
කලකට පසුව මම ඔබ යළි බැහැ දුටුවා
ඔබේ උකුළ නව මුහුණින් එළිය වෙලා
නුගේ යට අසුන් දෙක දැන් හතර වෙලා
කැන්ටිම ළඟට තව හට් එකකුත් වැටිලා
එතුණු වෙලුණු තුරු වැල් නැති පරිසරයේ
අරලිය, මාර, තණකොළ වුව සිරි මැව්වේ
ඔන්චිලි පැද්ද හැටි පොර කා එක හැටියේ
සිහිවී සිනහ නැඟ එයි මට හිටි අඩියේ
කොරිඩෝ දිගේ ඇවිදන් යයි දෙපා මගේ
කාමර වලට එබිකම් දෙයි දෙනෙත් මගේ
ශාලා පුරා විසිරී ගිය සිනා අපේ
දෝංකාර දී දෙසවන වැකී ගියේ
අපි දැන් ලොකු ළමයි වෙමු රස්සා කරන
හිනා වෙන්න එකතු වෙන්ට වෙර දරන
ඈතක දුරක වෙන් වූවත් මිතුරු කැළ
අමතක වේද සරසවියේ මල් සමය
8 විවේචන:
කලකට පස්සේ වෙලකට බැස්සේ.....:))))
කොහොමනම් අමතක කරන්නද..?
@ shadow: ඔයා ගියෙ වෙලකටද?
@ ඉලංදාරියා: ඔව් අනේ ... ඒ වගේ පිස්සු කාලයක් නං ආයි එන්නෙ නෑ...
මමනම් අමතක කරල ඉන්නෙ.
මට ඒක අමාරු වුණෙත් නෑ වැස්සකටවත් ඕවයෙ පස් පාගල නැති නිසා.
:) මෙයාගෙ සැර.
නැති අතීතයක් කොහොමද අමතක කරන්නෙ හෝ නොකරන්නෙ?
අත්වැල බැඳන් මිතුරියනේ හිනැහෙන්න
දේශන වලදි තව පොඩ්ඩක් නිදියන්න
බයෙන් බයෙන් පිකටින් පෙරහැරෙ යන්න
හැකිනම් ආයෙමත් සරසවියට යන්න
මැණික්(සුළඟ)
මිහිරකි සතුට යාවුනු පෙදෙසක වසනු
ගීයකි හැමදාම තොල් අතරෙහි රැඳුනු
යාහැකි නොම වුවත් හැබැහින් ගතකරනු
සිහිනෙකි අතීතය හැමදාමත් බැඳුනු
ලස්සන කවි :) ස්තුතියි මගේ පිටුව හැඩ කලාට
Post a Comment