ඉහේ හිට ඉහිරුණා
පුංචි මුව ඇද උනා
අපුළ රැදි දෑස් හැර
හැරි හැරී බැලවුණා
වැහි බිඳක සිසිලවත්
හිරු රැසක පහසවත්
නොදන්නා රිය සකක්
මඩ වලට හිනැහුණා
බෝනික්කියක් වගේ
දෙනෙත් අඳ දෙව් ලියක්
පුංචි පුතුගේ මුවේ
හසරැල්ල නැති කලා
නොසැලෙන්න කිරි පුතේ
දිරි ගන්න, දුක් වෙතේ
උගත්කම රජයන්න
එදා නුඹ රජ වෙතේ
Sunday, October 3, 2010
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
ඒ පුතාට විතරක් නෙවෙයි අනේ මේ දවස් ටිකේ අපිත් අම්බානක මඩ වතුර නානව. හැමදාම මම කුණුහරුපයක් කියල කෑ ගහන කොට මුන් මාව නාවල ගිහින්.
වාහන තියෙන හැම එකාටම වගේ මොළයක් හෝ හදවතක් නෑ කියල මම අවසානේ නිගමනයකට ඇවිත් හිත හදාගෙන ඉන්නව.
අයියෝ එහෙම කියන්න එපෝ...
මට වාහනයක් සමඟ මොලයක් සහ හදවතක් තියනෝ :(
හැබැයි ඒ වාහනේ ගන්න හයිය ලැබුණෙ ඕවගේ මඩ මමත් නාපු නිසා...
මට ඒ පුතාට කියල දෙන්න ඕනෙ උනේ ඒ ටික
ඉස්සර පයින් මඩ කාගෙන ගියපු මිනිස්සු තමා අද වාහන වලින් යන්නෙ..වැඩි හරියකට මුල අමතකයි....පද ලස්සනයි..මඩ නම් හරි නෑ
Post a Comment