skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, August 3, 2010

අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?



බුදු දහම කියන්නෙ අන්ත අවිහිංසාවාදී පිළිවෙතක් අනුගමනය කරන ආගමක් නෙවේ.
ඒත් අපේ සමහර ආගමික මධ්‍යස්ථාන එලවළු පමණක් ආහාරයට ගැනීම පිළිබදව උවමනාවට වඩා උළුප්පා දක්වනව.
සමහර දෙමව්පියෝ තමන්ගෙ දරුවන් කුඩා කාලයේ ඉදලම මේ මධ්‍යස්ථාන වලට යවලා,
දැන් ඔවුන් වැඩිහිටියන් උනාමත් ,
ඒ අදාළ පන්සල් වල දානය පිළියෙල කරන්න ඕනෙත් පූර්ණ කාළීන නිර්මාංශ ආහාර ගන්නවුන් කියන්න තරමට අන්තගාමී වෙලා.
මේ උගත් ළමයි මෙච්චර අන්තගාමී වීම ගැන මට දැනෙන්නෙ හරි කණගාටුවක්.

මේත් එක්කම අමුණලා තියෙන්නෙ, නිර්මාංශ ප්‍රශ්නයට පිළිතුරක්. අහල බලන්න.

ඇමුණුම: http://www.mediafire.com/?grpj4b6np5qd10j
Posted by ස්වප්නා at 09:17
වර්ගීකරණය: සමාජ සිද්ධි

7 විවේචන:

Shadow/හේමලයා said...

ඕකත් ඔය එක රැල්ලක්.....මගේ නම් තර්කය කැමැත්තො කැමති දෙයක් කත්වා..අනිත් මිනිස්සුන්ට වද නොදී...හැබැයි වැඩේ කියන්නේ මස් මාලු නොකා මස් රස ගැන්වූ මස් අඩංගු නැති කෑම හොයන එක නෙව...මස් එපා නම් මොකටද ඒකෙ රස හොයන්නේ......

August 3, 2010 at 12:52 PM
ස්වප්නා said...

නැහැ. ඔතන රැල්ලකට වඩා යමක් තියනවා.
තමන්ගෙ ළමයි හික්මවන්න කියල දෙමව්පියෝ මේ ආයතන වලට දරුවන් යවන්න පුරුදු වෙලා තියනවා. නමුත් ඔය තැන් වල හරි දේ කියල අන්තගාමී මාර්ග වලට මේ ලමයින්ව යොමු කරවනවා. කාගේ හරි රටට පේන්න නමක් ගැනීමේ උවමනාවකට අහිංසක මිනිස්සු අහු වෙනවාය කියල තමයි මට හිතෙන්නෙ.
අනික ඕක බුදු බණට වැරදි විග්‍රහයක් සැපයීමකුත් වෙනවා. මස් මාළු කන්න එපා නං, ඔච්චර දේවල් දේශනා කරපු බුදු රජාණන් වහන්සේ ඕක දේශනා නොකර ඉදීද? ඕක තේරුම් ගන්න තරං නිදහස් බුද්ධියක් මේ කට්ටියට අහිමි කරල කියල තමයි මට හිතෙන්නෙ.

August 3, 2010 at 1:37 PM
ජීවන්ත said...
This comment has been removed by the author.
August 3, 2010 at 3:40 PM
ජීවන්ත said...

බුදු දහමට අනුව චේතනාවයි කර්මය වන්නේ.

කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් මස් මාංශ අනුභවය තුලින් සත්ව ඝාතනයට අනුබල දෙනවා කියලා. ඒ වගේම තවත් කෙනෙකුට එහෙම නොහිතෙන්න පුළුවන්. ඉතින් බුදුදහමට අනුව මේ දෙදෙනාට කර්ම ඵල රැස් වන්නේ දෙවිධියකට.

අනිත් එක සංඝයා වහන්සේ කෙනෙක් යනු රසය ආදිය ගැන ආශාවන් අත් හරින ලද හෝ අත්හැරීමට පුරුදුවන කෙනෙක්. ඉතින් ඒ වගේ අය මට අරක(මස්) එපා, මට අරක(එළවලු විතරක්) ඕනෙ වගේ දේවල් කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.

මම නිර්මාංශිකයෙක් උනේ මෑතකදී. ඒකට හේතු උනේ ඇත්තටම අහිංසක සත්තු ඝාතනය වෙන එකට මගෙත් දායකත්වයක් තියෙනවා කියලා මට හිතිච්ච හින්දයි. (මගේ දායකත්වය සමහරවිට කෝටියකින් එකක් වෙන්න පුළුවන්) ඒත මම කවදාවත් තවත් කාටවත් නිර්මාංශ වෙන්න කියලා බලකරනවා තියා කියලවත් නෑ. මම අද වෙනකං විශ්වාස කරන්නේ එහෙම බලෙං කාවවත් නිර්මාංශ කරවලා වැඩක් නෑ කියලයි. මම හිතන්නේ මේවා එකිනෙකාගෙ අවබෝධය තුලින් ඒ ඒ පුද්ගලයා විසින් තේරුම්ගත යුතු දේවල්. මම කරන්නෙත් දැනුවත් කිරීම් විතරයි. තීරණය අසන්නාට භාරයි.

අනිත් එක අපේ අය පොට වරද්දාගෙන. සැබෑ නිර්මාංශිකයෙක් කියන්නේ මිත්‍රශීලී පුද්ගලයෙක්. ඔහු මිනිසුන්ට විතරක් නෙවෙයි අනෙක් සතුන්ටත් මිත්‍රශීලී බවක් දක්වන්නෙක්. නිර්මාංශික නොවන අයට කියා ඔහු වෙන විධියකට සලකන්නේ නෑ. එහෙම නෑ කියන්නේ ඒ අය නිර්මාංශ වෙලා තියෙන්නෙ අන්ධ විශ්වාසයකින්, නිසි අවබෝධයකින් තොරව.

මම තවදුරටත් මස් නොකන්නේ මම තවදුරටත් ගැනුම්කරුවෙක් නොවන හින්දයි. එහෙම නැතුව මම කොහේ හරි ගියපු වෙලාවක මගේ ඉල්ලීමකින් තොරව මට මස් සහිත කෑමක් දුන්නොත් මම ඒවා විසිකරන්නේ නෑ. ඒ උනාට මම අනිවාර්යයෙන්ම කියනවා මගේ කතාව, ඒ ඊළඟ පාර මං වෙනුවෙන්ම කියලා මස් නොසාදන්නයි.

මේකත් බලන්න: http://trueorcrazy.blogspot.com/2010/03/earthlings.html

August 3, 2010 at 4:00 PM
ස්වප්නා said...

ජීවන්ත,
ඔයාගෙ අදහස් සමහරකට මම එකගයි. සමහරකට එකග නෑ.
කර්ම පල රැස් වෙන්නෙ දෙවිදිහකටයි කියපු එකට මම එකග නෑ. කර්ම පල රැස් වෙන්නෙ ධර්මයට අනුකූලවයි. තමන් පිලිගන්නා විදිහට කර්මය සිදු වෙනවා නම්, කර්ම පල විපාක පිහිටන්නේ බෞද්ධයින්ට පමණයි. මොකද හේතු ඵල වාදයකුත්, කර්මය පිළිබද සුවිශේෂ ඉගැන්වීමකුත් තියෙන්නෙ බුදු දහමේ පමණක් වන නිසා.

කෙනෙකු නිර්මාංශ වීම හෝ නොවීම පිළිබද මගෙත් විශේෂ අවධානයක් නෑ. කැමැත්තෙක් කැමැත්තක් කත්වා කියන මතයේ තමයි මමත් ඉන්නෙ. මෙතන ප්‍රශ්නය වෙන්නෙ බුදු දහමයි, නිර්මාංශ වීමයි පටලවාගෙන අලුත් සංස්කෘතියක් බිහි කරන්නට යාමයි.

ඔය නිර්මාංශ කියන සමහර අන්තගාමී ආයතනයකට සම්බන්ධ වෙච්ච පවුලක විස්තර වගයක් මට ලගදි අහන්න ලැබුනා.

මේ ගෙදර වයසක අම්ම නැති උනාලු. හාමුදුරුවො නොවඩවන ලදීලු. පාංශුකූලය නොදෙන ලදීලු.
අර ආයතනයෙන් ගිහියන් පිරිසක් ඇවිත් මොනාද වතාවත් වගයක් කරල දේහය ඔසවාගෙන ගියේලු.
ගෙදර දුවගේ මංගල්‍යයට එලවළු සහ බත් පමණි ලු :) මගුලට ආවෝ අසල කඩේකින් මාළු පාන් කෑවේලු.
දෙවෙනි ගමන දිනයේ මනමාලයාගේ පාර්ශවයෙන් මස් මාළු සහිත බත් දෙන නිසා, ඒ උත්සවයට මනමාලීගේ පාර්ශවයෙන් නොගියේලු.
මනමාල පාර්ශවයෙන් වෙනම එළවලු පමණක් සහිත කෑමක් මොවුන්ට වේලාසන දුන්නේලු.

මේව රට හිනස්සන වැඩ විදිහටයි මට පේන්නෙ.
ඔතරම් සත්ව කරුණාවනම් මොවුන්ට එළවළු කන්නටත් බැරිය. මක් නිසාද අල, ගෝවා, කැරට් වල සිටින පණුවන් මැරෙන්නේ අප වෙනුවෙන් මේ අහාර සූදානම් කිරීමේදී/ වගාවේ පළිබෝධ නාශනයේදී ඔවුන් මිය යන බැවිනි.

නිර්මාංශ යැයි කියා ගනිමින් බුදු දහම හා පටලවා අලුත් සංස්කෘතීන් බිහි කරන්නට යාමත්,
නිර්මාංශ නොවන්නවුන්ට නිර්මාංශ වීමට බලපෑම් කිරීමත්,
අවබෝධයෙන් තොර ඇදහිල්ලකටත්, විරුද්ධවය මා මේ කතා කලේ.

August 4, 2010 at 8:55 AM
රවා said...

මම කුඩා කාලයෙ ඉදන් මස් මාලු ගොඩාක් අඩුවෙන් කන්නෙ, මම දන්නෙ නැහැ හරි දෙයක්ද වැරදි දෙයක්ද කරන්නෙ කියලා, එත් මගෙ ආහාරය පිණිස මගෙ අතින් කාවවත් මැරෙන්නෙ නැහැ කියන එක සුවර්, මම අම්මට ගෙනත් දෙන්නෙත් නැහැ, කැමති කෙනෙකුට ගිහිල්ලා ගෙනල්ලා උයන් කැව හැකි සල්ලි දෙනවා.

August 5, 2010 at 12:06 AM
ස්වප්නා said...

අනේ මන්දා. ඉතින් මස් කන මිනිස්සු අතිනුත් කාවවත් මැරෙන්නෙ නෑ නෙ ... ඔහොම හිතුවොත් එළවළු කන්නත් බෑ. කොහොම උනත් මේ කර්ම පල විපාක දෙන ආකාරය හරියටම පැහැදිලි කරන්න නං බුදු කෙනෙකුටම ඉපදෙන්න වෙයි :) ඔය ගැන පොඩ්ඩක් තව හොදට හොයලා බලන්න ඕනෑ. පෙරේත කමක් නිසා කියනවා නෙවෙයි, මොන දේ උනත් පැහැදිලි, පිලිගත හැකි හේතුවක් නැතිව පිළිගන්න මගෙ හිත කැමති නෑ. :)

August 5, 2010 at 8:21 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio