skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, August 11, 2010

ආදරේ මට දැනෙන දවසක



ප්‍රේමයේ පිණි දිය පිරී ගිය
මේඝයක් වී ඇද හැලේවා
මලක් වී මුදු නොවූ හදවත
වෙඬරු පිඬකින් යළි තනාවා

හද පුරා යන සිනා මඬලක
පැතුම වී ඈතින් දිලේවා
ඇසක මතුවන කඳුළු බිදුවක
උපත ඒ සිනහවම වේවා

තැවුල දනවන යවුල වී හිඳ
හිත කොනිත්තා රිදුම් දේවා
ආදරේ මට දැනෙන දවසක
ඔබේ දෑසේ මා රැඳේවා
Posted by ස්වප්නා at 08:13
වර්ගීකරණය: සිතුවිල්ලක්

11 විවේචන:

Shadow/හේමලයා said...

වැහි දිය පිණි දියට වඩා නපුරුයි......

August 11, 2010 at 9:30 AM
ස්වප්නා said...

නෑ. ඒ මේඝයේ තියෙන්නෙ වැහි දිය නෙවෙයි, ප්‍රේමයේ පිණි දිය

August 11, 2010 at 10:16 AM
ස්වප්නා said...

අනික හිතෙන් විතරක් හිතන්නෙ නැතුව, බුද්ඩියටත් ඉඩ දෙන ගෑනු ළමයෙක්ගෙ හිත යන්නෙ අනිවාර්යයෙන්ම සොඳුරු හිතකට වෙන්නම ඕනෙ.

August 11, 2010 at 11:03 AM
ayesha said...

lassanay...

August 11, 2010 at 1:48 PM
ස්වප්නා said...

ස්තුතියි :)

August 12, 2010 at 7:59 AM
P. Wijekoon said...

ප්‍රේමයේ පිණි දිය පිරී ගිය
මේඝයක් වී ඇද හැලේවා
ආදරේ මට දැනෙන දවසක
ඔබේ දෑසේ මා රැඳේවා

ස්වප්නයක් වගේම ලස්සනයි කවි.
මැණික්(සුළඟ)

August 12, 2010 at 8:25 AM
ස්වප්නා said...

ස්තුතියි :)
ස්වප්නයක් නොවී සත්‍යයක් වෙනකං බලන් ඉන්නවා :)

August 12, 2010 at 8:34 AM
``` Outsider``` said...

ඔහොම යංකො මේඝයක් ඇතිවෙයි කලබල මොකද?

ලස්සනයි කවිය...

August 12, 2010 at 8:55 AM
ස්වප්නා said...

:P

August 12, 2010 at 9:01 AM
Pasan said...

ආදරය නුඹ විදින දවසක
ඔහුගෙ තුරුලෙම රැදේවා
ආදරය මහ මේඝයක් වී
නුඹගෙ ඔලුවට වැටේවා

හී හී හී......
ලස්සනයි පද පෙල...

August 12, 2010 at 9:51 AM
ස්වප්නා said...

ඔලුවට වැටේවා ??? :( හපොයි
තැන්කූ :P

August 12, 2010 at 10:43 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio