skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, August 21, 2010

මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා

ඔන්න අද උදේම අපේ අම්මා, තඩි බඩු ලැයිස්තුවක් ලියල දුන්නා, තාත්තටයි මටයි ගේන්න කියල.
අපි දෙන්නත් එක්ක ගියා. බඩු ලැයිස්තුවෙ මාළුත් තිබුණා. ඒ මදිවට ඒව ගේන්න කිව්වෙ ඩීවර සංස්ථාවෙ අලෙවි හලෙන්.
අපි එතනට යනකොට, අම්මෝ පෝලිමේ දිග. තාත්තගෙ මූණ ඒ වෙලාවෙ ඇඹුල් උනත්, තාත්තගෙ මූණ ඇඹුල් වෙනවට වඩා, අම්මගෙ මූණ ඇඹුල් වෙන එක භයානක නිසා, මම කිව්ව "පොඩ්ඩක් ඉඳල බලමු" කියලා.

තාත්තගෙ ගණන් හැදීම අනුව එයා හිටියෙ 53 වෙනියට :)

ටික වෙලාවක් ඔතන ඉන්නකොට ආවලු ගෑණු කෙනෙක්, තාත්තට ඉස්සරහින් පෝලිමේ හිටපු මනුස්සය එක්ක කතාවට.
මේ ගෑණු කෙනා දැන් නොයෙක් ප්‍රශ්න අහනවලු.
"මාළු ෆ්‍රෙෂ් ද දන්නෑ නේ"
අර මනුස්සයා ගත් කටටම කිව්වලු, "මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා. ඒකනේ මේ සෙනග ඉන්නෙ. හැබැයි පෝලිමේ කෙලවර තියෙන්නෙ අතන"
අර ගෑණු කෙනා මාළු ගන්නත් නොඉඳ යන්න ගියාලු :)

හික්. :)
Posted by ස්වප්නා at 15:33
වර්ගීකරණය: රස කතාවක්

11 විවේචන:

පිස්සා පලාමල්ල said...

ලංකාවෙ මිනිස්සු පොලිම් පනින්න උපන් දක්ශයොනේ.

August 21, 2010 at 4:31 PM
චතුවා said...

හික් නියම නෝන්ඩිය!

August 21, 2010 at 4:32 PM
Shadow/හේමලයා said...

හරිම creative නෝන්ඩියක්......maxxa........

August 21, 2010 at 5:28 PM
෴ හසියා ෴ said...

මරේ මරු....නෝන්ඩියටත් වඩා අර මිනිහා ඒ ගැණුකෙනාට දුන්න උපදේශයනම් සිරාම සිරා....ඔහොම කට ඇති එවුන් ඉන්නවනම් අපේ රටේ අසාධාරණකම් ගොඩක් අඩුවෙනවා.

August 21, 2010 at 6:24 PM
දුකා said...

හොඳ වැඩේ කපටි අම්මන්ඩිට . . .. ඔන්න ඔහොම තමයි මිනිස්සු ඉන්න ඕන ලොකු පොඩි කියල නොබල අසාධාරනේට විරුද්ධ වෙන්න ඕන . .. ඩුබායි වලත් වැඩිම රන්ඩු තිබිල තියෙන්නේ පෝලිම් වලට කියලා මම අහලා තියෙනවා . .

August 21, 2010 at 9:52 PM
``` Outsider``` said...

ගැහැණු අය හරි කපටියිනෙ අම්මප. නේද ස්වප්නා..?

August 22, 2010 at 9:51 AM
Unknown said...

සිරාවට.. අවුට්සයිඩර් කියන්නෙ ඇත්ත්ද ස්වප්නා?

August 22, 2010 at 9:58 AM
හසී said...

හික් හික්

August 22, 2010 at 11:04 AM
ගීත් (සහෘදයා) said...

හොද වැඩේ සක්කර වට්ටමට. ඔය වගේ වට්ටි අම්මලා හිතාගෙන ඉන්නේ පිරිමින්ට හිනාවක් දැම්මාම ඕන දෙයක් කර ගන්ට පුළුවන් කියලා. ඇයි සමහරක් වෙලාවට අනේ ගැහැනු කෙනෙක් නේ කියලා පෝළිම් පැන්නත් කරබාගෙන ඉන්නව නේ.

August 22, 2010 at 12:36 PM
Unknown said...

ගීත් මල්ලි.. එහෙම කරගන්න වැඩත් නැතුවා නෙවයි.. හිකිස්..:)

August 22, 2010 at 12:41 PM
ස්වප්නා said...

යකාගෙ වැඩක් නෙ බොලේ මේක. ඒකත් අන්තිමට ගෑනුන්ටම හැරෙව්වා. හහ්

August 22, 2010 at 7:38 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio