skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, July 31, 2011

දෝණීගෙන් ...


ජීවිතේ දුර ගමනකී
ඔබ සදා මා ළඟ උනී
පිපෙන්නට පෙති වෙර දරද්දී
හිරු කිරණ ලෙස ඔබ උනී

මතක කවුළුව විවර වී
නෙත'ඟ කඳුළක් සිර වුණී
දහක් කවි ලිව් මගේ පෑනින්
නුඹට කව් නොලිවුණු හැටී

හෙටක් වෙන්නට කල් නොදී
අදම මම පැදි අමුණමී
දුවක වී ඔබ ලඟ වැඩෙන්නට
බොහෝ පින් මම් කර ඇතී

ඔබේ පා මුල වැඳ වැටී
දුරස් වන දින ලඟ එතී
කපටි හොර ගෙඩි ඔබේ දෝණී
තාත්තා හැර යන හැටී ...
Posted by ස්වප්නා at 18:29
වර්ගීකරණය: සිතුවිල්ලක්

5 විවේචන:

සංකල්ප said...

අඩඩා ස්වප්නා අක්කා දීගතල යන්නද යන්නේ ? නියමයි අක්කේ. ඔන්න අපිත් එහෙනම් සුබ පතනවා.

විවාහයෙන් පස්සේ බ්ලොග් කළාවට සමුදෙන්න එහෙම හිතන්නේ නෑ නේද අක්කා ?

July 31, 2011 at 8:32 PM
ස්වප්නා said...

හිකිස් :)
මහත්තයගෙන් අහල බලල, එයා කැමති නං තමා
හික් :)

July 31, 2011 at 8:53 PM
~ChAnDiKa~ said...

ෂා එහෙනම් මෙන්න අපෙනුත් සුභපැතුම්!! කේක් කෑල්ලක් එහෙම හම්බවෙයි නේද අපටත් :)

August 1, 2011 at 11:07 AM
Abeetha Edirisinghe said...

හනේ... අපි නොදන්න මහත්තයා........

August 1, 2011 at 1:36 PM
තාරා said...

ඔයාට සුභපැතුම්...

මට නම් තාත්තව දාලා යන ඒ ගමන ගැන හිතනකොටත් දුකයි...

August 2, 2011 at 10:44 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ▼  July (6)
      • දෝණීගෙන් ...
      • ඔබ HUB එකක්ද?
      • ඡන්දේ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 9 )
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio