ඔන්න මම පණ දාගෙන හොයනව
ඇඳ යට,
මේසෙ උඩ,
පොත් අස්සෙ,
ඔෆිස් එකේ ලාච්චුවෙ,
පන්සල් අරන් යන පන් මල්ලෙ,
ගවුම් කෑල්ලක් මහන්න කියල ගෙනාපු රෙදි කෑල්ලෙ,
කොහෙවත් හිටියෙ නැති කෙනා මෙන්න ඉන්නවා
වශී වෙලා වගේ බලන් බ්ලොග් එකක් ඇතුලෙ,
යන්තං ඇදල අරන් මතක් කරලා දුන්නා,
ෆේල් වෙච්ච විභාගෙ ගැන,
ඔන්න ඒ පාර රිසර්ච්,
රිසර්ච් නෙවෙයි,
ආයිමත්,
බ්ලොග්,
හප් !!
Saturday, August 14, 2010
Subscribe to:
Post Comments (Atom)
9 විවේචන:
හිත ගැන නම් කතා කරන්න එපා...........:D
තවත් අකීකරු හිතක අයිතිකාරයෙක් වගේ ;)
ගණන් ගන්න එපා. පොඩ්ඩක් නාහෙට අහෙන්නෙ නැති උනාට අපේ හිත් හරි හොඳයි :D
අන්තිමෙදී හම්බ උන එකත් මදෑ..
මම තාමත් හොයනවා.
ඔයාගෙ හිත ගිහින් තියන ගැඹුරට, තාම මගේ හිත ගිහින් නෑ.
ලඟ පාත කැරකෙන්නෙ :) ඒ නිසා හොයන්න ලේසියි
හැමතැන දුවන එකම දෙය...හිත...
ඔයින් ගියා මදෑ..
හප්පා.. මගේ හිත කොහෙද දන්නෑ.. දැන් හොයපන්කො ඒකත්...:(
මගේ හිත න්ම් කොට්ටෙ යට දාලා හිර කරලා තියෙන්නෙ...
ස්තුතියි ඔක්කොටම :)
Post a Comment