නිවාඩු පාඩුවේ ඉන්නට ඉඩක් ලදිම්
කණගාටුවට කාරණයට කුමක් කරම්
උණෙන් ගැහි ගැහී ඉන්නට වරම ලදින්
බ්ලොග් එක පැත්තෙ කලකට පසු එන්නෙ තුටින්
ආසනික් කතා රට වට පැතිරෙන්නේ
දැන් නං ඉතින් බත් කන්නත් බැරි වෙන්නේ
බත් මොකටදැයි මේ දැන් මට සිහි වන්නේ
හිත පිරුණාම බත නම් මොකටැයි මිතුරේ
කොහොම උනත් වස කතාවෙ අරුත් ඇතී
පොඩි පොඩි අතු බැඳී මහ ලොකු ගඟක් වෙතී
හොඳ හෝ නරක මේ වාගේ එකතු වෙවී
අපිත් එක්ක යන එන තැන එන්ට ගනී
දැන් නම් බැරිය ආයෙත් කැක්කුම් දෙන්නේ
මේ වගේ නිවාඩුත් මට මොකටද ලැබුණේ
හතුරෙකුටවත් මේ වන් දුක නොලැබෙන්නේ
අන්තිම පදේ කොහොමටවත් නෑ එන්නේ
Tuesday, June 21, 2011
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
අක්කා උන විකාරෙන් ලියන කවි අනිත් වෙලාවට ලියන කවි වලට වඩා ලස්සනයි නේ.
:D
ගොඩක් අය කවි ලියන්නෙ උණ විකාරයෙන් තමයි.. :)
Post a Comment