skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, August 2, 2010

කුමාරයා සොයා යාම


කුමාරයා පැමිණියේය
සමාවන්න
කුමාරයා නොපැමිණියේය
කුමාරයාගේ දෙමාපියෝ පැමිණියෝය

"කුමාරයා රට, ලගදීම එනවා"
කුමාරයා නාවේය
කුමාරීගේ දෙමාපියන්ගේ දැනීමට අනුව
කුමාරයාට රට කුමාරියක් ඇත්තේය

කුමාරයෙක් පැමිණියේය
සමාවන්න
කුමාරයෙක් නොපැමිණියේය
කුමාරීට ඇමතුවේය

කුමාරිය උගත් ගුණවත්ය
කුමාරිය සමාජශීලීය
කුමාරයාට කුමාරී කුස්සි අම්මා කරන්නට ඕනෑ විය
කුමාරයාට කුමාරීගේ සියල්ල වීමට ඕනෑ විය
කුමාරයාට පිස්සු

කුමාරයෙක් පැමිණියේය
මෙදා ඔහු ආවේය
දෑවැද්ද මදිය
කුමාරී විකිණෙන්න අකමැතිය

කුමාරයෙක් පැමිණියේය
කුමාරයා අහිංසක වැඩිය
අම්මාට ආදරේය
සියළු සත්වයින්ට අනුකම්පාය
කුමාරීට නං ආදරේ නැත
කුමාරයාටත් අම්මාටත් හරියන කුමාරිකාවකි සොයන්නේ

මේ කාලෙ කුමාරවරුන්ට පිස්සුය
නැත්නං කුමාරිකාවන්ට පිස්සුය
ඔක්කෝටම වඩා උන්ගේ දෙමව්පියන්ට පිස්සුය
Posted by ස්වප්නා at 10:22
වර්ගීකරණය: සමාජ සිද්ධි

18 විවේචන:

kumaraya said...

මං කුමාරයා ගැන නොවෙයි නේද ඔය ලීවේ ....

කුමාරයා.

August 2, 2010 at 1:51 PM
ස්වප්නා said...

හපොයි නෑ :)

August 2, 2010 at 5:15 PM
Shadow/හේමලයා said...

නියමයි...

August 2, 2010 at 6:04 PM
``` Outsider``` said...

සියල්ලම සම්පූර්ණ වෙන්නෙ නෑ කොහොමත්. දැන් කාලෙ විතරක් නෙවෙයි හැමදාම හැමෝම පිස්සුවෙන් තමයි ඉන්නෙ.

ගොඩක්ම හිත ගියා අද ඔයාගෙ මේ පෙලගැස්මටනම්. විශිෂ්ඨයි.

August 3, 2010 at 8:50 AM
ස්වප්නා said...

@ හේමලයා, outsider: තැන්කූ :$

August 3, 2010 at 11:22 AM
Manik said...

අපොයි..... කුමාරවරු නම් විවිධාකාරයි.....අර කිව්වත් වගේ හැමෝම නම් සර්ව සම්පූර්ණ නැහැ.... ඒත් ඉතින් අර අපි stats වල best-fit curve එක වගේ හරියන කුමාරය හම්බනූනොත් කුමාරිගෙ life curve එක තමයි අවුල් වෙන්නේ.....

August 3, 2010 at 1:00 PM
ස්වප්නා said...

හිහ් :) තිතට හරි ;)

August 3, 2010 at 1:39 PM
ගීත් (සහෘදයා) said...

අනේ.....වෙනස්ම ආරක පබැදුමක්.

August 3, 2010 at 6:46 PM
ස්වප්නා said...

ඉතින් හොද නැද්ද අනේ ..

August 4, 2010 at 10:35 AM
මාරයාගේ හෝරාව said...

කුමාරයින්ගෙන් පලක් නැහැ නගේ මාරයෙක් හොයා ගන්..මම නැතිව..
උන් හොඳයි කාටවත් ආදරෙ නැහැ..

August 14, 2010 at 9:36 PM
ස්වප්නා said...

අනේ ඉතින් ආදරේ නැතිව, කුමාරයෙක්ගෙන් වත් මාරයෙක් ගෙන් වත් වැඩක් තියෙයිද?

August 16, 2010 at 8:13 AM
මාරයාගේ හෝරාව said...

හරි ඉතින් කුමාරිට ඔන කරලා තියෙන කුමාරයාගේ මොඩ්ල් එක කියාපන් නගේ..අපි එකෙක් මවලා හරි දෙන්න...

August 16, 2010 at 6:08 PM
ස්වප්නා said...

අයියෝ හරි සරලයි

ආදරේ වෙන්න ඕනෙ
ෆන් එකේ ඉන්න මනුස්සයෙක් වෙන්න ඕනෙ
නීති පොතක් නොවෙන්න ඕනෙ
රස්සාවක් තියෙන්න ඕනෙ
degree එකක් තියෙන්න ඕනෙ
ටිකක් ලස්සන වෙන්නත් ඕනෙ

ලොකු වත්තක් මැද්දෙ ගේ පොඩ්ඩක් තිබ්බට කමක් නෑ
තව වැඩිපුර කාර් එකක් අපි දෙන්නට තිබ්බට වැඩි වෙන්නෙ නෑ නෙ
අවුරුද්දකට පාරක් පිට රට ටුවර් එකක් යන්න පුළුවන් නං තවත් හොඳයි

buhaaah haaa haaa :P

August 17, 2010 at 8:40 AM
Rasika Nanayakkara said...

ස්වප්නා...

ඔයා කියපු ගොඩක් දේවල් මට තියෙනවා....

එච්චරයි...

ජය වේවා...

September 11, 2010 at 10:26 PM
ස්වප්නා said...

ආහ් :) එහෙනං ඉතින් හරි :P හී හී

September 12, 2010 at 12:30 PM
Pajero said...

පිටු දහසකින් වත් ලියා නිම කල නොහෑකි කරුනක්, එක් පෑදි පෙලකට ගොනු කල අපූරුව............

October 20, 2010 at 1:34 PM
ස්වප්නා said...

ස්තුතියි අගය කිරීමට :)

October 20, 2010 at 5:07 PM
dukura said...

හොඳ අදහසක් හොඳ ප්‍රබන්දයක්.

පසුවදන.....
''කුමාරයා මියගොස්ය
නැත.....
කුමාරයා ඉපිද නැත,
තවම! ''

August 19, 2011 at 2:15 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio