skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Wednesday, April 7, 2010

අතීතයෙන් බිදක්


මම ලස්සන, ලොකූ හීනයක් දකිනවා. ඒක කරන්න බැරි දෙයක් නම් නෙවෙයි. හැබැයි කට්ටියගෙ සපෝට් එකක් නැති නිසා මම තාම කරන්නෙ ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙන එක. හීනෙ මොකක්ද කියල අහන්න ඔට්ටු නෑ... :) පුලුවන් කෙනෙක් තමන්ට කැමති දෙයක් හිතා ගත්තට මගේ අකමැත්තක් නෑ.. :)

මම ඉස්සරෝම ලියපු ගීත ටිකකින් මම ආසම කරනම කිහිපයක් විතරක් දැනට දාන්නම්. කියවල බලන්න හොදද කියලා.

ගීත කියල කිව්වෙ ඇත්තතම මේවා තනු නිර්මාණය වෙලා, ගායනා කරපු ඒවා නිසා.

මේක මගේ පළමු ගීය. තනුව අපේ ඉස්කෝලෙ සංගීත ගුරුතුමීගෙ. ගායනා කලෙත් ඉස්කෝලෙම නංගියෙක්

මහමෙවුනාවේ සමාධි බුදු පිලිමය දිහා සමාධියෙන් යුතුව බලන් හිටියොත් මට හිතෙන දේ ලියන්න කියල තමයි මගේ ගුරුතුමී කිව්වෙ.

නේරංජනාවේ රන් දිය දහරට සද රැස් වැටිලා
සෝමයි හිමියනි සෝමයි හිමියනි
සිරිමා බෝ හිමි පත් සිලි නද දී
ගයනා බුදු ගුණ බෝමයි හිමියනි

වජිරාසනයේ හිමි වැඩ හිදිනේ
මහ මෙව්නාවට වැඩලා වාගේ
එක බණ පදයක් අහන්න ආසයි
මිගදායේ හිමි දෙසුවා වාගේ

හසරැලි මුව මුනි බණ තෙපලායා
අඩවන් නෙතු අප මග නොහැරේයා
සද රැස් වැටිලා සිසිලයි හිමියනි
ගැයෙනා මුනි ගුණ සුවදයි හිමියනි
Posted by ස්වප්නා at 20:06
වර්ගීකරණය: ගීතයක්

6 විවේචන:

බිඟූ said...

එල එල...
මැක්සී...

/බිඟුවා...!

April 8, 2010 at 5:34 PM
ස්වප්නා said...

බොහොම ස්තුතියි :)

April 17, 2010 at 12:57 PM
ගීත් (සහෘදයා) said...

http://magesanda.blogspot.com/2010/04/blog-post_27.html :D

May 10, 2010 at 12:59 PM
Anonymous said...

හොදයි හොදයි

May 14, 2010 at 7:05 PM
ස්වප්නා said...

මොකක්ද ගීත් මේ ගීතයෙයි ඔයා එවපු ලින්ක් එකෙයි අවස්ථා සම්බන්ධය?

May 20, 2010 at 9:14 AM
ගීත් (සහෘදයා) said...

:O හත්වලාමයි.....ඒක මම දාපු කොමන්ට් එකක්නෙවෙයි....මෙතන මොකක් හරි පටලවිල්ලක් තියෙනවා...මම පසන්ටත් කථා කලා මේ ගැන...කවුරු හරි පොඩි සෙල්ලමක් දාලා තියෙනවා මෙතන...හැක් කලත් මගේ පික් එකත් එක්කම හැක් කරන්නේ කෝමද? හයියෝ......සවප්නා මට වතුර ටිකක් දෙන්න...කැරකිල්ල වගේ...
මගේ මේ http://geethge.blogspot.com/2010/05/blog-post_19.html#comments පෝස්ට් එකට කොමන්ට් කලේ ඔයාමද?

June 15, 2010 at 6:25 PM

Post a Comment

Newer Post » Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ▼  April (9)
      • දෙමව්පියෝ
      • නිසි කලට විවාහ නොවීමේ විපාක.
      • අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ
      • මම මා නිසා
      • පැමිණිල්ලක් නැති විත්තිය
      • සුදා ගේ සිහින (සුදු සිහින - කතා මාලා අංක 1)
      • සිරි දළදා සිරසා නමාමී
      • ප්‍රාර්ථනා
      • අතීතයෙන් බිදක්

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio