skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, February 4, 2011

නිදහසේ සිතුවිල්ල


හැමදා වසරකට සැරයක් එකම දින
සමරමු අපේ අති උත්තර අරුම දින
රටේ සවිය පෙන්වන්නට නොහැකි තැන
වැඩක් ඇතිද ජය සැමරුම් කොතැන වුව

සාමය පතා යුද වැදි රටකට ඉපදී
වහලුන් වගේ වැඩ කෙරුවත් නැත සැනසී
හොර මැර මගඩි නඟනා තුරු ජය කෙහෙලී
බුද්ධිමතුන් හිඟද්දි හොරු රජ කරතී

සිංහල දෙමළ මුස්ලිම් වුව අපේ මොකෝ
සුදුස්සා සුදුසු තැන හිඳවන්ට ළමෝ
කොඩියේ සිංහයා හාමත් වී වේලී
මියැදෙනු වලකන්ට එතකොට හැකි වේවී
Posted by ස්වප්නා at 12:23
වර්ගීකරණය: සිතුවිල්ලක්

4 විවේචන:

dinesh said...

ඔන්න අපිත් එකතු උනා ස්වප්න එක්ක නිදහස සැමරුමට.

February 4, 2011 at 1:40 PM
``` Outsider``` said...

බලමු තව අවුරුදු සීයක් දෙසීයක් යද්දි මේ කේස් ඔක්කොම හරියන්න ඉඩ තියෙනව.

February 4, 2011 at 2:39 PM
සංකල්ප said...

නිදහස සමරන මේ මොහොතේ නිදහස වෙනුවෙන් දිවි රුන් අපේ රනවිරුවන් වත් මතක් කරන්න ඕනේ.
ඒ වගේම තමයි අපි දිනාගත් අපේ නිදහස රැක ගන්න කටයුතු කරන්න ඕනේ.

නිවහල් ජාතියක් !!! නිදහස් රටක් !!!

February 4, 2011 at 4:53 PM
Dinesh said...

නිදහස් දවසේ වෙනස්ම විදිහක සිතුවිල්ලක්... කියලා තියෙන දේ නම් ඇත්ත තමයි...

February 4, 2011 at 6:07 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio