
මහ වරුසාවක වතුරෙන් යට වුණු
මෝය නොදුටු ගඟ වගේ මමයි
විටකදි හිනැහෙන විටක නොදැක යන
මට නොහැඟෙන නෙතු ඔබේ තමයි
හීන් පවනකට වෙලී වෙලී නුඹ
සුළඟක් සේ ආ හැටි මතකයි
ඒ සිහිලැල්ලට වසඟ කලා සිත
පුදුමෙකි සිතුණා තව මතකයි
හිරු දුල යාමෙක රෑ ඝනඳුර ගෙන
සිහින දකිනු රිසි කලේ නුඹයි
පෙම් වැට අද්දර මා හිනැහෙන විට
ඒ මග මඟ හැරි හැටි අරුමයි
7 විවේචන:
බොක්කටම වැදුනා එල එල ! නියමෙට ලියලා තියනවා මම මේක කොපියක් මෘද්‍රනය කරගත්තා තරහ නෑ නේ ?
ගණන් නොගන් ඔහු බිඳකට සොයුරිය...
පෙම් වැට අද්දර නුඹ වෙනුවෙන් හිනැහෙන
කෙනෙකු සිටිනු ඇත ළඟදීම
@සඳරු: :) කමක් නෑ.. පංතියෙ ලමයින්ට බෙදන්න නෙවෙයිනෙ ;)
@ප්‍රාර්ථනා: හී හී
:)
නොලැබෙන දෙයකට
නොලැබෙන කෙනෙකුට
මා හැඩුවා මතකයි පෙරදා
සාගර ජල කද තරමට හැඩුවද
නෑ මට ඔහු ලැබුනේ කවදා
හ්ම්....
අරින්න එපා.. තව අයට ඔය කියන පෙම්වැට අද්දරට වෙලා හිනහෙන්න.
ලස්සනයි කවිය...
හිහ් . හිනා යන වැඩේ කියන්නෙ ඒක අද්දර දැන් අවුරුදු 4ක් 5ක් හී හී
ඕක මහ පරණ කවි පෙළක් :)
ස්තුතියි අගය කිරීමට
Post a Comment