Wednesday, January 5, 2011
විසිරිලා විසිරිලා විසිරිලා
ලොකූ කොළ ගොඩක්
මහා සුළඟකට අහු වෙලා
අංශක තුන්සිය හැටටම විසිරෙනවා වගේ
වදකාර හිත
කිසිම තැන්පත් කමක් නැතුව
හැමතැනම දුවන්නෙ
මොනව වෙලාද මන්ද ...
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
11 විවේචන:
හිත කියන්නේ ඒකට තමා......
විසිරිලා නම් ඉතින් කරන්න දෙයක් නෑ අහුලන්නයි තියෙන්නේ.
ඔප්පු කල යුත්ත - හිත ස්වභාවයෙන්ම නිසසල දෙයකි
සාධනය - හිත හැමතැනම දුවන්නේ හීලෑ නැති හන්දා. හිත හිලෑ නැති වෙන්නේ කවුරු හරි හිත හොරාගෙන හන්දා.
නිගමනය - මුලදි අපි සිත නිසල දෙයක් ලෙස ගත්තද අවසානයේ දී සිත නිසල නොවෙ යැයි සාධනය වී ඇත. මෙහිදි විසංවාදයක් ඇතිවී ඇති. එම නිසා හිත නිසල දෙයක් නොවේ
(ගනිතමය විසංවාද ක්රමයට අනුව සාධනය කරන ලදී. )
ඕක නවත්ත ගන්න බැරි එක නෙව වැඩේ.........
@රත්ගමයා: ම්ම්ම්... ඒ උනාට එයාට ඕනෙ විදිහටම වැඩ කරන්න බෑ නෙ :)
@මධුරංග: අම්මෝ... ආයිමත් කැම්පස් කාලෙ ගණන් මතක් උනා. හරිම රසවත් ගණිතය..
@dinesh: හ්ම්ම්ම් :( :)
හිතත් ඉතින් ස්වප්න වගේම තමයි.
මැණික්(සුළඟ)
:D
@ස්වප්නා :
ගනන් නම් ටිකක් අමාරුයි උනාට GPA එක චුට්ටක් හරි වැඩි කරගන්න පුලුවන් වෙන්නේ ගනන් හින්දා තමයි.
:D මම නං මට මතක ඇති කාලෙ ඉඳන් ගණන් වලට කැමති :)
මෙල්ල නොවන හිත මුල්ලක තබන්නද
දඩුවම් කර දරදඩු කම මකන්නද
මක්කක් කියා පෑරුනූ සිත සදන්නද
සද්ද නොකර සිත සමාධි ගන්වමුද
හ්ම් :)
ලස්සන කවිය..
ඔයා ඉතින් කවදත් හොඳ කවියෙක් නෙ :)
අපූරුයි!දිගටම ලියන්න ඔබට ජය..!!
~~සිoහල වීඩියෝ ගීත එකතුව~~ගීත වීඩියෝ නරඹන්න,ගීත වීඩියෝ නරඹන්න, සින්හල අපේ සින්දු , සින්හල සින්දු , ගීත නොමිලයේ බාගත කරන්න ගීත නොමිලයේ බාගත කරන්න
සින්හල අපේ සින්දු වලට කැමති කට්ටිය මෙහාටත් එන්න.... ක්ලික් කොරලම බැලුවනන්
Post a Comment