හැඬුම් නැඟ එද ඔබට
අනුන් නෙත කඳුලකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
ඔබේ පත, බෙදේවිද
අනුන් කුසගින්නකට
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
දෙපා වාරුව දෙන්න
සැරයටිය වුවොත් ඔබ
ඔබ සවන් ඇරී ඇත
නොසැලෙන්න පිය මිතුර
අරමුණුව කන වැටෙන
බස් අහිමි වුව ඔබට
හදට හද විවර වන
ඔබේ ලොව නැත නිහඬ
Monday, January 31, 2011
Subscribe to:
Post Comments (Atom)
6 විවේචන:
අපි ඉන්නවා අක්කේ ඉලන්දාරියා වෙනුවෙන්.....
බැරිද මටත් කවි ලියන හැටි උගන්වන්න.
සෙට් එකම ඉන්නවනොවැ ඉළංදාරියට.ඉතිං කුමටද හැඬුම්....
ඉලන්දාරියා වෙනුවෙන් අපිත් මොනාහරි කරන්න ඕනේ අක්කා. අපේම බ්ලොග් හිතවතෙක් නේ.
@ dinesh: :P :D
@ රත්ගමයා / මධුරංග : එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ
ලස්සනයි කියන්න පුඵවන් දෙයක් නෙවෙයි මේකනම්..
ඒත් මේ දරුවට අවශ්‍ය උපකරණය ඉක්මණින් ලබා ගන්නත් ශ්‍රවණ හැකියාව ලබා ගන්නත් හැකිවෙයි කියල විශ්වාසයක් තියෙනව.
ඔව්. මටත් එහෙමයි. අර බබ්ල් බේබි ත් ලක්ෂ 30ක් හොයා ගත්තනෙ.. හැමෝම දැනුවත් කලොත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
ලංකාවෙ මිනිස්සු එහෙමටම නරක නෑ :)
Post a Comment