skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, January 29, 2011

හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..



ගුරු තරුව දිලෙයි
මහ රෑ අහසේ
තරු එළිය මැදින්
ඔබ සිනාසුණේ

සිහිනයක්ද මේ
සුළඟක් වාගේ
නොකියාම මගේ
හිත අරන් ගියේ

ගුරු පාර දිගේ
තනිකම රැඳෙතේ
සඳ එළිය දිගේ
ඔබ එතැයි සිතේ
Posted by ස්වප්නා at 23:05
වර්ගීකරණය: සිතුවිල්ලක්

12 විවේචන:

Dinesh said...

තරු එළිය අතරින්
නුඹ මා සොයනු දුටුවේ
සිහිනෙන් රෑයේ ඇවිදින්
නුඹ මා සිත සොරකම් කෙරුවේ..

සද වගේ මුහුනට
සිත ආදරයෙන් වෙළුනේ
ගුරු පාරෙන් නුඹ එන්න
මම නුඹ වෙනුවෙන් හිදිමී...

January 29, 2011 at 11:25 PM
ස්වප්නා said...

ලස්සනයි !!
ස්තුතියි මගේ පිටුව හැඩ කලාට

January 29, 2011 at 11:50 PM
සංජු said...

හරිම ලස්සනයි දෙන්නාගෙම කවි !

January 30, 2011 at 12:13 AM
``` Outsider``` said...

හ්ම්ම්...ලස්සනයි...

January 30, 2011 at 9:21 AM
රත්ගමයා said...

හරි වැඩේ නේ අක්කේ....මට කවි ලියන්න බෑ නේ...ඒ පාර කියයි...ඉතූති මගේ පිටුව හැඩි කරාට කියලා

January 30, 2011 at 11:05 AM
තාරා said...

ගොඩාක් ලස්සනයි... කවි දෙකම...

January 30, 2011 at 1:33 PM
dinesh said...

"සඳ එළිය දිගේ
ඔබ එතැයි සිතේ.."
ලස්සන පද එකතුවක්.

January 30, 2011 at 3:36 PM
ගීත් (සහෘදයා) said...

ආහ් හා.....මාර ලස්සනයි....මමත් ආසම ස්ටයිල් එකක් තමා මේ...අඩුම පද ගානකින් කව ලීම...ඒ වගේම ඒ ස්ටයිල් එකට ලියවෙන ඒවත් පුදුම ලස්සනයි.

මේන්න මම ලියපු එකක කොටසක්. ඒකත් මේ කවියටම ගැලපෙනවා කියලා හිතුනා.

මිලින තරු පවා
නිවි නිවී දැල් උනා
සදුනි කිම පමා
බෝම රෑ වුනා

January 30, 2011 at 3:39 PM
ස්වප්නා said...

@ සංජු : ස්තුතියි :)

@ ``` Outsider``` : මොකද නිකන් ... ඕනෑවට එපාවට වගේ ...

@ රත්ගමයා : :P

@ තාරා : ස්තුතියි :)

@ dinesh : ස්තුතියි :)

@ ගීත් : ඔව් ඔව්. මට මතකයි ඔයාගෙ ඔය කව් පේළිය. බලන්න මම ලස්සනම ලස්සනයි කියල ප්‍රතිචාරයකුත් දාල ඇති.
මේක මගෙ අතින් කැම්පස් යන කාලෙ ලියවිච්ච එකක්. මම ඉතින් හිටපු ගමන් ඔලුව නිදහස් නැති වෙලාවට ඔය කුරුටු ගෑ ගී පොතේ එකක් පළ කරනවනෙ :)
ඉලන්දාරියගෙ ඇබැද්දිය කියෙව්වට පස්සෙ ලිවිල්ල අමාරු උනා. පස්සෙ ඕක හොයල දැම්ම.

January 30, 2011 at 4:13 PM
Rashod Chamikara said...

අපිට නම් ඔන්න කවි බැරියො.හැබයි හිතට දැනුනා.

January 30, 2011 at 9:11 PM
සංකල්ප said...

ලස්සන පද මාලාවක් !!!

බලාපොරොත්තුවක් තියේ නම් කල්පයක් උනත් බලන් ඉන්න පුලුවන් ලු ආදරේ කරන කාලෙට. මට නම් එහෙම අත්දැකීම් නෑ ස්වප්නට වගේ.

January 31, 2011 at 12:35 AM
ස්වප්නා said...

@ Cual-Dor-රශෝද් : :D

@ මධුරංග : ස්තුතියි :)

January 31, 2011 at 8:33 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio