩ්ඩක් කලබලකාරි ස්වභාවයක් තිබුණ නිසාත් පාඩම මඟ හැරුණා.
ඔන්න අද ආවා.. :) බලන්න ආපාන ශාලාවයි, ආපණ ශාලාවයි වරද්ද ගත්තෙ නෑ නේද මීට කලින්? ;)
301.) ආපාන ශාලාව ( සුරා සැල )
302.) දේදුනු පැහැය
303.) නැවුම් සුවඳ
304.) ළා හිරු රැස්
305.) නැළවෙනවා
306.) ත්‍යාග ප්‍රදානය
307.) තිත්ත පැටවු
308.) කෝලියාස් පඳුරු
309.) පෙණ බුබුළ
310.) හෝර්ටන් තැන්න
311.) කෘමීන්
312.) බාගදා
313.) ආරාධනය
314.) අත්තනගල්ල
315.) ප්‍රාථමික
316.) සිහිවටනය
317.) ආභරණ
318.) ඇහැරුණා
319.) ඇටි කුකුළා
320.) ඇඬියාව
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
ඔන්න අද ආවා.. :) බලන්න ආපාන ශාලාවයි, ආපණ ශාලාවයි වරද්ද ගත්තෙ නෑ නේද මීට කලින්? ;)
301.) ආපාන ශාලාව ( සුරා සැල )
302.) දේදුනු පැහැය
303.) නැවුම් සුවඳ
304.) ළා හිරු රැස්
305.) නැළවෙනවා
306.) ත්‍යාග ප්‍රදානය
307.) තිත්ත පැටවු
308.) කෝලියාස් පඳුරු
309.) පෙණ බුබුළ
310.) හෝර්ටන් තැන්න
311.) කෘමීන්
312.) බාගදා
313.) ආරාධනය
314.) අත්තනගල්ල
315.) ප්‍රාථමික
316.) සිහිවටනය
317.) ආභරණ
318.) ඇහැරුණා
319.) ඇටි කුකුළා
320.) ඇඬියාව
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Wednesday, December 8, 2010
සුපෙම්වතාණන්ට ආදරයෙන්
ඇට වලින් කළ නගරයේ
මසින් ලෙයින් ආලේප යොදා
ජරාව මරණය මානය වංචා
සහිතව ජීවත් වන්නෝ වෙමු අපි
පිරුණු සිරුර හැඩ වැහැරී ගිය දින
මම ඇට කටු ගොඩකී ම සුපෙම්වත
ඔද තෙද බල නැතිවී ගිය දවසට
ඔබද දිරා පස් වෙයි මහ පොලොවට
විනීත වූ දැමිඳුරු වූ බුදු හිමි
ඇලුම් ජනිත කරනා දුක් දුර ලත
සියලු සෝක සිඳ, සදා සතුට දෙන
දිවිය ලබන්නට මට අවසර මැන
මසින් ලෙයින් ආලේප යොදා
ජරාව මරණය මානය වංචා
සහිතව ජීවත් වන්නෝ වෙමු අපි
පිරුණු සිරුර හැඩ වැහැරී ගිය දින
මම ඇට කටු ගොඩකී ම සුපෙම්වත
ඔද තෙද බල නැතිවී ගිය දවසට
ඔබද දිරා පස් වෙයි මහ පොලොවට
විනීත වූ දැමිඳුරු වූ බුදු හිමි
ඇලුම් ජනිත කරනා දුක් දුර ලත
සියලු සෝක සිඳ, සදා සතුට දෙන
දිවිය ලබන්නට මට අවසර මැන
Sunday, December 5, 2010
නුඹ ...
Saturday, December 4, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
අද වචන 20 :)
බලන්න වෙනසක් තියනවද කියල !!
281.) කඩමණ්ඩිය
282.) බෝතලය
283.) අන්ධකාරය
284.) මඩ ගොහොරු
285.) නෙළුම් කොළය
286.) රත්තරන් වළලු
287.) නාම ලේඛනය
288.) කීචි බීචි නාදය
289.) නිර්මාණ රැස
290.) විවේක කාලය
291.) ගොයම් කොළය
292.) මී අඹ ගෙඩි
293.) විදුලි බුබුළ
294.) දුම් රිය ස්ථානය
295.) පසළොස්වක
296.) වැහි කුණාටුව
297.) ගැහැනු ළමයි
298.) හොඳ ගති ගුණ
299.) ලයිට් කණුව
300.) ආපණ ශාලාව
බලන්න වෙනසක් තියනවද කියල !!
281.) කඩමණ්ඩිය
282.) බෝතලය
283.) අන්ධකාරය
284.) මඩ ගොහොරු
285.) නෙළුම් කොළය
286.) රත්තරන් වළලු
287.) නාම ලේඛනය
288.) කීචි බීචි නාදය
289.) නිර්මාණ රැස
290.) විවේක කාලය
291.) ගොයම් කොළය
292.) මී අඹ ගෙඩි
293.) විදුලි බුබුළ
294.) දුම් රිය ස්ථානය
295.) පසළොස්වක
296.) වැහි කුණාටුව
297.) ගැහැනු ළමයි
298.) හොඳ ගති ගුණ
299.) ලයිට් කණුව
300.) ආපණ ශාලාව
Friday, December 3, 2010
කොච්චර හොඳද?
Tuesday, November 30, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මෙන්න අද වචන ටික:
261.) සම්පූර්ණ
262.) ආවේණික
263.) බන්දේසිය
264.) උච්චාරණය
265.) විශ්වාසවන්ත
266.) රුක් අත්තන
267.) සැඟවෙනවා
268.) කරුණාවන්ත
269.) අඳුරු ගුහාව
270.) වාග් මාලාව
271.) කොට්ඨාසය
272.) නොඉවසිල්ල
273.) ක්‍රියාකාරකම්
274.) රාත්‍රී කාලය
275.) ස්ත්‍රී ලිංග
276.) නිශ්චලතාව
277.) චමත්කාරය
278.) පෙළපාලිය
279.) අවමංගල්‍යය
280.) අවශ්‍යතාව
261.) සම්පූර්ණ
262.) ආවේණික
263.) බන්දේසිය
264.) උච්චාරණය
265.) විශ්වාසවන්ත
266.) රුක් අත්තන
267.) සැඟවෙනවා
268.) කරුණාවන්ත
269.) අඳුරු ගුහාව
270.) වාග් මාලාව
271.) කොට්ඨාසය
272.) නොඉවසිල්ල
273.) ක්‍රියාකාරකම්
274.) රාත්‍රී කාලය
275.) ස්ත්‍රී ලිංග
276.) නිශ්චලතාව
277.) චමත්කාරය
278.) පෙළපාලිය
279.) අවමංගල්‍යය
280.) අවශ්‍යතාව
Saturday, November 27, 2010
හිත නිවාගන්න, තෙරණි ගී කියවන්න
අට්ඨකථා සහිත ථෙරී ගී කියවීමට මා තුළ ආශාවක් ජනිත වූයේ අ.පො.ස.( උ.පෙළ ) කරනා කාලයේදී තේරී ගී සිංහල පරිවර්තනයක් කියවීමෙන් අනතුරුවය. . කෙසේ වුවත් අට්ඨ කතා සහිත ථෙරී ගාථා සිංහල පරිවර්තනයක් මට හමු වූයේ මෙවර පොත් ප්‍රදර්ශනයට ගිය මොහොතේදීය. පොත කියවෙන්නේ දැන්ය. කුසුම් දිසානායක මහත්මිය විසින් පරිවර්තනය කරනු ලදුව ඇති, ථෙරී ගාථා සහ අට්ඨකථා කියවීමේදී, ඇති වූ සතුට නිසාම සුළුවෙන් හෝ ඒ පිළිබඳ ලිපියක් පළ කළ යුතු යැයි මගේ සිත මට කීය.
සියලු උපුටා ගැනීම් : කුසුම් දිසානායක මහත්මියගේ "තෙරණී ගී" පොතෙනි
උපුටා ගැන්ම 1:
කාන්තා ජීවිතය පිළිබඳ පැරණිතම තොරතුරු සමහරක් සඳහන්ව ඇත්තේ ථෙරි ගාථා වලය. බුදුන් ජීවමාන කාලයේ දී ම නැතහොත් ඒ ආසන්න කාලයේම වාසය කල තෙරණියන් වහන්සේලා හැත්තෑ තුන් දෙනෙකු විසින් ගයන ලදුව සැලකෙන මේ ගාථා ආගමික හා සාහිත්‍යයික වශයෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මක වශයෙන්ද වැදගත් වෙයි.
ථෙරිගාථා ඇතුළත් වනුයේ සූත්‍ර පිටකයේ බුද්දක නිකායයෙහිය. ක්‍රි.පූ.අසූවේදී පමණ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන තෙක් කටින් කට පැවත ආ ථෙර ගාථා හා ථෙරි ගාථා එවක මෙසේ බුද්දක නිකායෙහි සංගෘහිතව ග්‍රන්ථාරූඪ විය. ක්‍රි.ව. පස්වන හෝ හයවන ශත වර්ෂයේදී දකුණු ඉන්දියාවේ කාංචිපුර විසූ ධම්මපාල නම් තෙරණුවෝ මේ ථෙරි ගාථා ඒවායේ අට්ඨකථා ද සහිතව නැවත ලිවූහ. මහා පංචරී සහ කුරුන්දි අට්ඨ කථා ද උපකාර කරගෙන මෙම පුවත් ලියූ බව කියවෙයි. අපදාන පුවත් ද ඇතුළත් මේවා "පරමත්ථදීපනී" නමින් සංග්‍රහ විණ. ගාථා 521 ඇතුළත් ථෙරිගාථ නිපාත 16 කට බෙදා පරමත්ථදීපනියෙහි ඇතුළත් වෙයි. නිපාත වශයෙන් වෙන් කර ඇත්තේ ඒ ඒ තෙරණියන් වහන්සේලා විසින් ගයන ලද ගාථා සංඛ්‍යාව අනුවය.
උපුටා ගැන්ම 2:
ඓතිහාසිකව, සැබැවින් ම ජීවත් වූ පුද්ගලයන් වශයෙන් වැදගත් වන අය අතර මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන වෙයි. මෙහෙණි සස්න ඇරඹුණේ ඇය නිසාය. ඒ පිළිබඳ පුවත, ඇයගේ ගාථා හා සම්බන්ධ කතා පුවතෙහි එයි. එසේම ඇය නිසාම භික්ෂුණී භාවය ලැබුවෝද බොහෝය. ඇය සමඟ පන්සියයක් ශාක්‍ය කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් පැවිදි වූ බව සඳහන්ය. පරිණත නුවණ ඇති අය අතුරෙහි අග තැන්පත් ඇය වෙත කිහිප දෙනෙක්ම මහණ වූහ. ධීරා, වීර, මිත්තා, භද්‍රා, උපසමා ආදීහු ඇය සමඟම මහණ වූ අතර ථෙරිකා, මුත්තා, පුණ්ණා, තිස්සා, චිත්තා, මිත්තා, කපිල වංශික භද්‍රා, ගුත්තා, රන්කරු දියණි සුභා, ජීවක අඹ වනයෙහි සුභා ආදීහු මහා ප්‍රජාපතී ගෝතමිය යටතේ පැවිදි බව ලැබූහ.
බුදුන් වහන්සේගේ අනුදැනුම ඇතිව මහණ බව ලැබූ අය නම් මහා ප්‍රජාපතී ගෝතමිය ද ඇය සමඟ පැවිදි වූ පන්සියයක් ශාක්‍ය කුමරියෝ ද වෙති. මේ අය හැරුණු විට. ධම්මදින්නා, පටචාරා, ඛේමා, කිසාගෝතමී ආදීහු ද වෙති. මෙම තෙරණිය වහන්සේලා බුදුන් වහන්සේ විසින්ම නොයෙක් අග තනතුරු සඳහා පත් කරන ලද්දෝ වූහ. එහෙයින්ම භික්ෂුණීන් අතුරෙහි නායිකාවන් වූවා විය හැකිය. පටාචාරා තෙරණිය යටතේ පවිදි වූ තිස් දෙනෙකු හා පන්සිය දෙනෙකු ගැන සඳහන් වේ. ඊට අමතරව උත්තමා, චන්දා, උත්තරා යන අයද වෙති. ධම්මදින්නා තෙරණිය විසින් මහා ප්‍රජාපතී ගෝතමියගේ කිරි මව වශයෙන් සිටි තැනැත්තිය හා සුක්තා මහණ කරන ලදහ. ඛේමා තෙරණියෝ විජයා සහ උප්පලවණ්ණා පැවිදි කළහ. රන්කරු දියණි සුභා තෙරණියගේ ගී වල උප්පලවණ්ණා තෙරණියගේ නම සඳහන් වෙයි. ඉසිදාසිය මහණ වූයේ ජිනදත්තා නම් තෙරණියක යටතේය.
ආනන්ද තෙරුන්ගේ දහම අසා සාමා තෙරණියෝ මහණ වූහ. මුගලන් හිමි පෙලඹවීමට ගිය විමලා එතුමාගෙන් ලජ්ජාවට පත්ව හරි දැක්ම ලැබ පැවිදි වූ අතර, නන්දුත්තරා මහණ වූයේ මුගලන් හිමි සමඟ කළ වාදයෙන් පැරදුණ නිසාය. සැරියුත් හිමි සමඟ වාදයට එලඹ හරි දැක්ම ලැබ කුණ්ඩලකේශිය පැවිදි වූවාය. පුත් තෙර නමක විසින් හරි මග පෙන්වන ලදුව මහණ වූ වෝ නම් අභය මාත හා විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ මෑණියන් වූ අම්බපාලියයි. මෙලෙස තෙරණුවන් වහන්සේලා නිසාම පැවිදි බිමට එක් වූ තෙරණියන් වහන්සේලා ද වෙති.
මේ තෙරණියන් වහන්සේලාගේ කතා පුවත් මගින් මතු කර දැක්වෙන කරුණක් වනුයේ, මේ සියලු දෙනාම පෙර බුදුන් සමයෙහි පටන් කරන ලද පින් ඇත්තියන් බවයි. නිවන් මඟට යොමු වූ නුවණ මුහුකුරා යාම නිසා අන්තිම බවයට පිළිපන් ඔවුහු රහත් භාවය ලබා නිවන් දුටහ.
අට විසි බුදුවරුන් අතුරින් පළමුවෙන් ම සඳහන් වන පදුමුත්තර බුදුන් සමයෙහි පටන් තොරතුරු දැක්වෙන තෙරණීන් වහන්සේලා කිහිප දෙනෙකි. ධම්මදින්නා, උබ්බරී, කපිල වංශික භද්‍රා, සුන්දරී නන්දා, සකුලා, සෝණා, භද්‍රා, කුණ්ඩලකේශී, පටාචාරා , ඛේමා, ප්‍රජාපතී ගෝතමී, කිසා ගෝතමී හා උප්පලවණ්ණා ඔව්හුය. විපස්සී බුදුන් සමයෙහි පටන් තොරතුරු සඳහන් වන්නෝ මුක්තා, අභිරූප නන්දා, රෝහිණී යන තෙරණියන් වහන්සේලාය. සිඛි බුදුන් සමයෙහි සිට අභයා, සෝමා සහ අම්බපාලී තෙරණියන්ගේ පුවත් ද, වෙස්සභූ බුදුන්ගේ සමයෙහි සිට සුන්දරී තෙරණියගේ පුවතද සඳහන් වෙයි. අබය මාතාව තිස්ස බුදුන් සමයේ සිටද, ථෙරිකා හා සුමේධා කෝණගමන බුදුන්ගේ කාලයේ සිටද, මෙත්තිකා සිද්ධාර්ථ බුදුන්ගේ සමයේ සිටද අඩ්ඪකාසී කස්සප බුදුන්ගේ සමයේ සිටද සඳහන් වෙයි. රහත් භාවය ලැබීමට මෙසේ කල්ප ගණනාවක් තුළ දීම පැවති දැඩි අධිෂ්ඨානය මේ මඟින් දැක්වෙයි. එසේම අට විසි බුදු වරුන් වන්දනාමාන කිරීම ඇරඹුණු කලෙක මෙම පුවත් එක් වූවා ද විය හැකිය.
ඔවුන් තුළ තිබූ, නිවන් මඟට යොමු වූ චිත්ත ස්වභාවය නිසාම තරුණ වියෙදී ම පැවිදි වූ වෝ රැසක්ම මොවුන් අතර වෙති. සීහා, රෝහිණි, අනූපමා, ගුත්තා, උප්පලවණ්ණා, සුමේධා ආදීහු එවැන්නෝය. තරුණ වියෙහි සිටිය ද, තම ඥාතීන් මහණ වූ හෙයින් මහණ වූවෝ ද වෙති. සුන්දරී නන්දා පැවිදි වූඑයි ඥාති සෙනෙහස නිසාය. චාල, උපචාලා, සිසුපචාලා සොහොවුරු වූ සැරියුත් හිමි මහණ වූ නිසා පැවිදි වූහ. විවාපත් වී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ ද සැදැහෙන් පැවිදි වූ වෝ නම් සුජාතා හා ථෙරිකා ය. සැමියා පැවිදි වූ නිසා පැවිදි බිමට එළඹියෝ නම් ධම්මදින්න හා කපිල වංශික භද්‍රා ය. ස්වාමී වූ උපක තමා හැර ගොස් පැවිදි වූයෙන් චාපා පැවිදි වූවාය.
දරු සොවින් පැවිදි වූවෝද වෙති. පටාචාරා හා කිසා ගෝතමී පිළිබඳ කතා පුවත් ඒ අතර ප්‍රකට කතා පුවත්ය. උබ්බරී හා වාසෙට්ඨි තෙරණියෝද බුදුන් නිසාම දරු සොවින් මිදී පැවිදි වූහ. වාසෙට්ඨි තෙරණියන් හමු වූ සුන්දරීගේ පියා වූ සුජාත බමුණා ද දරු සොවින් මිදී පැවිදි විය. තෙරණියක් නිසා බමුණකු ද පැවිදි වූ අන්දම එයින් හෙළි වෙයි.
ඉසිදාසියගේ පැවිදි වීම මේවාට වඩා වෙනස් මගක් ගත්තකි. සැමියන් කිහිප දෙනෙකු විසින් හරන ලදුව, ඇති වූ කළකිරීමෙන් ඇය පැවිදි වූ බවක් පෙනෙයි. "මහා පවක් කර ඇත්තෙමි - එය දිරවා ලමි" යි කීමෙන් ඒ බව පෙනෙයි. ශාසනයට ඇති ලැදි කමට වඩා තමා ලත් දිවියෙන් පැන යාමක් එයින් පෙන්වයි. ගංගාතීරිය මාතාවගේ කතා පුවත උප්පලවණ්ණා තෙරණියගේ කතා පුවතෙහි එන අතුරු කතාවකි. ග්‍රීක සාහිත්‍යයෙහි එන ඊඩිපස් කතා පුවතෙහි මෙන් මෙහි ද මව පුතාගේ බිරිඳ වෙයි. ඊඩිපස් කතා පුවතෙහි මව සිය දිවි නසා ගත්ත ද, මෙහි දී මව පමණක් නොව පුතා ද පැවිදි වෙයි. මෙම කතාවෙන් ද දැක්වෙනුයේ ජීවිතයේ දී මුහුණ පෑ ඛේදනීය අවස්ථාවන්ගෙන් මිදීමට පැවිදි බව සෙවූවෝය. මේ දෙදෙනම රහත් භාවය ලැබූ බවද පැවසෙයි.
අවිවාහක කතුන්ට පැවිදි වීම සඳහා දෙමව්පිය අනුමැතිය අවශ්‍යය විය. සුමේධා දෙමව්පිය අනුමැතිය පතා දීර්ඝ දේශනාවක් කරන්නීය. විවාහක කතුන්ට පැවිදි බිමට එළඹීමට ස්වාමියාගේ අනුමැතිය අවශ්‍යය වූ බවද මෙම ගාථා වලින් පෙනේ. ථෙරිකා මුලින් ම එසේ ස්වාමි අනුමැතිය නොලැබුවාය. ඇය තම දෛනික වැඩ කටයුතු ම අරමුණු කර භාවනා කර මග පල ලැබුවාය. ස්වාමී අනුමැතිය ලැබෙනේ ඉන් පසුවය. ස්වාමියා විසින්ම භික්ෂුණීන් වෙත ගෙන ගොස් භාර දීමෙන් පසු ඇය පැවිදි වන්නීය. ධම්මා එසේ ස්වාමි අනුමැතිය නොලැබුවාය. එනිසා ඇය පැවිදි බව ලබනුයේ ස්වාමියාගේ මරණයෙන් පසු වය. මුක්තා ස්වාමි අනුමැතිය ලැබ පැවිදි වූවාය. ධම්මදින්නා ද භික්ෂුණීන් වෙතට ගෙන යනුයේ ඇයගේ ස්වාමියා විසින්මය.
විවාහයට තෝරා ගත් තැනැත්තා විවාහයට පෙර මිය යාම, එම තරුණිය බලයෙන්ම පැවිදි බිමට පත් කිරීමට හේතුවක් වූ බව ද පෙනේ. අභිරූප නන්දා හා ජෙන්තා ගේ කතා මගින් ඒ බව පැහැදිලි වෙයි. එවැන්නක් සිදු වන්නේ කාන්තාවගේ අවාසනාව නිසා යයි සැලකුවා විය හැකිය. විධවාවක වීම ද මහණ වීමට හේතුවක් වූ බව පෙනේ. සේලා තෙරණිය මහණ වනුයේ විධවාවක වීමෙන් පසුය. කුණ්ඩලකේශිය ද ස්වාමියා මරණයට පත් කිරීමෙන් පසුව නැවත තම නිවසට නොයා, නිඝණ්ඨ ප්‍රවෘජ්‍යාව ලබයි.
සුජාතා, භද්‍රා කුණ්ඩලකේසී වැනි අය බුදුන්ගේ බණ අසද්දීම රහත් බව ලැබූහ. එසේ නුවණ මුහුකුරා ගිය තෙරණියන් සේම, වඩා වෙර දරා ගැටෙමින් වෑයමින් රහත් බව ලබා ගත්තෝද වෙති. සාමා, උත්තමා වැනි අය එවැන්නෝය. රහත් බව නොලැබූ සීහා ගෙල වැල ලා ගැනීමට ගියාය. ඒ මොහොතේම නැවත තම ජීවිතය අවලෝකනය කරන්නී, ඇය යථාවබෝඩය ලබා රහත් බවට පත් වූවාය. මෙසේ රහත් භාවය ලබා ගැනීම එක් මොහොතකින් සිදු කර ගත් තෙරණියන් වහන්සේලා සේම, දීර්ඝ කාලයක්, සමහරවිට විසි පස් වසරක් තරම් කාලයක් තුළ වෙහෙස දරා ලබාගත් අයද තෙරණියන් අතර වෙති. "තම තම නැණ පමණින්" දහම අවබෝධ කර ගත යුතු බව එයින් පෙනේ.
මා පල කලේ පිටු කිහිපයක මා දුටු කතා කිහිපයක් පමණි.
සසර දනවුවේ, අපි අසරණ වෙලා ... තවමත් !!
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
3 වසරේ ටීචර් වගේ නෙවෙයි, 4 වසරේ ටීචර් කම්මැලි වෙලාද මන්දා කියල, ළමයින්ට හිතුණද දන්නෙ නෑ :)
මේකනෙ, ටීචර්ටත් පොඩි විභායක් තිබුණා.
මතකද අර එක පාරක් ලියලා, ෆේල් වෙච්චි විභාගෙ?
අන්න ඒක ආයි ලිව්වා :(
ඒකෙන් මේකෙන් වැඩක් නෑ. ඔන්න අද පාඩම. :)
241.) ශ්‍රවණය
242.) කාලච්ඡේද
243.) යන්ත්‍රය
244.) භාරකාරිය
245.) අධ්‍යාපනය
246.) විෂ්කම්භය
247.) අණ බෙර
248.) ප්‍රතිබිම්බය
249.) උපදේශක
250.) ගඟ ලඟ
251.) කුංචනාදය
252.) මිණි මුතු
253.) ශිෂ්ටාචාර
254.) ඉත්තෑ රාල
255.) වල්නාශක
256.) සම්බන්ධ
257.) නිර්මාණය
258.) ගවේෂණය
259.) වෙවුලනවා
260.) තුරුපෙළ
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
මේකනෙ, ටීචර්ටත් පොඩි විභායක් තිබුණා.
මතකද අර එක පාරක් ලියලා, ෆේල් වෙච්චි විභාගෙ?
අන්න ඒක ආයි ලිව්වා :(
ඒකෙන් මේකෙන් වැඩක් නෑ. ඔන්න අද පාඩම. :)
241.) ශ්‍රවණය
242.) කාලච්ඡේද
243.) යන්ත්‍රය
244.) භාරකාරිය
245.) අධ්‍යාපනය
246.) විෂ්කම්භය
247.) අණ බෙර
248.) ප්‍රතිබිම්බය
249.) උපදේශක
250.) ගඟ ලඟ
251.) කුංචනාදය
252.) මිණි මුතු
253.) ශිෂ්ටාචාර
254.) ඉත්තෑ රාල
255.) වල්නාශක
256.) සම්බන්ධ
257.) නිර්මාණය
258.) ගවේෂණය
259.) වෙවුලනවා
260.) තුරුපෙළ
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Wednesday, November 24, 2010
අකීකරු හිමියනේ
පෙරදා බැඳුණු ආලේ සිහි නැති වීදෝ
පෙරදා කෙරුම් සිහි වී හිත වද දී දෝ
දරුවන් ලැබූ පසු මා වියපත් වී දෝ
පෙරදා සතුට යළි යළි ඕනෑ වී දෝ
පෝරුව මස්තකේ දෑඟිලි බැඳුණු දිනේ
මගෙ අත නොවෙයි හිතමයි මා පුද දුන්නේ
මට දැන් දැනේ, නෑ නුඹ පෙම අරුත් කලේ
මල් කැකුළියක් ගෙට ගන්ටයි ඕන කළේ
හිත ගත් නුඹේ ඈ හට නොකරමි නින්දා
රජ සිටු මැතිවරුත් තුන් කල් කළ හින්දා
මීසේ මීරි වෙන පව් දුක් දෙන හින්දා
කෑ කෝ ගසා වෙර ගමි නුඹ ගලවන්ටා
නුඹේ විකුම් දරුවන් කන නොවැටීයන්
නුඹේ ගමන් කිසි කෙනෙකුට නොපෙනීයන්
දුක උහුලන්ට මාගේ හිත දැඩි වීයන්
මතු සසරේ නිවැරදි වී හමු වීයන්
පෙරදා කෙරුම් සිහි වී හිත වද දී දෝ
දරුවන් ලැබූ පසු මා වියපත් වී දෝ
පෙරදා සතුට යළි යළි ඕනෑ වී දෝ
පෝරුව මස්තකේ දෑඟිලි බැඳුණු දිනේ
මගෙ අත නොවෙයි හිතමයි මා පුද දුන්නේ
මට දැන් දැනේ, නෑ නුඹ පෙම අරුත් කලේ
මල් කැකුළියක් ගෙට ගන්ටයි ඕන කළේ
හිත ගත් නුඹේ ඈ හට නොකරමි නින්දා
රජ සිටු මැතිවරුත් තුන් කල් කළ හින්දා
මීසේ මීරි වෙන පව් දුක් දෙන හින්දා
කෑ කෝ ගසා වෙර ගමි නුඹ ගලවන්ටා
නුඹේ විකුම් දරුවන් කන නොවැටීයන්
නුඹේ ගමන් කිසි කෙනෙකුට නොපෙනීයන්
දුක උහුලන්ට මාගේ හිත දැඩි වීයන්
මතු සසරේ නිවැරදි වී හමු වීයන්
Sunday, November 21, 2010
වාසනාවේ කවි කොළය
හිතන පතන දේ ලැබෙන්න
මහන්සියෙන් වැඩ කරන්න
වාසනාව අඳුරගන්න
හිතටත් ඉඩ ලබා දෙන්න
දුක් කඳුළැලි නිවාලන්න
ඇසට කඳුළ හුරු කරන්න
දුක දැනුණම නාඬ ඉන්න
හිත පොඩ්ඩක් දැඩි කරන්න
ලැබීමෙන්ම විතරක් නොව
දෙන දෙයිනුත් හිත පුරාම
සතුට ගලන බව දැනෙන්න
බෙදා ගන්න පුරුදු වෙන්න
ලැබෙන පුංචි දේ ගැන වුව
සතුටු වන්න පුරුදු වෙන්න
නොලැබෙන වස්තුව කුමටද
ඇලුම් බැඳුම් නැති කරන්න
වාසනාව වැරහැලි ඇඳ
ආ දා ඈ හඳුනගන්න
ලෝබය, ද්වේශය , මෝහය
නෙත් මානෙන් පන්න ගන්න
මහන්සියෙන් වැඩ කරන්න
වාසනාව අඳුරගන්න
හිතටත් ඉඩ ලබා දෙන්න
දුක් කඳුළැලි නිවාලන්න
ඇසට කඳුළ හුරු කරන්න
දුක දැනුණම නාඬ ඉන්න
හිත පොඩ්ඩක් දැඩි කරන්න
ලැබීමෙන්ම විතරක් නොව
දෙන දෙයිනුත් හිත පුරාම
සතුට ගලන බව දැනෙන්න
බෙදා ගන්න පුරුදු වෙන්න
ලැබෙන පුංචි දේ ගැන වුව
සතුටු වන්න පුරුදු වෙන්න
නොලැබෙන වස්තුව කුමටද
ඇලුම් බැඳුම් නැති කරන්න
වාසනාව වැරහැලි ඇඳ
ආ දා ඈ හඳුනගන්න
ලෝබය, ද්වේශය , මෝහය
නෙත් මානෙන් පන්න ගන්න
Sunday, November 14, 2010
අමාවක සඳ
"මාව හොයාගෙන එන්ට එපා. ඔයා දුක් වෙන්නත් එපා."
මට දැඩි සීතලක් දැනේ. හිසේ සිට දෙපතුල දක්වාම කකියයි.
අමරසිරි පීරිස්ගේ ගී හඬ අල්ලපු ගෙදර රේඩියෝවෙන් ඇසේ.
"ඇය යන්න ගියා මැකිලා..
ගී ගයමින් හිඳ මා තුරුළේ
ඇය යන්න ගියා මැකිලා..."
පන්තියේ මා ඈ හඳුනා ගත්තේ දයාබර සහෝදර සිසුවියක හැටියටය. වැඩිහිටියන් වූ අප තවමත් විභාග කරමින් සිටීම
පිළිබඳව අපි අපටම සිනා සීමු. නමුත් අහම්බයකින් වූ සිදුවීමක් අපේ සබඳකම දුර දිග ගෙන ගියේය.
මම සමාජ ශාලා යෑමට ඇබ්බැහි වූවෙක් වීමි. අවේලාවේ යන ගමන් නතර කරන්නට ගෙදරින් කොතරම් උත්සාහ කලත්, මා අත ගැවසි මුදලුත්, මගේම නොසණ්ඩාලකමත් ඊට ඉඩ නොදිනි. සමාජ ශාලාවේ රාත්‍රියක, මා වෙනුවෙන් විවර වුණු දොරින්, කාමරයට ඇතුළු වුණු මම එක්වරම හිටි තැනම ගල් වීමි. ඒ ඈ මය. ඇය පත් අපහසුතාවය ඊට නොදෙවනි බව නොකිව මනාය.
අපි කතා කළෙමු. රැය පහන් වන තුරු කතා කළෙමු.
"මුලින් මම ආවෙ DJ floor එකේ ඉන්න විතරයි. ඉගෙන ගන්න, ගෙදර යවන්න, විය හියදම් බලා ගන්න ඇති තරම් ආදායමක් ලැබුණා. කවුරුත් දන්නෙත් නෑ. අපි දෙතුන් දෙනෙක්ම හිටියා. මෙහෙට එන වැදගත්ම කස්ටමර් කෙනෙක්ට මාව උවමනා වෙලා තිබ්බා. අයිතිකාරයට මිනිහගෙන් ගැලවිල්ලක් නෑ. මට අයිතිකාරයගෙන් ගැලවිල්ලක් නෑ. අන්තිමට මෙතන නතර උනා."
"මං හිතුවෙ මෙහෙ ඉන්න අය කැමැත්තෙන් මේ රස්සාව කරනවා කියල"
"කැමැත්තෙන් තමයි කරන්නෙ; අකමැති වෙලා වැඩක් නෑ"
"අපි හිතනවට වඩා දේවල් සංකීර්ණයි." මම තනිවම සිතීමි.
ඈ පන්ති නො ආ විට මම ඈ සෙවීමි. පිටතදී මුණ ගැසීමි.
ඈ වෙනදා මෙන් කෙළින් මා දෙස නොබලන්නීය. "ඔයා එන්න. පන්ති නෑවිත් ඉන්න එපා"
කිසිවකුට නවත්තන්නට බැරි වූ මගේ සමාජ ශාලා ගමන එතැනින්ම නතර විය. ඈ එතැනින් මුදා ගැනීම අපහසුය. ඈ එතැනින් මුදා ගෙනවිත් මට තියන්නට තැනක්ද නැත.
කෙසේ වුවත්, සරලවම අපි පෙම්වතුන් වීමු. එය සැබැවින්ම හින්දි ඡිත්‍රපටයක් මෙන් විය. මම කිසිදිනක අනාගතය ගැන නොසිතුවෙමි. අලුතෙන් සිතන්නටද දෙයක් නැත. හිතන්නට මට ඕනෑත් නැත.
පුවත් පතෙහි ඇගේ ඡායාරූපය දුටු මගේ ඉහ මොළ රත් විණි. "හඳුනා ගැනීමට සහාය වන්න"
දැන්නම් ඈට මගේ ජංගම දුරකථනයෙන් ඇමතීම ඥානාන්විත නොවේ.
මම පොදු දුරකථන කුටියකින් දුරකතන ඇමතිමක් ලබා ගතිමි.
ප්‍රතිචාරයක් නොමැත.
දින කිහිපයකට පසු මා නමට ලිපියක් ලැබිණි.
"මම අන්තිම තීරණේ ගත්තා. කිසි කෙනෙක්ට මාව හොයා ගන්න ලැබෙන්නෙ නෑ.මම යන්නම යනවා. මට ගෙදර යන්න බෑ. සල්ලි එව්වෙ මෙහෙමද අහලා අම්ම ලතෝනි තියනවා. නංගිලාට ලැජ්ජයි. තාත්තා මාව මරන්න හොයනවා. එයා තැබෑරුම් ගානෙ යනකොට අපිව මතක තිබ්බ නං මෙහෙම වෙන්නෙ නෑ. වෙච්ච දේවල් ආපස්සට යවන්න බෑ. මට ඉස්සරහට යන්නත් බෑ. හිර වෙලා ජීවත් වෙන්නත් බෑ.
ඔයා අඳුරගන්න ලැබුනට සංතෝසයි.....
මං ආදරෙයි.."
"අමාවක දවසට අහස කළුවර උනාට සම්පූර්ණ වැරැද්ද හඳේද?" මට කෑ ගසා අසන්නට සිතුණි.

Friday, November 12, 2010
වෙරළ ඔබ සිහිනෙකී
Friday, November 5, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
ඔන්න අද වචන ටික. ගැටලු සහගත තැනක් තියනවා නං අහන්න.
අපිට හොයල බලන්න බැරියැ :)
221.) ප්‍රපාතය
222.) නිශ්ශබ්ද
223.) අනුක්‍රමය
224.) ප්‍රබෝධ
225.) වර්ධනය
226.) සඟරාව
227.) මර්දනය
228.) කණපිට
229.) සාමාන්‍ය
230.) ස්තුතියි
231.) කනිෂ්ඨ
232.) ප්‍රශංසා
233.) ආදර්ශය
234.) නටබුන්
235.) ප්‍රතිඵල
236.) නිලුපුල්
237.) විශිෂ්ට
238.) පොළොව
239.) මඳ සුළඟ
240.) නරඹනවා
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
අපිට හොයල බලන්න බැරියැ :)
221.) ප්‍රපාතය
222.) නිශ්ශබ්ද
223.) අනුක්‍රමය
224.) ප්‍රබෝධ
225.) වර්ධනය
226.) සඟරාව
227.) මර්දනය
228.) කණපිට
229.) සාමාන්‍ය
230.) ස්තුතියි
231.) කනිෂ්ඨ
232.) ප්‍රශංසා
233.) ආදර්ශය
234.) නටබුන්
235.) ප්‍රතිඵල
236.) නිලුපුල්
237.) විශිෂ්ට
238.) පොළොව
239.) මඳ සුළඟ
240.) නරඹනවා
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Monday, November 1, 2010
අලුත යාළු වුණු ජෝඩුවක්
පි:
මහ වැස්සක තෙමී හදවත බර වීද
රෑ සඳ එළිය හිත ගාවම නැවතීද
ගැ:
වැස්සක් වී වැටී සඳ එළියක් සේම
හිත ගාවට වෙලා දැන් හිනැහෙනවාද
පි:
තනියම හිනා වෙන්නට ඔය නෙත් දෙකට
රෑ තරු ඇවිත් රහසින්වත් කීවාද
ගැ;
තරු කැට කඩා වැටෙනා අහසක් සේම
දෙනුවන් රවටලා හෙමිහිට නොදැනීම
පි:
ගහ කොළ වල එතෙන මුදු පවනක් සේම
මගෙ හිත වෙළා නුඹ පමණයි හැමදාම
ගැ:
රෑ සිහිනෙන් ඇවිත් මඳ සුළඟක් සේම
හීන හැබෑ වන දා පවසනවාද
Sunday, October 31, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
දිග නිවාඩුවකින් පස්සෙ ඔන්න පුරුදු පාඩමට ආයිත් එකතු උනා.
අද ඉඳන් අපි 4 පංතියේ :)
කාට හරි මතකද ඇයි අපි "ප්‍රශ්නය" නිවැරදි වින්‍යාසයයි කියල කිව්වෙ කියල?
201.) පමණ
202.) ප්‍රදේශය
203.) ගංගාව
204.) පුෂ්පය
205.) දිය බිඳු
206.) ප්‍රශ්නය
207.) උණුසුම්
208.) විශේෂ
209.) විශ්‍රාම
210.) යහළුවා
211.) පරණ
212.) බඳුන
213.) පිළුණු
214.) විස්මය
215.) ඔළුව
216.) ආදර්ශ
217.) පිළිහුඩුවා
218.) බාධකය
219.) කඳු වැටිය
220.) නිෂ්ඵල
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
අද ඉඳන් අපි 4 පංතියේ :)
කාට හරි මතකද ඇයි අපි "ප්‍රශ්නය" නිවැරදි වින්‍යාසයයි කියල කිව්වෙ කියල?
201.) පමණ
202.) ප්‍රදේශය
203.) ගංගාව
204.) පුෂ්පය
205.) දිය බිඳු
206.) ප්‍රශ්නය
207.) උණුසුම්
208.) විශේෂ
209.) විශ්‍රාම
210.) යහළුවා
211.) පරණ
212.) බඳුන
213.) පිළුණු
214.) විස්මය
215.) ඔළුව
216.) ආදර්ශ
217.) පිළිහුඩුවා
218.) බාධකය
219.) කඳු වැටිය
220.) නිෂ්ඵල
පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Monday, October 25, 2010
සසඳ කවි ගැන දන්නවද?
සසඳ කවි ගැන දන්න කෙනෙක් මෙන්න මේ පහල තියන කවි වල තේරුම් පැහැදිලි කරල දෙනවද?
ලොකූ උදව්වක් !!
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා
ස්තුතියි.
ලොකූ උදව්වක් !!
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා
ස්තුතියි.
Saturday, October 23, 2010
දැන් කාසි අවලංගුද?
මාරු කාසි හොයා ගැනීමේ අපහසුතාවයක් ඕගොල්ලන්ට ඇති උනේ නැතිද?
මට එක පිට එක මාරු කාසි ප්‍රශ්න.
ඔන්න මම ගියා එලව්ළු කඩේට.
මට කලින් ගිටපු ගෑනු කෙනාට බිල රු.63.
බඩු කිරල, ගණන් හදල දෙන්නෙ එකම කොල්ලා. මෙන්න මේකා ඒ ගෑනු කෙනාට කෑ ගහනව "7ක් මාරු නෑ, මාරු නෑ, 7 ක අමු මිරිස් දෙන්නද?"
අර මනුස්සය ඉතින් කැරකිල බලල බලල "හ්ම්ම් හා" කිව්ව.
ඊළඟට මගේ වාරෙ.
ගාණ 86 යි. 7ක් ඉතිරි නැති කොට ඉතින් 4ක් ගැන කුමන කතාද නේද?
"අර පොඩි කැරට් අලයක් ගන්න". ඔන්න මගේ රු.4ත් ගොඩ ගියා.
ඊට පස්සෙ මම එහා පැත්තෙ සිල්ලර කඩේට ගියා පස් පංගුව පැකට් එකක් ගන්න.
පස් පංගුව අතට අරන් මම රු.50ක් දුන්නා.
"මාරු නෑ නෙ. මාරු රු.5 ක් තියනවද?" මලා ... මං ගාවත් නෑ..
"නෑ නෙ"
"එහෙනං ගිනි පෙට්ටියක් දෙන්නද?"
"හා"
ඔන්න ඉතින් ගිනි පෙට්ටියයි ඉතිරි රු.10 කුයි මගේ අතට දුන්නා.
ගෙදර යන ගමන් මම ගණන් බැලුව.
ගිනි පෙට්ටිය රු.4 , පස් පංගුව රු.25... එතකොට ලමයිනේ ඕක 50න් අඩු කලාම කීයද?
මම දන්න ගණිතයේ හැටියට 21.. දැන් අත ඉතිරි කීයද? රු.10 යි.. ඔන්න වැඩේ..
තවත් දවසක, ( එපා වෙලා නෑ නෙ මගෙ කතාව? :) )
මම ගියා මගේ කාර් පොඩ්ඩට පැට්‍රෝල් ගහන්න. මට ඕනෙ කලේ ටැංකිය පිරෙන්නම තෙල් පුරවන්න.
තෙල් ගහල ඉවර උනාම මම දැක්ක ගාණ .. 2794.
රු.3000 ක් දික් කරන ගමන් මම ඇහුව, "කීයද?"
"2800"
හා කියල එනව ඇරෙන්න ඉතින් මාරු සල්ලි තිබුණත් දෙන්න පුළුවනෑ..
ඔන්න ඕකයි තත්වෙ !!

Friday, October 22, 2010
සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
ඕගොල්ලන්ට කියන්න, ඊයෙ මට මාර වැඩක් උනා.
දන්නවනෙ, සල්ලි වලට වඩා භාවිතයේ ඇති පහසුව නිසාත්, සමහරවිටක සල්ලි නැති කමම නිසාත් අපි අර බැංකු වලින් ණයට බඩු ගන්න දෙන කාඩ් වලට බඩු ගන්නවනෙ. මාසෙට පාරක් බිල ආපුවාම ගෙවල දානව.
ඉතින් ඊයෙ මමත් ඔය වගේ බිලක් ගෙවන්න අපේ ඔෆිස් එකේ දවල් කෑම වෙලාවෙ පිටත් උනා.
ඔෆිස් එකෙන් එලියට බැස්සෙ ටිකක් පරක්කු වෙලා නිසාත්, මම එලියට බැස්සෙ නොකා නිසා ඇවිත් කන්න තියන නිසාත් මගේ ගමන ටිකක් විතර කලබලයි.
ඔන්න ඉතින් බස් හෝල්ට් එකෙන් නොම්බර 100 ද කොහෙද බස් එකකට නැග්ගා.
අම්මෝ...................... කන් අඩි පැලෙන්න රේඩියෝ එකේ සද්දෙ.
මම බස් එකට ඇතුල් උනේ පිටුපස දොරටුවෙන්. වාඩි වුනෙත් පිටුපස දොරටුවට ලඟ පාත සීට් එකක.
ඉතින් බහින කොටත් පිටුපස දොරටුවෙන්ම බහින්න හිතුව, මොකද ඒකනෙ ලඟම තියෙන්නෙ.
මම සීට් එකෙන් නැගිටලා බෙල් එක ගැහුවා. වැදුනද නැද්ද කියල මට ෂුවර් නෑ. සද්දෙ ඉතින් ඇහෙන එකක්යැ.
එන ගමන් ආයි සැරයක් ගැහුව. ම්ම්හ්.. ඇහෙන්නෙ නෑ..
දැන් මට සැකයි බෙල් එක වැඩ කලේ නැද්ද, නැත්තන් මට ඇහෙන්නෙ නැතුවද කියලා.
"බහිනවා................" කියල කොන්දොස්තර මාමට කියන්නත් බයයි.
මොකද, මම කැම්පස් යන කාලෙ පිටිපස දොරටුව ලඟ ඉඳන් කොන්දොස්තරට ඔහොම කියල, මිනිහ මට කියපි,
"බහිනව කියල මට කියල හරි යන්නෙ නෑ නෙ.. ඒක කියන්න ඕනෙ ඩ්‍රයිවර්ට.. ඒක තමයි කියන්නෙ ඉස්සරහින් බහින්න කියල. යන්න ඉස්සරහට . යන්න . යන්න"
මම හිමීට ඉස්සරහට ගිහින්, ඉස්සරහ දොරටුවෙන් බැස්සා.
ඉතින් ඔය වෙච්ච ලැජ්ජාවෙන් පස්සෙ මම නෙවෙයි "බහිනවා........." කියල කොන්දා මාමට කියන්නෙ.
කොහොමහරි මට හරි හෝල්ට් එකෙන් බැහැ ගන්න ඕනෙ නිසා ඕනෙ එකක් කියලා, දොර ලඟම තිබ්බ බෙල් එකත් ගැහුවා.
මෙන්න බොලේ සවුන්ඩ් ට්‍රැක් නැති වීඩියෝ ට්‍රැක් එක දුවන්න ගත්තෙ ඔන්න ඔය වෙලාවෙ තමා.
මට පේනව ඩ්‍රයිවර් මාම සීට් එක උඩ ඉඳන් උඩ පැන පැන, අත දික් කර කර, තොල් සොලවනවා මගේ දිහා බලාගෙන.
මොනාද කිව්වෙ කියල නං මම තාම දන්නෙ නෑ. මොකද මම අර සූර පප්පා එකේ සීසර් ගෙ උපදේශක වගේ ලිප් රීඩින් කෙළ පැමිණියෙක් නෙවෙයි නෙ.
කොහොමහරි මට එක දෙයක් තේරුණා. ඊලඟ හෝල්ට් එකේදි අනිවාර්යයෙන්ම බස් එක නවත්වන බව..
ඒ මදෑ !!!

Tuesday, October 19, 2010
අරුමය
මහ වරුසාවක වතුරෙන් යට වුණු
මෝය නොදුටු ගඟ වගේ මමයි
විටකදි හිනැහෙන විටක නොදැක යන
මට නොහැඟෙන නෙතු ඔබේ තමයි
හීන් පවනකට වෙලී වෙලී නුඹ
සුළඟක් සේ ආ හැටි මතකයි
ඒ සිහිලැල්ලට වසඟ කලා සිත
පුදුමෙකි සිතුණා තව මතකයි
හිරු දුල යාමෙක රෑ ඝනඳුර ගෙන
සිහින දකිනු රිසි කලේ නුඹයි
පෙම් වැට අද්දර මා හිනැහෙන විට
ඒ මග මඟ හැරි හැටි අරුමයි
Wednesday, October 13, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
අද පළ කරන්නේ 3 වෙනි වසරට නියමිත අවසන් පාඩම.
181.) අභ්‍යාසය
182.) ප්‍රශංසාව
183.) දුරේක්ෂය
184.) පරීක්ෂණය
185.) අනුරාධපුරය
186.) ඍජුකෝණාස්‍රය
187.) බුද්ධ පූජාව
188.) කෘමිනාශක
189.) දෂ්ට කරනවා
190.) සුද්ධෝදන
191.) දුර්භික්ෂය
192.) ශිල්ප ශාස්ත්‍ර
193.) ප්‍රදර්ශනය
194.) ථූපාරාමය
195.) ආශිර්වාදය
196.) පෞරාණික
197.) පෝෂ්‍යදායක
198.) ඝනකාභය
199.) කෞතුකාගාරය
200.) රථය
උපුටා ගැනීම: පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස සකසන ලද ලැයිස්තුවකිනි.
අවසන් පාඩමෙන් පිටත් වෙන්න කලින්, මෙතුවක් මේ ලිපි පෙළ කියවූ හැමෝටම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.
විශේෂයෙන්ම හැමදාම ලිපිය කියවල ප්‍රතිචාරයක් දක්වන දිනේෂ් ට, දීර්ඝ ලෙස මා පැසසීමට ලක් කර තිබූ අයට පමණක් නොවෙයි, ප්‍රශ්න අහපු හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ. ලාංකීය සිතුවිලි නිල වෙබ් අඩවියත් ඇවිත් අගය කරල ගිය දවසෙ සතුටත් එක්ක පුංචි ආඩම්බරකමකුත් හිතේ ඇති නොවුනාමත් නොවෙයි.
ඉතින්, හැමදාම ලිපිය කියවල මා දිරිමත් කල හැමෝටම ස්තුතියි...
4 වසරේදී නැවත මුණ ගැසෙමු.

Monday, October 11, 2010
මට කඳුළු දෙන්න
Saturday, October 9, 2010
අපි වෙන් වී යමු
හිත හදා ගන්න අපි බලමු කොහොමහරි
මේ ටික කාලය ගත වීලා
යළි මුණ ගැහෙන්න පිං රැස් කරගමු
හිත රිදන තවන දේ මඟ හැරලා
හද පැතූ පිරූ රුව ඔබම තමා
ඔබ දොඩමළු විට මා නිහඬ වුණා
රෑ කළුවර එක්කම ගෙට ආදා
දැනුණේ ඉරු දෙවි වැඩලා කියලා
අපි පතන පතන දේ නොලැබෙන බව
බුදු බණෙත් අගේ කර කියන නිසා
හිත හදා සිනා සී වෙන් වී යමු අපි
මා පිය සිත නොතලා නොපෙලා
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
ඔන්න අද වචන ටික:
161.) පුෂ්පය
162.) සංඛ්‍යාව
163.) වෘක්ෂය
164.) විශේෂ
165.) සිද්ධාර්ථ
166.) ආදර්ශය
167.) දක්ෂ
168.) ප්‍රතිඵල
169.) භාවනාව
170.) ඡන්දය
171.) ප්‍රදේශය
172.) ස්ථානය
173.) නොණ්ඩි
174.) අවස්ථාව
175.) ලේඛනය
176.) ආරාධනය
177.) මිණි බැඳි
178.) ආරක්ෂාව
179.) දුරකථනය
180.) සන්ධ්‍යාව
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස පළ කල ලැයිස්තුවලින් උපුටා ගන්නා ලදී.

Wednesday, October 6, 2010
අසනීපය
ඉහළට නැගි නැගී යනවා ප්‍රාර්ථනා
දෙමාපිය සොයුරු කැළගේ වදන් නිසා
තවනං යන්න බෑ බැරි බර ඉහේ දරා
නවතිමි, සියළු බර පොදි කොට බිමට තබා
රාජකාරි වැඩ ඉහ මොල රත් කරන
විභාග ගොඩ ගැසේ, පෙර කල පව් විලස
බැංකු වලට කවදා ගත් ණය ගෙවෙත
ගත ලෙඩ නොවෙයිදෝ හිත ලෙඩ වූ දාට
මංගල්ලයක් හරි නොයනා කේන්දරේ
මවුගේ නින්ද සොරකම් කල නිතර දොහේ
වීසි කරන්නට හැකිනම් දුරක කොහේ
හිත රජ කරන තැනකට යමි දුකක් නැතේ
හැමදා එක වගේ හති ලන මේ දිවිය
සත්තයි එපා වී ඇත ටික කලක සිට
සමුදුර දකීවා හිත පතනා විලස
ගංඟාවක් වගේ බර දී සැනසෙන්ට
Monday, October 4, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
මේ වචන වල ප්‍රශ්නයක් තියනවද?
141.) අව්ව
142.) වර්ෂාව
143.) විශාල
144.) වාක්‍ය
145.) භාජනය
146.) ආචාර
147.) මිශ්‍රණය
148.) බාධක
149.) විෂයය
150.) ආධාර
151.) රචනය
152.) ශබ්දය
153.) බාල්දිය
154.) උපදේශය
155.) ශිෂ්‍යයා
156.) ආරම්භය
157.) ශෝකය
158.) මෘදු
159.) ඛනිජ
160.) භූමිතෙල්
උපුටා ගැන්ම: පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියක් ලෙස සකස් කරන ලද ලැයිස්තුවකි.

Sunday, October 3, 2010
ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
ඉහේ හිට ඉහිරුණා
පුංචි මුව ඇද උනා
අපුළ රැදි දෑස් හැර
හැරි හැරී බැලවුණා
වැහි බිඳක සිසිලවත්
හිරු රැසක පහසවත්
නොදන්නා රිය සකක්
මඩ වලට හිනැහුණා
බෝනික්කියක් වගේ
දෙනෙත් අඳ දෙව් ලියක්
පුංචි පුතුගේ මුවේ
හසරැල්ල නැති කලා
නොසැලෙන්න කිරි පුතේ
දිරි ගන්න, දුක් වෙතේ
උගත්කම රජයන්න
එදා නුඹ රජ වෙතේ
පුංචි මුව ඇද උනා
අපුළ රැදි දෑස් හැර
හැරි හැරී බැලවුණා
වැහි බිඳක සිසිලවත්
හිරු රැසක පහසවත්
නොදන්නා රිය සකක්
මඩ වලට හිනැහුණා
බෝනික්කියක් වගේ
දෙනෙත් අඳ දෙව් ලියක්
පුංචි පුතුගේ මුවේ
හසරැල්ල නැති කලා
නොසැලෙන්න කිරි පුතේ
දිරි ගන්න, දුක් වෙතේ
උගත්කම රජයන්න
එදා නුඹ රජ වෙතේ
Wednesday, September 29, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
ඉහටත් උඩින් වැඩ :( ලියන්න ටිකක් අමාරුයි. කලින් පෝස්ට් එක බලලා කට්ටිය ප්‍රශ්න පත්තරයක්ම අහල තිබ්බනෙ :)
ඒවට උත්තර හොයන්න ගිය වෙලාවෙ මම අලුතින් දෙයක් ඉගෙන ගත්තා. ඉතින් උත්තරෙක් එක්කම ඔය අතිරේක විස්තරෙත් දාන එක හොඳ වේවි කියලා මට හිතුණා.
මේ උත්තරේ "ප්‍රශ්නය" හා සබැඳියි.
නිවැරදි අක්ෂර වින්‍යාසය "ප්‍රශ්නය"...
ඔන්න අහගන්න හේතුව.
මූර්ධජ "ණ" කාරය හා දන්තජ "න" කාරය
1.) අතීත ක්‍රියා රූපය (ආඛ්‍යාත හා කෘදන්ත ) සඳහා යෙදෙන 'ණ' කාර ප්‍රත්‍යය හැම විටම මූර්ධජව සිටී.
ඇසිණි, ඇසුණු, ඇසුණේ, ඇසුණෝ, ඇසුණහ, ඇසුණා
එහෙත්,
උපන්, උපන්න, දුන්, දුන්නු, දුනු ආදී අතීත ක්‍රියා පදවල හලන්ත හා ද්විත්ව 'න' කාරය දන්තජව සිටී.
2.) ගෞරවාර්ථයෙහි යෙදෙන ආණි, අණු, ආණ, අණ්ඩ, අණ්ඩි යන ප්‍රත්‍යගත 'ණ' කාරය මූර්ධජව සිටී.
දුවණියෝ, දියණියෝ , අම්මණ්ඩි, මලණුවෝ
3.) සිංහල භාෂාවේ යෙදෙන උපකරණ, කරණ විභක්ති, මරණ භය, කළමනාකරණය, රෝග නිවාරණය වැනි පාලි, සංස්කෘත ස්වරූපයේ කෘදන්ත 'ණ' කාරය හැමවිටම මූර්ධජව සිටී.
4.) සිංහලයෙහි තත්සම නොවන වර්තමාන කෘදන්ත රූපයේ ධාතුව අගට එකතු වන 'න' කාර ප්‍රත්‍යය හැම තන්හි දන්තජවම සිටී.
එන, කරන, කරවන, කියන, යන, හදාරන, වැටෙන
5.) සිංහලයෙහි තත්සම නොවන වර්තමාන කෘදන්ත රූපවල 'නු' ප්‍රත්‍යයද හැම විටම දන්තජව සිටී.
කරනු, කරනුයේ, කරන්නේ, කරනුව
6.) පදයක ඍ, ර්, ෂ් යන අකුරකින් පර වූ 'න' කාරය මූර්ධජ බවට හැරෙයි. ( රේඵ, රකාරාංශ වශයෙන් හැදින්වෙන රූප මෙහි 'ර්' වශයෙන් ගැනේ. )
උෂ්ණ , ඍණ, කෘෂ්ණ, වර්ණ, භ්‍රමණ ( රකාරාංශ )
7.) පදයක ඍ, ර්, ෂ් යන අකුරක් හා 'න' කාරය යෙදෙන විට ඒ අතරෙහි මතු දැක්වෙන අකුරුවලින් එකක් හෝ කීපයක් හෝ යෙදුණ ද 'ණ' කාරය මූර්ධජව සිටී.
( අ ) ස්වර
( ආ ) ය් / ව් / හ්
( ඇ ) ක් / ඛ් / ග් / ඝ්
( ඈ ) ප් / ඵ් / බ් / භ් / ම්
ආරෝහණ, ක්ෂීණ, ද්‍රෝණි, නිර්මාණ, නිර්වාණ, නිරූපණ, පරිමාණ, ප්‍රමාණ, ප්‍රාණ, රක්ෂණ, මුද්‍රණ, ශ්‍රේණි
8.) එහෙත් ච, ට, ත වර්ගයේ අකුරක් හෝ ශ, ස, ල, ං යන අකුරක් හෝ කිහිපයක් අතරෙහි යෙදෙන විට 'න' කාරය දන්තජව සිටී.
අධිෂ්ඨාන, ආරාධනා, දර්ශන , දුර්ජන, පරිවර්තන, ප්‍රධාන, ප්‍රශ්න, ප්‍රාර්ථනා, මර්දන, රචන, රඤ්ජන, වර්ණනා, විමර්ශන
කියවනවානම් පොත :- සිංහල ලේඛන රීතිය (ජාතික අධ්‍යාපන ආයතනය )
ගෙදර පොත තියන තැන කියලා, පොතේ කියවන්න ඕනෙ කොටස හොයලා දුන්නේ අම්මා :)
පුබුදුවා: කිව්වා, කිවුවා ගැන තව ටිකක් හොයන්න ඕනෙ !! වෙලාවක් හම්බ වුණු හැටියෙ ලියන්නම්
ඔය දන්න කෙනෙක් ඉන්නවනං උත්තරේ ලියන්නකෝ !!

Saturday, September 25, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
බලන්න මේ වචන ඔබ ලියන්නෙ මේ විදිහටද නැත්තන් මීට වෙනස් විදිහකටද කියල
121.) ප්‍රස්ථාව පිරුළු
122.) කනගාටුව
123.) ත්‍රිකුණාමලය
124.) වළඳනවා
125.) මොළකැටි
126.) පළඟැටියා
127.) කොළ කැඳ
128.) සූර්යයා
129.) කණ්ඩායම
130.) මුරණ්ඩු
131.) සමනොළ කන්ද
132.) සමනලයා
133.) නිලධාරීන්
134.) නියං කාලය
135.) ගාථාව
136.) ප්‍රශ්නය
137.) රේඛාව
138.) ශාලාව
139.) විස්මය
140.) විවිධ
121.) ප්‍රස්ථාව පිරුළු
122.) කනගාටුව
123.) ත්‍රිකුණාමලය
124.) වළඳනවා
125.) මොළකැටි
126.) පළඟැටියා
127.) කොළ කැඳ
128.) සූර්යයා
129.) කණ්ඩායම
130.) මුරණ්ඩු
131.) සමනොළ කන්ද
132.) සමනලයා
133.) නිලධාරීන්
134.) නියං කාලය
135.) ගාථාව
136.) ප්‍රශ්නය
137.) රේඛාව
138.) ශාලාව
139.) විස්මය
140.) විවිධ
Wednesday, September 22, 2010
Sunday, September 19, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
ඔන්න අද වචන 20 :)
101.) කුරුලු
102.) ලුණු
103.) ප්‍රණීත
104.) නළල්පට
105.) ගැහැනිය
106.) සංකීර්ණ
107.) පුළුන්ගොඩ
108.) එකඟතාව
109.) සියලුදෙනා
110.) ස්වාභාවික
111.) නෙළුම් මල්
112.) ත්‍රිකෝණය
113.) නැළවීම
114.) නිර්මාණය
115.) බෝ මළුව
116.) පළා වර්ග
117.) කළු ලෑල්ල
118.) කණ්ණාඩිය
119.) කන්නාඩිය
120.) ඇඳුම් පැලඳුම්
101.) කුරුලු
102.) ලුණු
103.) ප්‍රණීත
104.) නළල්පට
105.) ගැහැනිය
106.) සංකීර්ණ
107.) පුළුන්ගොඩ
108.) එකඟතාව
109.) සියලුදෙනා
110.) ස්වාභාවික
111.) නෙළුම් මල්
112.) ත්‍රිකෝණය
113.) නැළවීම
114.) නිර්මාණය
115.) බෝ මළුව
116.) පළා වර්ග
117.) කළු ලෑල්ල
118.) කණ්ණාඩිය
119.) කන්නාඩිය
120.) ඇඳුම් පැලඳුම්
Friday, September 17, 2010
සිඟන්නී
Thursday, September 16, 2010
හරිද? වැරදිද?
මම තවම ඔබ ලඟම
ඔබ ඈත ඈ අසල
තනිකමට පාළුවට
හිත හදා ගමි මෙහෙම
සුන්දරම සිහිවටන
හැර දමා දුරු කතර
යන්න හිත් දුන්නෙ මට
නුඹේ ඔය චපලකම
හැදු වැඩූ සෙනෙහසට
පිටුපානු බැරි කමට
මව්පියන් දුන් බසට
හිස නැවූවෙමු එලෙස
වෙනෙකුගේ සිහින තුළ
දිවි ගෙවමි කර බාන
මගේ මන්දිරය තුළ
ඔබයි රජු හැමදාම
ඔබ ඈත ඈ අසල
තනිකමට පාළුවට
හිත හදා ගමි මෙහෙම
සුන්දරම සිහිවටන
හැර දමා දුරු කතර
යන්න හිත් දුන්නෙ මට
නුඹේ ඔය චපලකම
හැදු වැඩූ සෙනෙහසට
පිටුපානු බැරි කමට
මව්පියන් දුන් බසට
හිස නැවූවෙමු එලෙස
වෙනෙකුගේ සිහින තුළ
දිවි ගෙවමි කර බාන
මගේ මන්දිරය තුළ
ඔබයි රජු හැමදාම
Wednesday, September 15, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
'ළ' කාරය
මගේ කලින් පොස්ට් එක බලලා සු෴ අහලා තිබුණ ප්‍රශ්නයට කෙටි උත්තරයක් දෙනවට වඩා මමත් ඉගෙන ගත්ත දේ බෙදා හදා ගත්තොත් හොඳයි කියල හිතුණා.
ඔන්න මම අලුතෙන් මුකුත් ලියන්නෙ නෑ. කියවපු ටිකම එහෙමම පළ කරන්නං.
මේ මහාචාර්ය ජේ. බී. දිසානායකයන්ගේ "බසක මහිම-4 ළ-කාර සම්මතය" යන පොතේ 23 වෙනි පරිච්ඡේදයෙන් කොටසක්:
එක් භාෂාවක් උපදින්නේ තවත් භාෂාවක් හෝ භාෂා කිහිපයක් හෝ මූලාශ්‍රය කොට ගෙනය. සිංහල භාෂාවේ උපත කෙරෙහි වඩාත් බලපෑවේ පාලි භාෂාවත් සංස්කෘත භාෂාවත්ය. පාලි භාෂාව දඹදිව භාවිත වූ මාගධී භාෂාවටත්, සංස්කෘත භාෂාව වෛදික භාෂාවටත් නෑකම් කියයි. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ මාගධී භාෂාවෙනි.
සිංහලයෙහි එන 'ළ' කාරය මූර්ධජ ශබ්ධයකි. එබැවින් එහි උපත කෙරේ මූලික වශයෙන් බලපෑවේ පාලි බසෙහි හෝ සංස්කෘත භාෂාවෙහි හෝ එන මූර්ධජ ශබ්දයි. මූර්ධජ ශබ්ද අතුරින් සිංහල 'ළ' යන්න කෙරේ බලපෑවේ පහත දැක්වෙන මූර්ධජ ශබ්ද පහයි.
1.) අඝෝෂ අල්පප්‍රාණ - ට
2.) අඝෝෂ මහාපප්‍රාණ - ඨ
3.) ඝෝෂ අල්පප්‍රාණ - ද
4.) ඝෝෂ මහාපප්‍රාණ - ඪ
5.) මූර්ධජ - ළ
ඔන්න ඔය විදිහට අල්පප්‍රාණ 'ට' යන්න 'ළ' වෙච්ච වෙලාවක් තමා, "පිළිවෙළ" කියන වචනය. මෙහි පාලි වචනය "පටිපාටි". ඒක සිංහලට හැරෙනකොට "පිළිවෙළ" :)
අවස්ථා 5 ටම උදාහරණ පොතේ තියනවා.
මේ සති අග පොත් ප්‍රදර්ශනයට ගියොත් "බසක මහිම" ගන්න. :)

Tuesday, September 14, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
81.) හිංසාව
82.) පිළියෙල
83.) පිළිවෙළ
84.) බොරළු
85.) ප්‍රමාණය
86.) ළා දලු
87.) යාළු මාළු
88.) කවුළුව
89.) කකුළුවා
90.) උදලු
91.) ඊළඟට
92.) මුළු ( සියල්ල )
93.) අලුයම
94.) ඔළුව
95.) චක්‍රය
96.) ග්‍රහණය
97.) ප්‍රවීණ
98.) ගැටලු
99.) මහලු
100.) ප්‍රස්තාර
ඔන්න අද වචන විස්ස. මතක තියාගන්න ලේසි විදිහක් කියන්නද?
මට නං එහෙම ලේසියි. වචනයක තියෙන්නෙ මේ අකුරුයි කියල මතක තියා ගන්න බලන්නෙ නැතුව,වචනය චිත්‍රයක් වගේ මතක තියා ගන්න.
මන්දා මම අදහස් කළ දේ පැහැදිලි උනාද කියල :(

Monday, September 13, 2010
කලකට පසුව ඔබ හමුවේ ..
කලකට පසුව මම ඔබ යළි බැහැ දුටුවා
ඔබේ උකුළ නව මුහුණින් එළිය වෙලා
නුගේ යට අසුන් දෙක දැන් හතර වෙලා
කැන්ටිම ළඟට තව හට් එකකුත් වැටිලා
එතුණු වෙලුණු තුරු වැල් නැති පරිසරයේ
අරලිය, මාර, තණකොළ වුව සිරි මැව්වේ
ඔන්චිලි පැද්ද හැටි පොර කා එක හැටියේ
සිහිවී සිනහ නැඟ එයි මට හිටි අඩියේ
කොරිඩෝ දිගේ ඇවිදන් යයි දෙපා මගේ
කාමර වලට එබිකම් දෙයි දෙනෙත් මගේ
ශාලා පුරා විසිරී ගිය සිනා අපේ
දෝංකාර දී දෙසවන වැකී ගියේ
අපි දැන් ලොකු ළමයි වෙමු රස්සා කරන
හිනා වෙන්න එකතු වෙන්ට වෙර දරන
ඈතක දුරක වෙන් වූවත් මිතුරු කැළ
අමතක වේද සරසවියේ මල් සමය
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
ඔන්න ළමයි අද පාඩම !!
61.) රළ පෙරළෙනවා
62.) පසළොස්වක
63.) නුවණක්කාරයා
64.) දළදා කරඬුව
65.) ඇළ දොළ
66.) ඉරිදා පොළ
67.) පළඳනවා
68.) පිළිපැදීම
69.) හිඟය
70.) සින්දුව
71.) යාළුවා
72.) හැංගුණා
73.) පුංචි
74.) ළිඳ ළඟ
75.) සුළඟ
76.) කලුරිය
77.) සෙනග
78.) අඬනවා
79.) එළවළු
80.) වලාකුළු
61.) රළ පෙරළෙනවා
62.) පසළොස්වක
63.) නුවණක්කාරයා
64.) දළදා කරඬුව
65.) ඇළ දොළ
66.) ඉරිදා පොළ
67.) පළඳනවා
68.) පිළිපැදීම
69.) හිඟය
70.) සින්දුව
71.) යාළුවා
72.) හැංගුණා
73.) පුංචි
74.) ළිඳ ළඟ
75.) සුළඟ
76.) කලුරිය
77.) සෙනග
78.) අඬනවා
79.) එළවළු
80.) වලාකුළු
Sunday, September 12, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
අද දවසට ඉගෙන ගන්න :)
41.) විකුණනවා
42.) කළගෙඩිය
43.) ලණු පොට
44.) කිණිහිරියා
45.) පැටව්
46.) තණකොළ
47.) සැඳෑ අඳුර
48.) හොරණෑව
49.) පිළිගත්තා
50.) පෙණකැටි
51.) දලු කොළ
52.) පියාඹනවා
53.) ගණක රාමු
54.) තල පැළ
55.) කඩිසරකම
56.) නෙළනවා
57.) පොළොව
58.) ගුණදායක
59.) සුවඳැල්
60.) අලුත් පණක්
41.) විකුණනවා
42.) කළගෙඩිය
43.) ලණු පොට
44.) කිණිහිරියා
45.) පැටව්
46.) තණකොළ
47.) සැඳෑ අඳුර
48.) හොරණෑව
49.) පිළිගත්තා
50.) පෙණකැටි
51.) දලු කොළ
52.) පියාඹනවා
53.) ගණක රාමු
54.) තල පැළ
55.) කඩිසරකම
56.) නෙළනවා
57.) පොළොව
58.) ගුණදායක
59.) සුවඳැල්
60.) අලුත් පණක්
Saturday, September 11, 2010
මෝඩ කට
මහ බැංකු බෝම්බය පුපුරා ගිය කාලයේ මම නවය හෝ දහය පංතියේ උගනිමින් සිටියෙමි.
බෝම්බයක් පිපිරූ බව සැළව ගිය පසු, පන්ති කාමර සියල්ල බිරන්තට්ටු වූවා මට මතකය.
මගේ යයි කිව හැකි කිසිවකු එහි සේවය නොකළත් මගේ මිතුරියන්ගේ දෙමාපියන් එහි සේවක සේවිකාවන් වූ බැවින් මා තුළ වූයේද තිගැස්මකි.
එක් පියකු මිය ගොස් සිටියේය. ඈ මගේ ලඟම මිතුරියක නොවූවත් පංතියේ සිටි අහිංසක දැරියන්ගෙන් එක්කෙනෙකු වූවාය.
මම තවත් මිතුරියක සමඟ විස්තර කතා කරමින් උන්නෙමි.
"තාත්ත නැති වෙනවයි කියන්නෙ කොච්චර ලොකු දුකක්ද" ... එකවරම මට සිහියට නැඟියේ මා කතා බස් කරන දැරියගේද පියා කුඩා කලම මිය ගොස් ඇති වගය.
සිදුවූ වරද වසා ගන්නටත්, ඇගේ රිදුණු හිත සනසන අටියෙනුත්, "තාත්ත විතරක් මොකද .. අම්ම තාත්තා දෙන්නම නැති ළමයි ඉන්නෙ" කීවෙමි.
මගේ අරමුණ වූයේ ඇයටත් වඩා තනිකමින් ජීවත් වන ළමයින් ඇති බව ඒත්තු ගැන්වීමය.
ඇයට එක්කෙනෙකු හෝ සිටී යන ධනාත්මක මානසිකත්වය ලබා දීමය.
ඈ කිසිත් නොකියා හැඟුම් විරහිත මුහුණකින් යුතුව සිටියාය.
මගේ හිතට ඈ පිළිබඳ නැඟි කණගාටුව නොනිමියේය. මා අතින් එවන් වරදක් සිදු වූ බවට මම ඇගේ කිට්ටු මිතුරියක සමඟ කණස්සලු සහගතව පැවසීමි.
" එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. පොඩි කාලෙදිම ඇක්සිඩෙන්ට් එකකින් නැති වෙලා"
" එතකොට අර අම්ම අම්ම කියන්නෙ?"
" ඒ පුංචි අම්මාට. අම්මගෙ නංගිට"
එදා ඇතිවූ සිත් තැවුල, මගේ සිතේ අදත් එසේමය.
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
ඔන්න අද තව කොටසක් පළ කරනවා :) තාම තුන වසරේ :)
21.) වළවල්
22.) කුකුළා
23.) ඇණය
24.) රඹුටන්
25.) කැලණිය
26.) එළිය
27.) මෑණියෝ
28.) කණ්ඩිය
29.) එළකිරි
30.) අච්චාරු
31.) පැහැදිලි
32.) කුඹුර
33.) බඹරු
34.) ඉක්මනට
35.) තීරණය
36.) උපකරණ
37.) ගණන
38.) වහළය
39.) උදාහරණ
40.) පඳුර
21.) වළවල්
22.) කුකුළා
23.) ඇණය
24.) රඹුටන්
25.) කැලණිය
26.) එළිය
27.) මෑණියෝ
28.) කණ්ඩිය
29.) එළකිරි
30.) අච්චාරු
31.) පැහැදිලි
32.) කුඹුර
33.) බඹරු
34.) ඉක්මනට
35.) තීරණය
36.) උපකරණ
37.) ගණන
38.) වහළය
39.) උදාහරණ
40.) පඳුර
Friday, September 10, 2010
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
සිංහලයේ සමහර වචන තියනව, අපිටම විස්වාස නෑ මොකක්ද හරි අකුරු ගැලපුම කියල.
පොඩ්ඩ පොඩ්ඩ මතක තියාගමු. කිහිපයක් අද පළ කරන්නං.
ඔන්න මේ වචන තියෙන්නෙ 3 වසරේ ළමයින්ට ඉගෙන ගන්න නිර්දේශ කරපු ලැයිස්තුවක.
කොහොමද තම තමන්ගේ දැනීමේ තරම කියල බලා ගන්නකො.
1.) කලබල
2.) උගුල
3.) කම්මැළි
4.) පිහාටුව
5.) පලතුරු
6.) උදව්ව
7.) ළමයි
8.) පිරිසිදු
9.) රණ්ඩුව
10.) පිළිමය
11.) මව්බිම
12.) පළාත
13.) පොකුණ
14.) මුහුණ
15.) පේළිය
16.) කූඩලු
17.) වඳුරා
18.) බබළනවා
19.) දැනුණා
20.) ඇහුණා
අදට ඇති නෙ :)

Wednesday, September 8, 2010
කණ්ණාඩිය කන්නාඩිය
Tuesday, September 7, 2010
ශාන්ත
සත් වසරක පළමු පෙම බිඳී නව වසරකට පසු අද මම විවා පත් වෙමි.
සුනිල්ගේත් මගේත් මංගල පින්තූරය මැදින් මට ඔහු පෙනී නොපෙනී යයි.
ඔහු ඇත්තටම ශාන්ත විය. මම එකල සා.පෙළ පංතියේ උගත්තෙමි. මා වයසින් එතරම් නොමේරුවද, ඔහු මට වඩා වසර පහ හයකින් වැඩුමල් වූද, එය ඉතා හොඳ යෝජනාවක් වූ බැවින්, ගෙදර අයගේද අනුමැතිය ඇතිව මම ඔහුට පොරොන්දු බස් දුනිමි.
පාසල් යුගයෙන් පසු මම නිමි ඇඳුම් ෆැක්ටේරියක වැඩට ගියෙමි. ශාන්ත මා සමඟ ඇවිදින්නට යාමට සවසට එයි.
අපි අනුන්ගේ ඕපාදූපත්, අනෙකුත් නොයෙක් වල් පල් කතාත් සාකච්ඡාවට බඳුන් කලෙමු. නමුත් ඔහු මගේ මිතුරියන්ගේ පෙම්වතුන්ට වඩා වෙනස් අයෙක් විය.
මම දිනක් බලා හිඳ බැරිම තැන, "අපි ෆිල්ම් එකක් බලන්න යමු" යි යෝජනා කලෙමි. ඔහු සිනාසී මා දෙස බැලූ ආකාරයෙන් ලැජ්ජාවට පත් මම, නැවත ඔවැන්නක් නොඅසමියි ඉටා ගතිමි. සිරීපාදේ වන්දනාවේ ගිය දින ඔහු යන්තන් මට හාද්දක් දුන්නේය.
කල් යත්ම අපේ ගෙදරින් "මේවා පිළිවෙලක් වෙන්න ඕනෑයි" කියන්නට පටන් ගැනිණ. මම ශාන්තට මෙය කියූ විට, ඔහු දෑස් ලොකු කර ,දැන්ම බඳින්න හදිස්සි මොකදැයි ඇසුවේය.
ඒකත් ඇත්තය. "විසි දෙකක් කියන්නේත් වයසක්ද" මම තනිවම කල්පනා කළෙමි.
මට සියල්ලටම වඩා කේන්ති පොඩි අක්කා සමඟය. ඈ මා කසාද බැන්ඳුවොත් හොඳ යැයි අම්මාට උල්පන්දම් දෙයි.
ඇගේ සැමියා හා ඈ පෙම්වතුන් කාලයේදී, හූ කියමින් සිනා සෙමින් රබර් වතු මද්දෙන් දිවූ හැටි මට මතකය. ඔවුහු හොඳ මිතුරෝ වූහ.
"මල විකාර. නැහැදිච්ච කම" යැයි මම සිතින් බැණීමි. එලෙස මා බැන්ණේ මගේ සිතේ ඈ කෙරෙහි උපන් කෝපයෙන්ද නැතිනම් මා කෙරෙහි උපන් කණගාටුවෙන්දැයි කීමට මට තවම සැක සහිතය.
කෙසේ වුවද ගෙදර අයගේ බලවත් ඉල්ලීම පිට මා ඔහුට කෙරූ කන් කෙඳිරිය නිසා, ඔහු දෙමාපියන් සමඟ චාරිත්‍රානුකූලවා අප නිවසට පැමිණියේය.
පසුව අපේ ගෙදරින්ද ඔහුගේ නිවසට යන ලදී.
එදින අපේ ගෙදර එක මළ ගෙයක් විණි. අහස මා හිස මත කඩා වැටිණි.
"මට එයා බඳින්න බෑ" ඔහු කියා ඇත.
ඔහුත් මාත් අතර සම්බන්ධය ඇති කලේ අපගේ මිතුරියකි. ඔහුට ඊට කලින් පෙම්වතියක සිට ඇත.
ගෙදර අය මීට විරුද්ධ වූ බැවින් ඈ රට හැර ගියාය. මගේ මිතුරිය මාව ඔහුට හඳුන්වා දී ඇත්තේ පළමු කී සම්බන්ධය කැඩීමට ඒ නිවැසියන්ගේ තිබූ අවශ්‍යතාවය සලකාය.
ඔහුද ඔහුගේ ගෙදර අය රැවටුවේය. ගෙදර ඇත්තෝ ඔහු රැවටුවෝය. අන්තිමට රැවටුනේ මාය.
ඔහුගේ පළමු පෙම දැන් නැවත මෙරට පැමිණ ඇත. ඔහු ඇගේ අත පතයි. මා නොපතයි.
මගේ මිතුරිය ගැන මට ඇත්තේ කෝපයකි. ශාන්ත ගැන මට ඇති හැඟීම, වංචාකාරයකු කෙරෙහි ඇතිවන කෝපයක්ද, බියගුල්ලෙකු කෙරෙහි ඇතිවන පිළිකුලක්ද, අසරණයකු කෙරෙහි ඇතිවන අනුකම්පාවක්ද කියා දැන ගැනීම ගැටළු සහගතය.
"ඔයා වොෂ් දැම්මද?" ඒ සුනිල්ය. ඔහු මට පෙම් කරන්නේද තියා, මා ඔහුට පෙම් කරන්නේද වත් මම නොදනිමි.
"මොකා උනත් අන්තිමට ඔච්චරයි" මම හිත හදා ගනිමි. "ඔහොම යනකොට ආදරේ වෙයි"
Thursday, September 2, 2010
දිනුම් පැරදුම්
අපි ඔවුන් බැලීමට ගියෙමු. ඔහු නිවැරදිය. ඒ අවුරුදු 7 කට පමණ පසු විය යුතුය. අප අවසන් වරට පැමිණි
කාලයද ඔහුට හරි හැටි මතක ඇති සේය.
මගේ දෙමවුපියන් කොළඹ වුවත්, මගේ ගම රජ රටය. ඒ මා ඔවුන් දුෂ්කර සේවයේ යෙදී සිටියදී ලැබූ දරුවා වූ බැවිනි.
රජරට වැව් දිය පිස ගෙන එන සුළඟත්, දූවිලි වැකි උණුසුම් මාරුතයටත් මම එක සේ පෙම් කරන්නේ, රජරට ජීවියෙකුගේ ආත්මයක් ලද්දෙක් නිසාවනැයි දැනටත් සිතමි.
දුෂ්කර සේවය හමාර කොට නැවත කොළඹ පැමිණි පසුත්, වසරක් පාසාම රජරට යන්නට මගේ දෙමව්පියන් පෙළඹවූයේ, එහි මිනිසුන්ගේ ගැහෙන උණුසුම් හදවත්ය.
අපට එහි මිතුරන් බොහෝ දෙනෙක් වූ නිසා, ඒකනායක ගෙදරට යන විට කළුවර වැටෙන්නට ඔන්න මෙන්නය.
"අපෙ අප්පේ... අන්කල්" ඔහු වෙනදා මෙන්ම සුපුරුදු සෙනෙහසින් තාත්තා පිළිගනු මට ඇසිණි. ඔහු මට වඩා වසර 2ක් වැඩිමහල් වූ බැවිනුත්, ඔහුගේ අනික් මල්ලිලාට පෙර මා ඔහුට නැඟනිය වූ බැවිනුත් ඔහුත් මාත් අතර වූයේ ඉතා කුළුපග සහෝදර බැඳීමකි. කුඩා කල අයියා මා නැළවූ හැටි, මා බලාගත් හැටි ඒකනායක ඇන්ටී කියන්නේ හද පිරි සතුටිනි.
මගේ රන් කිරි කට ගෑවේද ඈ ලු. තමාගේ මුද්ද කිරෙහි දමා උරච්චි කොට, බිළිඳියගේ දෙතොලේ තැබූ අයුරු කියා ඈ මා ආදරයෙන් වැළඳ ගනී.
කොතරම් බැඳිමක් තිබුණද ඒකනායක අන්කල් මිය ගිය වේලේ අපට යන්නට බැරි විය. ඔහු මිය ගිය බව අපට ආරන්චි වූයේ දින ගණනක් පසු වීය. තුන් මාසේ දානයට යමුයි සිතා සිටි අප අවසන ගියේ මාස ගණනකට පසුය. ඒ යන විට ගෙදර කිසිවකු නොසිටි බැවින් අපි කණගාටුවෙන් හැරී ආමු.
"උඹ නිසා අපිට යාළු කමුත් නැති උනා" අම්මා මට චෝදනා කල වාර ඇත. අයියා මට අයියා කෙනෙකුට වඩා ආදරේ බව මට දැණුනු විට මම ඔහු කිරා බැලීමි. අප කොපමණ යාළු වුවත්, ඔහුගේ ජීවන රටාවත් මගේ ජීවන රටාවත් වෙනස්ය.
මම ටික කලකින් උපාධිධාරියකු වන්නෙමි. ඔහු නිකන්ම නිකං උ.පෙළ සමත් පමණි. තව බොහෝ වෙනස් කම් ඇත. ඔහු අප නිවසට පැමිණි විට මම ඔහු මඟ හැරින්නටත්, අඩුවෙන් කතාකිරීමටත් පුරුදු වීමි. සමහර දවසක මම එළියට නොපැමිණියෙමි.
අම්මා මා සමඟ තදින් කෝප වූවා මට මතකය. "නොකෙරෙන කෙහෙල්මල් වලට හෝප්ස් දෙන්න මම කැමති නෑ". පසුව ඒකනායක ඇන්ටීද අම්මා සමඟ දුරකථන කතා බහ අඩු කෙරිණි.
මම නිවසට ගොඩ වූයේ චකිතයෙනි. ඔහුද මා සමඟ කතා නොකලේය. " දැන් ඉස්සර වගේ දෙකක් වෙලා" මම කතාව ඇරඹීමි. අයියා සිනාසුණේය.
මම දෙවන වර තිගැස්මට ලක් වූයේ ඔහුගේ බිරිඳ දැකීමෙනි. අයියා විවා පත් බව මම දැන සිටියෙමි. නමුත් ඇගේ බාහිර ස්වරූපය මා වැනිම බව මම නොදැන සිටියෙමි.
"අපිට දැන් චූටියෙක් ඉන්නවා". පෙර මා දෙස බලා දිලිසුණු දෑස් දැන් දිලිසෙන්නේ දරුවා ගැනය. ඔහු දැන් පියෙකි. ඔහු කෙරෙන් මා වෙත ඇත්තේ හිස් හැඟීමකි. මම කවුද ....
අයියා කාමරයට ගොස්, හුරුබුහුටි, පුෂ්ටිමත්, පියකරු, සුරතල් බිළිඳියක වඩාගෙනවුත් අම්මාගේ අතේ තැබුවේය.
නොබෝ වෙලාවකින් ඇය මා හා මිතුරු වූවාය. මම දැරිය අතට ගත්තෙමි.
"දැන් නංගි කොහෙද වැඩ කරන්නෙ?" මම කෙටි පිළිතුරක් දිනිමි.
"කොහේ හිටියත් ඉතින් ඉංජිනේරුවෙක් වෙන්න ඇති" ඔහු සැමදා මා අගය කළේය. සුදු, ලස්සන, දක්ෂ, ........ හිතුවක්කාර යැයි කියා මට බැණ්නේත් මා ඉන් තවත් ඉදිමෙන ආකාරයෙන් මිස, මගේ සිත තැලෙන අයුරින් නොවේ.
අපි ඔන්චිලි පැද්දෙමු. සියඹලා කැඩුවෙමු. ඔහු කවදත් මගේ ඉල්ලීමක් වීසි නොකරයි.
කාඩ් සෙල්ලම් කලෙමු. දාම් ඇදීමු. මා රණ්ඩු කෙක්කය. ඔහු සැමවිට මා අවුස්සා සිනාසෙයි.
"කොළඹට කිරි, අපිට කැකිරි" පාසල් වියේ ඔහු නිතර කියූවකි.
"කෙහෙල්මල, කොළඹ කිරි වලට වඩා රජරට කැකිරි හොඳයි" මට සිතේ.
"නංගි බැඳලද?"
"තාම හොයනව" මම මගේ සුපුරුදු කැත්තෙන් පොල්ලෙන් වචන වලින් සහ අසංවර සිනහවෙන් පිළිතුරු දිනිමි.
කොහොමටත් මේ පොදු පැනයට පිළිතුරු සැපයීම මඟ හැරීමට මා සැමදා දක්ෂය. මුඛරි කමින් මොනවා හෝ කියා, අනෙකා සිනහ ගන්වා මම ප්‍රශ්නයෙන් පැන යමි.
මාත් ඔහුත් අතර වචන දහයකට පහළොවකට වඩා කතාවක් සිදු නොවිණි. මගේ අවධානය නිරතුරු රැඳී තිබුණේ, මගේ අතේ හුන් ඔහුගේ දියණිය කෙරෙහිය. ඈ එතරම්ම ලස්සන බිළිඳියක් වූවාය.
අයියාගේ බිරිඳ පියකරුය. සුන්දරය. ඒ ඈ මා මෙන් නපුරියක නොවූ බැවිනැයි මට සිතේ.
රජරටට යන ගමනේදී "ඔයා තනියෙන්" කියා මා කොනිති ගැන්වූ මගේ සිත, රජරටින් එන ගමනේදී "අයියා ඔයාට හිනා වෙනවා ඇති" කියා හොල්මන් කරන්නට විය.
"නෑ. අයියා මට හිනා වෙන්නෙ නෑ. එයා මට ආදරෙයි" මම තදින් කියා සිටියෙමි.
Tuesday, August 31, 2010
මම තනියම
අහස වැසුණු නිල් වියන් යටින්
එතුණු බැඳුණු තුරු ලතා මැදින්
කෙතින් පිරුනු ගම් දනව් මැදින්
මම තනිවම ඔබ කොහෙද ගොසින්
හිරුට ඇරුණු කටු ලැහැබ් තුළින්
ගුරු පැහැයෙන් වෙළි පලාපතින්
කරඹ මලක කිරි සිනාවකින්
ඔබව සොයමි මම දකිනු රිසින්
මහවැලියේ හඬ ඇහෙන දුරින්
නින්ද නොයන රැය පහන් කරම්
සිතුවිලි අවදිව ගලන තරම්
මහවැලියත් නෑ නුඹත් දැනන්
එතුණු බැඳුණු තුරු ලතා මැදින්
කෙතින් පිරුනු ගම් දනව් මැදින්
මම තනිවම ඔබ කොහෙද ගොසින්
හිරුට ඇරුණු කටු ලැහැබ් තුළින්
ගුරු පැහැයෙන් වෙළි පලාපතින්
කරඹ මලක කිරි සිනාවකින්
ඔබව සොයමි මම දකිනු රිසින්
මහවැලියේ හඬ ඇහෙන දුරින්
නින්ද නොයන රැය පහන් කරම්
සිතුවිලි අවදිව ගලන තරම්
මහවැලියත් නෑ නුඹත් දැනන්
Friday, August 27, 2010
අනුන් අත රැඳි සිහින
Monday, August 23, 2010
සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
පුළුවන් නං කියන්න බලන්න මේ කතාව මොකක්ද කියල. අපේ සුදා මට ලඟදි කියල දුන්නු කතාවක් මේක.
ඔන්න එකෝමත් එක රතක, පූල් ගෙදියක් තිබ්බා. හොඳද? පූල් ඇදෙන්නෙ ඇලේ නේද?.. නේද? ..
දවචක් ඔලු කත්තියක් ඇවිත් පූල් ගෙදිය කදන් ගියා. පොළත අලන් ගියා. අලිද?
ඊත පත්තෙ....., අර තිලින් තිලින් ගාල චද්දෙ එන්නෙ මොකක්ද? චීනුව .. චීනුව ගැඋවා විතලයි, ඔලා මේම කලල බෙල්ල අත ගාලා, අළු පිච්චා. ඊත පත්තෙ පොඉචියෙන් ඇවිත් අල්ලන් ගියා...
පැහැදිලියි නෙ ? ;)

Sunday, August 22, 2010
හිත හදා ගන්න ඕනෙ නම්
මේ කතාව තමුන්ට යම් යම් දේ අහිමියි කියල කණගාටු වෙන අයට හිත හදාගන්න උදවුවක් වෙයි කියල බලාපොරොත්තුවෙන් ලියන්න හිතුණා.
කෙනා අපේ මල්ලිගේ ඉස්කෝලෙ යාළුවෙක්. හිත හොඳ කොල්ලා. මල්ලිට වඩා ඉස්කෝලෙ යන කාලෙ නං ඉගෙන ගන්නත් දක්ෂයි. දැනටත් විඩෙන් විඩේ අපේ ගෙවල් පැත්තෙ එනවා.
අම්ම නෑ. ළමයි පුංචි කාලෙ අම්මා රට. තාත්තා බොනවා. සූදුවට යනවා. රට ඉඳන් ආපු අම්මා, පස්සෙ වෙන කෙනෙක් හොයාගෙන. ඉඩම් කඩම්, ගේ දොර උකස් කරලා, කැපවීමෙන් ඒ තාත්තා සූදුවෙ යෙදෙනවා. මෙයයි අයියයි විතරයි. අයියත් දැන් බැඳලා පැත්තකට වෙලා.
හැබැයි, මේ ළමයා කොයි වෙලෙත් හිනා වෙනවා. අන්දරේ කෙනෙක් වගේ. අපේ ගෙදර ආපුහාම මාව හොඳටම හිනා ගස්සල, මගෙන් බැණුනුත් අහලයි යන්නෙ.
විද්‍යා පීඨ යන්න ළකුණු තිබ්බ. "අනේ ඇන්ටි මේ පිස්සු කතා කරන්න එපා. මම විද්‍යා පීඨ ගියාම ගෙදර කන්න අඳින්න වියදං කරන්නෙ කවුද?"
ගෙදර ආපු දවසක, අම්ම කැඳ කෝප්පයක් දුන්න. "අපිට කොහෙන්ද ඇන්ටි මේවා" "ඒකනෙ කියන්නෙ. යන්න අම්මා ළඟට" "මතක් කරන්න එපා. එයා අපි ගැන හිතුවනන් අපිට මෙහෙම වෙන්නෙ නෑ"
දැන් ටික කලකට කලින් අපේ ගෙදර ඇවිත්, මෙයා කියපු කතාවකට මගේ හිත ගැලවිලා වැටුණා වගේ උනා.
"අනේ ඇන්ටි, මේ ගෙදර පන්සලක් වගේ. හිතට හරි සැනසීමක් දැනෙනවා. මම මෙහේ නවතින්නද?"
අම්මයි මමයි එක පාරට ගොළු උනා. අපේ ඇස් වල පිරිච්ච කඳුළු පේන්න නැති වෙන්න අපි අහක බලා ගත්ත.
ඔන්න ආයිමත් අන්දරේ කියවනවා. "ඉතින් මොකද්ද, මහ වැඩක්ද? කන්න ඕගොල්ලො කොහොමත් උයනවනෙ. මට බයිසිකලේට පැට්‍රල් වියදම දුන්නම ඇති"
මම කිව්වා, "අයියෝ. අපේ අම්ම මහ ඇණ පැකට් එක අනේ. ඔයාට සතියෙන් එපා වෙයි". "එහෙම තමයි අක්කෙ. ඉන්නකොට වැඩක් නෑ. නැති උනාම හිටිය නං කියල හිතෙනව"
යාළු වෙලා ඉන්නෙ දෙමළ ගෑණු ලමයෙක් එක්ක. ඒකට ඒ ගෙදරින් හොඳටම විරුද්ධ උනා. කොහොමහරි, ගෑණු ළමයත් ඒ තීරණේම හිටපු නිසා, දැන් ටිකක් ෂේප්.
ඒත් බඳින්න කියල ඒ ගෙදරින් බල කරනවා.
"ඉතින් බඳිනවකො". මම කිව්වා.
"අක්කට පිස්සුද අක්කෙ. එයාව ගෙනත් මම කොහෙද තියෙන්නෙ?"
"ගෙදර"
"අපේ ගෙදර ඉන්න පුළුවන් නං ඉතින් මාත් ගෙදර ඉන්නවනෙ"
මල්ලි මාව ඇදල අරගෙන "ඕයි. උගේ ගෙදර අප්සෙට්. කසිප්පු කාරයො කොයි වෙලෙත්"
ඔන්න ආයිමත් මම තව යෝජනාවක් දැම්මා "හරි. ඉතින් ඔයා ඉන්න බෝඩිමට ගේන්න. ඒත් කමක් නෑ නෙ"
"අනේ අක්කෙ. මට එයාව විකුණන් කන්න ඕනෙ නෑ" මගෙ ඇඟ හීතල වෙලා ගියා.
"යමං" මල්ලි කතා කලා.
ඔන්න මෙයා තඩි සන් ග්ලාස් දෙකක් දමාගෙන, පුටුවල හැප්පි හැප්පි දෙකට නැවීගෙන, "ඇන්ටී...., ඇන්ටී.." අන්ධයෙක් වගේ රඟපානවා.
පණ යනකං හිනා ගියත්, ඒ ලමයා මතක් වෙනකොට මට තාමත් දුකයි.
මගේ මල්ලි ගියෙ, කොළඹ ටිකක් විතර ප්‍රසිද්ධ පාසලකට. මේ ගොල්ලො එක පංතියෙ යාළුවො.
ජීවිතේ ගැන තීරණ ගන්න උදවු වෙන්න කාත් කවුරුත් නෑ. තමන්ටම හිතෙන විදිහකට කරල බලනවා. උදේට සේල්ස් රෙප් කෙනෙක් විදිහට වැඩ. රෑට රේස් බුකියක ටයිප් වැඩ.
හැකියාවන්, දස්කම් වැඩක් නෑ. ජීවිතේ ගැට ගහ ගන්න දඟලනව.
දාහක් දේවල් සම්පූර්ණ කරන් ඉන්න අපි, එක් දහස් එක් වෙනි එක සම්පූර්ණ නොවුණට දුක් වෙනවා.
මේ ළමයි, බිංදුවෙ ඉඳන් එකට යන්න දත කනවා.
චුට්ටක් හිතල බලන්න.

ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
මට මේ කල්පනාව එක පාරටම ආවෙ shadow ගෙ පාට පාට පොස්ට් එක දැක්කට පස්සෙ.
කාගෙ ආදරේ කොහොම වෙනස් උනත් අම්මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ. අම්මගෙ ආදරේ ඉස්සරහ අනික් හැම දේම ශූන්‍ය වෙනවා.
මේක මම ලිව්වෙ කැම්පස් යන කාලෙ. වචන වලට තනුවක් වැටිලා රෙකෝඩ් නුත් කලා කිව්වට මොකද, මට අද වෙනකනුත් අහන්න නං ලැබිලා නෑ :)
මලක මුදු ගුණ දොළක සිසිලස
ගසක සෙවණක් දෙවයි අම්මා
නෙතක කඳුළක මුව සිනහවක
සුසුම් රැල්ලක රැඳෙයි අම්මා
ගඟක මුහුදක කඳුළු නෙතු යට
සිනහවෙන් ඈ කඳුළු හංගා
හදක දරු පෙම දියත නලවන
අහස සමුදුර ළං කරන්නා
විසල් මන්දිර සපිරි පිරිවර
අඳුරු විමනකි නැතිව අම්මා
ජීවිතය ගීතයක් වේ යස
ගයන්නට බැරි නැතිව අම්මා
මේ ගීය, "දවසක් පැල නැති හේනේ" වගේ ප්‍රබල නෑ.
ප්‍රබල ගීයක් අම්මා ගැන ලියන්න තරං මම පොහොසත් නෑ.
මොකද, මේ හැම දෙයකට වඩා අම්මාගේ සුන්දරත්වය කැපිලා පේන නිසා, ගීයකට උදාහරණ හොයාගන්න බෑ :)
Saturday, August 21, 2010
මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
ඔන්න අද උදේම අපේ අම්මා, තඩි බඩු ලැයිස්තුවක් ලියල දුන්නා, තාත්තටයි මටයි ගේන්න කියල.
අපි දෙන්නත් එක්ක ගියා. බඩු ලැයිස්තුවෙ මාළුත් තිබුණා. ඒ මදිවට ඒව ගේන්න කිව්වෙ ඩීවර සංස්ථාවෙ අලෙවි හලෙන්.
අපි එතනට යනකොට, අම්මෝ පෝලිමේ දිග. තාත්තගෙ මූණ ඒ වෙලාවෙ ඇඹුල් උනත්, තාත්තගෙ මූණ ඇඹුල් වෙනවට වඩා, අම්මගෙ මූණ ඇඹුල් වෙන එක භයානක නිසා, මම කිව්ව "පොඩ්ඩක් ඉඳල බලමු" කියලා.
තාත්තගෙ ගණන් හැදීම අනුව එයා හිටියෙ 53 වෙනියට :)
ටික වෙලාවක් ඔතන ඉන්නකොට ආවලු ගෑණු කෙනෙක්, තාත්තට ඉස්සරහින් පෝලිමේ හිටපු මනුස්සය එක්ක කතාවට.
මේ ගෑණු කෙනා දැන් නොයෙක් ප්‍රශ්න අහනවලු.
"මාළු ෆ්‍රෙෂ් ද දන්නෑ නේ"
අර මනුස්සයා ගත් කටටම කිව්වලු, "මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා. ඒකනේ මේ සෙනග ඉන්නෙ. හැබැයි පෝලිමේ කෙලවර තියෙන්නෙ අතන"
අර ගෑණු කෙනා මාළු ගන්නත් නොඉඳ යන්න ගියාලු :)
හික්. :)

Thursday, August 19, 2010
පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
Wednesday, August 18, 2010
Monday, August 16, 2010
Saturday, August 14, 2010
අකීකරු හිත
ඔන්න මම පණ දාගෙන හොයනව
ඇඳ යට,
මේසෙ උඩ,
පොත් අස්සෙ,
ඔෆිස් එකේ ලාච්චුවෙ,
පන්සල් අරන් යන පන් මල්ලෙ,
ගවුම් කෑල්ලක් මහන්න කියල ගෙනාපු රෙදි කෑල්ලෙ,
කොහෙවත් හිටියෙ නැති කෙනා මෙන්න ඉන්නවා
වශී වෙලා වගේ බලන් බ්ලොග් එකක් ඇතුලෙ,
යන්තං ඇදල අරන් මතක් කරලා දුන්නා,
ෆේල් වෙච්ච විභාගෙ ගැන,
ඔන්න ඒ පාර රිසර්ච්,
රිසර්ච් නෙවෙයි,
ආයිමත්,
බ්ලොග්,
හප් !!

Wednesday, August 11, 2010
ආදරේ මට දැනෙන දවසක
Tuesday, August 3, 2010
අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
බුදු දහම කියන්නෙ අන්ත අවිහිංසාවාදී පිළිවෙතක් අනුගමනය කරන ආගමක් නෙවේ.
ඒත් අපේ සමහර ආගමික මධ්‍යස්ථාන එලවළු පමණක් ආහාරයට ගැනීම පිළිබදව උවමනාවට වඩා උළුප්පා දක්වනව.
සමහර දෙමව්පියෝ තමන්ගෙ දරුවන් කුඩා කාලයේ ඉදලම මේ මධ්‍යස්ථාන වලට යවලා,
දැන් ඔවුන් වැඩිහිටියන් උනාමත් ,
ඒ අදාළ පන්සල් වල දානය පිළියෙල කරන්න ඕනෙත් පූර්ණ කාළීන නිර්මාංශ ආහාර ගන්නවුන් කියන්න තරමට අන්තගාමී වෙලා.
මේ උගත් ළමයි මෙච්චර අන්තගාමී වීම ගැන මට දැනෙන්නෙ හරි කණගාටුවක්.
මේත් එක්කම අමුණලා තියෙන්නෙ, නිර්මාංශ ප්‍රශ්නයට පිළිතුරක්. අහල බලන්න.
ඇමුණුම: http://www.mediafire.com/?grpj4b6np5qd10j
Monday, August 2, 2010
කුමාරයා සොයා යාම
කුමාරයා පැමිණියේය
සමාවන්න
කුමාරයා නොපැමිණියේය
කුමාරයාගේ දෙමාපියෝ පැමිණියෝය
"කුමාරයා රට, ලගදීම එනවා"
කුමාරයා නාවේය
කුමාරීගේ දෙමාපියන්ගේ දැනීමට අනුව
කුමාරයාට රට කුමාරියක් ඇත්තේය
කුමාරයෙක් පැමිණියේය
සමාවන්න
කුමාරයෙක් නොපැමිණියේය
කුමාරීට ඇමතුවේය
කුමාරිය උගත් ගුණවත්ය
කුමාරිය සමාජශීලීය
කුමාරයාට කුමාරී කුස්සි අම්මා කරන්නට ඕනෑ විය
කුමාරයාට කුමාරීගේ සියල්ල වීමට ඕනෑ විය
කුමාරයාට පිස්සු
කුමාරයෙක් පැමිණියේය
මෙදා ඔහු ආවේය
දෑවැද්ද මදිය
කුමාරී විකිණෙන්න අකමැතිය
කුමාරයෙක් පැමිණියේය
කුමාරයා අහිංසක වැඩිය
අම්මාට ආදරේය
සියළු සත්වයින්ට අනුකම්පාය
කුමාරීට නං ආදරේ නැත
කුමාරයාටත් අම්මාටත් හරියන කුමාරිකාවකි සොයන්නේ
මේ කාලෙ කුමාරවරුන්ට පිස්සුය
නැත්නං කුමාරිකාවන්ට පිස්සුය
ඔක්කෝටම වඩා උන්ගේ දෙමව්පියන්ට පිස්සුය
Thursday, July 29, 2010
Friday, July 23, 2010
Saturday, July 17, 2010
ඉවාන් කුමාරයයි, ගෙම්ඹියි
'ලස්සන වසිලීස්සා' පොත කියවල තියනවද? කියවල නැති උනත් අහල නැති වෙන්න විදිහක් නෑ.
පුංචි කාලෙ ඉදන් පොත් කියවන්න ඇබ්බැහි වෙච්ච කෙල්ලක් උනාට, මේ පොත මටත් කොහොම හරි මග ඇරිලා. දැන් තමයි මම ඕක කියවන්නෙ.
පොතේ සුරංගනා කතා ගොඩයි. මේ කතා කියවගෙන යන කොට මට දැනුණු දේ තමයි, නුවණැති ගැහැණුන්ටයි, නිර්භීත මිනිස්සුන්ටයි
රුසියන් සාහිත්‍යයේ කොච්චර තැනක් දීල තියනවද කියන එක.
ඉවාන් කුමාරයගෙයි, නුවණැති වසිලීස්සාගෙයි කතාව මේ කතා වලින් එකක් විතරයි. හැබැයි ඒ කතාව අපිට පාඩම් ගොඩක් කියල දෙනව කියල මට හිතුණා.
බොහොම ඉස්සර රජ කාලේ රජකුට පුත්තු තුන් දෙනෙක් හිටිය. රජ්ජුරුවො කිව්වා, තමන් මහළු වෙන්ට කලින් මුණුපුරන් දකින්නට ආසයි. ඉක්මණට විවාහ වෙන්නයි කියලා.
සරණ පාවා ගත යුතු තරුණිය හොයා ගන්නෙ මෙහෙමයි. එක එක්කෙනා, එක එක ඊයක් බැගින් අරගෙන එළිමහන් පිට්ටනියකට ගිහිල්ලා විදිනවා. ඊය වැටෙන්නෙ කොතනද, එතන තමා ඔවුන්ගේ හිමිකාරිය ඉන්නේ.
ඉතින් තුන් දෙනාම ඔය විදිහට කලා. ලොකු පුතාගේ ඊය සිටු ගෙදරකටත්, මද්දුම පුතාගේ ඊය ලොකු වෙළෙන්දෙකුගේ ගෙදරකටත් වැටුණා.
බාල පුතා ඉවාන්. ඉවාන් විද්ද ඊය ගිහිල්ල වැටිලා තිබුණෙ මඩ ගොඩකට. මඩ ගොඩේ හිටපු ගෙම්බියක් ඒ ඊය ඇහිද ගත්තා.
ඉවාන් කුමාරයා ඈට කතා කළා.
"ගෙම්ඹියේ, ගෙම්ඹියේ ඊය මට දෙන්න"
"මාව සරණ පාව ගනින් !" ගෙම්ඹිය කීවා.
"එහෙම කොහොමද, ගෙම්ඹියක්ව මම සරණ පාව ගන්නේ කොහොමද?"
"මාව ගනින්. ඒ තමා නුඹගෙ ඉරණම"
ඉවාන් කුමරයා කණගාටුවෙන් නමුත් ගෙම්බිව අරගෙන මාලිගාවට ආවා. කසාදත් බැන්දා.
දැන් ඔන්න පිය රජතුමා තමන්ගේ ලේලිලාගේ දක්සකම් මනින කාලය.
රජු කිව්වා, බිරියන් තුන් දෙනාගෙන් මහන්න දක්ස කවුද කියලා දැන ගන්න, කමිසයක් බැගින් මස්සවලා ගෙනල්ලා දෙන්න කියල.
පුතුන් තුන් දෙනා හිස නමා ආචාර කරලා ගියා.
ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා.
ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන ඇවිත් අහනවා මොකද කියල.
ඉවාන් කුමාරයා විස්තරේ කියනවා.
"ඉවාන් කුමාරයා, නුඹ කණගාටු වෙන්ට එපා, ගිහින් නිදා ගනින්. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා" ගෙම්බිය පිළිතුරු දුන්නා.
ඉවාන් කුමාරයා නිදා ගන්ට ගියා. ගෙම්බිය එළිපත්තට ගිහිල්ල ගෙඹි හම වීසි කරලා ලස්සන වසීලිස්සා උණා. එතරම් ලස්සන කෙනෙකු ගැන කියලා ඉවර කරන්නට බැහැ.
නුවණති වසීලිස්සා අත්පුඩි ගහලා මෙහෙම කිව්ව:
"අම්මලා නැන්දලා, එක්කසු වෙයල්ල ලැහැස්ති වෙයල්ල! මගේ තාත්තා ළග තියන කමිසය වගේ ලස්සන කමිසයක් හෙට උදේ වෙන කොට මහල දියල්ල !"
ඉවාන් කුමාරය උදේ නැගිටිනකොට ලස්සන කමිසයක් මේසෙ උඩ තියනවා. ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන යනවා.
ඔන්න ඉතින් පුත්තු තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරු මහපු කමිස පිය රජ තුමාට පිළිගැන්නුවා.
"මේ කමිසය වැඩ කරන කොට අදිනව" - ඒ ලොකු පුතා ගෙනා එක
"නාන්ට යනකොට අදින්නට මේ කමිසය හොදා" - ඒ මද්දුම පුතා ගෙනා කමිසෙ
"මෙන්න මේ තමා කමිසය. උත්සවයට අදින්න හොදයි" - ඉවාන් ගෙනා කමිසෙ උඩින්ම තේරුණා.
අයියලා දෙන්නට ගෙම්බිය ගැන සැක හිතුනා. රජ්ජුරුවො ඊලගට පැවරුවෙ, රසම පාන් හදන් එන්න.
අයියල දෙන්න ඔත්තු බලන්න ආච්චි කෙනෙක් යැව්ව.
ඔන්න ඉවාන් ආයිමත් හිස බදා ගෙන කල්පනා කරනවා. ගෙම්බිය යළිත් වගකීම බාර ගත්තා.
අයියලා දෙන්න ඔත්තු කාරියක් එවූ බවත් ගෙම්බියට දැනුණ. ඈ ඔත්තු කාරියට පේන්න, පිටි අනලා ලිපේ ගිනි අගුරු තියන තැන වළක් හාරලා,
අනපු පිටි ගුලිය එය ඇතුලට දැම්ම. ඔත්තු කාරි කියපු විස්තරේ අහලා අයියලාගේ බිරියන් දෙන්නත් මේකම කලා.
රෑ උනාම ආයිත් ගෙම්බි නුවණති වසිලිස්සා උනා. මොලොක් පාන් ගෙඩියක් හැදෙව්වා.
ඉවාන් කුමාරයා පිය රජු ලගට අරන් ගියේ සීනි වලින් ලස්සන මල් වැඩ දාපු පාන් ගෙඩියක්.
අයියල අරන් ආවෙ ලිපේ අගුරු වලට කර වෙච්ච කළු පාට පාන්. රජු ඒවා වැඩකාරයින්ගේ කෑමට යවලා, ඉවාන් ගෙනා පාන් ගෙඩිය අගේ කලා.
හෙට උදේට තමන්ගේ බිරියන් එක්ක පෙනී හිටින්න ඕනෙයි කියලා රජතුමා පුතුන්ට අණ කලා.
ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා. කොහොමද ගෙම්බියක් මිනිස්සුන්ට පෙන්නන්නේ?
ගෙම්බිය කිව්වා;
"නුඹ කණගාටු වෙන්න එපා, ඉවාන් කුමරයා, නුඹ සාදයට පලයන්. මම නුඹේ පිටුපසින් එන්නම්.
ලොකු හඩකුයි, ශබ්දයකුයි ඇහෙන්නට පුලුවන්. ඒකට බය වෙන්ට එපා. නුඹ මෙහෙම කියපන්. 'ඒ මගේ ගෙම්බිය රියකින් එනවා'"
ඉවාන් කුමාරයා උත්සවයට තනියම ගියා. අයියල බිරින්දෑවරු එක්ක ආව. ඒගොල්ලො ඉවාන් ට ගෙම්බි ගැන කියල හිනා උනා.
ටික වෙලාවකින් මාලිගාවම හෙලවෙන තරමේ ලොකු හඩක් ඇහුණා. ඉවාන් ගෙම්බිය කියන්න කිව්ව වගේම කිව්වා.
මෙන්න, සුදු පාට අශ්වයො හය දෙනෙක් ඇදගෙන ආපු රත්තරන් පාට රියකින් වසීලිස්සා බිමට බහිනවා. ඈ හරිම හරිම හරිම ලස්සන්යි.
ඇවිත් ඉවාන් කුමාරයා ලගින් වාඩි උනා. උත්සවය වෙලාවෙදි වසීලිස්සා තමන්ගේ තවත් දස්කම් පෙන්නුවා. වසීලිස්සා අණුකරණය කරන්න ගිය අනික් ලේලිලා දෙන්නව රජතුමා රජ ගෙදරින් පන්න ගත්ත.
මේ වෙලාවෙ ඉවාන් කුමාරය හොරෙන්ම ගෙදර ඇවිත් ගෙඹි හම පිච්චුවා.
නුවණැති වසිලිස්සා ගෙදර ඇවිත් ගෙඹි හම හෙව්වා. ඈ දුක් වුණා.
"අනේ ඉවාන් කුමාරයා, නුඹ මොනවා කලාද! තව දවස් තුනක් ඉවසා හිටියා නම්, මම සදහටම නුඹේ බිරිද වීමට ඉඩ තිබුණා.
දැන් ඉතින් නුඹට ආයුබෝවන්. මාව නුඹට ඕනෙ නම් නුඹ රටවල් තිස් නවයක් පහු කරගෙන හතලිස් වෙනි රටට එන්ට ඕනෙ.
නොමැරෙන කසේයි රාක්සයා ළග මාව හොයපන් "
නුවණැති වසිලීස්සා අළු පාට කොකෙකු වෙලා ජනේලයෙන් එළියට පියාඹා ගියා.
ඉවාන් කුමාරය අඩලා, අඩලා වසිලීස්සා හොයන්ට පිටත් උනා.
ඔහොම බොහොම දුරක් ගියාට පස්සෙ ඉවාන් කුමාරයට මහළු සීයා කෙනෙක් මුණ ගැහුණා. ඉවාන් කුමාරයා තමන්ගේ කතාව සීයට කිව්ව.
"අනේ ඉවාන් කුමාරය, නුඹ ගෙඹි හම පුච්ච දැම්මේ මොකටද? ඒ හම එයාට ඇන්දෙව්වේ නුඹ නොවෙයි, ගලවන්නට නුඹට අයිතියක් නැහැ.
නුවණැති වසීලිස්සා එයාගේ තාත්තාට වඩා කපටියි. නුවණක්කාරයි, ඒ නිසා තාත්තා තරහා වෙලා, අවුරුදු තුනක් තිස්සේ ගෙඹි හමක් අදින්නටත් ගෙම්බියක් වෙලා ඉන්නටත් ඇයට නියම කළා.
දැන් ඉතින් මේ නූල් බෝලේ අරගෙන වීසිකරලා ඒක යන දිහාවට නුඹත් බයනැතුව පලයන්." සීයා මෙහෙම කියලා ඉවාන් කුමාරයාට නූල් බෝලයක් දුන්න.
මහළු සීයාට ඉවාන් කුමාරය ස්තුති කරලා නූල් බෝලය වීසි කරලා යන්ට ගියා. නූල් බෝලය පෙරලි පෙරලී යනවා.
ඉවාන් කුමාරය ඒ පස්සෙ යනව. මෙහෙම යනකොට ඉවාන් කුමරයාට කිහිප වතාවකදී සතුන් කිහිප දෙනෙකු මුණ ගැසුනා.
ඔහු උන්ව මරන්නට ලෑස්ති උනාම, ඔවුන් අභය දානය ඉල්ලූ නිසා ඉවාන් කුමාරයා උන් මැරුවේ නෑ.
පසුව උදවු වෙනවයි මේ සත්තු කියා හිටියා.
ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ඔහුගේ නූල් බෝලය කැලෑවකට ආව. එතන බබායිගා යකින්නගේ ගේ. බබායිගා යකින්නගෙන් ඉවාන් කුමාරයා, කිසිදා නොමැරෙන කසේයි රාක්සයාගේ විස්තර අහ ගත්තා.
"මම දන්නව, දන්නව. නුඹේ බිරිද දැන් නොමැරෙන කසේයි රාක්සයා ළග ඉන්නවා. නුඹට ඒ රාක්සයා පරද්දන්ට බැහැ. ඔහුගෙ පණ තියෙන්නෙ ඉදිකටු තුඩක.
ඒ ඉදිකටු තුඩ තියෙන්නෙ බිත්තරයක, බිත්තරය තියෙන්නෙ තාරාවකුගේ බඩේ, තාරාවා ඉන්නේ හාවෙකුගේ බඩ ඇතුලේ, ඒ හාවා ඉන්නේ ගල් පෙට්ටගමක් ඇතුළේ,
ඒ ගල් පෙට්ටගම බොහොම උස ඕක් ගහක් උඩ තියනවා. නොමැරෙන කසේයි රාක්සයා ඕක් ගහ එයාගෙ ඇහැක් වගේ ආරක්සා කරනවා "
කොහොම හරි, අර උදවු කරන්නන් කියපු සත්තුන්ගේ උදවුවෙන් ඉවාන් කුමාරයට, ඉදිකටු තුඩ තියන බිත්තරය හම්බ උනා.
ඉවාන් කුමාරය බිත්තරය බිදලා අරගෙන ඉදිකටු තුඩ කැඩුවා. කසේයි මළා.
ඉවාන් කුමාරයා කසේයි යක්සයාගේ කිරි ගරුඬ මාළිගාවට ගියා. නුවණැති වසීලිස්සා දුවගෙන ඇවිල්ලා ඉවාන් කුමාරයාව සිප ගත්තා.
ඉවාන් කුමාරයා නුවණැති වසිලීස්සා සමඟ ගෙදර ඇවිල්ල බොහෝ කලක් සැපෙන් හා සතුටින් ජීවත් උණා.
අද ඒ ඉවාන් කුමාරවරු, නුවණැති වසිලිස්සලා කෝ?

ස් ටොප් සිමා නොවුණු දුක
Sunday, July 11, 2010
Monday, July 5, 2010
මනමේ නාටකය
මනමේ නාටකය වනාහී දේශීය නාට්‍ය සම්ප්‍රදායයේ අග්‍ර ඵලයයි. බොදු පූජා කර්ම සහ ලක්දිව ශාන්තිකර්ම ඇසුරෙහි දක්නට ඈති නාට්‍යමය ලක්ෂණ; කෝලම් හෙවත් වෙස් මුහුණු නාටක, කවි නාඩගම්, සොකරි නාටක, නාඩගම්, රූකඩ නාට්‍යය, පාස්කු නාට්‍යය ඔස්සේ විකාශය විය.
දහනව වෑනි සියවසේ අග භාගයේ ප්‍රචලිත වූ නූර්ති නාට්‍යය දේශීය නාට්‍යය සම්ප්‍රදායේ පෑහෑදිලි වෙනසක් සනිටුහන් කරයි.
නූර්තියේ පිරිහීමෙන් පසුව, ටවර් හෝල් නාට්‍ය යුගය 1911 දී නීතීඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ පණ්ඩුකාභය නාට්‍යය වේදිකා ගත කිරීමත් සමඟම ඇරඹෙයි. 1933 ටවර් රඟහල චිත්‍රපට ප්‍රදර්ශනයට කැප වීමත් සමඟම ටවර් හෝල් නාට්‍ය යුගයද අවසන් විය. විශ්ව විද්‍යාලයීය නාට්‍යය පළමුව ඇරඹෙන්නේ ඉංග්‍රීසි නාට්‍යය නිෂ්පාදනයෙනි. ඉංග්‍රීසි නාට්‍යය සංගමය අනුව යමින් විශ්ව විද්‍යාලයේ සිංහල ශාස්ත්‍රීය සමිතිය විසින්ද නාට්‍යය නිෂ්පාදනය කෙරිණි. මේ නාට්‍ය අතුරින් ගුණපාල මලලසේකරයන්ගේ "ඉබේ වෙදා", "යන්තම් ගැලවුණා" නාට්‍යයන්ද, ආචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මුදලාලිගෙ පෙරළිය", "කපුවා කපෝති" යන නාට්‍යයන්ද ප්‍රසිද්ධියක් ලබා ගත් නාට්‍යයයි.
මෙලෙස දේශීය නාට්‍යය කලාවක් ගොඩ නෑගීමේ ප්‍රයත්න දැරූවන් අතර මුල් තැනක් ගත් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ, පර්යේෂණාත්මක සහ එමෙන්ම දේශීය සම්ප්‍රදායයක් ගොඩ නැගීමේ අරමුණක් පෙරදැරි කොට ගත්, ලාංකීය නාට්‍ය කලාව තුල සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යයයි, මනමේ.
මනමේ කතාව ලෙස ප්‍රචලිතව ඇති ජන කතාවට මූලාශ්‍ර වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372 වෙනි ජාතක කතාව ලෙස දැක්වෙන චුල්ල ධනුග්ගහ ජාතකයයි. මනමේ කවි නාඩගම, චුල්ල ධනුග්ගහ ජාතකයේම කාබන් කොපියක් ලෙස නිර්මාණය වුවද, සරච්චන්ද්‍රයන් විසින් මනමේ නිෂ්පාදනය කරන්නේ චුල්ල ධනුග්ගහ ජාතකයේ සැකිල්ල ගෙන එයට සිය පෞද්ගලික දර්ශනයද, මනමේ කුමරිය පිළිඹද මානුෂීය විග්‍රහයක් ද එකතු කරමිනි. මෙම ප්‍රතිනිර්මාණයේදි සරච්චන්ද්‍රයෝ මනමේ කෝලම් හා කවි නාඩගම් වල ආභාස පමණක් නොව අකිර කුරසෝවාගේ රෂෝමොන් චිත්‍රපටිය නැරඹීමෙන් ලැබූ අත්දැකීමද භාවිතා කළ බව පවසති.
"මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොට ගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිද ගත්තේ ජපානයෙහිදී හෝ ඇමරිකාවෙහිදී අකිර කුරසොව විසින් අධ්‍යක්ෂණය කරන ලද "රෂෝමොන්" නම් චිත්‍රපටිය බැලීමෙන් පසු ය.
"රෂෝමොන්" චිත්‍රපටියට ආශ්‍රය කරන ලද්දේ අකුතුගව නම් කතුවරයාගේ කතාවකි. මේ කතාව සාරාංශයෙන් ගත් විට අපේ චුල්ල ධනුග්ගහ ජාතකයටත් මනමේ ගැමි නාටකයටත් සමානය."
( මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : පිං ඇති සරසවි වරමක් දෙන්නේ )
"මනමේ කතාව කෝලම් සම්ප්‍රදායයෙන් හා කවි වලින් මෙතෙක් කල් ගම්බදව රඟ දැක්වුණු නුමුදු, එය නාඩගම් සම්ප්‍රදාය අනුව රග දැක්වීම සදහා රචනා කරන ලද පළමු වතාව මේය. නාඩගම් සම්ප්‍රදාය පදනම් කොට ගෙන මේ නාට්‍යය රචනා කළ මා විසින්, පරණි නාඩගම් සම්ප්‍රදායට අයත් සියලු අංගයන් ම අනුගමනය නොකරන ලදී.
බහු බූත, සෙල්ල පිල්ලෙ ආදී නළුවන්ගේ රැඟුම් ඇත්ත වශයෙන්ම නාට්‍යයට සම්බන්ධ නොවන් හෙයින්, මා විසින් ඒවා බැහැර කරන ලදී. එසේ නමුදු, නාඩගම් ශෛලියට අවශ්‍ය වූ හැම සිරිතක් ම මෙහි රක්නා ලදැයි කියනු කැමැත්තෙමි.
දේශීය සම්ප්‍රදාය, ඉදිරියට අප අතර පැලපදියම් වීමට නම්, වර්තමාන රසිකයන්ගේ රුචියද මදක් සැලකිය යුතු ය යනු කවුරුන් විසින් වුවද පිළිගනු ලැබේ යයි සිතමි. මේ නාටකය රචනා කරන අතර බොහෝ කාලයක් මුළුල්ලේ නාඩගම් නිෂ්පාදනය කර විශාල පළපුරුද්දක් ඇති අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමඟ සාකච්චා කොට බැහැර කල යුතු දේ බැහැර කොට, ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කොට, මෙසේ මේ නාටකයේ ආකෘතිය සකස් කරන ලද බව පවසනු කැමැත්තෙමි."
(මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : මනමේ නාටකයා
මෙලෙස නිර්මාණය වූ මනමේ නාටකයේ කතාව සැකෙවින් මෙසේය.
දිසාපාමොක් ඇදුරිදු සමීපයේ ශිල්ප උගන්නා මනමේ කුමරු, ඇදුරිදුගේ දක්ෂතම ශිෂ්‍යයායි. කුමරිය කෙරෙහි නොපළ ප්‍රේමයකින් පසුවන කුමරු, ශිලප හදාරා අවසානයේ දිසාපාමොක් ඇදුරිදු විසින්, සිය දූ කුමරිය, කුමරුට සරණ පාවා දීමට ගන්නා තීරණයත් සමඟම ප්‍රීති ප්‍රමෝදයට පත් වෙයි. සිය පියාණන්ගේ සිත නොතළා, දිවි ගෙවන බවට ප්‍රකාශ කරන කුමරියද, මනමේ කුමරු කෙරෙන් ස්වාමීත්වය ලබන්නට රුචි කරන්නීය.
දෙපාර්ශවයේම කැමැත්තෙන් විවාහයට පත් වන නව යුවළ, බරණැස් නගරය බලා පිටත් වෙති.
සියල්ල නොසිතූ අයුරින් වෙනස් කළ සිදුවීම් රැසක් සිදුවන වන අරණකට ඔවුන් දෙදෙනා පිවිසෙන්නේ මේ ගමනේදීය. කුමරාත් කුමරීත් වනයේ සිරි නරඹමින් ප්‍රේමයෙන් ඔකදව ගමන් කළත්, වනයේ ඇති භයංකර භාවය, කුමරිය විටෙක බියට පත් කරයි.
වනයේ ආගන්තුකයින් වූ මනමේ කුමරාත්, කුමරියත් වැදි දෙටුවන්ගේ ඇස ගැටෙන්නේ මේ මොහොතේ දී ය.
කුමරියගේ රූප ශ්‍රියාව දකින ඔවුහු සිය රජුනට සුදුසු බිසව මේ යැයි තීරණය කොට එපවත් වැදි රජුට දන්වති.
කුමරිය අත ගැනීමේ අභිප්‍රායයෙන් මනමේ යුවළ ඉදිරියට එන වැදි රජු, කුමරිය වනයේ තබා වනයෙන් පිටවන ලෙසට කුමරුට අණ කරයි. කෝපයට පත් වන කුමරු හා කුමරිය කෙරෙහි ලොබ බැදි වැදි රජු අතර ද්වන්ද සටන ඇරඹෙන්නේ මේ වාග් ප්‍රහාර වලින් අනතුරුවය.
සටනින් වැදි රජු පෙරළා බිම හෙළන කුමරු, ඔහු මරා දැමීමට කුමරියගෙන් කඩුව ඉල්ලයි. මෙහිදී කුමරිය වැදි රජු මරා දැමීම පිළිබද එකඟ නොවන්නීය. වනාන්තරය සිය වාස භවන වී තිබියදී සහ වැදි දෙටුවන් රැසක් සිටියදී, ද්වන්ද සටනකට පැමිණි වැදි රජු ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් අයකු ලෙස ඈ දකින්නීය. "ඔහුට සමාව දෙනු මැනවී" ඇය කරන ඉල්ලීමෙන්, මනමේ රජු තිගැස්සෙයි. මේ සමඟම ඔහුගේ ග්‍රහණය ලිහිල් වන අතර, අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් වැදි රජ වහා ඔහුගෙන් මිදී බිසව අතින් කඩුව ගෙන මනමේ රජුට ඇන ඔහු මරයි.
කුමරිය වැදි රජුට දෝෂාරෝපණය කරන අතර වැදි රජු නිදහසට කරුණු දක්වයි. වන අරණේ වෙන සරණක් තමන්ට නැති බවත් වැදි රජු තමන්ට ප්‍රිය බවත් දකින කුමරිය, ස්වකීය බිසව වන්නට වැදි රජු කරන ඉල්ලීම පිළි ගනී.
දෙදෙනා මෙලෙස ගමන් කරන අතර වැදි රජු තමන් කෙරෙහි බැදි ආලයෙන් බොලද වන මනමේ කුමරිය, ඔහුගේ සිත ගැන්ම පිණිස කරණ ප්‍රකාශයකින් වැදි රජු සසල වෙයි.
"මනමේ රජු ඔබ - ගෙල සිද ලන්ටා
කඩුව ඉල්ලූ සද ඔහු වළකන්ටා
කල තැත දුටුවද - ඔබ ගලවන්ටා
සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා"
සිය දක්ෂකම යටපත් කරමින් සහ සිය බිරිද වෙනුවෙන් සටන් කළ ධීර සැමියා අමතක කර කියනා මෙවදනින් අන්දමන්ද වන වැදි රජ විසින් කුමරිය ප්‍රතික්ෂේප කරනු ලැබෙයි.
කුමරිය නොයෙක් ආයාචනා කලද නොනැවතින වැදි රජ, ඈ තනි කර දමා යයි. තනි වූ බිසව පසුතැවිල්ල දරා ගත නොහැකිව ළය පැළී මිය යයි.
"ගැමි ජනතාව අතර ප්‍රකට වූ මනමේ කථාව මා නාට්‍යයක ස්වරූපයෙන් ඉදිරිපත් කලේ එම බිසව චපල ස්ත්‍රියක ලෙස නිරූපණය කිරීමේ අදහසින් නොවේ. කථාව පළමු වර මා ඇසූ අවස්ථාවෙහි කුමාරිකාව ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාවට පාත්‍ර වෙතැයි මට සිතිණි.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග භූමියෙහි එය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ඇතැම් ආචාර්යවරුන් ඉදිරියෙහි රඟපාන අවස්ථාවෙහි ඔවුන් බිසව කෙරෙහි අනුකම්පා සහගත දෘෂ්ටියකින් බලන් බවක් පෙනිණි. ශිෂ්ය ශිෂ්යාවන්ගේ ප්‍රතිචාරය කුමක් වේ දැයි මම නොදැන හුන්නෙමි. එහෙත් ඔවුන් කිසියම් ලෙසකින් නාට්‍යයෙන් කම්පා වුණු බව මම දුටිමි. එසේ වූයේ නාට්‍යයට ආශ්‍රය වූ කථාව නිසාද, එහි සංගීතය නිසාද යනාදී තතු පිළිබදව මම නොදනිමි.
ඔවුන් හැම දෙනාම කුල්මත් වී මුල සිට අග දක්වා මහත් කුතුහලයකින් එම නාට්‍යය නැරඹූ බව මට පෙනිණි. එහෙත් කොළඹ ( බොරැල්ලේ ) පිහිටි රංග ශාලාවෙහි ඇතැම් ප්‍රේක්ෂකයන් මනමේ කුමරිය වෙත මහත් ක්‍රෝධයෙන් රඟහලේදී ම ඇයට බැණ වදින්නට වූ බව කිව යුතුය. ඔවුන් මා විසින් ඉදිරිපත් කරන ලද නාට්‍යය දෙස බැලුවේ වෙනත් ආකල්පයකින් බව කිව යුතුය. ඔවුන් දකින්නට ඇත්තේ ඇය චපල ස්ත්‍රියක ලෙසය. ඇය තම සැමියාට ලැදි නොවී වැදි රජ්ජුරුවන් කෙරෙහි පිළිඹද සිතක් ඇති කරගත් ස්ත්‍රියක ලෙසය, ඔවුන් දුටුවේ. තම සැමියා මිය යාම අනපේක්ෂිතව සිදු වූවක් ලෙස ඔවුන්ට නොපෙනුණි. එය අහම්බෙන් සිදු වූවක් නිසා බිසව කෙරෙහි අනුකම්පාවක් ඔවුන් දැක්වූයේ නැත. සමහර ප්‍රේක්ෂකයෝ බිසවට බැන වදිමින් ඇයට අපහාස කලෝය.
එහෙත් මගේ අදහස වූයේ බිසව අහිංසක ස්ත්‍රියක ලෙස නිරූපණය කිරීම ය. සිදු වූ දෙයින් ඇය තිගැස්සුණාය. අන්දුන්කුන්දුන් වූවාය. ඒ අවස්ථාවෙහි ඇයට පිහිට වීමට සිටියේ වැදි රජු පමණි. එබැවින් ඇය ඔහුට සමීප වූවාය. තමා අනාථ වූ බැවින් අන්දුන්කුන්දුන් වී වැදි රජු වෙත තම සහාය දැක්වූවා ය.
මුළු නාට්‍යයෙන්ම කියවෙන්නේ මනුෂ්‍යයාට අනපේක්ෂිතව සිදු විය හැකි අභාග්‍ය ගැනය. මනුෂ්‍ය ජීවිතයෙහි මෙබදු අනපේක්ෂිත අභාග්‍ය සිදු විය හැකි හෙයින් මනුෂ්‍ය ඉරණම වෙත ප්‍රේක්ෂකයා කම්පා වනු ඇතැයි මම සිතුවෙමි.
මනුෂ්‍ය ලෝකයෙහි මෙවැනි අභාග්‍ය ඉරණමක් කෙනෙකුට අත් විය හැකි බව දැක්වීමය, මගේ අදහස වූයේ.
එනම් ජීවිතයෙහි අනිත්‍යය මෙන්හි කිරීමට ප්‍රේක්ෂකයාට තුඩු දීමය. "
(මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : මනමේ නාටකය)
ඇසුරු කළ කෘති:
මනමේ නාටකය - එදිරිවීර සරච්චන්ද්‍ර
මනමේ - පරිපූර්ණ විචාර සංග්‍රහය - උපුල් ශාන්ත සන්නස්ගල, අනිල් පෙරේරා
Saturday, June 12, 2010
අදින්න එපා අදින්න එපා අපිට ආයි නවන්න අමාරුයි
මම ජීවිතේටම දැනුම් තේරුම් ඇතුව පිටකොටුවට ගිහින් තියෙන්නෙ දෙපාරයි.අද තමයි ඒ දෙවෙනි ගමන.
අපි ගියෙ පිටකොටුවෙ දෙවෙනි හරස් වීදියට. අපි කිව්වෙ, මමයි
මගෙ මල්ලිගේ නැන්දම්මයි.
ඔන්න ඉතින් අපි ගිය කාරණාව ඉෂ්ට සිද්ධ කර ගත්තයි කියමුකො.
ඊට පස්සෙ එන ගමනේදි මම දැක්ක මිනිස්සු තුන් හතර දෙනෙක්
අමුතු බිස්නස් එකක් කරනවා. ඒ වටේට මිනිස්සුත් පිරිලා ඉන්නවා.
මටත් ඉතින් ඕනෙ නැති කෙහෙල්මලක් නෑනෙ. මමත් ගිහින් ඔතනට හොට දැම්ම.
"යාර හයම සීයයි... යාර හයයි... යාර හයයි..."
"සාරිය යාර හයයි... යාර හයම සීයයි"
හොදට පැකට් කරපු සාරි. සාරියක් කොහොමද රුපියල් සීයකට දෙන්නෙ?
මගේ මල්ලිගෙ නැන්දම්මා එක පැකට් එකක් අතට ගත්ත. "මේ බලන්න වාටිය"
ඈ මට කීව. වාටිය නැවිල. කුණුත් තියනවද මන්ද. එයා තව එකක් අතට ගත්ත.
ඒකෙ වාටිය නං හොදයි.
"ආ.. එකයි, දෙකයි, තුනයි, හතරයි.. හාරසීයයි.. මල්ලි හාරසීයක් ගන්න"
ගෑණු මනුස්සයෙක් සාරි හතරක්ම අරගෙන.
මගේ මල්ලිගෙ නැන්දම්ම ඔන්න අර සාරිය දාල තියන පැකට් එක අරින්න හැදුව විතරයි,
අර මනුස්සයෙක් පැනල ඒක අතට ගත්ත. අතට අරන් සාරිය චුට්ටක් එලියට ගත්ත.
"ඒ මොකද? මට ඕක දිග ඇරල බලන්න ඕනෙ" මල්ලිගෙ නැන්දම්ම හරි කට කාරී.
"බෑ බෑ මෙහෙම බලන්න". මිනිහට යකා නැගල වගේ.
"දිග අරින්න බෑ.. ඊට පස්සෙ අපිට ඕව නවල දාන්න අමාරුයි".
මල්ලිගෙ නැන්දම්ම හිනා වෙල මාවත් ඇදං සෙනග ගොඩෙන් එලියට ආවා.
මට අන්දුන් කුන්දුන්.. "ඒ මොකද ඒ?" මම ඇහුව.
"ඕව ඇදපු සාරි. හොදට හෝදල මැදල පැකට් කරලා, ආයි විකුණනවා"
ඈ නිතරම පිටකොටු එන්නියක්. මට පුදුමයි.
"අද විතරක් නෙවෙයි. ඔහොම ගොඩක් දවස් වලට තියනවා."
"හ්ම්ම් හ්ම්ම්" මම ඉතින් හූ මිටි තියනවා.
"දැක්කද අර සාරියෙ වාටිය නැවිල තිබ්බ. දිග ඇරල බලන්න දෙන්නෙ නැත්තෙ
ඇතුලෙ තියන කුණු පැල්ලම්, කටු ගහල හීරිච්ච තැන් පේනවට."
"ම්ම්ම්ම්ම්"
"මම දවසක් එනකොට ගෑණු කෙනෙක් සාරියක් බලනව. මම දැක්ක පුලුන් පිපිච්ච තැනක්.
අර වාඩි වුනාම පොඩි වෙන හරිය, කාලයක් යනකොට පුලුන් පිපෙනව වගේ වෙනවනෙ"
"ඔව් ඔව්"
"මම ඒ ගෑණු කෙනාගෙ කණට කරල, ඔය පුලුන් පිපිල පේනවද කියල ඉක්මනට ආව.
නැත්තන් අර මිනිස්සුන්ගෙන් මට බැණුං අහන්න වෙයි"
හී හී මට හිනා.
අනේ මන්දා... මාර බිස්නස්..
Saturday, May 29, 2010
සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)
සුදා කියන්නෙ අවුරුදු 3 ක පොඩි කොලු පැංචෙක් කියලා මම කියල තියනවනෙ ඕගොල්ලන්ට.
හැබැයි මේ කොල්ල කියන්නේ, පුත්තලම් බූරුවො හත් අට දෙනෙක්ගෙ වයස වෙච්චි මටවත් කියා ගන්න බැරි කතා.
මෙයා කොහොමටවත් කැමති නෑ, කිසිම හේතුවක් නිසාවත් පරදින්න.
අපේ තාත්තත් සුදා අවුස්සන්න බලා ගත්ත ගමන්.
අපේ තාත්ත ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපුහාම, තාත්තත් එක්ක මොකක් හරි පචයක් ගහන්න අපේ ගෙදරට පනින එක, සුදාගෙ රාජකාරියේ එක කොටසක්.
ඔන්න ඔය විදිහට මිනිහ දවසක් අපේ ගෙදර ආව.
තාත්ත ඉන්න ගමන් පටන් ගත්ත බොරුවක් කියන්න: මොකද සුදා අර ආච්චි දෙපාවෙ බැහැගෙන හිටියෙ?
සුදා: මොකක්ද?
තාත්ත: ඇයි මනුස්සයො ආච්චි දෙපාවෙ බැහැගෙන මාලු අල්ල අල්ල හිටියෙ ලොකු කූඩයකින්.
සුදා: ගගේද?
තාත්ත: ගගේ නෙවෙයි. බෝක්කුවෙ, දෙපාවෙ. අර මාලු ඇල්ලුවෙ.
සුදා: ආ.. අපි ඒ මාළු උදේ උයල කෑවා.

Subscribe to:
Posts (Atom)