Sunday, August 22, 2010
ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
මට මේ කල්පනාව එක පාරටම ආවෙ shadow ගෙ පාට පාට පොස්ට් එක දැක්කට පස්සෙ.
කාගෙ ආදරේ කොහොම වෙනස් උනත් අම්මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ. අම්මගෙ ආදරේ ඉස්සරහ අනික් හැම දේම ශූන්‍ය වෙනවා.
මේක මම ලිව්වෙ කැම්පස් යන කාලෙ. වචන වලට තනුවක් වැටිලා රෙකෝඩ් නුත් කලා කිව්වට මොකද, මට අද වෙනකනුත් අහන්න නං ලැබිලා නෑ :)
මලක මුදු ගුණ දොළක සිසිලස
ගසක සෙවණක් දෙවයි අම්මා
නෙතක කඳුළක මුව සිනහවක
සුසුම් රැල්ලක රැඳෙයි අම්මා
ගඟක මුහුදක කඳුළු නෙතු යට
සිනහවෙන් ඈ කඳුළු හංගා
හදක දරු පෙම දියත නලවන
අහස සමුදුර ළං කරන්නා
විසල් මන්දිර සපිරි පිරිවර
අඳුරු විමනකි නැතිව අම්මා
ජීවිතය ගීතයක් වේ යස
ගයන්නට බැරි නැතිව අම්මා
මේ ගීය, "දවසක් පැල නැති හේනේ" වගේ ප්‍රබල නෑ.
ප්‍රබල ගීයක් අම්මා ගැන ලියන්න තරං මම පොහොසත් නෑ.
මොකද, මේ හැම දෙයකට වඩා අම්මාගේ සුන්දරත්වය කැපිලා පේන නිසා, ගීයකට උදාහරණ හොයාගන්න බෑ :)
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
අම්මාගේ සෙනෙහස තරම් ප්‍රභල ගීතයක් තවමත් මිහිපිට බිහිවෙලා නෑ කියන එක තමයි මගේත් අදහස....
අරුතින් පිරි,හිතට දැනෙන පද පෙලක්!
ලස්සන පද පෙලක්...කොහොමත් මවු ගූණ පිය ගුණ වගේ පද පෙළවල් අමුතුවෙන් ලස්සන කරන්න ඕනි නෑ...මොකද අපිට ලියැවෙන්නේ අපේ හිතේ ඒ අය වෙනුවෙන් තියෙන ආදරය,ගෞරවය,සෙනෙහස යන සියල්ලම කැටි වෙලයි....
අනර්ෂයි පද පෙල....
Post a Comment