skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, April 7, 2011

ස්තුතියි.


මගේ ජීවිතයේ බොහෝ දේ "miss by කෙස් ගස්" වී ඇත.

ශිෂ්‍යත්වය සමත් වී මා කොළඹ දෙවන ස්ථානයේ පාසලට තේරේ යැයි අම්මා සිතා සිටි නමුදු මම තේරුණේ එකල තුන්වන තැන ගත් පාසලටය. නමුත්, පාසලේ ඉතාම හොඳ ශිෂ්‍යාවක ලෙසින් නම් තැබීමට තරම් මම උත්සාහවත් සහ වාසනාවන්ත වීමි.

අ.පො.ස. උ.පෙළ ප්‍රථිපල මට ලැබුණේ එක A අකුරක් B ලෙස මාරුවීය. A-3 නැති වූ මට අම්මාගේ සිහිනය වූ මොරටුව අත හැර කොළඹට වාර්තා කිරීමට සිදු විය.
මොරටුවෙන් පරිගණක ඉංජිනේරුවරියක නොහැකි වූ මම කොළඹින්, පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස එලි බැස්සෙමි.

ආසම කල කොම්පැණියේ නං වැඩ කරන්නට ලැබුණු බව කියන්නට ඕනෑමය :)

රස්සාවට පසු ව ආ පරස්තා කටයුත්ත ඔක්කෝටම වඩා අමාරු විය.

මට ඕනෑ කලේ ඉංජිනේරුවන්ය. දොස්තරලා ගෙදර නැත. නීතීඥයෝ බොරු කාරයෝය.
එකම වගේ රස්සා නිසා ඉංජිනේරු පිරිමියකුට, ඉංජිනේරු ගැහැණියක වඩා වටහා ගත හැකි වනු ඇත.
මෙය කිසි කමකට නැති බොරුම බොරු කල්පනාවක් බව මට වැටහුණේ අවුරුදු 3ක් පමණ ඉංජිනේරු කතා වලින්ම හෙම්බත් වූ පසුය.

සියල්ල අත් හැර දැමූ මම, මා වාගේ ජීවත් වන්නට පටන් ගතිමි.
ලියන්න කියවන්න කොපමණ පෙරේත කමක් දැක්වූවද, පරිගණක ලෝකයේ කොපමණ සැරි සැරුවද බ්ලොග් ලිවීම පිළිබඳව මම නොදත්තෙමි.
බ්ලොග්කරණ උණ මට බෝ කලේ බිඟු විසිනි. රාජකාරි ස්ථානයේ අසල්වැසි ක්ලස්ටර් වාසියකු වූ බිඟු අයියාගේ ලොකුම රාජකාරිය වුයේ (ඒ දවස් වල ) බ්ලොග් ලිවීමය.
බ්ලොග් හරහා අභීතත්, අභීත මාර්ගයෙන් ලෝකයේ සිටින ඉවසිලිවන්තම සහ කරුණාවන්තම හදවතක් ඇති මිනිසා හඳුනා ගැනීමටත් මට හැකි විය.
මා වැනි, හිටි වනම මූණ ඇඹුල් කර ගන්නා කෙල්ලකට, ඒ කොල්ලා ඉහටත් උඩින්ය :)

ඉතින්,
බ්ලොග්කරණයට මම වසරක් පුරන මොහොතේ....,
මෙතුවක් මගේ ලිපි කියවූ සැමටත්,
මා දිරි ගැන්වූ සැමටත්,
බ්ලොග්කරණය මට හඳුන්වා දුන් බිඟු ටත්,
ඒ ඔක්කෝටමත් වඩා, සිත ආදරයෙන් පුරවන්නට හැකි සොඳුරු මිතුරකු සොයා දීමේ කපු කම කල අභීතටත්
මගේ ස්තුතිය හිමි කරමි ...

ස්තුතියි. :)
Posted by ස්වප්නා at 21:36

13 විවේචන:

සංකල්ප said...

අක්කට මගෙනුත් සුබ පැතුම්. අක්කගේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක එකක් වේවායි එක සිතින්ම පතමි.

ඒ වගේම අක්කාට බ්ලොග් එකත් එක්ක දිගු ගමනක් යන්නත් වරම් ලැබෙන්න කියලා පතනවා.

ආයෙම 'just miss by කෙස් ගස්' නොවි වැඩ ගරගන්න කියලත් පතනවා මං !!!!

අහිත අයියත් මාරම වැඩ කරන්නේ.

April 7, 2011 at 10:44 PM
Anonymous said...

අප්පේ බලන් යද්දි ඉස්සරහර බ්ලොග් නැදැ පරම්පාරවක්ම එවි..ඇයි වෙඩින්..වෙඩින් කෙක්.. :) ..

සුභම සුභ පැතුම් අක්කියා :) දිගටම හැමදාම ලියන්න...

April 8, 2011 at 12:41 AM
ස්වප්නා said...

ස්තුතියි සුබ පැතුම් වලට :)

April 8, 2011 at 8:33 AM
``` Outsider``` said...

මදැයි ඔයින් ගොඩගියා..
එහෙනම් බ්ලොග් එකේ අවුරුද්දටත් අහවල් දේටත් දෙකටම මගෙන් සුබ පැතුම් !

April 8, 2011 at 8:46 AM
ගීත් (සහෘදයා) said...

ස්තුතිය භාරගතිමි :D.නෝ ප්රො බ්ලම් ශ්රී ලංකා. ස්තුතියට ස්තුති. ජය වේවා

April 8, 2011 at 1:26 PM
Gayan Tharaka said...

කවුදැ ඒ.. අභියා දන්නව ඇති නේ

April 8, 2011 at 3:39 PM
Abeetha Edirisinghe said...

මගේ බ්ලොග් පෝස්ට් එකක සැවොම සෙවූ බ්ලොග්කාරිණිය මැයයි....

ස්තූතියි ස්වප්නා ස්තූතියට.....

මම කිව්වනේ ඌ අහින්සකයි රටක් වටියි කියලා.......

April 8, 2011 at 4:42 PM
Pasan said...

කවි මඩුවෙන් රන්ඩු උන දා ඉදලා එදා දකින කම්ම කොමෙන්ට් වලින් කතා කරපු.. හැමදාම හීන දකින අක්කගේ බ්ලොග් අවුරුද්දට මගෙනුත් සුභ පැතුම් හොදේ...

අර වෙන්න තියන ‍අනිත් දේටත් සුභම සුභ අනාගතයක් කිව්වා එහෙනන්.......:-D

April 9, 2011 at 12:32 AM
ප්‍රියංක ‍පොටෝ said...

අලුත් ලිපි දමන්න අක්කා

April 9, 2011 at 9:23 PM
සෝරෝ said...

සුභ පැතුම් මගෙනුත්....!!!

April 10, 2011 at 12:55 PM
ස්වප්නා said...

සුබ පැතුම් වලට ස්තුතියි හැමෝටම :)

April 10, 2011 at 1:52 PM
dinesh said...

මොකක්ද මේ වෙලා තියෙන්නෙ...??බ්ලොග් සෙට් එකම නෑදෑයො වෙලා වාගෙ.අභීත අයියගෙ අලුත් ජොබ් එකනම් මරු හැබැයි.
දැන්නම් විරහ ගී ඇහෙන්නෙ නැතිවෙයි.ෂිහ්......මම මේ විස්තර මොනාවත් දන්නෙ නෑනෙ.කොහොම උනත් යාලුගෙ හිත සතුටෙන්නෙ.මේ සතුට හැමදාම මේ විදියටම තියෙන්න කියල මමත් සුබ පතනවා..

හික්....මාව මතකද දන්නෙත් නෑ.:)

දැන්නම් තේරි ගී එහෙම කියවන්නෙ නැතුව ඇති මගෙ හිතේ ;)

May 11, 2011 at 10:22 PM
බිඟූ said...

කලකට පස්සෙයි වෙලකට බැස්සේ....
අප්පට සිරි ගජ කිව්වලු...

මේකි ගිහින් තියෙන දුරක්....
හා හා...
ඔහොම යන් ඔහොම යන්...

අපේ පැත්තට තවත් බ්ලොගෙග් එන්නයි හදන්නේ...
මැක්සා....

June 10, 2011 at 8:39 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ▼  April (5)
      • මොකට ලැබුවද මන්දා !!!
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ස්තුතියි.
      • I see my God in you !!
      • Error Correction in Coding Theory සහ ජන සන්නිවේදනය
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio