Tuesday, May 24, 2011
නිමේෂයක නිදහස්ව...
ඔරලෝසුවේ කටුව
නොනැවතී කරකැවේ
තත්පරේ කට්ට වගෙ
දුව දුවා හති ලමී
මහන්සිය මැද මගේ
ඔබෙ වදන් අවදි වේ
විඩා නිවනා සුවය
කොහොම ඒ හඬ උනේ
ඇසිල්ලක ලද ඉඩේ
සටහනක් තැබුවෙමී
ඔබට මගෙ ආදරේ
කොතරම්ද නොදනිමී
Thursday, May 19, 2011
ආවොත් යා යුතුමය ...
දිලුම් ඉස්පිරිතාලයේ බව මම දැන හුන්නෙමි.
ඒ කෙසේ වතුදු, දිලුම් සනීප වී ආවාද දන්නේ නැතැයි අමුතු සිතුවිල්ලක් මට ඊයේ පහල විය. මට දිලුම් හා සම්බන්ධ වීමට හුරු මූණු පොත හරහා නිසා, සැප සනීප විමසා පණිවිඩයක් දැම්මෙමි.
ඒ පණිවුඩයට යළි කිසි දිනක පිළිතුරක් නො එනු ඇත.
වෙසක් සඳ බැස යන්නට පෙර,
මගේ පණිවුඩය කියවන්නට පෙර,
දිලුම් යන්නට ගියේය.
දිලුම් හා සමඟම ඉපදුණු සොහොවුරා ඉපදී දිනකට පසු සියල්ල හැර ගියේය. ඊයේ දිලුම් ගියේය. අපි හැමෝම කවදා හෝ යා යුතුය.
ආවොත් යා යුතුමය.
නොගියොත් නැවත ඊමක් නැත.
නාවොත් යන්නට බැරිය.
නොගොස් එන්නට බැරිය.
එනමුත් හදිසියේම හැර යාම දුකකි.
අකල් මරණ වෙන්නේ පෙර කරුම නිසාය යැයි බුදු හිමියෝ දෙසූහ.
මතු මෙවන් අකල් හැර යාමක් නොවන්නට අපි හැකි හැටියකට අපේ මිතුරා වෙනුවෙන් පිං පමුණුවමු.
Tuesday, May 17, 2011
(බොදු ) බැති ගීයක්ම ( නො ) වේ...
Subscribe to:
Posts (Atom)