skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, September 14, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

81.) හිංසාව
82.) පිළියෙල
83.) පිළිවෙළ
84.) බොරළු
85.) ප්‍රමාණය
86.) ළා දලු
87.) යාළු මාළු
88.) කවුළුව
89.) කකුළුවා
90.) උදලු
91.) ඊළඟට
92.) මුළු ( සියල්ල )
93.) අලුයම
94.) ඔළුව
95.) චක්‍රය
96.) ග්‍රහණය
97.) ප්‍රවීණ
98.) ගැටලු
99.) මහලු
100.) ප්‍රස්තාර

ඔන්න අද වචන විස්ස. මතක තියාගන්න ලේසි විදිහක් කියන්නද?
මට නං එහෙම ලේසියි. වචනයක තියෙන්නෙ මේ අකුරුයි කියල මතක තියා ගන්න බලන්නෙ නැතුව,වචනය චිත්‍රයක් වගේ මතක තියා ගන්න.
මන්දා මම අදහස් කළ දේ පැහැදිලි උනාද කියල :(
Posted by ස්වප්නා at 19:51
වර්ගීකරණය: සාහිත්‍යය කලා

7 විවේචන:

සු said...

83. 98 හරි කියන්න තර්කයක් තියෙනවද ? ‍නොදන්න නිසයි අහන්නෙ

September 14, 2010 at 10:48 PM
dinesh said...

දිගටම කරගෙන යන්න සිස්ටර්..(නංගියෙක්ද,අක්කියෙක්ද දන්නෙ නෑනෙ.)

September 15, 2010 at 3:17 AM
ස්වප්නා said...

ගැටලු කියන්නෙ ගැටැල්ල කියන වචනයේ බහු අර්ථය සහිත පදය..
බහු වාචාර්ථයේදී "ළු" යන්න යෙදෙන්නේ ඒක වචනය "ළ" යන්නෙන් යෙදෙනවනං.. හරි නේද?

පිළිවෙළ ගැන තියන තර්කය මොකක්ද කියල මම හොයල බලන්නං.

මේ ලැයිස්තුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්..

ප්‍රශ්න ඇහුවට ස්තුතියි :) එතකොට මමත් නිකම්ම පිළි අරන් තියන දෙයක් ගැන උනත් හොයන්න පෙළඹෙනවා :)

September 15, 2010 at 9:07 AM
Anonymous said...

එතකොට ගැටලුව කියන වචනය වැරදිද??

September 15, 2010 at 6:58 PM
සු said...

මට තියෙන ප්‍රශ්නේ මේකයි අපි ඒකවචන-බහුවචන ආකාරයට
ගැටැල්ල-ගැටලු
කියන්නේ නෑ නේද
ගැටලුව - ගැටලු
කියනවා මිසක් ??
පළවෙනි ක්‍රමය හරි නම් ගැටලුව හරි. නමුත් අපි භාවිත සිංහලයේ එහෙම එකක් නැත්තේ ඇයි ?
දෙවෙනි එක හරි නම් ගැටළුව හරි.. එහෙම නේද ?
මොකද තව කෙනෙකුට කියලා දෙන්න නම් මමත් හේතුව දැනගෙන ඉන්න එපැයි. ඒකයි මේ අහන්නේ...

September 15, 2010 at 10:21 PM
ස්වප්නා said...

නැහැ. ගැටළු කියන වචනය කොහොමටත් වැරදි.
අර්ථයක් සහිත නිවැරදි වචනය ගැටල්ල - එහි බහු වචනය ගැටලු
සිංහලයේ නිවැරදි අක්ෂර වින්‍යාසය මොකක්ද කියල ගැටලු සහගත තැන් තියන වචන තියනවා. නමුත් ගැටැල්ල හෝ ගැටලු පිළිබඳ තර්කයක් නෑ.
නොකියා හිටියට මටත් තියන ප්‍රශ්නයක් තමා "ගැටලුව" කියන වචනෙ හරිද කියන එක. මම පොත් කිහිපයක බැලුවත් හරියට යමක් හොයා ගන්න බැරි උනා. සමහරවිට ඒ මම හදිස්සියෙන් කියවපු නිසා වෙන්න ඕනෙ..
මම මෙන්න මේ වගේ වචන ගොඩක් දැක්ක.

ඒක වචන බහු වචන

උදැල්ල උදලු
මටුල්ල මටුලු
කඩුල්ල කඩුලු
බොරැල්ල බොරලු

මොකක් හරි අදහසක් එනවද?

September 16, 2010 at 8:23 AM
ස්වප්නා said...

පුංචි සටහනක්:
මම පළ කරන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන ආයතනයෙන් ප්‍රකාශිත ලැයිස්තුවක් නිසා, පළ කරපු වචන වෙනස් කරන්න යන්නෙ නෑ. නමුත් "බොරලු" යන වචනය නිවැරදි බවත් "බොරළු" යන්න වැරදි බවත් තමා මගේ හැඟීම. බොරැල්ල - බොරලු වූ නිසා.. මෙය ජේ.බී. දිසානායකයන් "බසක මහිම" හි තහවුරු කර තිබෙනවා..
සිංහල භාෂාව නොයෙක් තර්ක විතර්ක වලට බඳුන් වන ගුණයෙන් යුක්තයි. හැබැයි ඒකම සිංහලයේ වර්ධනයට හේතුවක් ලෙස මා දකිනවා :)

September 16, 2010 at 7:15 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ▼  September (17)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • රාජකාරිය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සිඟන්නී
      • හරිද? වැරදිද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කලකට පසුව ඔබ හමුවේ ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මෝඩ කට
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කණ්ණාඩිය කන්නාඩිය
      • ශාන්ත
      • දිනුම් පැරදුම්
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio