skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, March 8, 2011

මාර්තු අට

මාර්තු අටට ලියවිලි බෝ බව දනිමි
ඒ එක ලිවිල්ලක් කෙරුමට නොසිතුවෙමි
විසිතුරු නාඩගම් පාමින් තොඳොල් වෙවී
රූප පෙට්ටි විහිළු කරන හැටි දුටිමී

කාන්තා සමාජය ගැන කියන ලෙස
ඇවිත් සිටියෝය පරසිඳු කතුන් කැල
ඇඟෙන් බාගයක් එලියට දමාගෙන
නිළි නිවේදිකාවයි ගත්තේ බලන නෙත

ගෙදරද, පිටද, යන පාරේ තොටේදිද
කතුන් හට අවැඩ වෙන බව රහසක් ද
සාකච්ඡා සම්මන්ත්‍රණ වල පිහිට
නොවේ සදාචාරයමයි ඇවැසිකම

ගැහැනු පිරිමි නොව, යහ ගුණ, හරි වරද
තේරුන් ගන්ට හැකි නම් එකඟව හිතට
මාර්තු අටට විතරක් නොව කිසිදාක
කෑ ගොස්සන් නඟන්නට සිදු නොවනු ඇත
Posted by ස්වප්නා at 10:45
වර්ගීකරණය: සිතුවිල්ලක්

8 විවේචන:

``` Outsider``` said...

මේ කාන්තා දින වලදි ලංකාවේ රූපවාහිනී මාධ්‍ය වැනි ප්‍රසිද්ධ මාධ්‍ය වල පැවැත්වෙන සාකච්ඡා වලදි කවදාවත් අයිතිවාසිකම් අහිමිවුණු කාන්තාවන් නොසිටීමනම් විහිඵවක්. ඒවගෙ ඉන්නෙ වරප්‍රසාදලාභී පොතේපතේ දැනුමෙන් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන උදවියයි. එයාල අද කතා කරල යයි. අයිතිවාසිකම් අහිමිවූවන්ගෙ හඞ හැමදාම ගොඵවෙලා තියෙයි.
නියමයි කවිය.
(කොහෙද අතුරුදහන් වෙලා හිටියෙ පහුගිය දවස්වල :)

March 8, 2011 at 12:39 PM
ස්වප්නා said...

තාමත් අතුරුදහන් :)

March 8, 2011 at 1:25 PM
සංකල්ප said...

කාන්තා අයිතිවාසිකම් නැහැයි කියලා කියන්න බෑ. මැදපෙරදිග රටවලුත් එක්ක සන්සන්දනය කරනකොට කාන්තාවන්ට අපේ රටේ සම තැන ලැබිලා තියෙනවා.

අර කිව්වත් වගේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්නේ සියලුම අයිතිවාසිකම් ලැබුනු කට්ටිය. ඒවා ගැන නම් කවර කතා ද !!!!

ස්වප්නා අක්කා මෙච්චර කල් හැංගිලා ඉදලා කාන්තා දිනයට එලියට ආව නේ !!! මොකෝ මේ දවස්වල උද්ඝෝශන ව්‍යාපාරයක්වත් මෙහෙයවනවද ? :)

මොනවා උනත් අක්කලාගේ දවස නේ. ඔන්න ඔහේ සමරන්න. අපේ මොකෝ..... :)

March 8, 2011 at 3:27 PM
dinesh said...

අම්මෝ....මේ ඇවිත් ඉන්නෙ :):). මොකද උනේ??
මේවනම් පිස්සු විකාර වැඩ.කතාවක්වත් ලියමුකො.

March 8, 2011 at 4:23 PM
Abeetha Edirisinghe said...

වනිතා දිනයේ සම්මන්ත්‍රණ අගේ ඇතී......
වලින් කිසිවෙකුට පිහිටක් වෙලා නැතී......
කවි පද ටික යසයි මල් වගෙ සුවඳ ඇතී......
ලියු ඔබ හටත් හැම දේ ඉටු වෙලා ඇතී.....

March 8, 2011 at 8:53 PM
Anonymous said...

දැනගත්තෙ අභීතගෙන්. සුභ උපන්දිනයක් !

March 17, 2011 at 11:38 AM
ස්වප්නා said...

ස්තුතියි සුබ පැතුම් වලට :)

March 17, 2011 at 7:48 PM
ඉලංදාරියා said...

ලිපියට අදාල නෑත සුබ උපන්දිනයක් වෙවා!!!

March 17, 2011 at 8:44 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ▼  March (6)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ප්‍රේමය දැකීම
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මාර්තු අට
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio