skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, October 23, 2010

දැන් කාසි අවලංගුද?

මාරු කාසි හොයා ගැනීමේ අපහසුතාවයක් ඕගොල්ලන්ට ඇති උනේ නැතිද?
මට එක පිට එක මාරු කාසි ප්‍රශ්න.

ඔන්න මම ගියා එලව්ළු කඩේට.
මට කලින් ගිටපු ගෑනු කෙනාට බිල රු.63.
බඩු කිරල, ගණන් හදල දෙන්නෙ එකම කොල්ලා. මෙන්න මේකා ඒ ගෑනු කෙනාට කෑ ගහනව "7ක් මාරු නෑ, මාරු නෑ, 7 ක අමු මිරිස් දෙන්නද?"
අර මනුස්සය ඉතින් කැරකිල බලල බලල "හ්ම්ම් හා" කිව්ව.
ඊළඟට මගේ වාරෙ.
ගාණ 86 යි. 7ක් ඉතිරි නැති කොට ඉතින් 4ක් ගැන කුමන කතාද නේද?
"අර පොඩි කැරට් අලයක් ගන්න". ඔන්න මගේ රු.4ත් ගොඩ ගියා.

ඊට පස්සෙ මම එහා පැත්තෙ සිල්ලර කඩේට ගියා පස් පංගුව පැකට් එකක් ගන්න.
පස් පංගුව අතට අරන් මම රු.50ක් දුන්නා.
"මාරු නෑ නෙ. මාරු රු.5 ක් තියනවද?" මලා ... මං ගාවත් නෑ..
"නෑ නෙ"
"එහෙනං ගිනි පෙට්ටියක් දෙන්නද?"
"හා"
ඔන්න ඉතින් ගිනි පෙට්ටියයි ඉතිරි රු.10 කුයි මගේ අතට දුන්නා.
ගෙදර යන ගමන් මම ගණන් බැලුව.
ගිනි පෙට්ටිය රු.4 , පස් පංගුව රු.25... එතකොට ලමයිනේ ඕක 50න් අඩු කලාම කීයද?
මම දන්න ගණිතයේ හැටියට 21.. දැන් අත ඉතිරි කීයද? රු.10 යි.. ඔන්න වැඩේ..

තවත් දවසක, ( එපා වෙලා නෑ නෙ මගෙ කතාව? :) )
මම ගියා මගේ කාර් පොඩ්ඩට පැට්‍රෝල් ගහන්න. මට ඕනෙ කලේ ටැංකිය පිරෙන්නම තෙල් පුරවන්න.
තෙල් ගහල ඉවර උනාම මම දැක්ක ගාණ .. 2794.
රු.3000 ක් දික් කරන ගමන් මම ඇහුව, "කීයද?"
"2800"
හා කියල එනව ඇරෙන්න ඉතින් මාරු සල්ලි තිබුණත් දෙන්න පුළුවනෑ..

ඔන්න ඕකයි තත්වෙ !!
Posted by ස්වප්නා at 10:03
වර්ගීකරණය: සමාජ සිද්ධි

12 විවේචන:

``` Outsider``` said...

ඔය සිල්ලර ගණන් තියෙන ආසන්න දහයෙ අගයට වටයන්න. එතකොට නිවැරැදි පිළිතුර ලැබෙයි.(හැබැයි ආසන්න අගය වැඩි පැත්තෙ අගය වෙන්න ඕනි. අනෙක් පැත්තට නෝ චාන්ස්)

October 23, 2010 at 12:29 PM
dinesh said...

හි,හි..මට අර ඉතුරු රුපියක් හතරට කැරට් අලයක් ගන්න කියපු කතාවට තාමත් හිනා.දැන් පස් පංගුව පැකට් එකක් රුපියල් 25 ද?10යි නෙමෙයිද?

October 23, 2010 at 2:04 PM
The Informer said...

තමන්ගෙ ගෙදර තියන කැටේ තියන කාසි ටික සංසරණයට එක් කලා නම් ඉවරයි නෙ....!!!

October 23, 2010 at 3:09 PM
Kanishka said...

අනේ කාර් එකේ අපිවත් රවුමක් එක්කන් යන්නකෝ :P

October 23, 2010 at 9:00 PM
charmi said...

/ගිනි පෙට්ටිය රු.4 , පස් පංගුව රු.25... එතකොට ලමයිනේ ඕක 50න් අඩු කලාම කීයද?/

ඕක ඔයා අපෙන් අහල හරියනවයැ? අපිනෙ ඔයාගෙන් අහන්ඩ ඕනෙ.

October 23, 2010 at 10:00 PM
Anonymous said...

අක්කි,ගෙදර යන ගමන් ගණන් බැලුවට හරියන්නැහැනෙ.කඩේදිම එපැයි බලන්න.එහෙම බැලුවනම් ඉතිරි රු.10 වෙනුවට රු.20ක් ඉල්ලගන්න තිබුනනෙ :D
මම නම් රු.20ත් ඉල්ලගෙන ඉතුරු රුපියලේ ටොපියකුත් ඉල්ලගෙන තමයි එළියට බයින්නෙ.ඔයත් එහෙම වෙන්න ළමයො.....හිහි හිහි....:D

October 24, 2010 at 9:24 AM
ස්වප්නා said...

@ outsider: හී හී තැන්ක් යූ උපදේසෙට

@ dinesh: නෑ අනේ. මෙහෙ දැන් උද්ධමනය හරි හරියට

@ The Informer: කැටයක් නෑ :(

@ Kanishka: සුළු දෙයක් නෙ.. ඔයාගෙ ගාණෙ පෙට්‍රල් ගහනව නං එක රවුමට දෙකක් එක්කන් යන්න බැරියැ

@ charmi: හ්ම්ම් ඔව් ඔව් :P

@ සඳුන් නිලංක: ඒක තමයි අනේ :( මගේ වරදත් තියනවා

October 24, 2010 at 10:05 AM
පසන් Sid said...

ඕවා ඔහොම තමා .. මාත් කඩයකට ගිහින් පත්තරයක් ගත්තා පත්තරේ රු.25 යි. මම රු.30 ක් දුන්නා.. මාරු 5 ක් නෑ කියලා මට රු. 5 chit-chat 1ක් දුන්නා. hikiz

October 24, 2010 at 4:33 PM
ස්වප්නා said...

:( අනේ මන්දා.

October 25, 2010 at 8:26 AM
බිඟූ said...

ඔයාට තිබුනේ ඉතුරු රුපියල් 4ට උගෙ පස්සට ගහන්න.
ඔවුන් ඔහොමම තමා.

හැබයි මගේ රෝද දෙකට ඔච්චර ගහන්න බෑ....
හික්ස්...

October 25, 2010 at 8:02 PM
Harsha Weerarathna said...

මාරු සල්ලි නැත්නම් හවස‍ට ප්‍රයිවට් බස් කොන්දෙක්ගෙන් ඉල්ල ගන්න පුලුවන් ඇතිවෙන්න

December 4, 2010 at 11:29 PM
Anonymous said...

Maru kasi oneda? dennum ko man laga 1 kasi godak thiyenawa :)

March 22, 2013 at 2:30 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio