skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, March 30, 2011

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )



අම්මාගේ රියදුරා වීමේ විපාක අනුව බොහෝ ඉරිදා දවස් වල අම්මාත් මමත් ටවුමට යනව ඔය ගෙදරට ඕනෙ කරන අනං මනං ටික අරන් එන්න.
ඔහොම ගිය බොහෝ දවස් වලට අපි සුදාටත් මොනව හරි අරගෙන තමයි එන්නෙ.

ඉතින් ඔහොම දවසක මම මෙයාට අර "POPIT" එකක් ගත්තා.
ගෙදර ආවට පස්සෙ වැට ලඟට ඇවිත්,

"සුදෝ...... ඔයා ඉන්නවද?....."

කියල කතා කරල එහෙම අර POPIT එක දුන්නයි කියමුකො.
සුදා දැන් හැරිල ගෙට යන ගමන්.

අපේ තාත්තා ලඟ පාත ඉඳල කියපි,

"සුදෝ... මටත් ඕනෙ"

සුදා ආපහු හැරුණා.

ඔන්න ඊට පස්සෙ වෙච්ච දේ.

සුදා: "අක්කෙ, ඔයා මාප්පත ගෙනාවෙ නැද්ද?"
මම : "නෑ නෙ :( "
සුදා: "මට විතරද ගෙනාවෙ?"
මම : "ඔව් නෙ"

මෙච්චර වෙලා මගේ දිහා හැරිලා කතා කර කර හිටපු සුදා, කිසි ගානක් නැතුව ආයිත් ගෙට හැරිල ඇතුලට යන ගමන් මෙන්න මෙහෙම කිව්ව.

"එහෙනං මීත පත්තෙ තොකලට් ගේනකොත මාප්පටත් එක්ක ගේන්න"

ඔන්න ඕකයි තත්වෙ !!
Posted by ස්වප්නා at 08:49
වර්ගීකරණය: රස කතාවක්

6 විවේචන:

සංකල්ප said...

ඒකනේ අක්කානේ වැරැද්ද කරලා තියෙන්නේ අනිවාර්යෙන්ම ඊලග පාර චොකෝ ගේද්දි මාප්පටත් එක්ක ගේන්න.

සුදා කියන්නේ මාරම පුතෙක් නෙ. ශෝක් !!!!!

March 30, 2011 at 9:50 AM
තිස්ස දොඩන්ගොඩ said...

කියාම වැඩක් නැතෝ.... :-)
අපේ ගෙදරත් ඔය ජාතියේම කෙනෙක් සිටී...

March 30, 2011 at 11:18 AM
``` Outsider``` said...

වෙන කෙනෙකුට දෙන්න දෙයක් නැතිව ඇති මෙයා ගෙනත් දෙන ඒවගෙ.. කොහොම වුණත් පොඩි එකා නම් නියමයි..

March 30, 2011 at 1:49 PM
ස්වප්නා said...

@ මධුරංග : හී හී

@ තිස්ස දොඩන්ගොඩ : දැන් පොඩි ලමයි හරිම අණ්ඩයෝ :)

@outsider: අනේ නිකා ඉන්න..

March 30, 2011 at 6:12 PM
Dinesh said...

පොඩි එකාගෙ කතාවනම් මරු... මීට පස්සෙ ගේනකොට දෙකක්ම ගේන්න...

March 30, 2011 at 6:52 PM
Abeetha Edirisinghe said...

දෙකකුත් මදි වෙයි නංගි.. සමහර විට තුනක්ම ගේන්න වෙයි.... :D

March 31, 2011 at 5:14 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ▼  March (6)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ප්‍රේමය දැකීම
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මාර්තු අට
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio