skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, August 31, 2010

මම තනියම

අහස වැසුණු නිල් වියන් යටින්
එතුණු බැඳුණු තුරු ලතා මැදින්
කෙතින් පිරුනු ගම් දනව් මැදින්
මම තනිවම ඔබ කොහෙද ගොසින්

හිරුට ඇරුණු කටු ලැහැබ් තුළින්
ගුරු පැහැයෙන් වෙළි පලාපතින්
කරඹ මලක කිරි සිනාවකින්
ඔබව සොයමි මම දකිනු රිසින්

මහවැලියේ හඬ ඇහෙන දුරින්
නින්ද නොයන රැය පහන් කරම්
සිතුවිලි අවදිව ගලන තරම්
මහවැලියත් නෑ නුඹත් දැනන්
Posted by ස්වප්නා at 08:14
වර්ගීකරණය: සිතුවිල්ලක්

8 විවේචන:

Shadow/හේමලයා said...

මගෙ තනිකම ඇත මගෙ තනියට.......ලස්සනට ගලපලා තියෙනවා....

August 31, 2010 at 11:05 AM
Pasan said...

පාලු අහස අද නිසලයි
හඩන මුහුද අද නිහඩයි
නුඹ නැති ලොව මට පාලුයි
මගේ තනිකම මට උරුමයි

ලස්සන නිර්මාණයක්....:D

August 31, 2010 at 2:17 PM
``` Outsider``` said...

"අහස වැසුණු නිල් වියන් යටින්
එතුණු බැඳුණු තුරු ලතා මැදින්
කෙතින් පිරුනු ගම් දනව් මැදින්
මම තනිවම ඔබ කොහෙද ගොසින්"

අගේ ඇති පබැඳීමක්නෙ ස්වප්නගෙන් මෙදා පාර...

August 31, 2010 at 3:49 PM
රවා said...

ලස්සන නිර්මාණයක්. ස්තුති අපිත් එක්ක බෙදාගත්තට. කාලෙකින් මමත් කවියක් ලිව්වෙ නැහැ.

August 31, 2010 at 11:57 PM
ස්වප්නා said...

ස්තුතියි හැමෝටම අගය කිරීම් වලට :)

September 1, 2010 at 8:32 AM
Anonymous said...

ඈත්තටම ලස්සණයි,සිතේ පාලුව හොදට නිදර්ශණය කරලා.

September 2, 2010 at 1:26 AM
P. Wijekoon said...

මහවැලියේ හඬ ඇහෙන දුරින්
නින්ද නොයන රැය පහන් කරම්
සුළඟක දැවටී ලොවට හොරෙන්
ඔබ මා ලඟ අද හිඳිනව නම්
මැණික්(සුළඟ)

September 2, 2010 at 8:45 AM
ස්වප්නා said...

ස්තුතියි :)

September 2, 2010 at 5:42 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio