Sunday, January 9, 2011
පරණ ගෙදරක නුහුරු බව ලැබ
පරණ ගෙයකට ගොඩ වැදිමි මම
කලක අප පෙම් බැන්ද විසුමට
අමුත්තන් වී අනෙක් පරපුර
බලා සිටියා දැනුණි අප දෙස
එබිම එවකට අපේ ලෝකය
පිරුණු, කොක් හඬ ලැවුණු හැම අත
තනිව කර බා මුව පියා මම
ඔහේ යන්නෙමි පාළු හිතැතිව
අතීතය මා සතුව ඇති බව
නැඟී සිහියට ගෙනේ අබිමන
සරසවිය ඔබ නැවත දැකුමට
මගේ ඉරණම ලියවුණා මෙන
Subscribe to:
Post Comments (Atom)
14 විවේචන:
පාළුක්,තනිකමක් කැටි වූ සංවේදි කවි පෙලක්
ලස්සන කවි සංකල්පනාවක්. අපිටත් තව මාස දෙක තුනකින් ඔහොම කියන්න වෙයිද දන්නේ නෑ. සෑම හමුවිමකම වෙන්වීමක් තියෙනවා නේ.කවදාහරි අපට මේවා දාල යන්න වෙනවා.
එතකොට ඉතුරු වෙන්නේ අපේ මතක ටික විතරයි. !!!
සංකල්පනා මොන සරසවියේද ?
ම්...........මේකනම් ගොඩක්ම දුක හිතෙන කතාවක්.
අපෙත් ගමේ ස්කෝලෙ තියෙන්නෙ ගෙවල් ලඟ.ඉස්සර අපි ඉතින් ඕකෙ අයිතිකාරයො වාගෙ උනාට දැන්....අළුත්,අළුත් කට්ටිය ඒ ඩෙස් බංකු වල.අපිට ආයෙ එතෙන්ට යන්න බෑ.ඈත ඉදන් බලා ඉන්න විතරයි පුළුවන්.
@ගීත්: ස්තුතියි ගීත්. ඇත්තටම දැනුණු දෙයක් නෙ. මගේ හිතේ ඇතිවුණ අසරණකමටම ලියවුණාද මන්දා :( :)
ඔයාට ඒක සංවේදීව දැනුණනම් මම සාර්ථකයි නෙ? :)
@මධුරංග: සංකල්පනා??? ඒකට කමක් නෑ..
මම කොළඹ.
@dinesh: ඔව්. ඒක ඇත්ත. ඔයාටත් ඒ පාළු ගතිය දැනිලා තියනව වගේ.
ජීවිතේ කියන්නෙ ගමනක්..අපි බස් එකක් එනකල් බස් හෝල්ට් එකෙ ඉන්නවා...බස් එක ආවම ඒකෙ යනව...ආයෙ ඒකෙ ඉන්නෙ නැතුව සුදුසු තැනදි බැහැල යනව...ආයෙත් බැහැපු තැන ඉඳන් යන්න ත්රී වීල් එකක් හරි පරණ කකුල් 2 හරි භාවිතා කරනව...
@ indi: :) හරි :)
මගේ තැන අද වෙන කවුරුදෝ හිදගෙන
සිනා සුනා මට අයිතිකරු විලසට
මගයි නුඹෙයි නොවෙයි මේ හැම
තාවකාලික ආගන්තුකයෝය අපි හැම..
ඒක දන්නවා.
හැබැයි විඳින කොට රිදෙනවා :)
අපි ඉතින් ලොක්කො වගේ ඉන්න කැමති මිනිස්සුනේ ;)
උත්සහ කලොත් ජීවිත ගමන අපිට ඕන තැනින් නවත්වා ගන්නත් පුලුවන් මම හිතන්නේ. ඒත් ප්රශ්නේ තියෙන්නේ අපි කාටවත් ඒ ඕනකම දැනෙන්නැති එකයි....
ජීවිතේ නතර කරන්න බෑ නෙ.. යන්න පටන් ගත්ත එක යන්න ඕනෙ. එක තැන ඉන්නකොටත් එපා වෙනවනෙ.
නිවනෙන් නතර කරනවා මිසක් වෙන නතර වීමක් නෑ නෙ?
මේ සිහින දකින්නිය මාව හැමදාම පිස්සු වට්ටනවා....dinesh කිව්වා වගේ අපේ ඉස්කෝලෙත් අපි හිටියෙ ඒකෙම හැමදාම ඉන්න පුලුවන් කියල හිතල... එත් ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ තේරුනා.. ඇත්තටම අපිට විතරක් අයිතියි කියල හිතපු ඉස්කෝලෙ අපිට විතරක්ම අයිති නෑ කියල.......
මට මෙච්චර දවසකට කැම්පස් එකටත් මේ දේම වෙයි කියල දැනුනෙ නෑ අද වෙනකන්...එත් මට අද තෙරුනා.. මටත් ඒ යථාර්තයට තව අවුරුද්දකින් මුහුන දෙන්න වෙනව කියල.....
අපිට නොදැනි අපේ වයස යනව....මම හිතන්නෙ කවුරු හරි හොරකන් කරනවද මන්ද.....මමත් ඔය ගැන පුංචි ලිපියක් ලිව්ව කියවල බලන්න....
http://agantukaya.blogspot.com/2010/11/blog-post.html
තව ලියන්න ස්වප්නා....ජය ....
ස්තුතියි :)
පරණ තැන්වලට ආපහු යන්න හොඳ නෑ..
ලස්සනයි....
:) යන්න උනා.. :)
ස්තුතියි.
Post a Comment