skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, October 6, 2010

අසනීපය


ඉහළට නැගි නැගී යනවා ප්‍රාර්ථනා
දෙමාපිය සොයුරු කැළගේ වදන් නිසා
තවනං යන්න බෑ බැරි බර ඉහේ දරා
නවතිමි, සියළු බර පොදි කොට බිමට තබා

රාජකාරි වැඩ ඉහ මොල රත් කරන
විභාග ගොඩ ගැසේ, පෙර කල පව් විලස
බැංකු වලට කවදා ගත් ණය ගෙවෙත
ගත ලෙඩ නොවෙයිදෝ හිත ලෙඩ වූ දාට

මංගල්ලයක් හරි නොයනා කේන්දරේ
මවුගේ නින්ද සොරකම් කල නිතර දොහේ
වීසි කරන්නට හැකිනම් දුරක කොහේ
හිත රජ කරන තැනකට යමි දුකක් නැතේ

හැමදා එක වගේ හති ලන මේ දිවිය
සත්තයි එපා වී ඇත ටික කලක සිට
සමුදුර දකීවා හිත පතනා විලස
ගංඟාවක් වගේ බර දී සැනසෙන්ට
Posted by ස්වප්නා at 19:13
වර්ගීකරණය: සිතුවිල්ලක්

7 විවේචන:

``` Outsider``` said...

ඔය එකකටවත් විසඳුමක් නෑ. මොකද මේ ප්‍රශ්ණ වැරැදියි. වැරැදි ප්‍රශ්ණ වලට විසඳුම් හොයාගෙන මිනිස්සු සතුටු වෙමින් තම තමන්වම රවට ගන්නව. ලෞකික ප්‍රශ්ණ කියන ඒව එහෙමයි.
ඒක නිසා තියෙන දෙයක් කාල තියෙන වැඩක් බලාගෙන ඒ ඒ මොහොතෙ යහතින් සතුටින් ඉන්න ඕනි.

October 7, 2010 at 12:37 PM
ප්‍රාර්ථනා said...

අක්කණ්ඩිය ආදරෙන් මම කියමි මෙසේ,
ඔය දේවල් හැම ගිහි ජීවිතේකම තියනවා නේද?
එහෙවු එකේ ඒවායින් දැවි දැවී ඉන්නවට වඩා
කොහොමහරි හිත දැඩිකරගෙන ගොඩැන්න බැලුවොත් නරකද?

October 7, 2010 at 2:45 PM
Hipo said...

හිඃ හිඃ...ඉවසපන් මගේ පපුව... කියලා ඉන්න තමා තියෙන්නෙ...

October 7, 2010 at 3:52 PM
ස්වප්නා said...

ඊ. ඊ. ඊ. ඉහිහ් ඉහිහ් ඉහිහ් :(

October 7, 2010 at 4:11 PM
sahan ළියනගෙරත්ගමයා said...

ජීවිතේ කියන්නෙ ඕක තමා අක්කන්ඩියේ............

October 7, 2010 at 5:13 PM
රවා said...

ඔබ යමක් හයියෙන් අල්ලන් ඉන්න තරමට එය නිවැරදිව හැසිරවිමට ඔබට අපහසු වෙවි අක්කා . අනික ඔබගෙ අතට වෙදනාවකුත් දැනෙවි. එය ලිහිල්ව අල්ල ගන්න. ලිහිල්ව, මෘදුව අල්ල ගන්න, හිමිට. අපි හැමොම සතුට සතුට කිය කිය දුකම එකතු කර කර ගොඩ ගහා ගන්නවා. සමහරු එක දුකක් කියලා හිතලා සාද පවත්වනවා, සමහරු එක සැපක් කියලා හිතලා.

කෙන්දරය, නය බර සියල්ල ඔබ ඇතුලෙ තනාගත් දෙවල්. පිටට ඔබ අපුරු සුන්දරත්වයකින් යුතු ගැහැණු කෙනෙක්. ඉතින් ඔබ එ සුන්දරත්වය රදවා තබා ගත යුතුයි. තනියම ඉපදුනාට තනියම මැරුනට තනියම කවුරුත් ජිවත්වෙන්නෙ නැහැ. හිතලම තනිවෙන්න උත්සහා කරනවා වගෙ මට දැනෙන්නෙ. මෙ කවිපන්තිවල ඔයාගෙ ජිවිතය ගැන නෙද ලියලා තියන්නෙ

October 9, 2010 at 12:15 PM
ස්වප්නා said...

හ්ම්ම් ඔක්කොම එපා................... වෙච්ච වෙලාවක ලියල දැම්ම :)
ඕවෑ හැටි ඔහොම තමා. ඕනෙ වෙනවා එපා වෙනවා ..

October 9, 2010 at 6:55 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio