skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, January 19, 2011

සුන්දරම පැතුම්


අසුබ දෑසින් බලා ලොව දෙස
අසුබ ලෙස ඔබ දකින යම් දෙය
අසුබ වෙනු මිස, නොවේ මංගල
සුන්දරව ලොව දකිනු හිතවත

කෙසේ කවදා උනත් වැරදී
හරි යන්ට වෙන දිනක් මතුදී
ලඟා වනු ඇත හිඳිනු වෙර දී
පැතුම් නොහළනු සිතින් නොසැලී

සිහින දැකුමට ලොබ කරන හද
සිහින එළි වනතුරු සුරැක ගත
සිහින එළි වූ දිනට පැතු ලෙස
සිහින රැදි හද අමිල වනු ඇත
Posted by ස්වප්නා at 15:19
වර්ගීකරණය: සිතුවිල්ලක්

7 විවේචන:

Dinesh said...

පැතුම් ඉටු නොවී
සිහින එළි නොවී
ජීවිතය පරදින
දිනක් නැහැ කිසිවෙකුත් ලග..

ලැබිය යුතු දෙයක්
හදවතින් පැතුවොත්
ලගාවෙයි එය ලගටම දිනෙක
පමා උනත් නුඹ පැතු දිනට..

හිතේ වීරිය අත් නොහැර ඉන්න
ඉරණමට වඩා දෑතේ සවියෙන්
වෙනස් කල හැකියි ලොව
ජයගන්නට සිතයි නම් හදවතින්...

January 19, 2011 at 4:07 PM
dinesh said...

ලස්සනයි.

January 19, 2011 at 5:36 PM
ගීත් (සහෘදයා) said...

ඇත්ත...සහතික ඇත්ත...හොද කවි පෙලක්

January 19, 2011 at 6:04 PM
සංකල්ප said...

හරියට හරි ස්වප්නා අක්කේ !!! දෙයක් අසුබ විදිහට බැලුවම ඒක හැමදාටම අසුබ වෙනවා කවමදාවත් හොදක් වෙන්නේ නෑ.

ඔයවගේම තමයි දෙයක් බෑ කියලා පටන් ගත්තොත් බෑම තමයි කවදාවත් කරන්න බෑ.

January 19, 2011 at 6:27 PM
ස්වප්නා said...

@ Dinesh: ස්තුතියි පිළිතුරු නිර්මාණයට :)

@ dinesh: ස්තුතියි :)

@ ගීත් : අපි ඉතින් බොරු ලියනවැයි ;) ස්තුතියි :)

@ මධුරංග : හ්ම්ම් ... මේවා ඉතින් මම මටම ලියා ගන්න ඒවා තමා :)

January 19, 2011 at 7:51 PM
පූසා said...

සිහින දකින්න ආසයි..... බයයි.........

January 19, 2011 at 11:42 PM
ස්වප්නා said...

:D

January 20, 2011 at 8:23 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio