skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, October 22, 2010

සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්

ඕගොල්ලන්ට කියන්න, ඊයෙ මට මාර වැඩක් උනා.

දන්නවනෙ, සල්ලි වලට වඩා භාවිතයේ ඇති පහසුව නිසාත්, සමහරවිටක සල්ලි නැති කමම නිසාත් අපි අර බැංකු වලින් ණයට බඩු ගන්න දෙන කාඩ් වලට බඩු ගන්නවනෙ. මාසෙට පාරක් බිල ආපුවාම ගෙවල දානව.

ඉතින් ඊයෙ මමත් ඔය වගේ බිලක් ගෙවන්න අපේ ඔෆිස් එකේ දවල් කෑම වෙලාවෙ පිටත් උනා.
ඔෆිස් එකෙන් එලියට බැස්සෙ ටිකක් පරක්කු වෙලා නිසාත්, මම එලියට බැස්සෙ නොකා නිසා ඇවිත් කන්න තියන නිසාත් මගේ ගමන ටිකක් විතර කලබලයි.

ඔන්න ඉතින් බස් හෝල්ට් එකෙන් නොම්බර 100 ද කොහෙද බස් එකකට නැග්ගා.
අම්මෝ...................... කන් අඩි පැලෙන්න රේඩියෝ එකේ සද්දෙ.
මම බස් එකට ඇතුල් උනේ පිටුපස දොරටුවෙන්. වාඩි වුනෙත් පිටුපස දොරටුවට ලඟ පාත සීට් එකක.
ඉතින් බහින කොටත් පිටුපස දොරටුවෙන්ම බහින්න හිතුව, මොකද ඒකනෙ ලඟම තියෙන්නෙ.

මම සීට් එකෙන් නැගිටලා බෙල් එක ගැහුවා. වැදුනද නැද්ද කියල මට ෂුවර් නෑ. සද්දෙ ඉතින් ඇහෙන එකක්යැ.
එන ගමන් ආයි සැරයක් ගැහුව. ම්ම්හ්.. ඇහෙන්නෙ නෑ..
දැන් මට සැකයි බෙල් එක වැඩ කලේ නැද්ද, නැත්තන් මට ඇහෙන්නෙ නැතුවද කියලා.
"බහිනවා................" කියල කොන්දොස්තර මාමට කියන්නත් බයයි.
මොකද, මම කැම්පස් යන කාලෙ පිටිපස දොරටුව ලඟ ඉඳන් කොන්දොස්තරට ඔහොම කියල, මිනිහ මට කියපි,
"බහිනව කියල මට කියල හරි යන්නෙ නෑ නෙ.. ඒක කියන්න ඕනෙ ඩ්‍රයිවර්ට.. ඒක තමයි කියන්නෙ ඉස්සරහින් බහින්න කියල. යන්න ඉස්සරහට . යන්න . යන්න"
මම හිමීට ඉස්සරහට ගිහින්, ඉස්සරහ දොරටුවෙන් බැස්සා.
ඉතින් ඔය වෙච්ච ලැජ්ජාවෙන් පස්සෙ මම නෙවෙයි "බහිනවා........." කියල කොන්දා මාමට කියන්නෙ.
කොහොමහරි මට හරි හෝල්ට් එකෙන් බැහැ ගන්න ඕනෙ නිසා ඕනෙ එකක් කියලා, දොර ලඟම තිබ්බ බෙල් එකත් ගැහුවා.

මෙන්න බොලේ සවුන්ඩ් ට්‍රැක් නැති වීඩියෝ ට්‍රැක් එක දුවන්න ගත්තෙ ඔන්න ඔය වෙලාවෙ තමා.
මට පේනව ඩ්‍රයිවර් මාම සීට් එක උඩ ඉඳන් උඩ පැන පැන, අත දික් කර කර, තොල් සොලවනවා මගේ දිහා බලාගෙන.
මොනාද කිව්වෙ කියල නං මම තාම දන්නෙ නෑ. මොකද මම අර සූර පප්පා එකේ සීසර් ගෙ උපදේශක වගේ ලිප් රීඩින් කෙළ පැමිණියෙක් නෙවෙයි නෙ.
කොහොමහරි මට එක දෙයක් තේරුණා. ඊලඟ හෝල්ට් එකේදි අනිවාර්යයෙන්ම බස් එක නවත්වන බව..

ඒ මදෑ !!!
Posted by ස්වප්නා at 07:25
වර්ගීකරණය: රස කතාවක්

5 විවේචන:

``` Outsider``` said...

නියමයි...

October 22, 2010 at 8:32 AM
dinesh said...

ආයෙ බස් එකක බෙල් එක ගහනකොට එක පාරක් ගහන්න.

October 22, 2010 at 2:57 PM
Nimesh said...

බෙල් එකද එබුවෙ නැත්නම් වයර් එකක් ගැලෙව්වද?

October 22, 2010 at 3:33 PM
Anonymous said...

හික් හික් හොදවයිනම ටිකක් කිව්වද දන්නේ නැහැ

October 22, 2010 at 5:17 PM
ස්වප්නා said...

නැහැ අනේ..
ඕගොල්ලන්ට මෙතන වෙච්ච ප්‍රශ්නෙ තේරුම් ගිහින් නෑ.
බස් එකේ රේඩියෝ එකේ සද්දෙට වෙන මුකුත් ඇහෙන්නෙ නෑ :(

October 23, 2010 at 8:57 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ▼  October (13)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සසඳ කවි ගැන දන්නවද?
      • දැන් කාසි අවලංගුද?
      • සවුන්ඩ් ට්‍රැක් නැති විඩියෝ ට්‍රැක්
      • අරුමය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මට කඳුළු දෙන්න
      • අපි වෙන් වී යමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අසනීපය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඒ පුතාට මට මේක කියන්න තිබුණා නම්...
      • ජීවිතේ හැටි
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio