අම්මාත් තාත්තාත් නෝරා දුටු විගස තුෂ්නිම්භූත වූහ. මෙය අප බලපොරොත්තු වූ ප්රතිචාරයයි. එ නිසා පෙර කතා ගත් පරිදිම කිසිවක් සිදු නොවූ විලස හැසිරීමට යොහාන් නුත් මමත් අමතක නොකළෙමු.
යොහාන් මට හමු වූයේ මීට අවුරුදු 1 1/2 කට පමණ පෙර රාජකාරී කටයුත්තක් සඳහා ඇස්කර් පැමිණි අවස්ථාවේදීය. ඒ මාගේ දෙවැනි නෝර්වේ සංචාරය වූයෙන් ඇස්කර් සිට තනිවම උවමනා එපා කම් සඳහා ඔස්ලෝ යාමටත්, යළි ඇස්කර් නවාතැනට ඒමටත් හුරු වී සිටියෙමි. කෙසේ වුවද පණ්ඩිත කම වැඩිවී ඔස්ලෝ සිට ඇස්කර් දක්වා එන මිනිත්තු විස්සට මට නින්ද ගියේය. මා ගමන් කලේ කියවීම් මැදිරියක් තුළ වූ නිසා එය කිසිදු හඬක් නොනැඟි තැනක් විය. රැස්වීම් වල බහු බූත සියල්ල පරිගණකයට පමණක් නොව ඔලුවටත් ඔබා ගත් බැවින් නින්ද යාම ඉක්මන් වන්නට ඇත. යළි ඇහැරෙන විට ඇස්කර් ස්ටේෂම පසු වී තිබූ අතර මම බිය පත් වීමි. ඊළඟ ස්ටේෂමෙන් බැස අනෙක් අතට යළි ඇස්කර් වෙත දුම් රිය ටිකට් පතක් ලබා ගැනීම පිළිබඳ කල්පනා කිරීම වෙනුවට; මා ඉදිරිපස වාඩි වී පොතක ඇලී හුන් මිනිසාට කතා කිරීමට සිතුණේ මන්දැයි අසා දැනුදු යොහාන් මට සරදම් කරයි.
නෝවීජියානු මිනිස්සු කොහොමටත් අනෙක් බටහිර රටවල මිනිසුන්ට වඩා සුහදශීලීය. ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන්තොටුපලේදී සුද්දන්ගේ අවඥාසහගත බැල්මට හසු වී කෝපයට පත් වෙන ඔබ, ඔස්ලෝ හී සුහද සිනාවෙන් පුදුමයට පත් වෙයි. මම ඒ විශ්වාසය ඇතුව ඔහු ඇමතීමි. මා බියපත් වී සිටි ආකාරය ඔහුට හොඳින්ම දැනුණා විය යුතුය. මා මගේ විස්තර කෙටියෙන් ඔහුට කීවෙමි.
කොහොමටත් ලංකාවේ මෙන් නොව එහිදී මිනිසුන්ට අමුතුවෙන් බිය විය වුතු නැත. නෝර්වේ වලදී මහ රාත්‍රීයේදීත් කඩ වීදී ගානේ ඇවිදීමේදී හිතේ ඇති වන නිදහස් හැඟීම මම කිසි දිනක ලංකාවේදී අත් විඳ නොඇත්තෙමි. ඔහු මා සමඟ ආපසු ඇස්කර් දක්වා ආවේය. මා නැවතී සිටියේ ඇස්කර් ස්ටේෂමේ සිට හූවක දුරිනි. තේකක් බී යාමට මා කළ ඉල්ලීම ඔහුට අහක දමන්නට බැරි විය. ලංකා තේ ඔහුට ප්‍රණීත බීමක් විය. මම ගෙදරින් ගෙනා කැවුම්ද ඔහුට රැගෙන යාමට සකසා දුනිමි.
ඊලඟ සති අන්තයේ මා ඇහැ ඇරියේ සීනුව නාද වෙන හඬිනි. වයස අවුරුදු 10 ක පමණ කෙළි පොඩ්ඩක සමඟ ඔහු මා බැලීමට පැමිණ සිටියේය. දුරකතන අංකයක් වත් නොදත් බැවින් මා කොහේ හෝ පිටත් වීමට පෙර මා බැලීමට පැමිණියේ යැයිද, ඔහුගේ දියණිය මා හමු වීමට පෙරැත්ත කලා යයිද යොහාන් හිනැහෙමින් පැවසුවේය. කැවුම් ඉතා මිහිරි බව නෝරා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කීවාය. එදා මුළු දවසම අපි පාර්ක් ගානේ ඇවිදිමින්, කමින් බොමින් සෙල්ලමින් ගත කළෙමු. නෝරා මා හා බොහෝ මිතුරු වූවාය.
ඇගේ මව නොමැති අඩුපාඩුව ඇයට තදින් දැනී ඇති සෙයකි. නෝරා ගේ මවත් යොහාන් නුත් නීතියෙන් විවාහ නොවූවෝය. විවාහ වීම එහි අනිවාර්ය නොවේ. ඔබට රිසි පරිදි ජීවත් විය හැක. නෝරාගේ වගකීම් යොහාන් මත දමා ඇගේ මව පසු කාලීනව වෙන මිනිසකු සමඟ සරණයෙහි බැඳුණාය. ඔය යොහාන් කී හැටියට මා දන්නා කරුණුය. කෙසේ වුවත් ඒවායේ ඇත්ත නැත්ත මට වැදගත් නැත.
නෝරා මා කෙරෙහි තිබූ ඇල්ම පසු කළෙක අප දෙදෙනා අතර බැඳීමක් ඇති කරන්නට සමත් විය.
මාස තුනක නියමිත කාලය අවසන මට නෝර්වේ හැර ඒම මහත් දුකක් විය. අවසන අපි තීරණයකට පැමිණීමු.
"අපේ සංස්කෘතීන් දෙක ගොඩක් වෙනස්. මොනව වෙයිද?" යොහාන් පිළිවිසූ විට "එහෙම හිතුවොත් ඉතින් අපිටත් වෙන්නෙ නොරිකොටයි දෙවොන්දරාටයි වෙච්ච දේම තමයි" කීමි. අපේ අපි ගැන කතාව එදිනට එතැනින් හමාර විය. මට දෙවොන්දරා සං ගැනත් නොරිකො සං ගැනත් සම්පූර්ණ කතාව ඔහුට කීමට සිදු විය. එය අප දෙදෙනා බෙහෙවින්ම ගැලපුණු එක් අවස්ථාවක් විය. මම කතා කීමෙහි හපනෙකු වීමි. ඔහු කතා ඇසීමෙහි ලෝලියෙකු විය.
නීතියෙන් විවාහ නොවී තමන්ට ඕනෑ හැටියකට වාසය කිරීමේ අයිතිය ඇති රටක සිට, ඔහු අපගේ සදාචාරය පිළිබඳ සංකල්ප වලට ගරු කරමින්, ලාංකීය අපට නොමනා යැයි හැඟෙන කිසිවකට මගෙන් ඉල්ලීම් නොකිරීම; ඔහු කෙරේ වූ මාගේ ආලය තවත් වැඩි දියුණු කරවන්නක් විය.
මම ලංකාවට පැමිණි පසු නෝරා හෝ යොහාන්ගේ අතීතය ගැන කිසිවක් හෝ අම්මාටත් තාත්තාටත් නොකියා ඉතිරි හරිය කීවෙමි. මට යොහාන් නැති කර ගන්නට වේදැයි මා තුළ බියක් පැවතියේය. "අවුරුදු 35 තිස්සෙ ලංකාවෙන් හොයා ගන්න බැරි වෙච්ච මිනිහ ඔය පිට රටකින් හොයා ගෙන තියෙන්නෙ" අම්මා අවලාද ස්වරයෙන් කීවාය.
කෙසේ නමුත් මම මගේ මතයේම සිටියෙමි. අවසන යොහාන් විත් දෙමව්පියන් මුණ ගැසිය යුතු යැයි තීන්දු විය. නෝරා ගැන හෝ අතීත සිද්ධි කිසිවක් හෝ ඔවුන්ට නොකියන ලෙස මම යොහාන්ට ඉගැන්වීමි. මට වඩා වසරකින් පමණක් වැඩුමහල් වූ හයේ හතරේ පුරුෂයාට අවසන දෙමව්පියෝ කැමැත්ත දුන්හ. විවාහය ලියාපදිංචි කොට යොහාන් නැවත සිය රට ගියේය. "සුද්දෙක් බැඳගන්නව පෙන්නන්න නෑයෝ ගෙන්නන්න ඕනේ නෑ" යි යනු අප හැමෝගේම තීරණය වූයෙන් ලියාපදිංචිය විතරක් වුව අපට සෑහේ. උත්සව නැත.
ඉන් ටික කලකට පසු මමද නෝර්වේ බලා පිටත් වීමි. අපේ කූඩුවට හතර වැන්නකුගේ පැමිණීමෙන් පසු අම්මාටත් තාත්තාටත් එන්නට දන්වා හැරීමු. කොළු පොඩ්ඩා දැකීමේ ආසාවෙන් ඔවුහුද පියාඹා ආවෝය.
නෝරා ගැන කිසිවක් අප මෙතුවක් නොකියූ බැවින් ඇය දැකීම ඔවුන්ට අනපේක්ෂිත සිද්ධියක් වන බව අපි දැන සිටියෙමු.
නෝරා කොහේ හෝ ඒ ටික කාලයට නවත්වමු දැයි යොහාන් මගෙන් ඇසීය. "ඕන නෑ. අපි එක පවුලක්." යොහාන් මා සිප ගත්තේ කඳුළු දිළිසුණු දෑසිනි.
"මේ කවුදැයි" අම්මා ඇසුවේ නැත. ගෙදර පින්තූර, නෝරාගේ හැසිරීම මේ සියල්ලෙන් ඇය සියල්ල තේරුම් ගත්තාය.
"එතකොට උඹ බැන්දෙ කලින් කසාද බැඳපු මිනිහෙක්?"
"නෑ. එයා බැඳලා ඉඳලා නෑ. ළමයගෙ වගකීම එයා බාරගෙන තිබුණා"
තාත්තා මුවින් නොබැණ මුත් අප කෙරෙහි අප්‍රසන්නව සිටියාදැයි මම නොදනිමි. අම්මා කෝපව අප සමඟ කතා නොකර සිටියාය. ලංකාවේ වූවා නම් ඇය ආ පයින්ම ගෙදර යන බව මම දනිමි. ඒත් පසුව එන බවත් මම හොඳාකාරවම දනිමි.
සතියක ඇවෑමෙන් අම්මාත් තාත්තාත් හවස් වරුවේ පිටතට යන්නට හරි බරි ගැසෙනු මම දුටිමි. මගේ හිත අවුලට පත් විය.
"ලඟදීම යන්නද දන්නෑ කල්පනාව".
නෝරා උඩ පනිමින් ගී ගයමින් පැමිණියාය.
"හරි. යං" සිංහලෙන් කීවාය.
අම්මා දකුණතිනුත්, තාත්තා වමතිනුත් අල්ලා ගත් ඈ "පාර්ක් යනවා" යි මා දෙස හැරී බලා කීවාය.
Monday, January 17, 2011
Subscribe to:
Post Comments (Atom)
21 විවේචන:
පරිවර්තිත කෙටි කථාවක් වගේ..... ලස්සනයි
ස්තුතියි :)
හැබැයි මේක ඔරිමජිනල් මම ලිව්ව එකක් :)
ලස්සන කතාවක්. හරියට රුසියනු පරිවර්තනයක් කියවගෙන යනවා වගෙයි. දිගටම කතාව ලිව්වා නම් පොතක් උනත් එලිදක්වන්න තිබ්බා
හැබැවටම සුන්දර කතාවක්.... මෙක ඇත්ත කතාවක්ද?
ඇත්තටම හරිම ලස්සනයි
ඇත්තටම හරිම ආසාවෙන් කියෙව්වෙ.මොකද "නෝර්වේ" කියන්නෙ මගෙ සිහින පාරාදීසය හින්ද.ඒ වගේම නෙදර්ලන්ඩ් "ලක්සම්බර්ග්".අයියෝ...කවද හැබෑවෙන හීනද..
ඔය රටවල කෝච්චියෙ වැරදි ස්ටේෂන් එකකින් බැස්සත් ආයෙ ආපහු හරි තැනට එන්න නැවත ටිකට් ගැනීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
විස්තර පහදන්නනම් යන්නෙ නෑ.පස්සෙයි දැක්කෙ ඔයාම ලිව්ව එකක් කියල.සුපිරියි ස්වප්නා...ආයෙත් වෙලා තිබුනොත් මේ වාගෙ කතා ලියන්න.
හරිම ලස්සනයි. ෙගාඩාක් කාෙලකින් හිතට වැදිච්ච ෙකටි කථාවක්...
ලස්සනම ලස්සන කතාවක් ඇත්ත කතාවක් උනත් නැතත් කතාව පට්ටම ලස්සනයි :)
හප්ප්පා මමත් ලබන ආත්මෙ නෝර්වේ උපදින්න ඕනි....
@ indi: මේකයි. ලංකාව තරන් වෙන කොහේවත් හොඳ නෑ. නෝර්වේ ජනගහණය හරි අඩුයි. ටික කාලයකදි පාළු හිතෙන්න ඉඩ තියනවා.
@ පූසා : ස්තුතියි :) සතුටුයි හොඳයි කියලා අහන්න ලැබීම :)
@ Indika Erangi Perera : ස්තුතියි :)
@ dinesh :ඔව්නෙ. මට ඒක අමතක උනා :) හී හී. පරණ ටිකට් එකෙන්ම ආපහු එන්න පුළුවන් බව නියමිත කාල සීමාවක් ඇතුළත. හැබැයි ඒ රිටර්න් ජාතියෙ එකක් ගත්තොත් නෙවෙයිද? ස්තුතියි අගය කලාට :)
@ අකීකරු හිත: ස්තුතියි :)
@ Dinesh : ස්තුතියි :) "සාහිත්‍යය වනාහි සත්‍යයත් කල්පිතයක් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ" - චිකමත්සු කියන නාට්‍ය කරුවා ඔන්න ඔහොම කියල තියනවා කියල, එදිරිවීර සරච්චන්ද්‍රයන් කියලා තිබ්බා. මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා :) මට තියෙන්නෙ නෝර්වේ ඇවිදපු අත්දැකීම් විතරයි. ඉතුරුවා මගේ මනසේ ගොඩ නැගිච්චා.
@ මධුරංග : ස්තුතියි :) ඔව්. මැදට එක එක ඒවා දාල පුරවන්න තිබ්බා :) ඒත් එතකොට ඒක පොතක් වෙනවනෙ. කවුද අනේ මගේ පොත් ගන්නෙ :( :)
ම්......නෑ.ටිකට් එක ගත්තනම් රෑ 12 වෙන්න කලින් කොයි හරි station එකකින් එලියට නොයන තාක් ලයින් එක ඇතුලෙ එහාට මෙහාට යන්න පුලුවන්.
ඒක නෙමෙයි මේ "නෝර්වේ" කතාව කියවල අද මට නින්ද යන්නෙත් නැති වෙන සයිස් එකක් තියෙන්නෙ.
ඔයා මොකටද එහෙ ගියෙ.ටුවර් එකක්ද ??පිස්සු හැදෙනවනෙ.
මට හරියට මතක නෑ අනේ ඔය ටිකට් කතා ..
හී හී ඒ මොකද නින්ද නොයන්නෙ හික්
මට කොහෙද එච්චර සල්ලි. ඔෆිස් වැඩකට ගියෙ.
ලස්සන කතාව, ස්වප්නා,
ස්තුතියි :) ලස්සනයි කියල අහන්න අහන්න සතුටුයි නෙ :D
සුද්දෙක්ට හිත ගිහින් වගේ හික් හික්...
හොඳයි කෙටි කතා රචනය. ඔයාට හොඳ හැකියාවක් තියෙනව ප්‍රබන්ධ කලාවට.
ඉස්තරම් මටනම්....
"ඕන නෑ... අපි එක පවුලක්..." යොහාන් මා සිප ගත්තේ කඳුළු දිළිසුණු දෑසිනි...
තට්ට තනියම ඉන්නකොට බොලඳ වුනු මගේ හිතට ඉකිගැසුණු කොටස...
තවතවත් ලියැවේවා...! ජය...!
@ outsider: ස්තුතියි :)
@ තිස්ස දොඩන්ගොඩ: ස්තුතියි තිස්ස අයියා. කියවපු ගොඩක් අය ලස්සනයි කියලා, කියල තිබිච්ච නිසා සෑහෙන සතුටුයි :)
කාලෙකින් මේ පැත්තෙ ආවෙ නේද? මොකෝ තට්ට තනියම? :)
ඔව් හැබෑවටම ලස්සනයි... මිනිස්සුන්ගේ මනුස්සකම් ඉස්මතු වෙන විදිහට ලියා ඇත...
කාළෙකින් තමා වෙබ් අවකාසෙට ආයේ ආවේ... නිවාඩුවට සිරිලක ගොස් හිටියානෙව.. දැන් ආයෙමත් දරු පවුල සිරි ලංකාවේ...මම නොරට...
ඉතින් හිත ඉබේම දුරුවල වෙනවා නෙව..
අහ් :) තාක්ෂණය දියුණුයිනෙ මේ කාලෙ :) දරු පවුල ළඟ නැති උනාට ළඟ වගේ කතා කරන්න පුළුවන් නෙ :)
ඒ නිසා ඉතින් දුර්වල වෙන්න එපා :)
"නෝරා" වාගෙ කතාවක් ලියන්නකො....මම මගෙ යාළුවෙකුටත් පෙන්නුව.ඌත් කිව්ව ඕං ලස්සනයි කියන්න කියල.
අගය කලාටත් ස්තුතියි කියන්න :)
Post a Comment