skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, August 22, 2010

ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා



මට මේ කල්පනාව එක පාරටම ආවෙ shadow ගෙ පාට පාට පොස්ට් එක දැක්කට පස්සෙ.
කාගෙ ආදරේ කොහොම වෙනස් උනත් අම්මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ. අම්මගෙ ආදරේ ඉස්සරහ අනික් හැම දේම ශූන්‍ය වෙනවා.
මේක මම ලිව්වෙ කැම්පස් යන කාලෙ. වචන වලට තනුවක් වැටිලා රෙකෝඩ් නුත් කලා කිව්වට මොකද, මට අද වෙනකනුත් අහන්න නං ලැබිලා නෑ :)

මලක මුදු ගුණ දොළක සිසිලස
ගසක සෙවණක් දෙවයි අම්මා
නෙතක කඳුළක මුව සිනහවක
සුසුම් රැල්ලක රැඳෙයි අම්මා

ගඟක මුහුදක කඳුළු නෙතු යට
සිනහවෙන් ඈ කඳුළු හංගා
හදක දරු පෙම දියත නලවන
අහස සමුදුර ළං කරන්නා

විසල් මන්දිර සපිරි පිරිවර
අඳුරු විමනකි නැතිව අම්මා
ජීවිතය ගීතයක් වේ යස
ගයන්නට බැරි නැතිව අම්මා

මේ ගීය, "දවසක් පැල නැති හේනේ" වගේ ප්‍රබල නෑ.
ප්‍රබල ගීයක් අම්මා ගැන ලියන්න තරං මම පොහොසත් නෑ.
මොකද, මේ හැම දෙයකට වඩා අම්මාගේ සුන්දරත්වය කැපිලා පේන නිසා, ගීයකට උදාහරණ හොයාගන්න බෑ :)
Posted by ස්වප්නා at 08:01
වර්ගීකරණය: ගීතයක්

3 විවේචන:

Abeetha Edirisinghe said...

අම්මාගේ සෙනෙහස තරම් ප්‍රභල ගීතයක් තවමත් මිහිපිට බිහිවෙලා නෑ කියන එක තමයි මගේත් අදහස....

August 22, 2010 at 9:26 AM
Anonymous said...

අරුතින් පිරි,හිතට දැනෙන පද පෙලක්!

August 22, 2010 at 9:44 AM
෴ හසියා ෴ said...

ලස්සන පද පෙලක්...කොහොමත් මවු ගූණ පිය ගුණ වගේ පද පෙළවල් අමුතුවෙන් ලස්සන කරන්න ඕනි නෑ...මොකද අපිට ලියැවෙන්නේ අපේ හිතේ ඒ අය වෙනුවෙන් තියෙන ආදරය,ගෞරවය,සෙනෙහස යන සියල්ලම කැටි වෙලයි....
අනර්ෂයි පද පෙල....

August 22, 2010 at 7:56 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio