Saturday, June 12, 2010
අදින්න එපා අදින්න එපා අපිට ආයි නවන්න අමාරුයි
මම ජීවිතේටම දැනුම් තේරුම් ඇතුව පිටකොටුවට ගිහින් තියෙන්නෙ දෙපාරයි.අද තමයි ඒ දෙවෙනි ගමන.
අපි ගියෙ පිටකොටුවෙ දෙවෙනි හරස් වීදියට. අපි කිව්වෙ, මමයි
මගෙ මල්ලිගේ නැන්දම්මයි.
ඔන්න ඉතින් අපි ගිය කාරණාව ඉෂ්ට සිද්ධ කර ගත්තයි කියමුකො.
ඊට පස්සෙ එන ගමනේදි මම දැක්ක මිනිස්සු තුන් හතර දෙනෙක්
අමුතු බිස්නස් එකක් කරනවා. ඒ වටේට මිනිස්සුත් පිරිලා ඉන්නවා.
මටත් ඉතින් ඕනෙ නැති කෙහෙල්මලක් නෑනෙ. මමත් ගිහින් ඔතනට හොට දැම්ම.
"යාර හයම සීයයි... යාර හයයි... යාර හයයි..."
"සාරිය යාර හයයි... යාර හයම සීයයි"
හොදට පැකට් කරපු සාරි. සාරියක් කොහොමද රුපියල් සීයකට දෙන්නෙ?
මගේ මල්ලිගෙ නැන්දම්මා එක පැකට් එකක් අතට ගත්ත. "මේ බලන්න වාටිය"
ඈ මට කීව. වාටිය නැවිල. කුණුත් තියනවද මන්ද. එයා තව එකක් අතට ගත්ත.
ඒකෙ වාටිය නං හොදයි.
"ආ.. එකයි, දෙකයි, තුනයි, හතරයි.. හාරසීයයි.. මල්ලි හාරසීයක් ගන්න"
ගෑණු මනුස්සයෙක් සාරි හතරක්ම අරගෙන.
මගේ මල්ලිගෙ නැන්දම්ම ඔන්න අර සාරිය දාල තියන පැකට් එක අරින්න හැදුව විතරයි,
අර මනුස්සයෙක් පැනල ඒක අතට ගත්ත. අතට අරන් සාරිය චුට්ටක් එලියට ගත්ත.
"ඒ මොකද? මට ඕක දිග ඇරල බලන්න ඕනෙ" මල්ලිගෙ නැන්දම්ම හරි කට කාරී.
"බෑ බෑ මෙහෙම බලන්න". මිනිහට යකා නැගල වගේ.
"දිග අරින්න බෑ.. ඊට පස්සෙ අපිට ඕව නවල දාන්න අමාරුයි".
මල්ලිගෙ නැන්දම්ම හිනා වෙල මාවත් ඇදං සෙනග ගොඩෙන් එලියට ආවා.
මට අන්දුන් කුන්දුන්.. "ඒ මොකද ඒ?" මම ඇහුව.
"ඕව ඇදපු සාරි. හොදට හෝදල මැදල පැකට් කරලා, ආයි විකුණනවා"
ඈ නිතරම පිටකොටු එන්නියක්. මට පුදුමයි.
"අද විතරක් නෙවෙයි. ඔහොම ගොඩක් දවස් වලට තියනවා."
"හ්ම්ම් හ්ම්ම්" මම ඉතින් හූ මිටි තියනවා.
"දැක්කද අර සාරියෙ වාටිය නැවිල තිබ්බ. දිග ඇරල බලන්න දෙන්නෙ නැත්තෙ
ඇතුලෙ තියන කුණු පැල්ලම්, කටු ගහල හීරිච්ච තැන් පේනවට."
"ම්ම්ම්ම්ම්"
"මම දවසක් එනකොට ගෑණු කෙනෙක් සාරියක් බලනව. මම දැක්ක පුලුන් පිපිච්ච තැනක්.
අර වාඩි වුනාම පොඩි වෙන හරිය, කාලයක් යනකොට පුලුන් පිපෙනව වගේ වෙනවනෙ"
"ඔව් ඔව්"
"මම ඒ ගෑණු කෙනාගෙ කණට කරල, ඔය පුලුන් පිපිල පේනවද කියල ඉක්මනට ආව.
නැත්තන් අර මිනිස්සුන්ගෙන් මට බැණුං අහන්න වෙයි"
හී හී මට හිනා.
අනේ මන්දා... මාර බිස්නස්..
Subscribe to:
Posts (Atom)