skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, October 25, 2010

සසඳ කවි ගැන දන්නවද?

සසඳ කවි ගැන දන්න කෙනෙක් මෙන්න මේ පහල තියන කවි වල තේරුම් පැහැදිලි කරල දෙනවද?

ලොකූ උදව්වක් !!

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා

ස්තුතියි.
Posted by ස්වප්නා at 19:40
වර්ගීකරණය: සාහිත්‍යය කලා

16 විවේචන:

sahan ළියනගෙරත්ගමයා said...

තේරුම නම් දන්නෙ නෑ..ඒත් ලස්සන සිංදුවක්....

October 25, 2010 at 8:57 PM
ස්වප්නා said...

හයියෝ. සිංදු වෙන්න කලින් මෙව්වා ජන කවි ළමයෝ !!!

October 26, 2010 at 8:18 AM
ගීත් (සහෘදයා) said...

මේක හෙළ හෙළියට (Group එකට) යොමු කරා නම් ගොඩක් විස්තර ගන්න තිබුණා. ඒකට යන්න http://groups.google.com/group/helaheliya මෙතනින්. මම දන්න ටිකත් කියන්නම්. සසද කවි කියන්නේ "සා" අක්ෂරය මුලීකව නිර්මාණය කර තිබෙන කවි වලට. මේ කවි පංතියනම් කරත්ත කවි. මේ කරත්ත කවි කිහිපයක් එකතු කරලා තමයි බැද්දගේ මහත්තයා සිංදුවකුත් හදලා තියෙන්නේ.

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

සසද කියන්නේ පූර්ණ චන්ද්ර්යා කියන එක නමුත් මෙතන අර්ථ ගැනෙන්නේ මිතුර කියන එක මම හිතන හැටියට.
මිතුර මිතුර දිය යට තියෙන්නේ අල
මිතුර මිතුර දිය මතුපිට තියෙන්නේ කොල
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මාළුවන්ට මුතු කුඩයකි (මුතු වලින් කරවු කුඩයක්)නෙළුම් මල

මේ කියන්නේ නෙළුම් අල නෙළුම් කොල හා නෙළුම් මල් ගැන.

October 26, 2010 at 3:13 PM
ගීත් (සහෘදයා) said...

මෙන්න බැද්දගේ මහත්තයාගේ ගීතය

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
දෙයියන්ගේ පිහිටයි
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
ගාලේ ලිහන්ඥයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා

සසද සසද සදපානේ අපි යනවා
දෙයියන්ගේ පිහිටයි
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
සකිය සදවුවට රෝදය කරකෙනවා
දත් කැකුලට නාරම්මල ලතැවෙනවා

සසද සසල සද පොබයන හාවුන්ට
දෙයියන්නේ පිහිටයි
මක්කොලි බදට දුටු විලසට ගිරවුන්ට
පදින සැරේ රොන් ගෙන යන බබරැන්ට
වර ටිකිරෝ සත් සමුදුරු පීනන්ට

October 26, 2010 at 3:16 PM
ස්වප්නා said...

බොහොමත්ම ස්තුතියි ගීත් !!

October 26, 2010 at 5:12 PM
ස්වප්නා said...

ගීත් ගේ අනුග්‍රහයෙන් මට තවත් යොමු කිහිපයක් ලැබුණා.
මෙන්න මෙතන ගිහින් බලන්න
http://janakavi.wordpress.com/

මට එතනින් තව ලස්සන සසඳ කවි දෙකක් ලැබුණා.

සස් සද කුලේ සාවෙකු වැලි කෙළින්නා
එම සද පුරේ සිවලෙකු වැල බාන්නා
ගහකට උඩින් ගවයෙකු වැල බාන්නා
ඇතෙකු අරන් සිවලෙකු අහසින් යන්නා

මොකක් වෙන්න පුළුවන්ද මේකෙ අදහස?

October 26, 2010 at 8:42 PM
Anonymous said...

වෙන්න බැරි දේවල්.. ලෝකෙම කණපිට වගේ අදහසක් නේද?(මම කියන්නේ දෙවෙනි කවි ටික ගැන)
මෙන්න මේ ටික ගැන.
සස් සද කුලේ සාවෙකු වැලි කෙළින්නා
එම සද පුරේ සිවලෙකු වැල බාන්නා
ගහකට උඩින් ගවයෙකු වැල බාන්නා
ඇතෙකු අරන් සිවලෙකු අහසින් යන්නා

October 26, 2010 at 9:07 PM
ස්වප්නා said...

හ්ම්ම් ඒක නං ඇත්ත.. මේවා පිටුපස තියන ජන කතා අපිට හොයා ගන්න පුළුවන් නං හොඳයි නේද?
කො‍යි වගේ වෙලාවකද අපේ ගමරාළ උන්නැහේට මේ කවිය කියවෙන්න ඇත්තෙ වගේ :)

October 27, 2010 at 8:38 AM
``` Outsider``` said...

මට නින්ද ගිහින්...

October 27, 2010 at 8:40 AM
ගීත් (සහෘදයා) said...

කො‍යි වගේ වෙලාවකද අපේ ගමරාළ උන්නැහේට මේ කවිය කියවෙන්න ඇත්තෙ වගේ :)

net එකෙන් වැලක් හොයන වෙලාවක වෙන්න ඇති. :D
ඒ දවස් වල නෙට් හෙන slow ෙන්. ඉතිං site එක load වෙනකං වැල කවි කියන්න ඇති. හහ්......හහ්......හ්හ.....

October 27, 2010 at 1:56 PM
ස්වප්නා said...

ඔය කිව්වෙ කතාවක් !!

October 27, 2010 at 3:18 PM
charmi said...

සසඳ කියන එකට තේරුම් දෙකක් තියෙනවා කියලා වරක් බැද්දගේ මහත්තයා කිව්වා වගේ මතකයි.
1. මිතුරා / සහෘදයා
2. සසඳා බලන්න
මේ කරත්ත කවියේ සංක්ෂිප්ත තේරුමේ හැටියට
මඩ දියෙන් ඉහලට ඇවිත් පිපෙන නෙළුම සමාන කරලා තියෙන්නෙ බුදුවරයෙකුගේ පහල වීම.
එතකොට අපි වගේ සංසාරෙ ඇවිදින මස්ටකයන්ට මුතු කුඩයක් ලැබුනා වගේ තමා.

October 27, 2010 at 4:06 PM
ස්වප්නා said...

ම්ම්ම් ඒකත් ඇත්ත තමා. ගොඩක් ස්තුතියි චාමි පැහැදිලි කිරීමට

October 27, 2010 at 5:12 PM
lalith pathirana said...

තේරුම පැහැදිලි කර ඇත


https://www.youtube.com/watch?v=chzgUPY448s
සසඳ සසඳ - සංසන්දනය කරල බලනවා
මස්ටකයන්ට - මාළුවන්ට
මක්කුලිය - විය ගහ
දත් කැකුළ - සිනාසෙන (කාන්තාවන්)
නාරම්මල - කරත්ත නවත්තන තැනක්
සගව්වට - ගව් හයකට (taking break for each 6 ගව්)

December 16, 2013 at 10:23 PM
lalith pathirana said...

https://www.youtube.com/watch?v=chzgUPY448s

December 26, 2013 at 8:00 PM
somebody-anybody said...

තේරුම
"අහල තිබුන නමුත් අර්ථය දැන් දැනගත්තු අහන්න වටින අපේ ම ගීතයක්. බලන්න අපේ සිංහල මිනිස්සුන්ගේ තිබිච්ච ආකල්පමය වටිනාකම්"
http://facebook.com/photo.php?v=628394023922882
(Vid @ FB)

July 4, 2014 at 10:13 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio