Saturday, September 11, 2010
මෝඩ කට
මහ බැංකු බෝම්බය පුපුරා ගිය කාලයේ මම නවය හෝ දහය පංතියේ උගනිමින් සිටියෙමි.
බෝම්බයක් පිපිරූ බව සැළව ගිය පසු, පන්ති කාමර සියල්ල බිරන්තට්ටු වූවා මට මතකය.
මගේ යයි කිව හැකි කිසිවකු එහි සේවය නොකළත් මගේ මිතුරියන්ගේ දෙමාපියන් එහි සේවක සේවිකාවන් වූ බැවින් මා තුළ වූයේද තිගැස්මකි.
එක් පියකු මිය ගොස් සිටියේය. ඈ මගේ ලඟම මිතුරියක නොවූවත් පංතියේ සිටි අහිංසක දැරියන්ගෙන් එක්කෙනෙකු වූවාය.
මම තවත් මිතුරියක සමඟ විස්තර කතා කරමින් උන්නෙමි.
"තාත්ත නැති වෙනවයි කියන්නෙ කොච්චර ලොකු දුකක්ද" ... එකවරම මට සිහියට නැඟියේ මා කතා බස් කරන දැරියගේද පියා කුඩා කලම මිය ගොස් ඇති වගය.
සිදුවූ වරද වසා ගන්නටත්, ඇගේ රිදුණු හිත සනසන අටියෙනුත්, "තාත්ත විතරක් මොකද .. අම්ම තාත්තා දෙන්නම නැති ළමයි ඉන්නෙ" කීවෙමි.
මගේ අරමුණ වූයේ ඇයටත් වඩා තනිකමින් ජීවත් වන ළමයින් ඇති බව ඒත්තු ගැන්වීමය.
ඇයට එක්කෙනෙකු හෝ සිටී යන ධනාත්මක මානසිකත්වය ලබා දීමය.
ඈ කිසිත් නොකියා හැඟුම් විරහිත මුහුණකින් යුතුව සිටියාය.
මගේ හිතට ඈ පිළිබඳ නැඟි කණගාටුව නොනිමියේය. මා අතින් එවන් වරදක් සිදු වූ බවට මම ඇගේ කිට්ටු මිතුරියක සමඟ කණස්සලු සහගතව පැවසීමි.
" එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. පොඩි කාලෙදිම ඇක්සිඩෙන්ට් එකකින් නැති වෙලා"
" එතකොට අර අම්ම අම්ම කියන්නෙ?"
" ඒ පුංචි අම්මාට. අම්මගෙ නංගිට"
එදා ඇතිවූ සිත් තැවුල, මගේ සිතේ අදත් එසේමය.
Subscribe to:
Post Comments (Atom)
12 විවේචන:
මම ආදරේ කරපු ගෑණු දරුවෙක් කවදාවත් එයාගේ තාත්තා ගැන මට කිව්වේ නෑ. මම හිතුවේ එයාගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා ඇති කියලා. දවසක් කතා කර කර ඉන්නකොට එයා කිව්වම එයාගේ තාත්තා එයාලා පුන්චි කාලෙම නැතිවෙලා කියලා, අපේ තාත්තා නැතිවුනා තරම් දුකක් මට ඇතිවුනා.
දෙයියන්ගේ පිහිටෙන් අපේ තාත්තා තාමත් හොදටම ඉන්නවා. ඉස්සරහටත් එහෙමම ඉන්න ඕනේ...
ලෝකේ තාත්තලා හැමෝටම ජය වේවා...
:(
හ්ම්...අපි එච්චර හිතන්නැතුව කරන කියන දේවල්වලින් අපේ වගේ ම අනෙක් අයගේ හිත් රිදෙනව තමා...සමහර ඒවා ආයිත් හදන්න ගියාම වෙන්නෙ ඊට හපන් ඒවා...
ජයවේවා!!!
පුංචි කතාවක් වුනාට ලොකු දෙයක් කියන කතාවක්. අපි මේ වගේ නොදැනුවත්ව කී දෙනෙක්ගේ හිත් රිදෙන්න කතා කියලා ඇත්ද?
සමහර වෙලාවල් වලදී මොනවා හරි යමක් කිව යුතුයැයි සිතුනද..පසුව සිතෙන්නේ නොකියා හිටියානං හොඳ බවයි.
ඔන්න මටත් එහෙම හිතුනා.
මටත් මතකයි ඔය මහ බැංකු බෝම්බ සිද්ධිය...
මගේ පුංචි හිතත් කළඹාපු සිද්ධියක් තමා ඒ...
සංවේදී සටහනක් සිස්...
ඔයාට එයාව ආයෙත් හම්බ වුනාද?...
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.. හිතින් අත ඇරලා දාන්න...
ඔහ්....ඔහොම දේවල් වෙනවා තමයි...
ඒ වගේ වෙලාවට ඇතිවෙන වේදනාව කියල නිමකරන්න බැහැ
මගෙ අතිනුත් අනුන්ගෙ හිතක් රිදුන කියල හිතුනමත් මට ඒක අමතක කරගන්න බෑ, ඒක ස්ථිරව ම වුණා කියල දැනුන ම ඔයාගෙ හිත තාමත් රිදෙනව ඇති, ඒත් ඈට කාරුණික වෙන්න, දෙමව්පියො නෑ කියල අමතක කරවන්න බැරි වුණත් ආදරේ කරන යාළුවො ඉඳීම පුංචි සහනයක් වෙයි නෙ..
@ US: නෑ. ලඟකදි නෑ.
@ අභීත :ම්ම්ම් මම හිතන්නෙ නෑ. දැන් ඔය සිද්ධිය වෙලා අවුරුදු 10 කටත් වැඩිනෙ. කවදාවත් ඔය වගේ වෙච්චි දෙයකට වෙන පසුතැවිල්ල නැති වෙන්නෙ නෑ.
:(
Post a Comment