skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, April 2, 2011

Error Correction in Coding Theory සහ ජන සන්නිවේදනය


විද්‍යුත් සන්නිවේදනයේදී දත්ත ගමන් කරවන්නේ විදුලි සංඥා ආකාරයට.

හිතන්නකෝ අපි විද්‍යුත් තපෑලෙන් ලිපියක් යැව්වා කියලා. අපිට මතුපිටින් ලිපියක් වගේ පෙනුනට; මේක ඇත්තටම දත්ත ගොන්නක් වයර් ඔස්සේ හෝ වෙන යම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන.
ඉතින් මම මේ කියන්න හදන්නේ පරිගණක පාඩමක් නම් නෙවෙයි. මේ දත්ත නිවැරදිව සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා දක්වා ගමන් කරවීමට යොදා ගෙන ඇති මූලික සිද්ධාන්ත අපේ සාමාන්‍ය ජීවිතයට අදාළ කර ගන්නේ කොහොමදැයි කියල කියන්න.

දත්ත ගමන් කරන්නේ විදුලි සංඥා විදිහට කියල මම කලිනුත් කිව්වනෙ.
ඒ වගේම මේවා ගමන් කරද්දි ප්‍රවාහන මාධ්‍යය තුළදී යම් යම් වෙනස් කම් වලට ලක් වෙන්න පුලුවන්.

හිතන්නකෝ අපි යවන්නේ 0,1,0,1,1,0 යන දත්ත කියල.
ඔන්න මගදි සිදු වෙන යම් යම් දුෂ්කරතා නිසා ලැබෙන්නාට කියවන්නට ලැබෙන්නේ 0,1,1,0,1,0 කියල.
කොටින්ම මේ ලැබුණු දත්ත වැරදියි.

කොහොමද සන්නිවේදකයා සහතික කරන්නේ ප්‍රතිග්‍රාහකයාට නිවැරදි දත්ත ලැබුණයි කියලා.

මෙන්න මේ ක්‍රම වේද තමයි "Coding Theory" වල අපි ඉගෙන ගන්නේ.

ඉන් එක ක්‍රමයක් තමයි, අවශ්‍ය දත්ත පමණක් ම නැතිව අනවශ්‍ය දත්තත් යැවීම.
උදාහරණයක් විදිහට අපි තෝර ගන්නව 0 රූපණය කිරීමට (000) සහ 1 නිරූපණය කිරීමට (111).
එතකොට දත්ත කිහිපයක් අහඹු ලෙස වෙනස් උනාට වැඩි ප්‍රමාණයක් පැමිණි සංඛ්‍යාව දිහා බලලා, ප්‍රතිග්‍රාහකයාට වඩාත් නිවැරදි දත්ත ප්‍රමාණයක් උකහා ගන්න පුලුවන්.
උ. දා. : (000) අහඹු ලෙස (001) කියල වෙනස් උනත් වැඩිපුර තියෙන්නේ 0 නිසා, සන්නිවේදකයා එවන්න ඇත්තේ 0 කියල ප්‍රතිග්‍රාහකයාට නිගමනය කරන්න පුලුවන්; කලින් වතාවෙදි වගේ වැරදි දත්ත බාර නොගෙන.
හැබැයි නිවැරදි භාවය වැඩි කරගන්න කියල (00000000000000000000) වගේ යවන්නත් බෑ. මොකද එතකොට සම්පත් අපතේ යාමක්/ නාස්තියක් සිදුවන නිසා.

දැන් මේ සිද්ධාන්තය අපිට වැදගත් වෙන්නේ කොහොමද?

අපි කෙනෙකුට දෙයක් කියනකොට, හරියටම ඒ කාරණාව විතරක් කෙටියෙන් කිව්වොත්; අපි අඩු වේලාවකින් අඩු වචන ගාණකින් විස්තරේ කලා වෙන්න පුළුවන්.
හැබැයි ඒ පුද්ගලයා හරියටම අදාළ කාරණය අවබෝධ කර ගත්තාද, වෙනස් දෙයක් තේරුම් ගත්තාද කියන එක ප්‍රශ්නයක්.
නමුත් අපි දෙයක් විස්තර කරනකොට, ඒ කාරණයට අදාළ සුල මුල පොඩ්ඩක් කියල, සිද්ධියට සම්බන්ධ අයවලුන් ගැනත් පොඩ්ඩක් කියල විස්තර කරනවනං වැරදි අවබෝධය ඇති වීම වළක්වා ගන්න පුළුවන්.
ඉතින් එහෙමයි කියල, ඕනෙ එකයි එපා එකයි ඔක්කොම කියන්න ඕනෙත් නෑ.
අඩුත් නැතිව වැඩිත් නැතිව දෙයක් හොඳට පැහැදිලි කලාම, කාටත් හොඳයි. :)
Posted by ස්වප්නා at 16:14
වර්ගීකරණය: සමාජ සිද්ධි

7 විවේචන:

සංකල්ප said...

දත්ත සන්නිවේදනය අපේ ජීවිත වලට අදාල වෙයි කියල අක්කා කියනකන් අපට හිතුනේ නෑ. එහෙම හිතුනා නම් ඒ විශයන් කවදාවත් අපට අමතක වෙන්නේ නෑ.
මොකද ඒවා අපේ ජීවිත වලට බද්ධ වෙලානේ. ජීවිතේට බද්ධ වෙච්චි දෙයක් කොහොමෙයි අමතක කරන්නේ ????

April 2, 2011 at 6:47 PM
Ravi said...

වැඩේ නම් හොඳයි, ඒත් ප්‍රශ්නෙ අන්තිමට අදාල කාරණේ නැතුව පූර්විකාව විතරක් මතක හිටියොත් තමයි, හෙහ්, හෙහ්,

April 3, 2011 at 5:28 PM
තිස්ස දොඩන්ගොඩ said...

මෙතැනදී තමා අපට සුදා වාගේ කෙලින්ම කථා කිරීම පුරුදු වීම වැදගත් වෙන්නේ...!
"මහප්පටත් එක්ක චොකලට්, මීට පස්සේ" - No ambiguity at all.. :-)

April 3, 2011 at 5:31 PM
masking said...

its true_[:):):)]

April 3, 2011 at 6:27 PM
ස්වප්නා said...

@මධුරංග: හ්ම්ම් :)

@ Ravi: හිහ් හිහ්. ඒක තමයි කිව්වෙ අඩුත් නැතිව, වැඩිත් නැතිව කියලා

@තිස්ස දොඩන්ගොඩ : :D

@masking : :D

April 4, 2011 at 8:55 AM
සංකල්ප said...

@ස්වප්නා :
මොකෝ අක්කා බස්සෙක් වෙලා ද ???

April 4, 2011 at 9:16 PM
ස්වප්නා said...

හ්ම්ම් :) :P

April 10, 2011 at 1:54 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ▼  April (5)
      • මොකට ලැබුවද මන්දා !!!
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ස්තුතියි.
      • I see my God in you !!
      • Error Correction in Coding Theory සහ ජන සන්නිවේදනය
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio