
නිවාඩු දමාගෙන හති දම දමාගෙන
අස් පස් කරං ගේ දොර එළි කරාගෙන
කැවිලි පෙවිලි නොයෙකුත් ඈ හදා ගෙන
අවුරුද්දක් එයි සැමරුම් පතාගෙන
පෙර කාලේ තිබු නිදහස නැති හින්දා
අවුරුදු කියා අමුතුවකුත් නැති හින්දා
විවේකයක් නැති නැකතට වැඩ හින්දා
නව වසරේ අරුත් මොනවදෝ මන්දා
මීඩියා කාරයෝ විකුණති එයාර් ටයිම්
එළවළු මාළු තෙල් පොල් නං හරිම ගණන්
අවුරුදු සමරන්න දඟලන වෙහෙස මැදින්
මොකට මේක ආවාදැයි හිතෙයි සැණින්
කොහොම උනත් නෑයෝ නම් ගොඩ වදිතී
අවුරුද්දකටවත් හමු වෙන එක තුටකී
ඔයින් මෙයින් නිවාඩුවත් ඉවර වෙතී
මහන්සි පිටම රස්සාවට යන්න යමී
ඔය කිව්වේ මට හිතෙනා හැටි හන්දා
කෝප නොගනු මැන හෙළ කම අගයන්නා
කොයික උනත් ඉපැරණි උරුමය හින්දා
ඔන්න මමත් සුබ නව වසරක් කිව්වා
ඔබ සැමට සාමය සතුට පිරි සිරි සුබ නව වසරක් වේවා !!
10 විවේචන:
ඔන්න මමත් එසේම වේවා කිව්වා
හලේ. ඔය ඇග බහින්නත් එක්ක සුට්ටක් වැඩ කරාම මක්කක් වෙනවද ඇ.....
ඔයාටත් වෙන්ඩ හස්බන්ඩාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ...................
ඔබටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා සොයුරියේ!!!!
ඔබටත් එසේම වේවා
ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
හරියටම හරි නංගි, මටත් ඔය කල්පනාව ඔය විදිහටම ඇවිල්ල තියෙනවා.
මොනව උනත් නඟේ ඔබටත්, ඔබේ ලබැඳි හැමෝටමත් සුබ නව වසරක් !!!
සුභම සුභ අළුත් අවුරුද්දක් අක්කේ!!!
හයියෝ සප්නා අවුරුද්දේ නිදිද?
සුබ අළුත් අවුරුදුදක් වේවා.
ස්වප්නා අක්කටයි අක්කගේ වෙන්ඩ හස්බන්ඩ් ටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!
ස්තුතියි හැමෝටම සුබ පැතුම් වලට :)
@ Kathandara: ස්තුතියි ලස්සන කව් පෙළ
@ ගීත්: නිදි නෑ අනේ. මාර මහන්සියි :)
Post a Comment