skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, February 20, 2011

හිතුමතේ



නිදහසේ හිතුමතේ හිත මගේ
ඔබ ලඟින් ඔබ ලඟින් නැවතෙතේ
කනකටත් නොගෙන මං කියන දේ
රැව් දිදී විසිර යයි හඬ ඔබේ

වෙර යොදා ගැට ගසා එක සැණේ
පොත් දිහා නෙත් යොමා හිඳිමිනේ
කියවනා අකුරු අතරින් ඔබේ
කඩවසම් රුව පෙනී සැඟවෙතේ

හිත පුරා රුව ඇඳී කරදරේ
ඔය සිනා මොකටදෝ හමුවුණේ
නුඹ නිසා මං විඳින මේ වදේ
නිම කරන්, මං අරං නුඹ වෙතේ
Posted by ස්වප්නා at 18:41
වර්ගීකරණය: සිතුවිල්ලක්

13 විවේචන:

සංකල්ප said...

"නුඹ නිසා මං විඳින මේ වදේ
නිම කරන්, මං අරං නුඹ වෙතේ "

අනේ අනේ ස්වප්නා අක්කේ, කෙල්ලෙක් ඔහොම කිව්වොත් හොදට හිටී. චුට්ටක් ඉවසලාම ඉන්න. එයාම එක්කන් යනකන්. හික්ස්

ගමේ ගිහින් එද්දි මෙයාලා කර ගන්න දේවල්.

February 20, 2011 at 7:24 PM
Hipo said...

හික්ස්.... දුකත් හිතෙනවා පොර ගැන... ඔයගේ දුක කෙලවර එයගෙ දුක ආරම්භය.. :P

February 20, 2011 at 8:28 PM
ස්වප්නා said...

:P ඉරිසියාව ඉරිසියාව

February 20, 2011 at 8:37 PM
පූසා said...

හිතේ තියන දේ එයාට දැනෙන විදිහට හැසිරෙන්න :)

February 20, 2011 at 9:22 PM
Dinesh said...

"නුඹ නිසා මං විඳින මේ වදේ
නිම කරන්, මං අරං නුඹ වෙතේ "

ඒ උනාට ආදරේ කරන්න පටන් ගත්තම මෙහෙම කියාවි..

"නුඹ නිසා මං විඳින මේ වදේ
නිම කරන්, අමතක කර සෙනෙහස මගේ"

February 20, 2011 at 10:26 PM
බූරු පුතා said...

අනේ පවු නේද එයා. . . . .
ලඟට ගත්තාම ඌ උට තියන වද වලට අමතරව මේ වදෙත් ඉවසන්න එපැයි.

ඔන්න ඔය ඉන්න විදිහට ඉන්න වදේ . . . . . .

February 20, 2011 at 11:39 PM
සංකල්ප said...

පූසා කියපු දේ මාත් අනුමත කරනවා. කියන්න යන්න එපා. දැනෙන්න අරින්න එතකොට එයා දැන ගනී නේ. :)

February 21, 2011 at 1:07 AM
ස්වප්නා said...

:D

February 21, 2011 at 8:38 AM
``` Outsider``` said...

කල වයස හරියද්දි ගෑණු ළමයිටත් හිතෙන දේවල් නේද ස්වප්නා.. :D

ලස්සනයි කවි පෙල....

February 21, 2011 at 8:43 AM
ස්වප්නා said...

ස්තුතියි :)

February 21, 2011 at 9:31 AM
dinesh said...

මොකද්ද බොලේ මේ......!!ගමේ ගිය කතාවකුත් තියනවා.අපි දන්නෙත් නෑ.

මෙච්චරක් ආදරෙයි කියල බුවා දන්නවනම්........කමක් නෑ වැඩේ හරිගිය දවසට ඔන්න අපිටත් කියන්න ඕනෙ.
("බුවා" නමින් ආමන්ත්‍රණය කෙරුවට තරහ නෑනෙ..:)

February 21, 2011 at 5:17 PM
ගීත් (සහෘදයා) said...

wo.........................................................................................................................................................................................w

February 21, 2011 at 7:22 PM
ස්වප්නා said...

@ dinesh: මම ගමේ ගියෙ නෑ අනේ. මම ඉන්නෙමත් ගමේ නෙ. මධුරංගයි ගමේ ගිහින් තියෙන්නෙ. හික්

@ ගීත් : :P

February 22, 2011 at 8:29 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio