skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, January 22, 2011

CSMA සහ විනීත වීම



කැම්පස් යනකොට "Computer Networks" කියන්නෙ මම ආසම කරපු විෂයයක්. විශේෂ හැකියාවක් තිබුණාට නං නෙවෙයි.
මම කැමතියි. එච්චරයි :)
දැන් මේ හැරමිට්ටෙන් යන්න ඔන්න මෙන්න කියල කරන්න ගත්තු විද්‍යාපති උපාධියෙත් ඔය කොටසක් තියනවා "Data Communication Networks" කියල. අද පාඩමේ කියල දුන්නෙ "Carrier Sense Multiple Access Protocol" එක ගැන.

හරි හරී. පොඩ්ඩක් ඉන්නකෝ. කොම්පියුටර් නොදන්න අයටත් තේරෙන විදිහට කියන්නං.

දැන් මේ අපි තොරතුරු ලබා ගන්න, තොරතුරු ලබා දෙන්න අන්තර්ජාලය, දුරකතන පාවිච්චි කරනවනෙ.
ඕවැයි අපි එහා මෙහා යවන දත්ත යන්නෙ සිග්නල් විදිහට. එතකොට ප්‍රවාහන මාධ්‍යයක් හැකි තරම් කාර්යක්ෂම ලෙස
භාවිතා කරන්නේ කොහොමද කියන විධි හොයා ගෙන යද්දි තමයි අපට මේ නිර්ණායක හමු වෙන්නෙ.

මම මේ කවදාවත් නැතුව "networks" පාඩමක් කියල දෙන්න යනව නෙවෙයි. අද පාඩම අපේ ජීවිතයට කොයි තරම් සම්බන්ධ ද කියල හිතුණ නිසා ලියවෙන්නක්.

CSMA Protocol එකේ ප්‍රධාන නියමය: කතා කිරීමට පළමු සවන් දෙන්න යන්නයි.
යම් දත්ත යවන්නෙක්, තමන්ගේ දත්ත යවන්න කලින් එම ප්‍රවාහන මාධ්‍යයේ වෙන කෙනෙක් දත්ත දැනට යවනවාදැයි බලන්න ඕනි. එහෙම යවනවා නම් එයා තමන්ගෙ දත්ත යවන්නෙ නෑ. හැබැයි මේ මාධ්‍යය නිදහස් වනතුරු මෙයා බලන් ඉන්නවා. හරි කෑදරයි. ඉඩක් ලැබිච්ච හැටියෙ දත්ත, ප්‍රවාහන මාධ්‍යයට නිදහස් කරනවා.
මූලික අවස්ථා වලදීට වඩා මෙහි දත්ත සුරැකිව ගමන් කිරීමේ සම්භාවිතාව වැඩි.

ඊලඟ අවස්ථාව බලමුකො: මේ අව්ස්ථාවේදී "Data Transmitting Station" එකක් එතරම්ම කෑදර වන්නේ නෑ. කවුරු හරි දත්ත යවනවා කියල පේනවනං පැත්තකට වෙලා ඉන්නවා. ආයි ටික වෙලාවකින් ඇවිත් බලනවා තාමත් බිසී ද කියල. මාධ්‍යය නිදහස් නම් විතරක් transmit කරනවා.
මේ අවස්ථාවේදී ප්‍රථිපල අරිට වඩා වැඩී.

ඊලඟ වැඩි දියුණු කිරීම බලමුකො: මේ අවස්ථාවේදී Data Transmitting Station එකක් කොහොමට්වත් කෑදර නෑ. අර මතු කී ආකාරයෙනුත් හැසිරිලා, තමන්ට දත්ත යැවීමට අවස්ථාව ලැබුණාමත් යම් කිසි සම්භාවිතාවකින් තමයි දත්ත යවන්නෙ. හිතන්නකො කාසියක් උඩ දාල මෙයා බලනවා කියලා.
හිස වැටුනොත් transmit කරනවා. අගය වැටුනොත් transmit කරන්නෙ නෑ.

ඊටත් පස්සෙ අවස්ථාව: මේ ඉහත මුළු හැසිරීමත් එක්කම, කතා කරද්දීත් සවන් දෙන්න.
එතකොට මෙයා දත්ත යවද්දි තව කෙනෙක් යවන්න පටන් ගත්තොත්, දෙදෙනාම දත්ත යැවීම නතර කරනවා. මොකද දැනටමත් මේ දත්ත හානි වී ඇති නිසා.
පොදු මාධ්‍යයක එකවර සුරැකිව යන්න හැක්කේ එක් අයකුට පමණයි.

මේ අවසාන ක්‍රම වේදයට එනකොට මාධ්‍යයේ දත්ත සුරැකිව ගමන් කිරීමේ සම්භාවිතාව 100% කට ලං වෙන තරම් ඉහළ යනවා.

හරි.
ටෙක්නිකල් කතාව ඉවරයි.
දැන් හිතන්න අපි පාරේ වාහනයක් ධාවනය කරනකොට ඇති වන තත්වයක් මේකත් එකම නෙවෙයිද?
අපේ පාර්ලිමේන්තුවේ කතා කරන කොට ඇති වන තත්වය මීට සමාන නොවෙයිද?

අනික් අය ගැන බලන්න වෙන නිසා, අනික් අයට ඉඩ දෙන නිසා, තමන්ගේ ගමන චුට්ටක් පරක්කු වෙන්න පුලුවන්. එහෙම වෙනවා.
හැබැයි අපි සමාජයක් විදිහට ගත්තම, අපි හැමෝම වැඩි වේගයකින් ඉදිරියට යනවා.

බොරුද මං කියන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ.
Posted by ස්වප්නා at 20:22
වර්ගීකරණය: සමාජ සිද්ධි

15 විවේචන:

පූසා said...

CSMA කලින් ඉගෙන ගත්තාට ඒක ජීවිතේටත් එකතු කරගන්න පුළුවන් කියලා දැනගත්තේ දැන් :)

January 22, 2011 at 8:59 PM
ස්වප්නා said...

හී හී :) සර්ම තමයි ට්‍රැෆික් ගැන මතක් කලේ. පස්සෙ මටත් හිතුණා මේක කොච්චර අපේ ජීවිතේට සම්බන්ධද කියලා.
විද්‍යාව කවදත් බුදු දහම ප්‍රත්‍යක්ෂ කරනවා..

January 22, 2011 at 9:03 PM
කිරිපුතා said...

අපිත් මේ දවස් වල networking ඉගෙන ගන්නවා. ඒක මෙච්චර රසවත් කියලා දැනුනෙ දැන්.

January 22, 2011 at 9:18 PM
ස්වප්නා said...

:) ඇත්තටම networking රසවත් :)

January 22, 2011 at 9:46 PM
ශාකුන්තල | Shaakunthala said...

බලාගෙන ගියාම හැම කන්සෙප්ට් එකක්ම කැරකිල එන්නෙ එකම තැනකට.... :)

January 22, 2011 at 10:09 PM
රතීගේ දිනපොත said...

ගොඩක් හොද පැහැදිලි කිරීමක්...ඊටත් වඩා එහි ගිය නිර්වචනය කිරීමක් හැටියටයි මම දකින්නේ. හැමදම අහන දකින networking concepts වලට වඩා මේකේ ජීවිතයට ගන්න දෙයකුත් තියෙනවා.

January 22, 2011 at 10:17 PM
Dinesh said...

ඔය පළමු ක්‍රමයටම නේද ආදරයත් අදාල වෙන්නේ??

මෙහෙමනේ.... අපි ආදරය කරන්න කලින් හොයලා බලනවා අපි ආදරය කරන කෙනාට ආදරය කරන කෙනෙක් ඉන්නවද කියලා.. කෙනෙක් ඉන්නවානම් අපි ආදරය කරන්නේ නැහැ... නැත්නම් ආදරය කරනවා....

සමාජය දිහා බැලුවම ඔය දේනම් අපිට ගොඩක් සමීපයි නේද???

January 22, 2011 at 11:39 PM
ස්වප්නා said...

@ ශාකුන්තල : හික්ස් :)

@ රතී: හ්ම්ම්

@ Dinesh: අහ්. ආදරේ නම් මට මතක් උනේම නෑ :) තාම ගොඩ යා ගන්න බැරි වෙච්ච එකක් ගැන මුකුත් කියන්න බෑ නෙ :) හී හී

January 23, 2011 at 8:54 AM
ගීත් (සහෘදයා) said...

හ්ම්

January 23, 2011 at 2:27 PM
Ravi said...

ඇත්තම නෙවෙන්නම්, සමාජයේ අපි ජීවත්වෙනකොට අපිට ඕන ඕන විදිහටම වැඩ කරන්ඩ බැහැ නෙව, අනික් අයගෙ මති මතාන්තර වලටත් යම් ඉඩක් දෙන්ඩ වෙනවා, සාමූහිකත්වය කියන්නෙ ඒකට,

January 23, 2011 at 4:47 PM
ස්වප්නා said...

@ ගීත් : බස්සෙක් ඇවිත් :P

@ Ravi: ඕක ඉතින් අපිට කොයි වෙලෙත් අමතක වෙනවනෙ අනේ :)

January 23, 2011 at 7:01 PM
සංකල්ප said...

අපිත් කැම්පස් එකේ නෙට්වර්ක් ඉගෙන ගත්තට ඒවා ජීවිතේට අදාල වෙයි කියලා හීනෙකින්වත් හිතුනේ නෑ. මමත් ඉස්සර ඔය සබ්ජෙක්ට් එකට මාරම ආසයි.
මට තේරුනෙත් ඔයටික විතරයි. :)

January 23, 2011 at 8:43 PM
ස්වප්නා said...

හී හී :)

January 24, 2011 at 8:35 AM
dinesh said...

ඔයා ඔය උපාධි සේරම සම්පූර්ණ කරගෙන "නෝර්වේ" පැත්තෙ එහෙම යනවනම් මටත් පොඩ්ඩක් කතා කරන්න හොඳේ.
දැන් ඔය මොනව ගොඩ ගියත් අර තාම බැරි උනා කිව්ව එක හරියට ගොඩ දා ගන්න බැරි උනොත් නම් වැඩක් නෑ......හික්....

January 27, 2011 at 5:59 AM
ස්වප්නා said...

අනේ ඉන්න ... :P
කවද හරි එයා ඒවි :)

January 27, 2011 at 8:24 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio