skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, April 22, 2010

අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ

දිවිය දැවිණැයි සිතුණු දවසෙක
ඉහිරි විසිරුණු දිය කදුර ඔබ
මගේ දෑසින් නුදුටු වන තීරේ

පලා යන්නට සිතුණු මොහොතක
දෑත් සිර කල බැමි කඩා බිද
පැතුම් දොරගුළු විවර කල අරුමේ

කල්පනාවක හුදකලාවක
ගැලුණු සිත නිදි ගැට කඩා හැර
ඔබේ හඩ මට ගෙනේ ආලෝකේ

නෙතට කදුලක් උනන වරකට
මද සිනා පිරි, මුදු කතා ඇති
නමුදු ළග නැති ඔබ සිතට ගොඩ වේ
Posted by ස්වප්නා at 08:15
වර්ගීකරණය: සිතුවිල්ලක්

14 විවේචන:

K.C. Hewage said...

සිතිවිල්ල අලංකාර ලෙස පදයට නගලා තියනවා...

April 22, 2010 at 9:57 AM
``` Outsider``` said...

කෝ දැන් මිතුරා...

April 22, 2010 at 10:47 AM
ස්වප්නා said...

@ K.C.Hewage: ස්තුතියි !!

@ Outsider: ඒක රහසක් :P

April 22, 2010 at 11:03 AM
Raven said...

ලස්සනට ලියලා තියනවා. මිතුරෙක් විතරක්ම වෙන්න බැහැ මගෙ හිතේ :)

April 22, 2010 at 11:13 AM
Amila Chathuranga said...

විඩාවක් නැති දිවියට ඔබ කඩාගෙන ඇවිත්,,,,,,,මඩ ආරෙක් වගේ කැරකෙන ලස්සන...................

April 22, 2010 at 11:47 AM
Thejan said...

ඉපදීම මරණය අහඹුවක් වන ලොවක
හමුවන මිතුරු දම මෙන්ම ප්‍රේමයත් අහඹුවක් වීම
කවර නම් අරුමයක් විය හැකි ද නැගණියේ
නොසිතෙයි මා හට තවම ...

April 22, 2010 at 12:15 PM
ස්වප්නා said...

@Raven:
නෑ අනේ යාළුවෙක් විතරයි :(

@Thejan:
හ්ම්ම්ම්ම්ම්

April 22, 2010 at 12:39 PM
දිල් said...

හරි අපූරු නිර්මානයක්

April 22, 2010 at 1:34 PM
බිඟූ said...

mata gena deavi aloke sansaarayea...

April 22, 2010 at 5:24 PM
විශ්මි said...

ලස්සන නිර්මාණයක්..... අපූරුවට පද ගලපලා......

April 22, 2010 at 5:29 PM
ගීත් (සහෘදයා) said...

https://www.blogger.com/comment.g?blogID=3827490471265818986&postID=4227570964817454634

April 22, 2010 at 7:51 PM
Pasan said...

අයාලේ යන ජීවිතයක
සරණක් නොමැති හිතකට
දැනෙන මද සුලගත්
පවනක් වැනිය දෙව්ලොවින් හමා එන

April 23, 2010 at 10:17 AM
ස්වප්නා said...

@විශ්මි and දිල් : Tankoooo

@පසන් :

අයාලේ නොගියත්
අසරණම නොවුනත්
මිතු දමක් දැනුනොත්
ලෙන්ගතුව හිතකින්
දැනේ සැනසීමක්

@ගීත්: check the same link now :P

April 23, 2010 at 10:39 AM
Pasan said...

@ස්වප්නා/

කවුරුන් කෙසේ කීවත්
පලමු ලෙන්ගතුවත්
දෙවනුව මිතු දමත්
ආදරය පෙර මං බලත්

Swapna.. u also check the same link.. :D :D

April 23, 2010 at 11:11 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ▼  April (9)
      • දෙමව්පියෝ
      • නිසි කලට විවාහ නොවීමේ විපාක.
      • අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ
      • මම මා නිසා
      • පැමිණිල්ලක් නැති විත්තිය
      • සුදා ගේ සිහින (සුදු සිහින - කතා මාලා අංක 1)
      • සිරි දළදා සිරසා නමාමී
      • ප්‍රාර්ථනා
      • අතීතයෙන් බිදක්

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio