Wednesday, October 6, 2010
අසනීපය
ඉහළට නැගි නැගී යනවා ප්රාර්ථනා
දෙමාපිය සොයුරු කැළගේ වදන් නිසා
තවනං යන්න බෑ බැරි බර ඉහේ දරා
නවතිමි, සියළු බර පොදි කොට බිමට තබා
රාජකාරි වැඩ ඉහ මොල රත් කරන
විභාග ගොඩ ගැසේ, පෙර කල පව් විලස
බැංකු වලට කවදා ගත් ණය ගෙවෙත
ගත ලෙඩ නොවෙයිදෝ හිත ලෙඩ වූ දාට
මංගල්ලයක් හරි නොයනා කේන්දරේ
මවුගේ නින්ද සොරකම් කල නිතර දොහේ
වීසි කරන්නට හැකිනම් දුරක කොහේ
හිත රජ කරන තැනකට යමි දුකක් නැතේ
හැමදා එක වගේ හති ලන මේ දිවිය
සත්තයි එපා වී ඇත ටික කලක සිට
සමුදුර දකීවා හිත පතනා විලස
ගංඟාවක් වගේ බර දී සැනසෙන්ට
Subscribe to:
Post Comments (Atom)
7 විවේචන:
ඔය එකකටවත් විසඳුමක් නෑ. මොකද මේ ප්රශ්ණ වැරැදියි. වැරැදි ප්රශ්ණ වලට විසඳුම් හොයාගෙන මිනිස්සු සතුටු වෙමින් තම තමන්වම රවට ගන්නව. ලෞකික ප්රශ්ණ කියන ඒව එහෙමයි.
ඒක නිසා තියෙන දෙයක් කාල තියෙන වැඩක් බලාගෙන ඒ ඒ මොහොතෙ යහතින් සතුටින් ඉන්න ඕනි.
අක්කණ්ඩිය ආදරෙන් මම කියමි මෙසේ,
ඔය දේවල් හැම ගිහි ජීවිතේකම තියනවා නේද?
එහෙවු එකේ ඒවායින් දැවි දැවී ඉන්නවට වඩා
කොහොමහරි හිත දැඩිකරගෙන ගොඩැන්න බැලුවොත් නරකද?
හිඃ හිඃ...ඉවසපන් මගේ පපුව... කියලා ඉන්න තමා තියෙන්නෙ...
ඊ. ඊ. ඊ. ඉහිහ් ඉහිහ් ඉහිහ් :(
ජීවිතේ කියන්නෙ ඕක තමා අක්කන්ඩියේ............
ඔබ යමක් හයියෙන් අල්ලන් ඉන්න තරමට එය නිවැරදිව හැසිරවිමට ඔබට අපහසු වෙවි අක්කා . අනික ඔබගෙ අතට වෙදනාවකුත් දැනෙවි. එය ලිහිල්ව අල්ල ගන්න. ලිහිල්ව, මෘදුව අල්ල ගන්න, හිමිට. අපි හැමොම සතුට සතුට කිය කිය දුකම එකතු කර කර ගොඩ ගහා ගන්නවා. සමහරු එක දුකක් කියලා හිතලා සාද පවත්වනවා, සමහරු එක සැපක් කියලා හිතලා.
කෙන්දරය, නය බර සියල්ල ඔබ ඇතුලෙ තනාගත් දෙවල්. පිටට ඔබ අපුරු සුන්දරත්වයකින් යුතු ගැහැණු කෙනෙක්. ඉතින් ඔබ එ සුන්දරත්වය රදවා තබා ගත යුතුයි. තනියම ඉපදුනාට තනියම මැරුනට තනියම කවුරුත් ජිවත්වෙන්නෙ නැහැ. හිතලම තනිවෙන්න උත්සහා කරනවා වගෙ මට දැනෙන්නෙ. මෙ කවිපන්තිවල ඔයාගෙ ජිවිතය ගැන නෙද ලියලා තියන්නෙ
හ්ම්ම් ඔක්කොම එපා................... වෙච්ච වෙලාවක ලියල දැම්ම :)
ඕවෑ හැටි ඔහොම තමා. ඕනෙ වෙනවා එපා වෙනවා ..
Post a Comment