
හිත හදා ගන්න අපි බලමු කොහොමහරි
මේ ටික කාලය ගත වීලා
යළි මුණ ගැහෙන්න පිං රැස් කරගමු
හිත රිදන තවන දේ මඟ හැරලා
හද පැතූ පිරූ රුව ඔබම තමා
ඔබ දොඩමළු විට මා නිහඬ වුණා
රෑ කළුවර එක්කම ගෙට ආදා
දැනුණේ ඉරු දෙවි වැඩලා කියලා
අපි පතන පතන දේ නොලැබෙන බව
බුදු බණෙත් අගේ කර කියන නිසා
හිත හදා සිනා සී වෙන් වී යමු අපි
මා පිය සිත නොතලා නොපෙලා
5 විවේචන:
ලස්සනයි අනේ.... දිගටම ලියන්න. මම හැකා...
ඔව් ඉතින් එහෙමවත් කරමු.
හ්ම්........එහෙම වෙනවානම්....ගොඩක් හොඳයි..
ලස්සනයි..!
වෙන් වෙන්න මග බලන සද
නුඹම එයි දොර පියන් හැරලා
දුර යන්න මට අවසරද කියනු මැන
මතකයන් ටික ඉතුරු කරලා....:D
ලස්සනයි!!!!
ඔක්කොම සතුටු කරන්න ගියොත් කවදාවත් සතුට කියන එකනම් හරියට අල්ල ගන්න බැරිවෙයි..
Post a Comment