skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, February 2, 2011

හිත ඇදිල්ල නවතගන්න

සුහද බව ලඟ
පිරුණු කම දෙන
නුඹේ සිනහව
දුකකි හද ලඟ

හිතේ ඇල්මට
කතා කෙරුමට
වහ වැටෙන්නට
හිතෙයි විටකට

ඇදී ඇලවෙන
හිතේ සෙනෙහස
නවත ගන්නට
වේය හනිකට

නොගැලපෙන බව
ඉක්මවන්නට
යන්න හිතුවට
පළක් වේවිද
Posted by ස්වප්නා at 19:58
වර්ගීකරණය: සිතුවිල්ලක්

15 විවේචන:

තිස්ස දොඩන්ගොඩ said...

හැබෑවටම එහෙම චරිත හම්බවෙනවා නේද සසර ගමනේදී....

February 2, 2011 at 8:15 PM
රත්ගමයා said...

ආදරේ ගැන
කවි ලියන්නට
මෙතුන් පදේ
තෝරාලා කියන් සකි.....

ඉකේයියා.......

February 2, 2011 at 8:25 PM
Anonymous said...

නියමායි.... ඇත්තමයි ලස්සනයි.
මම ඔය කවියෙ හේතු මූල නම් දන්නෙ නෑ....
එත් ඔය "නොගැලපෙන බව" අමතක කරන්නම බැරිද?

February 2, 2011 at 8:49 PM
dinesh said...

ලඟකදි ඉදන් අමුතුයි.....යාළුට හැමදේම හොඳින් සිදු වේවා.........

February 2, 2011 at 9:27 PM
ගීත් (සහෘදයා) said...

වාව්...වැඩක් නෑ කියලා....

February 2, 2011 at 10:49 PM
සංකල්ප said...

මට තේරුන විදිහට නම් නොගැලපෙන කෙනෙක්ට වහ වැටුන කතාවක් වගේ. වැරදි නම් නිවැරදි කරන්න ස්වප්නා අක්කෝ.
(හතරපාරක්ම කියවලා ඉන්නේ. )

February 3, 2011 at 12:13 AM
ස්වප්නා said...

@ තිස්ස දොඩන්ගොඩ: හ්ම්ම්.. කරුමෙ තමා :( :)

@ රත්ගමයා : හී හී :) අනේ මන්දා.. ඉකේයියා කිව්වෙ ඔයාගෙ කවියටද? මගේ කවි වලටද?

@ Blog Walk on Dew: ම්ම්ම්ම්ම්ම්ම්. සමහර නොගැලපීම් අපේ සමාජය ගොඩ නගා ගත්ත දේවල්.. සමහර නොගැලපීම් අපේ උද්දච්ච කම නිසා ඇති වෙන දේවල්..
මගේ කල්පනාවෙ හැටියට ඔය කොයි එක හරි තිබුනොත් එකට ගමනක් යන්න අමාරුයි.. නේද? ඇත්තටම හිතන විදිහ ගැලපුණත්

@ dinesh: හිහ් හිහ්. කිසි දේකට බය වෙන්න එපා :) මෙච්චර කාලෙකට නොවිච්චා ඉස්සරහට වෙන්නෙත් නෑ.. හිහ් හිහ්

@ ගීත් : තැන්ක් යූ. තැන්ක් යූ :)

@ මධුරංග : හ්ම්ම්. සරලව ගත්තොත් හරි. ගැඹුරින් හිතන්න තරං මම පැහැදිලිව මුකුත් ලියලත් නෑ නෙ :( හැබැයි මගේ මූලික අදහස උනේ අර "Blog Walk on Dew" ට දුන්නු උත්තරේ.

February 3, 2011 at 8:41 AM
dinesh said...

Blog Walk on Dew ට දීපු rply එක නිසයි ලියන්න හිතුනෙ.කෙල්ලන්ගෙ ඔය පණ්ඩිත කම තමයි අවුල.හැමදේම මුලින් ගලප ගන්න හදනවා.සර්ව සම්පූර්ණ කට්ටිය කොහෙද ඉන්නෙ.පොඩි,පොඩි නොගැලපීම් තියෙන්න පුළුවන්. ඒ උනාට සැබෑ ආදරේකදි එව්ව වැදගත් වෙන්නෙ නෑනෙ.ඇයි අප්පා මේ කාටවත් ආදරේ ගැන විතරක්ම හිතන්න බැරි.දෙන්න අතරෙ ඒක පැලෙන්න තියනවනම් අනිත් දේවල් මොන බම්බුවද....? ඒව හිමීට හදා ගන්න පුළුවන් නේද..?? ඇයි අනිත් මිනිස්සුන්ට ඕනෙ විදියට අපේ ජීවිතවල තීරණ ගන්නෙ.

[උදාහරණ කතාවක් බාගයක් ලියල ආයෙ මකල දැම්මා.ස්වප්න ඕව කියවන්න අකමැතිද දන්නෙත් නෑනෙ:) ]

February 3, 2011 at 8:47 AM
ස්වප්නා said...

හපොයි.. ඔච්චර කේන්ති ගන්න එපෝ. ඉක්මණට වයසට යයි :)
ලියන්න එපැයි. මම කියවන්න කැමති කෙනෙක් :)

February 3, 2011 at 8:53 AM
``` Outsider``` said...

ඔක්කොම එකිනෙකාට නොගැලපේ. නැත්නම් ඔක්කොම එකිනෙකාට ගැලපේ. දෙකෙන් එකක් උත්තරය ලෙස අරන් ජීවත් වෙන්න ඕනෑම කෙනෙක්ට හැකියාව තියෙනව.

February 3, 2011 at 9:02 AM
සංකල්ප said...

කව්ද Blog Walk on Dew කියලා කියන්නේ ? පුලුවන් නම් එයාගේ ලින්ක් එක කමෙන්ට් කරන්න අක්කා.

February 3, 2011 at 10:06 AM
Dinesh said...

ආදරයට සීමා කොතැනද
නොගැලපෙන බව කිසිවෙකුත් තැකුවෙද
රෝමියෝ ජුලියට් ආදර අන්දරයට
මේ කිසිවකුත් බල පෑවද...

ප.ලි. හැබැයි විවාහක අයට නම් ආදරේ කරන්න යන්න හොද නැහැ... එතනන්ම් ඔය කියන ඔක්කොම නොගැලපීම් තියෙනවා...

February 3, 2011 at 5:55 PM
ස්වප්නා said...

@ ``` Outsider```: ඔයා කියන කතාවෙ ප්‍රායෝගික තත්වය කොහොමද?

@ මධුරංග : ඔය උඩ කමෙන්ට් එකක් දාල තියෙන්නෙ අනේ.

@ Dinesh: හ්ම්ම් :) නා නත්ථ කායා නා නත්ථ සංඥා
ඒ උනාට ඔය සීමා පනින අයත් ඉන්නෙ :D

February 3, 2011 at 9:10 PM
dinesh said...

බොලේ මෙන්න ස්වප්න ගාථත් කියනවා.....!! (හරිද මන්ද ඕව ගාථ නේද හික්......)වයසට ගිය කාලෙක එන්නම්කො බන දහම් ටිකක්වත් අහගන්න :)

February 3, 2011 at 9:23 PM
ස්වප්නා said...

:P

February 4, 2011 at 10:58 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ▼  February (10)
      • හසු වීම ...
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 7 )
      • හිතුමතේ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 6 )
      • ආදරයෙන් ...
      • නිදහසේ සිතුවිල්ල
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත ඇදිල්ල නවතගන්න
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio