skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, July 30, 2011

ඔබ HUB එකක්ද?


"Entreprise Web Architecture" කියන්නෙ අපේ මේ පශ්චාත් උපාධියේ තවත් එක් විෂයයක්.
මුල්ම පාඩමේදීම මම තවත් ලස්සන අදහසක් ඉගෙන ගත්තා.

අපේ පරිසරයේ විවිධ ජාල පද්ධති ( නෙට්වර්ක්ස් ) තියනවා. අන්තර්ජාලය විශාල ජාල පද්ධතියක්.
ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතිය. ඒකත් අති විශාල නෙට්වර්ක් එකක්. මේ හැම එකකටම වඩා අපිට ගොඩක් හුරු පුරුදු ජාල පද්ධතියක් තියනවා. ඒ තමයි මානව ජාල පද්ධතිය ( social network ).

මේ හැම පද්ධතියකම තියනව වැඩි "nodes" ගණනක් හා සම්බන්ධ වෙමින් ජාලයේ සුවිශේෂ තැනක් හිමි කරගත් නෝඩ්ස්. මේවාට අපි "HUBS" කියල කියනවා. ඔය රූප සටහනේ අඳුරු පැහැ කරල පෙන්නල තියෙන්නෙ "HUBS".

ඉතින් මේ හබ් එකකයි, අපේ මානව ජාල පද්ධතියෙයි ඇති සම්බන්ධය මොකක්ද?

මොනම ජාල් පද්ධතියක උනත් හබ්ස් තිබිය හැකියි. මානව ජාල පද්ධතියේ හබ්ස් ගොඩාක් ඉන්නවා. උදාහරණයක් විදිහට අපේ සර් කියපු විදිහටම "ප්‍රභාකරන් කියන්නෙත් හබ් එකක්"

දැන් තේරුණාද?
හබ් එකක් වටා ලොකු සෙනඟක් ඉන්නවා. හබ් එකක් වෙන්න ආස කරන මිනිස්සු ඉන්නවා.
හබ් එකක් අක්‍රිය වීම ඕනෑම ජාල පද්ධතියකට විශාල බලපෑමක් කරනවා. ඒක හොඳ එකක් වෙන්නත් පුළුවන්, නරක එකක් වෙන්නත් පුළුවන් අවස්ථාවේ හැටියට.

ඉතින් ඔබ හබ් එකක් නම් සතුටු වන්න ...

ඒ වගේම කල්පනාකාරී වන්න :)
Posted by ස්වප්නා at 18:55
වර්ගීකරණය: සමාජ සිද්ධි

8 විවේචන:

තාරා said...

හොඳ අදහසක්...

July 30, 2011 at 7:02 PM
ස්වප්නා said...

;) :D

July 30, 2011 at 7:08 PM
Nishan de siva said...

මන්නම් හබ්බෙක් නෙවේ.

July 30, 2011 at 7:58 PM
සංකල්ප said...

නෙය්වර්ක් පාඩම් සාමාන්‍ය ජීවිතයට බද්ධ කරලා ඉගෙන ගන්න තියෙනවනම් ඒවා ගොඩක් කල් මතක හිටිනවා. නේද අක්කේ ? :)

මට මතකයි අක්කා මීට කලිනුත් අපට පාඩමක් ජීවිතයට බද්ධ කරලා කියලා දුන්නා..

July 30, 2011 at 8:26 PM
``` Outsider``` said...

ඔක්කොම හබ් නැති වුණානම් කොයි තරම් හොඳද? නැත්නම් ඔක්කොම හබ් වුණානම් ඒත් හොදයි.

July 30, 2011 at 9:15 PM
පැණි දොඩම් said...

ෂා.. චමින්ද සර් ගෙ මුල්ම පාඩම. ඒඩ්ස් හබ් එක ගැනත් කියන්න ඇති නේද. ඕක ඔය විදියටම ගිය අවුරුද්දෙ පළවෙනි දවසෙ අපිටත් කිව්වා හි හී...ලෙක්චර් සීරීස් එක නම් මාර ඉන්ටරෙස්ටිං... මම දන්නෙ නෑ ඔයා කවුද කියල. සමහරවිට ucsc එකේදි දැකලත් ඇති.

July 30, 2011 at 10:28 PM
රතු මුහුද said...

හබ් එක හබක් උන්දට තමා ඉතින්.

July 30, 2011 at 11:01 PM
Geeth Nuwan said...

ඔයවගේ Network Switch එකකට මොකක් හරි කියන්න බැරිද ??

July 31, 2011 at 7:53 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ▼  July (6)
      • දෝණීගෙන් ...
      • ඔබ HUB එකක්ද?
      • ඡන්දේ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio