skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, February 25, 2011

හසු වීම ...


කැස්සත් ආදරයත්, හංගන්ට යාමත්
වක්කඩේ සඟවා ,හකුරු සුරැකීමත්
එක වගේ මෝඩකම් බවට සහතිකයක්
ලැබුණාම සිනහවට, නෑ නිමා වීමක්

කටුක මඟ ගෙවමින්, ආ දුර බොහෝ වූ මුත්
දුක් නැතැයි හෙටනම්, සිතේ නැඟ එයි හැඟුමක්
ආකහේ පාවෙනා සැහැල්ලුව විඳිමින්
හැමදාම මේ සිනා තියේවා පතනෙම්
Posted by ස්වප්නා at 15:34
වර්ගීකරණය: සිතුවිල්ලක්

14 විවේචන:

Dinesh said...

සගවන්නට ආදරය යාමම හිතට දුකක්
පිදු ආදරේ රැක ගැනුමත් මහා යුද්ධයක්
ඉන්නට තියේ නම් සුළග සේ පාවී හෙටක්
නැතිවේවි හිතට මට මෙන් නුඹට කදුළක්..

February 25, 2011 at 4:04 PM
ස්වප්නා said...

හොඳ ආදරයක යුද්ධ කරල රැක ගන්න දෙයක් නෑ.. නිකන්ම රැකෙනවා.. යුද්ධ කරන්න වෙනවනං එතන තියන ආදරෙන් වැඩක් නෑ :)
ස්තුතියි නිර්මාණයට !!

February 25, 2011 at 4:33 PM
Dinesh said...

ඔව් එක ඇත්ත..... මම යුද්ධයක් කිව්වේ භාහිරින් එන බලපෑම් ගැන.....

February 25, 2011 at 4:48 PM
රත්ගමයා said...

දිනේශ් අයිය වගේ කවි ලියන්න බෑ

February 25, 2011 at 5:08 PM
රත්ගමයා said...

දිනේශ් අයියලා ස්වප්නා අක්කලා වගේ කවි ලියන්න බෑ නේ අපිට

February 25, 2011 at 5:10 PM
පූසා said...

වැරදි කෙනෙක් එක්ක ඉන්නකොට නම් ආදරේ මහා වදයක් කියල හිතෙනවා. ඒක නැති වුනාම හිතට ලොකු සහනයක්. ඒත් හරි කෙනා ලැබුනාම ආදරේ හරිම සුන්දරයි කියලා හිතෙනවාලු. (ලු කියලා ඉවර කලේ ඇයි කියලා දන්නවනේ)

February 25, 2011 at 5:47 PM
dinesh said...

මේ දවස් වල මොනව නමුත් සිදු වෙන හැඩයි.අනේ වාසනාවන්... :)

හොඳ ආදරකට උදාහරණයක් තියනව.ඒක මෙතන ලියන්න බෑ අප්පා...

February 25, 2011 at 8:03 PM
සංකල්ප said...

ඇත්ත තමයි ආදරයයි කැස්සයි හංගන්න බැහැනේ. දැන් ස්වප්නා අක්කට කොයි එකද හංගන්න ඕන වෙලා තියෙන්නේ ? :)

February 25, 2011 at 8:54 PM
``` Outsider``` said...

ඒක තමයි ස්වප්නා මේ දවස්වල ලියන්නෙ මෙහෙම එව්වමයි.. ජය‍වේවා !
හොඳ ආදරයක් නිකම්ම රැකෙන බව මාත් පිළිගන්නව. හැබැයි එතනට අයිතිකරගැනීමේ ආශාව පැමිණුනොත් ආදරය රැකෙන්නෙ නෑ.

February 26, 2011 at 9:24 AM
dinesh said...

මොනා හරි උත්තරයක් දෙන්නකො.කලින් එකටත් නෑ.

February 26, 2011 at 4:26 PM
ස්වප්නා said...

@ Dinesh: ම්ම්ම්

@ රත්ගමයා : ලියලා බලන්න :) උත්සාහවන්තයා ජය ගනී කියල කතාවක් තියෙන්නෙ ;)

@ පූසා : ලු නෙවෙයි :) එහෙම තමයි :)

@dinesh: ලියන්න ලියන්න :) කැත කතාවක් නෙවෙයිනෙ, ආදර කතාවක්නෙ :)

@ මධුරංග : ඔයත් ඉතින් අනවශ්‍ය ප්‍රශ්නම තමයි අහන්නෙ

@ outsider: හ්ම්ම් ... එකිනෙකා නිකංම එකිනෙකාට අයිති වෙන්න දුන්නාම ඒ ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ කියලයි මං හිතන්නෙ

@ dinesh: ඔන්න දුන්නෝ.....

February 26, 2011 at 8:17 PM
Abeetha Edirisinghe said...

හික් හික්... මොකක් හරි වෙලා වගේ......

ඔන්න මමනම් හාන්කවිසියක්වත් දන්නේ නෑ.....

February 28, 2011 at 10:13 AM
dinesh said...

ඒ ගමන මෙයා ආයෙත් අතුරුදහන්...අපිටත් හොරෙන් බැන්දවත්ද....??

March 7, 2011 at 7:02 PM
ස්වප්නා said...

නෑ නෑ :)

March 8, 2011 at 8:35 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio