Friday, October 28, 2011
කලබල මැද ආමී...
කලකට පසුව පැමිණී
නමුත් රැඳෙන්න නොහැකී
බලා යන්නට ආමී
හැම සතුටෙන්ය, සිතමී
අඟුරු සහ වතුර ගනිමී
හැමවිට හැම'ත දුවමී
නින්දද විටෙක අහිමී
විඩාවට නිම් නැතිවී
දිනුම් කණුව යැයි සිතමී
ඒ කරා මම දුවමී
ඉඩක් ලද මොහොතකදී
යළිත් එන්නට බලමී
Subscribe to:
Post Comments (Atom)
9 විවේචන:
බොහෝ කලකින් මෙහි
නාවේ මන්දැයි සිතිමි
ඉදින් යළි ඉක්මනින්
එන්නැයි මම පතමි
කාලෙකට පස්සෙ හදිස්සියෙම ගොඩ වැදිලා දඩි බිඩියෙන් කොහෙද මේ දුවන්නේ ?
සෑහෙන කාලෙකින් නොවැ.මොකෑ කලබලේ.ආයෙත් ඉක්මනට එන්නකෝ...
මොකද මේ කලබලේ
අසන්නට මට හිතුනෙමි
ඒත් නුඹ ආයෙම ගිහින්
පණිවිඩය කියා හදිස්සියේ..
හ්ම්ම්මම්ම්
ඔයදුවන දිවිල්ල කවදා නතර වෙයිද මන්දා.
අම්මෝ මේ ටීචර් ගොඩ කාලෙකට පස්සේ. මම් හිතන්නේ බ්ලොග් ලියන එකත් එපා වෙන්නැති. හික්ස් :)
පින්තූරේ දැක්කම හිතාගන්ට පුලුවන්විය ලහියේ තරම....
හොඳා හොඳා නැවත හමුවෙමු....
දිනුම් කණු හොයන්න ගියොත් අතර මඟ සිරිය මිස් වෙනවෝ......:P
බොහෝ කලකට පසුව පැමිණී
මාව අමතක නොකර තිබුණී
කමෙන්ට්ස් දුටු නෙත කඳුළු නැගුණී
ඔබට තුති මල් මිටක් පුදමී
Post a Comment