skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, June 22, 2011

යෝජනාවට ප්‍රතිචාර !!!

සුදු හංසිගේ ශෝකාලාපයක් අහල ටයිප් කරන්න ගත්ත උත්තරේ දිග වැඩි වෙච්ච නිසා, ඔන්න ඔහේ බ්ලොග් පෝස්ට් එකක්ම කලා.

මේ මම හිතන/කරපු විදිහ: ;)

1.) තමන්ගේ හිතට කැපෙන කෙනා තමන්ට ලැබෙන කං නොසැලී ඉන්න. එහෙම කෙනෙක් හැමෝටම ඉන්නවා. මේ මටත් හම්බ උනේ යන්තන් හැරමිට්ටෙන් යන්න ඔන්න මෙන්න තියල :).

2.) හම්බ වෙන්න ඕනෙයි කියනවනං හම්බ වෙන්න. කතා කරල බලන්න. සමහර වෙලාවට අපිට එයා හොඳ වෙන්නත් පුළුවන්. කතා කලා කියල ඉතින් අතින් පයින් යන එකක්යැ. කතා කරල බලන්න.

3.) අම්මල තාත්තලා ගොඩ දානවට වඩා ලේසියෙන් හංසයින්ව ගොඩ දාන්න පුළුවන් :) අත්දුටුයි . ප්‍රත්‍යක්ෂයි :) යක්කු වගේ ගෑනුන්ට මිනිස්සු කැමති වෙන්නෙ නෑ :) හී හී. පස්සෙ හංසයම කියයි "ඒක හරියන්නෙ නෑ" කියල. ගොඩේ ගොඩ :) අපේ අම්මා මගේ උරුමක්කාරයා මේ ලඟකදි මුණ ගැහෙනකන්ම මම ඔහොම කරපු වැඩ මතක් කර කර බැන්නා :)

4.) මෝඩ වැඩ කරන්න එපා. කතා කලාට, ගමන් බිමන් යන්න එපා හැමදේම නිරවුල්ව ෆයිනලයිස් වෙනකං.

5.) අනික් එක ගෑණු ලමයෙක් උනාම හැමදාම පිස්සු කරන්නත් බෑ. ඔයාගෙ හිත ගන්න කෙනා මුණ ගැහිච්ච දවසටත් එයත් ඔයාගෙන් අම්මා කෙනෙකුගේ තැන්පත් කම දවසක බලාපොරොත්තු වෙයි. ඔයාම හිතල බලන්න, කවදහරි ඔයාව වගකීමකින් බාර ගන්න පුළුවන් කෙනෙකුටනෙ ඔයත් කැමති වෙන්නෙ. 100% පිස්සෙක්ට නෙවෙයිනෙ :)
චුට්ටක් පිස්සු තිබ්බාම ඇති :)

6.) ආයිමත් කියන්නෙ, ඔයා වයසින් ලොකු පොඩි කොහොම උනත් අම්මලා ගැලපෙනවයි කියල කියන අයත් එක්ක කතා කරල බලන්න. සමහරවිට ඒ හරි කෙනා වෙන්න පුළුවන්. ජීවිතේ සමහර දේවල් අපි හිතන්නෙ නැති විදිහට වෙන්නෙ. හිතන්නකො ඒ එක්කෙනෙක්වත් හරි ගියෙ නෑ කියල, මේ මට වගේ :) හැබැයි ඔයාගෙ හිතට කැපෙන කෙනා මුණ ගැහුණු දවසට ඔයා දන්නව, ඔයාට එයා කොච්චර වටිනවද කියල :) මේ මං වගේ :)
Posted by ස්වප්නා at 09:29
වර්ගීකරණය: සමාජ සිද්ධි

9 විවේචන:

සංකල්ප said...

මෙන්න ස්වප්නා අක්කත් සුදු හංසි අක්කට එකතු වෙලා. සුදු හංසි අක්කේ, ස්වප්නා අක්කා මොනවා කිව්වත් ගිහින්ම බලන්න. සමහර විට ඒ ඔයා හොයන කෙනාමද දන්නේ නෑ නේ.

අම්මෝ දැන් ස්වප්නා අක්කා මාව බාබ්කියු දායි ද දන්නේ නෑ.

June 22, 2011 at 9:40 AM
ස්වප්නා said...

ඉතින් මම කියන්නෙත් ගිහින් බලන්න කියල තමයි :)

June 22, 2011 at 9:55 AM
Kavindya said...

මේ දැනුත් පියානන් වහන්සේගේන් කොල් එකක් ආවා හපොයි... දැන්නම් යන්නම වෙනෝ... ස්වප්නා අක්කත් කියන එකේ ගිහින්ම බලන්නම්කෝ..අර කියන්නැහේ ‍තුන් පාරක් බාදා වෙලත් ආයිත් එන්න හදන්නේ ඉරනම් කාරයාද කවුද දන්නේ නේද.. :)

June 22, 2011 at 10:14 AM
Dinesh said...

මේ තියෙන්නේ ස්වප්නා අක්කාගේන් හංසී අක්කාට උපදෙස් මාලාවක්ම.. මේ ටිකත් හිතේ තියාගෙනම ගිහින් එන්න..

June 22, 2011 at 10:58 AM
ස්වප්නා said...

@ සුදු හංසි: ඒක ඇත්ත :)

@ Dinesh: :D

June 22, 2011 at 11:46 AM
නදී said...

ඔයාගෙ උපදෙස් ටික නම් ගොඩාරියක් වට්නව.

June 22, 2011 at 3:54 PM
පූසා said...

මේ කෙල්ලන්ව ගෙදරට නාකි කරවන්න දීපු උපදෙස් ටිකක්ද මන්දා :D

June 22, 2011 at 6:56 PM
Abeetha Edirisinghe said...

මම මොකුත් නොකියමි..... :D

June 22, 2011 at 7:14 PM
මකුළු පැංචි (මංචි) said...

හිකිස්....ස්වප්නා අක්කගෙන් සැබෑ උපදෙස් මාලාවක්... :D

June 26, 2011 at 10:51 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ▼  June (6)
      • යෝජනාවට ප්‍රතිචාර !!!
      • උණ විකාරෙන් ලියන කවි..
      • මාමා...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මම වෙනම මලක් !!!
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio