skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, July 9, 2011

සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )

සුදාලගෙ ගෙදර හරියට මී කරදරේ කියල, සුදාගෙ අම්මා පූස් පැටියෙක් ගෙනත්.
ඉතින් ඊට පස්සෙ ඉඳන් අපේ සුදාට සෑහෙන වැඩ. සෑහෙන වැඩ කියන්නෙ ඉතින්.... මේ වෙනකොට පූසට සසර කළකිරිලා තමයි ඇත්තෙ. ඒකා නිදා ගත්තොත් ඇහැරවනවා. ඇහැරිලා හිටියොත් වඩාගෙන ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නවා. වත්තට දිව්වොත් අල්ලන් ඇවිත් ගෙට ගෙනත් දානවා. කොටින්ම පූසව රක්ෂිත බන්ධනාගාර ගත කරල වගේ තමයි.

කොහොමහරි මේක මේ, පූසාගෙන් මීයන් ඇල්ලීමට අමතරව කර ගන්න පුළුවන් වැඩක් ගැන සුදාගෙන් ආපු යෝජනාවක් !!
සුපුරුදු පරිදි යෝජනාව යොමු වෙලා තිබුණේ අපේ තාත්තට.

මේ දවස් වල තැඹිලි, පොල් කඩන මිනිස්සු හොයා ගන්න හරි අමාරුයිනේ. වත්තෙ තැඹිලි ගස් වල ගෙඩි, පොල් වෙනවා බලාගෙන ඉන්න බැරි කමට අපේ තාත්තා තැඹිලි කඩන මනුස්සයෙක් ගැන විස්තර සුදාලගෙ අම්මගෙන් අහල තිබුණා.
කොහොමහරි ඒ මනුස්සයවත් ඔන්න සම්බන්ධ කර ගන්න බැරි වුණා.
ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න.

ඔන්න ඉතින් සුදාගෙ අම්මත් වැඩේ අත් ඇරලා දාල ගෙට ගිය වෙලාවෙ සුදා බ්‍රයිට් අයිඩියා එකක් ගෙනාවා.

"මාප්පෙ, අපි පූචගෙ බඩේ ලණුවක් බැඳලා තැඹිලි ගහට නග්ගමු."
"හ්ම්ම්ම්ම්..."
"අපිට තියෙන්නෙ පහළ ඉඳන් ලණුව අල්ලගෙන ඉන්න එක. මාප්පතයි මටයි ලණුව අල්ලගෙන ඉන්න පුළුවන්නෙ.. "
"හරි"
"හයියෙන් අල්ලගෙන ඉමූ. පූචා තැඹිලි කැපුවට පච්චෙ අපි හිමීට බාමු."
"හරි.. එතකොට කොහොමද පිහිය යවන්නෙ?"
"පිහිය යවන්න ඕනෙ නෑ අනේ. පූචා කටින් කපයි.."

කොහොමද අපේ සුදාගෙ මොළේ???
Posted by ස්වප්නා at 11:58
වර්ගීකරණය: රස කතාවක්

10 විවේචන:

Deeps said...

අලේ පුවොන්ට පොල් කඩන්නත් පුලුවන්ද දැන්

July 9, 2011 at 12:56 PM
නදී said...

මොලේ තමා මොලේ හහා

July 9, 2011 at 12:56 PM
සංකල්ප said...

ඒක ගොඩක් ලාබදායි ක්‍රමයක් නේ. සුදා තමයි සුදා කියන්නේ. අම්මෝ අක්කේ ගොඩ කාලයකට පස්සේ තමයි සුදාගේ කතාවක් කියෙව්වේ.

තව එකෝම එකක් ලියමුකෝ !!!! ඔන්න කම්මැලියි කියලා නම් කියන්න එපා !!!

July 9, 2011 at 6:14 PM
මකුළු පැංචි (මංචි) said...

සිම්පල් ප්ලෑනක්නෙ...බොලේ... :D

July 9, 2011 at 6:21 PM
Dinesh said...

සුදාව නව සොයාගැනීම් එකට යවන්න වටිනවා..

July 10, 2011 at 2:09 AM
මාරයාගේ හෝරාව said...

පූසන්ටත් කලක් යයි වගේ..හික්

July 10, 2011 at 11:34 AM
P. Wijekoon said...

පුංචන්ගේ ලෝකේ වීරයොනේ මේ සුරතල්ලු.
මැණික්

July 11, 2011 at 9:06 AM
ස්වප්නා said...

:D

July 12, 2011 at 8:43 AM
dinesh said...

අපේ පුංචිලගෙ දිහාත් පූස් පැටව් වාගයක් හිටිය.හොඳට කන්න බොන්න දීල ලොකු කරල ගන්න ඕනෙ.හික්..

July 15, 2011 at 6:06 PM
ස්වප්නා said...

ඒක හොඳ අදහස :P

July 17, 2011 at 6:16 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ▼  July (6)
      • දෝණීගෙන් ...
      • ඔබ HUB එකක්ද?
      • ඡන්දේ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio