මේ කතාව තමුන්ට යම් යම් දේ අහිමියි කියල කණගාටු වෙන අයට හිත හදාගන්න උදවුවක් වෙයි කියල බලාපොරොත්තුවෙන් ලියන්න හිතුණා.
කෙනා අපේ මල්ලිගේ ඉස්කෝලෙ යාළුවෙක්. හිත හොඳ කොල්ලා. මල්ලිට වඩා ඉස්කෝලෙ යන කාලෙ නං ඉගෙන ගන්නත් දක්ෂයි. දැනටත් විඩෙන් විඩේ අපේ ගෙවල් පැත්තෙ එනවා.
අම්ම නෑ. ළමයි පුංචි කාලෙ අම්මා රට. තාත්තා බොනවා. සූදුවට යනවා. රට ඉඳන් ආපු අම්මා, පස්සෙ වෙන කෙනෙක් හොයාගෙන. ඉඩම් කඩම්, ගේ දොර උකස් කරලා, කැපවීමෙන් ඒ තාත්තා සූදුවෙ යෙදෙනවා. මෙයයි අයියයි විතරයි. අයියත් දැන් බැඳලා පැත්තකට වෙලා.
හැබැයි, මේ ළමයා කොයි වෙලෙත් හිනා වෙනවා. අන්දරේ කෙනෙක් වගේ. අපේ ගෙදර ආපුහාම මාව හොඳටම හිනා ගස්සල, මගෙන් බැණුනුත් අහලයි යන්නෙ.
විද්‍යා පීඨ යන්න ළකුණු තිබ්බ. "අනේ ඇන්ටි මේ පිස්සු කතා කරන්න එපා. මම විද්‍යා පීඨ ගියාම ගෙදර කන්න අඳින්න වියදං කරන්නෙ කවුද?"
ගෙදර ආපු දවසක, අම්ම කැඳ කෝප්පයක් දුන්න. "අපිට කොහෙන්ද ඇන්ටි මේවා" "ඒකනෙ කියන්නෙ. යන්න අම්මා ළඟට" "මතක් කරන්න එපා. එයා අපි ගැන හිතුවනන් අපිට මෙහෙම වෙන්නෙ නෑ"
දැන් ටික කලකට කලින් අපේ ගෙදර ඇවිත්, මෙයා කියපු කතාවකට මගේ හිත ගැලවිලා වැටුණා වගේ උනා.
"අනේ ඇන්ටි, මේ ගෙදර පන්සලක් වගේ. හිතට හරි සැනසීමක් දැනෙනවා. මම මෙහේ නවතින්නද?"
අම්මයි මමයි එක පාරට ගොළු උනා. අපේ ඇස් වල පිරිච්ච කඳුළු පේන්න නැති වෙන්න අපි අහක බලා ගත්ත.
ඔන්න ආයිමත් අන්දරේ කියවනවා. "ඉතින් මොකද්ද, මහ වැඩක්ද? කන්න ඕගොල්ලො කොහොමත් උයනවනෙ. මට බයිසිකලේට පැට්‍රල් වියදම දුන්නම ඇති"
මම කිව්වා, "අයියෝ. අපේ අම්ම මහ ඇණ පැකට් එක අනේ. ඔයාට සතියෙන් එපා වෙයි". "එහෙම තමයි අක්කෙ. ඉන්නකොට වැඩක් නෑ. නැති උනාම හිටිය නං කියල හිතෙනව"
යාළු වෙලා ඉන්නෙ දෙමළ ගෑණු ලමයෙක් එක්ක. ඒකට ඒ ගෙදරින් හොඳටම විරුද්ධ උනා. කොහොමහරි, ගෑණු ළමයත් ඒ තීරණේම හිටපු නිසා, දැන් ටිකක් ෂේප්.
ඒත් බඳින්න කියල ඒ ගෙදරින් බල කරනවා.
"ඉතින් බඳිනවකො". මම කිව්වා.
"අක්කට පිස්සුද අක්කෙ. එයාව ගෙනත් මම කොහෙද තියෙන්නෙ?"
"ගෙදර"
"අපේ ගෙදර ඉන්න පුළුවන් නං ඉතින් මාත් ගෙදර ඉන්නවනෙ"
මල්ලි මාව ඇදල අරගෙන "ඕයි. උගේ ගෙදර අප්සෙට්. කසිප්පු කාරයො කොයි වෙලෙත්"
ඔන්න ආයිමත් මම තව යෝජනාවක් දැම්මා "හරි. ඉතින් ඔයා ඉන්න බෝඩිමට ගේන්න. ඒත් කමක් නෑ නෙ"
"අනේ අක්කෙ. මට එයාව විකුණන් කන්න ඕනෙ නෑ" මගෙ ඇඟ හීතල වෙලා ගියා.
"යමං" මල්ලි කතා කලා.
ඔන්න මෙයා තඩි සන් ග්ලාස් දෙකක් දමාගෙන, පුටුවල හැප්පි හැප්පි දෙකට නැවීගෙන, "ඇන්ටී...., ඇන්ටී.." අන්ධයෙක් වගේ රඟපානවා.
පණ යනකං හිනා ගියත්, ඒ ලමයා මතක් වෙනකොට මට තාමත් දුකයි.
මගේ මල්ලි ගියෙ, කොළඹ ටිකක් විතර ප්‍රසිද්ධ පාසලකට. මේ ගොල්ලො එක පංතියෙ යාළුවො.
ජීවිතේ ගැන තීරණ ගන්න උදවු වෙන්න කාත් කවුරුත් නෑ. තමන්ටම හිතෙන විදිහකට කරල බලනවා. උදේට සේල්ස් රෙප් කෙනෙක් විදිහට වැඩ. රෑට රේස් බුකියක ටයිප් වැඩ.
හැකියාවන්, දස්කම් වැඩක් නෑ. ජීවිතේ ගැට ගහ ගන්න දඟලනව.
දාහක් දේවල් සම්පූර්ණ කරන් ඉන්න අපි, එක් දහස් එක් වෙනි එක සම්පූර්ණ නොවුණට දුක් වෙනවා.
මේ ළමයි, බිංදුවෙ ඉඳන් එකට යන්න දත කනවා.
චුට්ටක් හිතල බලන්න.
Sunday, August 22, 2010
Subscribe to:
Post Comments (Atom)
12 විවේචන:
මේකතමයි ජිවිතේ ...
හිමි අහිමි කම් මැදින්..
හැල හැප්පිලි මැදින්...
උරුම හිමිකම් වියැකෙමින්....
ජිවිතේ ගලායයි.....
මේකතමයි ජිවිතේ...
දිවියක අරුම...!!!
ඉතින් ඒ දරුවව ඔයාල ගෙදර නවත්ව ගන්නකො...
@ outsider: මම හිතුවා මට ඔය වගේ ආරාධනාවක් එයි කියල :) අපි කැමති හැම දේම කරන්න අමාරුයිනෙ :)
වෙන පුළුවන් දෙයක් කරමු.
ම්...මිනිසුන්ට උදවු කරනවා කියලා කරන්ට පුළුවන් සීමාවකුත් තියෙනවා නේ නේද. අනික දුරට පේන ලස්සන ලගට නෑ කියලා කථාවකුත් තියෙනවනේ. ඇයි අහකය යන නයි රේද්ද අස්සේ දා ගන්න එපා කියලා කථාවකුත් තියෙන එකේ ඔය ඉන්න විදිහට එයාට ඉන්න දීලා ඔයාට පුළුවන් විදිහකට අවවාද අනුසාසනා හා උදවු උපකාර කරන්ට.
මෙහෙම මල්ලි කෙනෙක් ඒ කියන්නෙ තාත්ත එයාව අතඇරල දාපු, අම්ම රට ඉන්න මල්ලි කෙනෙක්,මගේ මල්ලිගෙ යාලුවෙක්, අපි ටිකක් කල් හදාගත්ත, දැන් නම් අම්ම ඇවිත් එහෙම ඒ මල්ලි හොඳට ඉන්නව...මට ඒ මල්ලිව මතක් වුණා මේ කතාව දැක්කම...
@ ගීත් : මම එහෙම අනික් අයට බණ කියන ජාතියෙ කෙනෙක් නෙවි. සාමාන්‍යයෙන් අනුන්ගෙ ප්‍රශ්න වලට සහභාගී වෙන්න යන්නෙම නෑ.
හැබැයි මට කරන්න පුළුවන් උදවුවක් කාට උනත් කරන්න මම පසුබට වෙන්නෙත් නෑ. අද උදෙත් බිඟුයි මමයි කතා උනේ බ්ලොග් එකේ ගොඩක් තියෙන්නෙ දුක නේද කියල.
සමහරවිට ඒ, අපි දුක වැඩියෙන් රස විඳින නිසා වෙන්න ඇති. හිතල බලන්නකො, සින්දුවකදි උනත් විරහ ගීයකට අපේ හිත යනවා වැඩියි නෙ.
මේ පෝස්ට් එක දාන්න මම හිතුවෙත් තමන්ට ගොඩක් දේවල් තියෙද්දිත් අනීවාරතේ තමුන් ගැන ඕනවට වඩා දුක් වෙන අය ඉන්නවනං ඒගොල්ලන්ව පොඩ්ඩක් ඇහැරවන්න :)
@ චේජනා: කොච්චර හොඳද..
ජීවිතේ ජීවිතේ.......
අපිටත් ඒ දරුවට යම් උදව්වක් කරන්න පුලුවන්නම් කියන්න සොයුරිය... පුලුවන් විදිහට කරන්න බලන්නම්... මම කැමතියි මේ වාගේ නිරීක්ෂණ වලට... ටෙලි නාට්‍ය ගහනවනම් මේ වාගේ චරිතයක්ම ඇති...! පට්ට ජරාවම නොගහා...ඔබලාගේ කාරුණික සිත්වලට මගේ ගෞරවය...
බඳින්න දවස් දා ගත්තයි කියල ඊයෙ කිව්වා :)
ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්නවද අක්කේ?
ඔව්. ගොඩක් ඇති අපි නොදන්නව උනාට
Post a Comment