skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, February 6, 2011

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )


මේක නං කතාවක්ම නෙවෙයි.
මට වෙච්චි ඇබැද්දියක්.
වස නින්දාවයි.

සුදා මේ ලඟදි දවසක ජාතික කොඩියත් අතේ තියන් ඇවිත් මගෙන් අහපි ,
"මොකද සිංහයා කඩුවක් අතේ තියන් ඉන්නෙ? " කියල.
දැන් ඉතින් මොකද කරන්නේ?
මම කිව්ව, "අපි කාටවත් බය නෑ නෙ. ඒකයි" කියල.
කොල්ලට උත්තරේ ෂුවර්නුත් නෑ. තේරුණෙත් නැද්ද මන්ද.
පස්සෙ මම "අපි මහප්පා ආපුවාම එයාගෙන් අහමු" යි කියල ප්‍රශ්නෙ මඟ ඇරියා.

ඒත් මම කල්පනා කෙලේ..., සිංහයා කඩුව තියන් ඉන්නෙ බය නැති කමටද? ඇති කමටද කියලා..
මොකද හිතෙන්නෙ?
Posted by ස්වප්නා at 10:28
වර්ගීකරණය: රස කතාවක්

14 විවේචන:

සෝරෝ said...

එඩිතර බව පෙන්වන්න....

February 6, 2011 at 10:38 AM
රත්ගමයා said...

මුලු රටම රකින්න පුලුවන් එඩිතර කම වගේ එකක් නේද

February 6, 2011 at 11:22 AM
dinesh said...

සෝරෝ හරි.
ඒ උනාට "ඉර හඳ" කොඩිය තිබුනනම් හොඳයි කියල මට හිතෙනවා.

February 6, 2011 at 2:45 PM
ගීත් (සහෘදයා) said...

ඔය කථා සේරම වැරදි අනේ...හයියෝ ඒකවත් දන්නේ නැති හැටියක්....කාටවත් භය නැති සිංහයන්ට මොකටද කඩු. ඔතන ඔය කඩුවක් දාලා තියෙන්නේ වෙනත් දෙයක් අදහස් කරන්ට. සුද්දෝ හිතාගෙන හිටියේ ඒ කාලේ උන්ට විතරයි කඩ්ඩ පුළුවන් කියලා...අපේ සිංහලයන්ට ඕන උනා ඒ මාන්නය නැති කරන්න. අපිටත් කඩ්ඩ පුළුවන් කියලා පෙන්වන්ට. අන්න ඒක අර්ථවත් කරන්ට තමයි ඔය කඩුව උස්සගෙන ඉන්නේ. “වරෙන්කෝ කඩ්ඩන් කොටන්ට දෙන්නම් තොටත් කඩ්ඩෙන්ම දුවන්ට එංගලන්තේ හන්දියටම” කියලා සිංහලා ඔය පපුව ඉස්සරහට දාගෙන තේජාන්විතව ඉන්නේ ඒකයි. හයියෝ................මට එපා..............වෙලා ඉන්නේ................ෙම්වා කියා දීලා..........

February 6, 2011 at 3:25 PM
Anonymous said...

කඩුව අතේ තියන් ඉන්නේ දැන් ලංකාවට කඩ්ඩ නැතුවම බැරි හන්දා වෙන්නත් ඇති.... ( ඉංග්‍රිසි න් යද්දි මතක තියාගන්න අතේ තියන්න ඇති )

February 6, 2011 at 4:09 PM
Dinesh said...

සොරෝ අයියා කිව්වා වගේ අපේ ජාතිය එඩිතර ජාතියක් බව පෙන්නන්න තමයි ඔය සිංහයා ඉන්නේ...

February 6, 2011 at 5:05 PM
ස්වප්නා said...

@ ගීත්, නිම්ශා: හී හී :)

අනික් අය: අපේ අම්මා කිව්වෙත් එඩිතර බව පෙන්නන්ටලු :)

February 6, 2011 at 6:44 PM
සංකල්ප said...

එඩිතරකම පෙන්නන්න තමයි කියලා මටත් හිතෙන්නේ. අම්මෝ සුදා පුදුම ප්‍රශ්න නේ අහන්නේ !!!!

February 6, 2011 at 9:01 PM
ස්වප්නා said...

හ්ම්ම්ම් :)

February 7, 2011 at 8:25 AM
``` Outsider``` said...

කොඩිය හදපු කාලෙ තුවක්කු තිබ්බෙ නෑනෙ ඒකයි කඩුවක් අතින් අරන් ඉන්නෙ.

February 7, 2011 at 8:56 AM
dinesh said...

කොඩිය හදපු කාලෙ තුවක්කු තිබුනෝ......

February 7, 2011 at 4:58 PM
dinesh said...

ස්වප්නෝ.........මොකද පේන්න නැත්තේ.......!!ඔයා හොඳින් නේද.....??සිංහල පාඩමත් නෑ.මොකද උනේ...?

February 12, 2011 at 4:50 PM
තිස්ස දොඩන්ගොඩ said...

@ගීත්(සහෘදයා).. හෙහ් හෙහ් හෙහ්.. පිස්සුම පිස්සු කථාව ගීත්...

February 15, 2011 at 11:55 AM
ස්වප්නා said...

@dinesh: ලියා ගන්න වෙලාවක් හොයා ගැනීමේ පොඩි අපහසුතාවයක් තියනවා.
හැකි හැම විටම ලියන්න බලන්නං.
ස්තුතියි හොයල බැලුවට :)

February 15, 2011 at 8:15 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio