skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, April 24, 2010

නිසි කලට විවාහ නොවීමේ විපාක.

අදත් මම සුපුරුදු පරිදි පරිප්පුවක් කෑවා. තනියම කල්පනා කර කර ඉන්න වෙලාවෙ, මට මෙන්න මේ වගෙ අදහස් ටිකක් පහල උනා.

නිසි කලට විවාහ නොවීමේ විපාක:

1.) දෙමව්පියන්ගේ මිතුරන්ගේ, පොඩි එවුන්ගේ උපන්දින උත්සව වලට සහබාගී වීමට සිදු වීම.
2.) පොතේ පතේ දැනුම පමණක් ඇති, සමාජය ගැන නොදන්නා අහිංසක මලක් ලෙස හදුනා ගැනීමට ලක් වීම.
3.) දෙමව්පියන්ගේ හිතවතුන්ගේ මලගමට, මගුලට ආදී මෙකී නොකී හැම කෙහෙල්මලකටම සහබාගී වීමට සිදු වීම. (ඒවාට එන්නෙද පොඩි එවුන් සහ, අපේ දෙමව්පියන් වගේම සෙට් එකක් පමණි.)
4.) "චූටි දූ මොකද කරන්නෙ?" යන පැනයට නිතර ලක් වීම සහ ඊට නිතරම හොද පිළිතුරක් දිය යුතු වීම.
5.) ලමා කාලයේත්, යොවුන් වියේත් වෙනසක් නොමැති වීම. (ඒ කාලෙත් ඔය ටිකම කලානෙ. තාම කරන්නෙත් ඒ ටිකමයි )

මට දැනට කල්පනාවට ආවෙ ඔච්චරයි. කාටවත් මේ වගේ ප්‍රශ්න නැද්ද?
Posted by ස්වප්නා at 23:01
වර්ගීකරණය: සමාජ සිද්ධි

13 විවේචන:

SL Tech Express said...

තාම නම් නෑ..
ඒත් ඉස්සරහට කියන්න බෑ..

April 25, 2010 at 12:04 AM
V said...

මන්දා මටනම් ඉවසන්න බැරි,කොහේ හරි ගියාම දැන් බැදලද ? ලමයි කියක් ඉන්නවද ? ඇයි බැන්දේ නැත්තේ මේ වගේ ප්‍රශ්න පත්තරවලට උත්තර දෙන එක.

April 25, 2010 at 7:35 AM
ස්වප්නා said...

@සුලග: ම්ම්ම්
@V: හික් හික් :)

April 25, 2010 at 8:09 PM
Hipo said...

අපෝ... මෙක හරිම පුදුම ලෝකයක්....ඉස්කොලෙ යනකන් අහනවා කීවෙනි පංතියෙද කියල... ඊට පස්සෙ අහනව විශ්ව විද්යාලේ යන්නෙ නැද්ද කියල... බඳිනකන් අහනව බඳින්නෙ නැද්ද කියලා.. බැන්දට පස්සෙ අහනවා ළමයි නැද්ද කියල.. ඊට පස්සෙ අහනව එක ළමයයි ද කියලා... ඊට පස්සෙ ලමයි ඉස්කොලෙ යනවද කියලා අහනවා.... පස්සේ ළමයින්ගෙන් ප්‍රශ්ණ අහනවා.... පිස්සු නැත්නම් හොඳයි....

April 26, 2010 at 12:23 PM
ස්වප්නා said...

තිතට හරි

April 27, 2010 at 8:25 AM
සු said...

අපෝ තියෙනවා. ඒ ප්‍රශ්න ඔය තරම් සරළ නැහැ. මාසෙක විතර ඉඳන් ඒ ගැන ලියන්න හිතන් ඉන්නවා. තාම නැකත ආවෙ නැහැ :-)

May 3, 2010 at 9:28 PM
අතරමැදියා said...

@hipo - වයසට ගියාම තාම මරුනේ නැද්ද? කියලත් අහයි. :)

July 19, 2010 at 1:47 PM
Paraya said...

මටනම් ඉවසන්න බැරි ප්‍රශ්න පත්තරවලට උත්තර දෙන එක.

September 15, 2010 at 11:20 PM
ස්වප්නා said...

:D

September 16, 2010 at 8:31 AM
සංජු said...

ඔව් අනේ කසාද බදින්නත් ඉතින් කියන වේගයෙන් බෑ නෙ. අපිට තියෙන පිස්සුවල ගානට මැච් වෙන පිස්සෙක්ම එපායැ. කට්ටිය හිතාගෙන ඉන්නෙ හැමතැනම පිස්සො ඉන්නව කියලා.

October 18, 2010 at 7:34 AM
ස්වප්නා said...

හී හී :) හරියට හරි.. ඕක මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ

October 18, 2010 at 8:21 AM
Anonymous said...

1, 3, 4 thaama wenasak ne man hithanne :D

March 22, 2013 at 2:43 AM
Unknown said...

වයසට යෑම නවත්වන විද්‍යාවක් තවම දියුනු වෙලා නැතිද??

June 2, 2015 at 6:10 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ▼  April (9)
      • දෙමව්පියෝ
      • නිසි කලට විවාහ නොවීමේ විපාක.
      • අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ
      • මම මා නිසා
      • පැමිණිල්ලක් නැති විත්තිය
      • සුදා ගේ සිහින (සුදු සිහින - කතා මාලා අංක 1)
      • සිරි දළදා සිරසා නමාමී
      • ප්‍රාර්ථනා
      • අතීතයෙන් බිදක්

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio